Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: അഅ്റാഫ്   ആയത്ത്:
وَلَوْ اَنَّ اَهْلَ الْقُرٰۤی اٰمَنُوْا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَیْهِمْ بَرَكٰتٍ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ وَلٰكِنْ كَذَّبُوْا فَاَخَذْنٰهُمْ بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
නියත වශයෙන් ම එම ප්‍රදේශවාසීන් විශ්වාස කොට බිය බැතියෙන් කටයුතු කර තිබුණේ නම් සැබැවින් ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත සමෘධිය විවෘත කර දෙන්නට තිබුණි. එහෙත් ඔවුහු බොරු කළෝ ය. එවිට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَفَاَمِنَ اَهْلُ الْقُرٰۤی اَنْ یَّاْتِیَهُمْ بَاْسُنَا بَیَاتًا وَّهُمْ نَآىِٕمُوْنَ ۟ؕ
ඔවුන් නිදා ගනිමින් සිටිය දී රාත්‍රියේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායීව සිටින්නෝ ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوَاَمِنَ اَهْلُ الْقُرٰۤی اَنْ یَّاْتِیَهُمْ بَاْسُنَا ضُحًی وَّهُمْ یَلْعَبُوْنَ ۟
ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායීව සිටින්නෝ ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَفَاَمِنُوْا مَكْرَ اللّٰهِ ۚ— فَلَا یَاْمَنُ مَكْرَ اللّٰهِ اِلَّا الْقَوْمُ الْخٰسِرُوْنَ ۟۠
අල්ලාහ්ගේ උපාය ගැන ඔවුහු අභයදායීව සිටින්නෝ ද? අල්ලාහ්ගේ උපාය මාර්ගයට අලාභවන්ත ජනයා මිස වෙනත් කිසිවකු අභයදායීව නො සිටියි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوَلَمْ یَهْدِ لِلَّذِیْنَ یَرِثُوْنَ الْاَرْضَ مِنْ بَعْدِ اَهْلِهَاۤ اَنْ لَّوْ نَشَآءُ اَصَبْنٰهُمْ بِذُنُوْبِهِمْ ۚ— وَنَطْبَعُ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَسْمَعُوْنَ ۟
එහි වැසියන්ට පසුව මහපොළව උරුමකර ගන්නන්හට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුනට දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත අප මුද්‍රා තබන වග නො වැටහේ ද? තවද ඔවුහු සවන් නො දෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
تِلْكَ الْقُرٰی نَقُصُّ عَلَیْكَ مِنْ اَنْۢبَآىِٕهَا ۚ— وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ ۚ— فَمَا كَانُوْا لِیُؤْمِنُوْا بِمَا كَذَّبُوْا مِنْ قَبْلُ ؕ— كَذٰلِكَ یَطْبَعُ اللّٰهُ عَلٰی قُلُوْبِ الْكٰفِرِیْنَ ۟
එම ගම්මාන වනාහි, ඒවායෙහි පුවත් ගැන අපි නුඹට දන්වමු. සැබැවින් ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. එහෙත් ඔවුහු මීට පෙර බොරු කළ දෑ විශ්වාස කරන්නන් නො වූහ. දේව ප්‍රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ මෙලෙස ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَا وَجَدْنَا لِاَكْثَرِهِمْ مِّنْ عَهْدٍ ۚ— وَاِنْ وَّجَدْنَاۤ اَكْثَرَهُمْ لَفٰسِقِیْنَ ۟
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කිසියම් ප්‍රතිඥාවක සිටිනු අපි නො දුටුවෙමු. තවද අපි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපකම් කරන්නන් ලෙස ම දුටුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُّوْسٰی بِاٰیٰتِنَاۤ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَظَلَمُوْا بِهَا ۚ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِیْنَ ۟
ඔවුන්ගෙන් පසුව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රභූන් පිරිස වෙත අපි මූසාව අපගේ සංඥා සමඟ එව්වෙමු. එවිට ඔවුහු ඒවා ගැන අසාධාරණ ලෙස කටයුතු කළෝ ය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැ? යි (නබිවරය!) නුඹ අවධානයෙන් බලනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَالَ مُوْسٰی یٰفِرْعَوْنُ اِنِّیْ رَسُوْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟ۙ
අහෝ ෆිර්අවුන්! නියත වශයෙන් ම මම සකල ලෝකයන්හි පරමාධිපති වෙතින් වූ දූතයකු වෙමි යැයි මූසා පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: അഅ്റാഫ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക