Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: അഅ്റാഫ്   ആയത്ത്:
وَلَقَدْ ذَرَاْنَا لِجَهَنَّمَ كَثِیْرًا مِّنَ الْجِنِّ وَالْاِنْسِ ۖؗ— لَهُمْ قُلُوْبٌ لَّا یَفْقَهُوْنَ بِهَا ؗ— وَلَهُمْ اَعْیُنٌ لَّا یُبْصِرُوْنَ بِهَا ؗ— وَلَهُمْ اٰذَانٌ لَّا یَسْمَعُوْنَ بِهَا ؕ— اُولٰٓىِٕكَ كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ ؕ— اُولٰٓىِٕكَ هُمُ الْغٰفِلُوْنَ ۟
සැබැවින් ම අපි ජින් වර්ගයා හා මානව වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කර ඇත්තෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමඟින් වටහා නො ගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමඟින් නො බලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමඟින් සවන් නො දෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන් ය. නො සැලකිලිමත්ව සිටියවුන් ඔවුහු ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلِلّٰهِ الْاَسْمَآءُ الْحُسْنٰی فَادْعُوْهُ بِهَا ۪— وَذَرُوا الَّذِیْنَ یُلْحِدُوْنَ فِیْۤ اَسْمَآىِٕهٖ ؕ— سَیُجْزَوْنَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමි ය. එහෙයින් නුඹලා ඒවා මඟින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمِمَّنْ خَلَقْنَاۤ اُمَّةٌ یَّهْدُوْنَ بِالْحَقِّ وَبِهٖ یَعْدِلُوْنَ ۟۠
තවද අප මැවූ අය අතරින් සත්‍යය මඟින් මඟ පෙන්වන, තවද එමඟින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا سَنَسْتَدْرِجُهُمْ مِّنْ حَیْثُ لَا یَعْلَمُوْنَ ۟ۚ
අපගේ සාධක බොරු කළවුන් වනාහි ඔවුන් නො හඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاُمْلِیْ لَهُمْ ؕ— اِنَّ كَیْدِیْ مَتِیْنٌ ۟
තවද මම ඔවුනට අවකාශය ද දෙමි. නියත වශයෙන් ම මාගේ සැලැස්ම ඉතා දැඩි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوَلَمْ یَتَفَكَّرُوْا ٚ— مَا بِصَاحِبِهِمْ مِّنْ جِنَّةٍ ؕ— اِنْ هُوَ اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නො ගත්තෝ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස වෙනත් කෙනෙකු නො වේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوَلَمْ یَنْظُرُوْا فِیْ مَلَكُوْتِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا خَلَقَ اللّٰهُ مِنْ شَیْءٍ ۙ— وَّاَنْ عَسٰۤی اَنْ یَّكُوْنَ قَدِ اقْتَرَبَ اَجَلُهُمْ ۚ— فَبِاَیِّ حَدِیْثٍ بَعْدَهٗ یُؤْمِنُوْنَ ۟
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නො බැලුවෝ ද. එහෙයින් ඉන් පසුව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَنْ یُّضْلِلِ اللّٰهُ فَلَا هَادِیَ لَهٗ ؕ— وَیَذَرُهُمْ فِیْ طُغْیَانِهِمْ یَعْمَهُوْنَ ۟
අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඔහු ඔවුනට ඉඩ හරියි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَسْـَٔلُوْنَكَ عَنِ السَّاعَةِ اَیَّانَ مُرْسٰىهَا ؕ— قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ رَبِّیْ ۚ— لَا یُجَلِّیْهَا لِوَقْتِهَاۤ اِلَّا هُوَ ؔؕۘ— ثَقُلَتْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— لَا تَاْتِیْكُمْ اِلَّا بَغْتَةً ؕ— یَسْـَٔلُوْنَكَ كَاَنَّكَ حَفِیٌّ عَنْهَا ؕ— قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ اللّٰهِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැ? යි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම මාගේ පරමාධිපති අබියස ය. එහි නියමිත වේලාවට ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නො කරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණිකව මිස නුඹලා වෙත නො පැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නො දනිති
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: അഅ്റാഫ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക