Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: یونس   آیت:
قُلْ هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ ؕ— قُلِ اللّٰهُ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ فَاَنّٰی تُؤْفَكُوْنَ ۟
මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතරින් සිටිත් දැ? යි නුඹ අසනු. මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන්නේ අල්ලාහ් ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ අසනු.
عربي تفسیرونه:
قُلْ هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّهْدِیْۤ اِلَی الْحَقِّ ؕ— قُلِ اللّٰهُ یَهْدِیْ لِلْحَقِّ ؕ— اَفَمَنْ یَّهْدِیْۤ اِلَی الْحَقِّ اَحَقُّ اَنْ یُّتَّبَعَ اَمَّنْ لَّا یَهِدِّیْۤ اِلَّاۤ اَنْ یُّهْدٰی ۚ— فَمَا لَكُمْ ۫— كَیْفَ تَحْكُمُوْنَ ۟
සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ? යි නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද? එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නො කරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
عربي تفسیرونه:
وَمَا یَتَّبِعُ اَكْثَرُهُمْ اِلَّا ظَنًّا ؕ— اِنَّ الظَّنَّ لَا یُغْنِیْ مِنَ الْحَقِّ شَیْـًٔا ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِمَا یَفْعَلُوْنَ ۟
තවද ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. නියත වශයෙන් ම අනුමානය සත්‍යයෙන් කිසිවක් දැනගැනීමට ඵලක් නො වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.
عربي تفسیرونه:
وَمَا كَانَ هٰذَا الْقُرْاٰنُ اَنْ یُّفْتَرٰی مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ تَصْدِیْقَ الَّذِیْ بَیْنَ یَدَیْهِ وَتَفْصِیْلَ الْكِتٰبِ لَا رَیْبَ فِیْهِ مِنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟۫
තවද මෙම අල්-කුර්ආනය අල්ලාහ්ගෙන් (පහළ වූවක්) මිස (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලබන්නට හැකි වූවක් නො වීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් හා ලේඛනය විග්‍රහ කරන්නකි. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ මෙහි කිසිදු සැකයක් නැත.
عربي تفسیرونه:
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ فَاْتُوْا بِسُوْرَةٍ مِّثْلِهٖ وَادْعُوْا مَنِ اسْتَطَعْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නෝ ද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් අල්ලාහ් හැර දමා නුඹලාට හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
بَلْ كَذَّبُوْا بِمَا لَمْ یُحِیْطُوْا بِعِلْمِهٖ وَلَمَّا یَاْتِهِمْ تَاْوِیْلُهٗ ؕ— كَذٰلِكَ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الظّٰلِمِیْنَ ۟
එසේ නො ව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය කළ නොහැකි දෑ ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි දෑ ද ඔවුහු බොරු කළෝ ය. මෙලෙස ම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝ ය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ විපරමෙන් බලනු.
عربي تفسیرونه:
وَمِنْهُمْ مَّنْ یُّؤْمِنُ بِهٖ وَمِنْهُمْ مَّنْ لَّا یُؤْمِنُ بِهٖ ؕ— وَرَبُّكَ اَعْلَمُ بِالْمُفْسِدِیْنَ ۟۠
තවද ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතරින් වූහ. එමෙන් ම ඒ ගැන විශ්වාස නො කරන්නන් ද ඔවුන් අතරින් වූහ. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නා ය.
عربي تفسیرونه:
وَاِنْ كَذَّبُوْكَ فَقُلْ لِّیْ عَمَلِیْ وَلَكُمْ عَمَلُكُمْ ۚ— اَنْتُمْ بَرِیْٓـُٔوْنَ مِمَّاۤ اَعْمَلُ وَاَنَا بَرِیْٓءٌ مِّمَّا تَعْمَلُوْنَ ۟
තවද ඔවුහු නුඹව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මා සතුය නුඹලාගේ ත්‍රියාව නුඹලා සතු ය. නුඹලා මම කරන දැයින් මිදෙන්නෝ වෙති. මම ද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
عربي تفسیرونه:
وَمِنْهُمْ مَّنْ یَّسْتَمِعُوْنَ اِلَیْكَ ؕ— اَفَاَنْتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُوْا لَا یَعْقِلُوْنَ ۟
තවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. බිහිරන් වටහා නො ගනිමින් සිටිය ද නුඹ ඔවුනට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: یونس
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول