Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: یونس   آیت:
فَلَوْلَا كَانَتْ قَرْیَةٌ اٰمَنَتْ فَنَفَعَهَاۤ اِیْمَانُهَاۤ اِلَّا قَوْمَ یُوْنُسَ ۚؕ— لَمَّاۤ اٰمَنُوْا كَشَفْنَا عَنْهُمْ عَذَابَ الْخِزْیِ فِی الْحَیٰوةِ الدُّنْیَا وَمَتَّعْنٰهُمْ اِلٰی حِیْنٍ ۟
එබැවින් ගමක් විශ්වාස කොට එහි විශ්වාසය එයට පළක් විය යුුතු නො වේ ද? (එවැනි කිසිදු ගම්මානයක් නො වීය.) යූනුස්ගේ ගම්මානය හැර. ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු.
عربي تفسیرونه:
وَلَوْ شَآءَ رَبُّكَ لَاٰمَنَ مَنْ فِی الْاَرْضِ كُلُّهُمْ جَمِیْعًا ؕ— اَفَاَنْتَ تُكْرِهُ النَّاسَ حَتّٰی یَكُوْنُوْا مُؤْمِنِیْنَ ۟
තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින් ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් බවට පත් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?
عربي تفسیرونه:
وَمَا كَانَ لِنَفْسٍ اَنْ تُؤْمِنَ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَیَجْعَلُ الرِّجْسَ عَلَی الَّذِیْنَ لَا یَعْقِلُوْنَ ۟
තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොහැකි ය. තවද, බුද්ධිමත්ව කටයුතු නො කරන අයට ඔහු කිලිට (දඬුවම) ඇති කරයි.
عربي تفسیرونه:
قُلِ انْظُرُوْا مَاذَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَا تُغْنِی الْاٰیٰتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَّا یُؤْمِنُوْنَ ۟
අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැ? යි නුඹලා අධීක්ෂණය කර බලනු. තවද විශ්වාස නො කරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නො වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
فَهَلْ یَنْتَظِرُوْنَ اِلَّا مِثْلَ اَیَّامِ الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلِهِمْ ؕ— قُلْ فَانْتَظِرُوْۤا اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟
ඔවුනට පෙර සිටියවුන් අතරින් ඉකුත්ව ගියවුන්ගේ දිනවලට සමාන (විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? “එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
ثُمَّ نُنَجِّیْ رُسُلَنَا وَالَّذِیْنَ اٰمَنُوْا كَذٰلِكَ ۚ— حَقًّا عَلَیْنَا نُنْجِ الْمُؤْمِنِیْنَ ۟۠
පසුව අපි අපගේ ධර්ම දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමක් විය.
عربي تفسیرونه:
قُلْ یٰۤاَیُّهَا النَّاسُ اِنْ كُنْتُمْ فِیْ شَكٍّ مِّنْ دِیْنِیْ فَلَاۤ اَعْبُدُ الَّذِیْنَ تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ اَعْبُدُ اللّٰهَ الَّذِیْ یَتَوَفّٰىكُمْ ۖۚ— وَاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟ۙ
‘අහෝ ජනයිනි! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නො කරමි. එහෙත් නුඹලාව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් මා වන්නට අණ කරනු ලැබුවෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
وَاَنْ اَقِمْ وَجْهَكَ لِلدِّیْنِ حَنِیْفًا ۚ— وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟
තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නො වනු.
عربي تفسیرونه:
وَلَا تَدْعُ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُكَ وَلَا یَضُرُّكَ ۚ— فَاِنْ فَعَلْتَ فَاِنَّكَ اِذًا مِّنَ الظّٰلِمِیْنَ ۟
අල්ලාහ්ගෙන් තොරව නුඹට සෙතක් කළ නොහැකි එමෙන් ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නො කරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින් ම නුඹ අපරාධකරුවන් අතරින් වනු ඇත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: یونس
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول