Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: انعام   آیت:
وَمَا لَكُمْ اَلَّا تَاْكُلُوْا مِمَّا ذُكِرَ اسْمُ اللّٰهِ عَلَیْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَّا حَرَّمَ عَلَیْكُمْ اِلَّا مَا اضْطُرِرْتُمْ اِلَیْهِ ؕ— وَاِنَّ كَثِیْرًا لَّیُضِلُّوْنَ بِاَهْوَآىِٕهِمْ بِغَیْرِ عِلْمٍ ؕ— اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِالْمُعْتَدِیْنَ ۟
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නො කර සිටීමට නුඹලාට කුමක් වී ද? තවද නුඹලා වෙත තහනම් කර ඇති දෑ සැබැවින් ම ඔහු නුඹලාට පැහැදිලි කර ඇත. එහෙත් යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ ආශාවන් හේතුවෙන් නොමඟ යති. සැබැවින් ම නුඹගේ පරමාධිපති වනාහි ඔහුය සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳව මැනවින් දන්නා.
عربي تفسیرونه:
وَذَرُوْا ظَاهِرَ الْاِثْمِ وَبَاطِنَهٗ ؕ— اِنَّ الَّذِیْنَ یَكْسِبُوْنَ الْاِثْمَ سَیُجْزَوْنَ بِمَا كَانُوْا یَقْتَرِفُوْنَ ۟
තවද පාපයේ බාහිරය මෙන් ම එහි අභ්‍යන්තරය ද නුඹලා අත හැර දමනු. සැබැවින් ම පාපය උපයන්නන් වනාහි ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත.
عربي تفسیرونه:
وَلَا تَاْكُلُوْا مِمَّا لَمْ یُذْكَرِ اسْمُ اللّٰهِ عَلَیْهِ وَاِنَّهٗ لَفِسْقٌ ؕ— وَاِنَّ الشَّیٰطِیْنَ لَیُوْحُوْنَ اِلٰۤی اَوْلِیٰٓـِٕهِمْ لِیُجَادِلُوْكُمْ ۚ— وَاِنْ اَطَعْتُمُوْهُمْ اِنَّكُمْ لَمُشْرِكُوْنَ ۟۠
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නො ලැබුවේ ද එයින් නුඹලා අනුභව නො කරනු. තවද සැබැවින් ම එය පාපයකි. තවද නුඹලා සමඟ වාද කරනු පිණිස සැබැවින් ම ෂෙයිතානුන් තම හිතමිතුරන් වෙත කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයෙහු නම් සැබැවින් ම නුඹලා ආදේශ කරන්නෝ වෙති.
عربي تفسیرونه:
اَوَمَنْ كَانَ مَیْتًا فَاَحْیَیْنٰهُ وَجَعَلْنَا لَهٗ نُوْرًا یَّمْشِیْ بِهٖ فِی النَّاسِ كَمَنْ مَّثَلُهٗ فِی الظُّلُمٰتِ لَیْسَ بِخَارِجٍ مِّنْهَا ؕ— كَذٰلِكَ زُیِّنَ لِلْكٰفِرِیْنَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
(මුළාවීමෙන්) මළමිනියක්ව සිටි පසු (මඟ පෙන්වීමෙන්) ඔහුට අපි ජීවය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමඟින් ජනයා අතර ඇවිද යන අය වනාහි ඔහු අන්ධකාරයන්හි සිට එයින් බැහැරව යා නොහැකි අයකුට සමාන වන්නේ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙස ය.
عربي تفسیرونه:
وَكَذٰلِكَ جَعَلْنَا فِیْ كُلِّ قَرْیَةٍ اَكٰبِرَ مُجْرِمِیْهَا لِیَمْكُرُوْا فِیْهَا ؕ— وَمَا یَمْكُرُوْنَ اِلَّا بِاَنْفُسِهِمْ وَمَا یَشْعُرُوْنَ ۟
එලෙස සෑම ගමකම එහි කුමන්ත්‍රණය කරනු පිණිස එහි වැරදි කරන ප්‍රධානීන් ඇති කළෙමු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරනුයේ ඔවුන්ට ම මිස වෙනත් අයට නො වේ. තවද ඔවුහු (ඒ බව) වටහා නො ගනිති.
عربي تفسیرونه:
وَاِذَا جَآءَتْهُمْ اٰیَةٌ قَالُوْا لَنْ نُّؤْمِنَ حَتّٰی نُؤْتٰی مِثْلَ مَاۤ اُوْتِیَ رُسُلُ اللّٰهِ ؔۘؕ— اَللّٰهُ اَعْلَمُ حَیْثُ یَجْعَلُ رِسَالَتَهٗ ؕ— سَیُصِیْبُ الَّذِیْنَ اَجْرَمُوْا صَغَارٌ عِنْدَ اللّٰهِ وَعَذَابٌ شَدِیْدٌۢ بِمَا كَانُوْا یَمْكُرُوْنَ ۟
ඔවුනට (මුහම්මද් තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට අල්ලාහ්ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නො කරන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය. තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැ? යි අල්ලාහ් මැනවින් දන්නා ය. වැරදි කළවුන්ව ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් වෙතින් වූ අවමානයක් හා දැඩි දඬුවමක් හසුකර ගනු ඇත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: انعام
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول