Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: شعراء   آیت:
اِنْ هٰذَاۤ اِلَّا خُلُقُ الْاَوَّلِیْنَ ۟ۙ
මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නො වීය.
عربي تفسیرونه:
وَمَا نَحْنُ بِمُعَذَّبِیْنَ ۟ۚ
තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වූයෙමු.
عربي تفسیرونه:
فَكَذَّبُوْهُ فَاَهْلَكْنٰهُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
එසේ ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝය.
عربي تفسیرونه:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය මහාකරුණාන්විත සර්ව බලධාරී.
عربي تفسیرونه:
كَذَّبَتْ ثَمُوْدُ الْمُرْسَلِیْنَ ۟ۚۖ
සමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝ ය.
عربي تفسیرونه:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ صٰلِحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
عربي تفسیرونه:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
عربي تفسیرونه:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
عربي تفسیرونه:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
عربي تفسیرونه:
اَتُتْرَكُوْنَ فِیْ مَا هٰهُنَاۤ اٰمِنِیْنَ ۟ۙ
මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
عربي تفسیرونه:
فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ
උයන් හා උල්පත් අතර ද,
عربي تفسیرونه:
وَّزُرُوْعٍ وَّنَخْلٍ طَلْعُهَا هَضِیْمٌ ۟ۚ
තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,
عربي تفسیرونه:
وَتَنْحِتُوْنَ مِنَ الْجِبَالِ بُیُوْتًا فٰرِهِیْنَ ۟ۚ
තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහු ය.
عربي تفسیرونه:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
عربي تفسیرونه:
وَلَا تُطِیْعُوْۤا اَمْرَ الْمُسْرِفِیْنَ ۟ۙ
තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නො වනු.
عربي تفسیرونه:
الَّذِیْنَ یُفْسِدُوْنَ فِی الْاَرْضِ وَلَا یُصْلِحُوْنَ ۟
ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත්ව කටයුතු නො කරති.
عربي تفسیرونه:
قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مِنَ الْمُسَحَّرِیْنَ ۟ۚ
නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
مَاۤ اَنْتَ اِلَّا بَشَرٌ مِّثْلُنَا ۖۚ— فَاْتِ بِاٰیَةٍ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු.
عربي تفسیرونه:
قَالَ هٰذِهٖ نَاقَةٌ لَّهَا شِرْبٌ وَّلَكُمْ شِرْبُ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۚ
මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත යැයි ඔහු පැවසී ය.
عربي تفسیرونه:
وَلَا تَمَسُّوْهَا بِسُوْٓءٍ فَیَاْخُذَكُمْ عَذَابُ یَوْمٍ عَظِیْمٍ ۟
තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නො කරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත.
عربي تفسیرونه:
فَعَقَرُوْهَا فَاَصْبَحُوْا نٰدِمِیْنَ ۟ۙ
එහෙත් ඔවුහු ඌව මරා දැමුවෝ ය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝ ය.
عربي تفسیرونه:
فَاَخَذَهُمُ الْعَذَابُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
එවිට එම දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ.
عربي تفسیرونه:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: شعراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول