Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: شعراء   آیت:
كَذَّبَتْ قَوْمُ لُوْطِ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝ ය.
عربي تفسیرونه:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ لُوْطٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
عربي تفسیرونه:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
නියත වශයෙන් ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
عربي تفسیرونه:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
عربي تفسیرونه:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
عربي تفسیرونه:
اَتَاْتُوْنَ الذُّكْرَانَ مِنَ الْعٰلَمِیْنَ ۟ۙ
නුඹලා ලෝවැසියන් අතරින් පිරිමින් වෙත යන්නෙහු ද?
عربي تفسیرونه:
وَتَذَرُوْنَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِّنْ اَزْوَاجِكُمْ ؕ— بَلْ اَنْتُمْ قَوْمٌ عٰدُوْنَ ۟
තවද නුඹලාගේ බිරියන් අතරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මවා ඇති දෑ අත හැර දමමින් (පිරිමින් වෙත යන්නෙහු ද?) නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.
عربي تفسیرونه:
قَالُوْا لَىِٕنْ لَّمْ تَنْتَهِ یٰلُوْطُ لَتَكُوْنَنَّ مِنَ الْمُخْرَجِیْنَ ۟
අහෝ ලූත්! නුඹ එයින් නො වැළකුණෙහි නම්, සැබැවින් ම නුඹ බැහැර කරනු ලබන්නන් අතරින් වන්නෙහිය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝ ය.
عربي تفسیرونه:
قَالَ اِنِّیْ لِعَمَلِكُمْ مِّنَ الْقَالِیْنَ ۟ؕ
නියත වශයෙන් ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි ඔහු (ලූත්) පැවසී ය.
عربي تفسیرونه:
رَبِّ نَجِّنِیْ وَاَهْلِیْ مِمَّا یَعْمَلُوْنَ ۟
පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!
عربي تفسیرونه:
فَنَجَّیْنٰهُ وَاَهْلَهٗۤ اَجْمَعِیْنَ ۟ۙ
ඔහු හා ඔහුගේ දරු පවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.
عربي تفسیرونه:
اِلَّا عَجُوْزًا فِی الْغٰبِرِیْنَ ۟ۚ
එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර.
عربي تفسیرونه:
ثُمَّ دَمَّرْنَا الْاٰخَرِیْنَ ۟ۚ
පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.
عربي تفسیرونه:
وَاَمْطَرْنَا عَلَیْهِمْ مَّطَرًا ۚ— فَسَآءَ مَطَرُ الْمُنْذَرِیْنَ ۟
තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.
عربي تفسیرونه:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.
عربي تفسیرونه:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා.
عربي تفسیرونه:
كَذَّبَ اَصْحٰبُ لْـَٔیْكَةِ الْمُرْسَلِیْنَ ۟ۚۖ
අය්කා වාසීහු ද ධර්ම දූතයින් බොරු කළෝ ය.
عربي تفسیرونه:
اِذْ قَالَ لَهُمْ شُعَیْبٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
عربي تفسیرونه:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
عربي تفسیرونه:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
عربي تفسیرونه:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
عربي تفسیرونه:
اَوْفُوا الْكَیْلَ وَلَا تَكُوْنُوْا مِنَ الْمُخْسِرِیْنَ ۟ۚ
නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා අලාභ කරන්නන් අතරින් නො වනු.
عربي تفسیرونه:
وَزِنُوْا بِالْقِسْطَاسِ الْمُسْتَقِیْمِ ۟ۚ
තවද නිවැරදි තුලනයෙන් නුඹලා කිරනු.
عربي تفسیرونه:
وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟ۚ
තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස නො සැරිසරනු.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: شعراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول