Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: വാഖിഅഃ   ആയത്ത്:

අල් වාකිආ

സൂറത്തിൻ്റെ അവതരണ ലക്ഷ്യങ്ങളിൽ പെട്ടതാണ്:
بيان أحوال العباد يوم المعاد.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන්ගේ තත්ත්වයන් පැහැදිලි කිරීම.

اِذَا وَقَعَتِ الْوَاقِعَةُ ۟ۙ
කිසිදු සැකයකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ක්රියාත්මක වූ විට,
അറബി തഫ്സീറുകൾ:
لَیْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ۟ۘ
මෙලොවෙහි ඒ ගැන බොරුකර සිටියාක් මෙන් බොරු කර සිටින කිසිවකු නුඹ එහි නොදකිනු ඇත.
അറബി തഫ്സീറുകൾ:
خَافِضَةٌ رَّافِعَةٌ ۟ۙ
එය අපරාධකාරී දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇතුළත් කිරීමෙන් ඔවුන් පහත් කරවන්නකි. බැතිමත් දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔවුන් උසස් කරවන්නකි.
അറബി തഫ്സീറുകൾ:
اِذَا رُجَّتِ الْاَرْضُ رَجًّا ۟ۙ
මහපොළොව දැඩි කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට,
അറബി തഫ്സീറുകൾ:
وَّبُسَّتِ الْجِبَالُ بَسًّا ۟ۙ
කඳු කැබලි වලට සුනු විසුණු කරනු ලැබූ විට,
അറബി തഫ്സീറുകൾ:
فَكَانَتْ هَبَآءً مُّنْۢبَثًّا ۟ۙ
සුනු විසුනු වීමෙන් එය ස්ථාවරයක් නැති විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
അറബി തഫ്സീറുകൾ:
وَّكُنْتُمْ اَزْوَاجًا ثَلٰثَةً ۟ؕ
එදින නුඹලා කණ්ඩායම් තුනක් ලෙස සිටින්නෙහුය.
അറബി തഫ്സീറുകൾ:
فَاَصْحٰبُ الْمَیْمَنَةِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْمَیْمَنَةِ ۟ؕ
ඔවුන්ගේ දකුණතට ඔවුන්ගේ ලේඛනය අතට ගත් දකුණු පස ජනයා. ඔවුන්ගේ නිලයේ උදාරත්වය හා උසස් බව කොතරම් අගනේද?!
അറബി തഫ്സീറുകൾ:
وَاَصْحٰبُ الْمَشْـَٔمَةِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْمَشْـَٔمَةِ ۟ؕ
ඔවුන්ගේ වමතින් ඔවුන්ගේ ලේඛනය අතට ගත් වම් පස ජනයා. ඔවුන්ගේ නිලයේ නපුරුකම හා අවමානය කෙතරම් බිහිසුණු ද?!
അറബി തഫ്സീറുകൾ:
وَالسّٰبِقُوْنَ السّٰبِقُوْنَ ۟ۙ
මෙලොවෙහි යහපත් ක්රියාවන් සිදු කොට ඉදිරියට ගිය පෙරටුගාමීන් වනාහි මතුලොවෙහි ස්වර්ගයට පිවිසීමේදී ද ඔවුහු පෙරට ගාමීහු වෙති.
അറബി തഫ്സീറുകൾ:
اُولٰٓىِٕكَ الْمُقَرَّبُوْنَ ۟ۚ
ඔවුහු අල්ලාහ් අබියස සමීපතයෝ වෙති.
അറബി തഫ്സീറുകൾ:
فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟
සුව පහසකම් සහිත උයන්හි විවිධ සැප විදිමින් සිටිති.
അറബി തഫ്സീറുകൾ:
ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ
මෙම සමූහයා අතරින් ද පෙර සමූහයන් අතරින් ද පිරිසක් වෙති.
അറബി തഫ്സീറുകൾ:
وَقَلِیْلٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ
අවසන් කාලයේ මිනිසුන් අතරින් සුළු පිරිසක් ද වෙති. ඔවුහු පෙරටුගාමී සමීපතයින් අතරින් වෙති.
അറബി തഫ്സീറുകൾ:
عَلٰی سُرُرٍ مَّوْضُوْنَةٍ ۟ۙ
රනින් ගොතන ලද ඇඳන් මත වෙති.
അറബി തഫ്സീറുകൾ:
مُّتَّكِـِٕیْنَ عَلَیْهَا مُتَقٰبِلِیْنَ ۟
ඔවුන් එකිනෙකාට මුහුණලමින් එම ඇඳන් මත හාන්සි වී සිටිති. ඔවුන් කිසිවෙකු අනෙකාගේ පසුපස නොදකිති.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
•අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ සංඥාවන් නිරන්තරයෙන්ම මෙනෙහි කර සිටීම, අල්ලාහ්ව ගරුත්වයට පත් කිරීමත්, ඔහුට නියම අයුරින් අවනත වීමත් අනිවාර්යය කරනු ඇත.

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශන දෑසින් දැකීමෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ බොරු කිරීම නතර වී යාම.

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
•ස්වර්ගවාසීන්ගේ තාරතිරම් ඔවුන්ගේ ක්රියාවන් අනුව අඩු වැඩි වීම.

 
പരിഭാഷ അദ്ധ്യായം: വാഖിഅഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക