Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: شعراء   آیت:
فَلَمَّا تَرَآءَ الْجَمْعٰنِ قَالَ اَصْحٰبُ مُوْسٰۤی اِنَّا لَمُدْرَكُوْنَ ۟ۚ
කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන් ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.
عربي تفسیرونه:
قَالَ كَلَّا ۚ— اِنَّ مَعِیَ رَبِّیْ سَیَهْدِیْنِ ۟
එසේ නොව නියත වශයෙන් ම මා සමඟ මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසී ය.
عربي تفسیرونه:
فَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنِ اضْرِبْ بِّعَصَاكَ الْبَحْرَ ؕ— فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِیْمِ ۟ۚ
ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේ ය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.
عربي تفسیرونه:
وَاَزْلَفْنَا ثَمَّ الْاٰخَرِیْنَ ۟ۚ
තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.
عربي تفسیرونه:
وَاَنْجَیْنَا مُوْسٰی وَمَنْ مَّعَهٗۤ اَجْمَعِیْنَ ۟ۚ
තවද අපි මූසා හා ඔහු සමඟ සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.
عربي تفسیرونه:
ثُمَّ اَغْرَقْنَا الْاٰخَرِیْنَ ۟ؕ
පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.
عربي تفسیرونه:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ.
عربي تفسیرونه:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විතයා.
عربي تفسیرونه:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ اِبْرٰهِیْمَ ۟ۘ
තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.
عربي تفسیرونه:
اِذْ قَالَ لِاَبِیْهِ وَقَوْمِهٖ مَا تَعْبُدُوْنَ ۟
නුඹලා කුමක් නමදින්නෙහු දැ? යි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
عربي تفسیرونه:
قَالُوْا نَعْبُدُ اَصْنَامًا فَنَظَلُّ لَهَا عٰكِفِیْنَ ۟
අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන් ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
قَالَ هَلْ یَسْمَعُوْنَكُمْ اِذْ تَدْعُوْنَ ۟ۙ
නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසී ය.
عربي تفسیرونه:
اَوْ یَنْفَعُوْنَكُمْ اَوْ یَضُرُّوْنَ ۟
එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ? යි (ඉබ්රාහීම් විමසී ය.)
عربي تفسیرونه:
قَالُوْا بَلْ وَجَدْنَاۤ اٰبَآءَنَا كَذٰلِكَ یَفْعَلُوْنَ ۟
එහෙත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදු කරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝ ය.
عربي تفسیرونه:
قَالَ اَفَرَءَیْتُمْ مَّا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ
නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි ඔහු (ඉබ්රාහිම්) විමසී ය.
عربي تفسیرونه:
اَنْتُمْ وَاٰبَآؤُكُمُ الْاَقْدَمُوْنَ ۟ؗ
නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ).
عربي تفسیرونه:
فَاِنَّهُمْ عَدُوٌّ لِّیْۤ اِلَّا رَبَّ الْعٰلَمِیْنَ ۟ۙ
හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.
عربي تفسیرونه:
الَّذِیْ خَلَقَنِیْ فَهُوَ یَهْدِیْنِ ۟ۙ
ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.
عربي تفسیرونه:
وَالَّذِیْ هُوَ یُطْعِمُنِیْ وَیَسْقِیْنِ ۟ۙ
තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.
عربي تفسیرونه:
وَاِذَا مَرِضْتُ فَهُوَ یَشْفِیْنِ ۟
තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.
عربي تفسیرونه:
وَالَّذِیْ یُمِیْتُنِیْ ثُمَّ یُحْیِیْنِ ۟ۙ
තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි.
عربي تفسیرونه:
وَالَّذِیْۤ اَطْمَعُ اَنْ یَّغْفِرَ لِیْ خَطِیْٓـَٔتِیْ یَوْمَ الدِّیْنِ ۟ؕ
තවද ඔහු වනාහි මාගේ වැරදිවලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි.
عربي تفسیرونه:
رَبِّ هَبْ لِیْ حُكْمًا وَّاَلْحِقْنِیْ بِالصّٰلِحِیْنَ ۟ۙ
මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: شعراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول