Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: یونس   آیت:
اَلَاۤ اِنَّ اَوْلِیَآءَ اللّٰهِ لَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۚ
දැනගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නන් ද නො වෙති.
عربي تفسیرونه:
الَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟ؕ
ඔවුන් වනාහි විශ්වාස කළෝ ය. තවද බිය හැඟීමෙන් යුතුව සිටියෝ ය.
عربي تفسیرونه:
لَهُمُ الْبُشْرٰی فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ؕ— لَا تَبْدِیْلَ لِكَلِمٰتِ اللّٰهِ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟ؕ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එය මය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
عربي تفسیرونه:
وَلَا یَحْزُنْكَ قَوْلُهُمْ ۘ— اِنَّ الْعِزَّةَ لِلّٰهِ جَمِیْعًا ؕ— هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
තවද ඔවුන්ගේ ප්‍රකාශය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම සියළු ගෞරව මුළුමණින් ම අල්ලාහ්ට හිමි ය. ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය.
عربي تفسیرونه:
اَلَاۤ اِنَّ لِلّٰهِ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ ؕ— وَمَا یَتَّبِعُ الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ شُرَكَآءَ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَاِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟
දැනගනු! අහස්හි සිටින අය ද මහපොළොවෙහි සිටින අය ද නියත වශයෙන් ම අල්ලාහ් සතු ය. අල්ලාහ් හැර දමා හවුල්කරුවන් ඇරයුම් කරන්නන් අනුගමනය කරනුයේ කුමක් ද? ඔවුන් අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත.
عربي تفسیرونه:
هُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِتَسْكُنُوْا فِیْهِ وَالنَّهَارَ مُبْصِرًا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّسْمَعُوْنَ ۟
නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහු ය. සැබැවින් ම (අල්ලාහ්ගේ වදනට) සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
عربي تفسیرونه:
قَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا سُبْحٰنَهٗ ؕ— هُوَ الْغَنِیُّ ؕ— لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— اِنْ عِنْدَكُمْ مِّنْ سُلْطٰنٍ بِهٰذَا ؕ— اَتَقُوْلُوْنَ عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරු ය. ඔහු පොහොසත් ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතු ය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා සතුව නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි (ගොතා) පවසන්නෙහු ද?
عربي تفسیرونه:
قُلْ اِنَّ الَّذِیْنَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ لَا یُفْلِحُوْنَ ۟ؕ
නියත වශයෙන් ම අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන් වනාහි ඔවුන් ජය නො ලබනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
مَتَاعٌ فِی الدُّنْیَا ثُمَّ اِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِیْقُهُمُ الْعَذَابَ الشَّدِیْدَ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟۠
(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නැවත හැරීම අප වෙත ය. පසුව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: یونس
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول