Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: അഅ്റാഫ്   ആയത്ത്:
فَاِذَا جَآءَتْهُمُ الْحَسَنَةُ قَالُوْا لَنَا هٰذِهٖ ۚ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ یَّطَّیَّرُوْا بِمُوْسٰی وَمَنْ مَّعَهٗ ؕ— اَلَاۤ اِنَّمَا طٰٓىِٕرُهُمْ عِنْدَ اللّٰهِ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
ඔවුනට යහපත පැමිණි විට මෙය අප වෙනුවෙන් යැයි ඔවුහු පවසති. තවද ඔවුනට යම් නපුරක් ඇති වන්නේ නම් මූසා හා ඔහු සමඟ වූවන්ගෙන් ඇති වූ අසුබ නිමිත්තක් යැයි සිතති. දැන ගනු! ඔවුන්ගේ අසුබ නිමිති අල්ලාහ් වෙත ය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَالُوْا مَهْمَا تَاْتِنَا بِهٖ مِنْ اٰیَةٍ لِّتَسْحَرَنَا بِهَا ۙ— فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِیْنَ ۟
තවද නුඹ අප එමඟින් වසඟ කරනු පිණිස කවර හෝ සංඥාවක් අප වෙත ගෙන ආව ද නුඹව අපි විශ්වාස කරන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَرْسَلْنَا عَلَیْهِمُ الطُّوْفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ اٰیٰتٍ مُّفَصَّلٰتٍ ۫— فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا مُّجْرِمِیْنَ ۟
එබැවින් අපි ඔවුන් වෙත ගංවතුර, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය පැහැදිලි සංඥා වශයෙන් එව්වෙමු. එහෙත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද ඔවුහු වැරදි කරන පිරිසක් වූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَمَّا وَقَعَ عَلَیْهِمُ الرِّجْزُ قَالُوْا یٰمُوْسَی ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ ۚ— لَىِٕنْ كَشَفْتَ عَنَّا الرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ۚ
ඔවුන් මත දඬුවම පතිත වූ කල්හි ‘අහෝ මූසා! ඔබගේ පරමාධිපති ඔබ වෙතින් ප්‍රතිඥා ගත් අයුරින් ඔබ අප වෙනුවෙන් ඔහුගෙන් ප්‍රාර්ථනා කරනු මැනව. මෙම දඬුවම අප වෙතින් ඔබ ඉවත් කර දුන්නේ නම් නියත වශයෙන් ම අපි ඔබව විශ්වාස කරන්නෙමු. තවද ඔබ සමඟ ඉස්රාඊල් දරුවන් යවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الرِّجْزَ اِلٰۤی اَجَلٍ هُمْ بٰلِغُوْهُ اِذَا هُمْ یَنْكُثُوْنَ ۟
එවිට ඔවුන් එය(විනාශය) ළඟා කර ගන්නා නිශ්චිත කාලයක් දක්වා ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට, ඔවුහු ප්‍රතිඥා කඩ කරන්නන් වූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَانْتَقَمْنَا مِنْهُمْ فَاَغْرَقْنٰهُمْ فِی الْیَمِّ بِاَنَّهُمْ كَذَّبُوْا بِاٰیٰتِنَا وَكَانُوْا عَنْهَا غٰفِلِیْنَ ۟
එහෙයින් අපි ඔවුනට දඬුවම් කළෙමු. නියත වශයෙන් ම ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් ද ඒ පිළිබඳ ඔවුන් නො සැලකිලිමත්වූවන් ලෙස සිටි බැවින් ද අපි ඔවුන් මුහුදෙහි ගිල්වූයෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَوْرَثْنَا الْقَوْمَ الَّذِیْنَ كَانُوْا یُسْتَضْعَفُوْنَ مَشَارِقَ الْاَرْضِ وَمَغَارِبَهَا الَّتِیْ بٰرَكْنَا فِیْهَا ؕ— وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنٰی عَلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ ۙ۬— بِمَا صَبَرُوْا ؕ— وَدَمَّرْنَا مَا كَانَ یَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهٗ وَمَا كَانُوْا یَعْرِشُوْنَ ۟
දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටි පිරිසට, මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින් ම විනාශ කර දැමුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: അഅ്റാഫ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക