Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: മാഇദ   ആയത്ത്:
قَالُوْا یٰمُوْسٰۤی اِنَّا لَنْ نَّدْخُلَهَاۤ اَبَدًا مَّا دَامُوْا فِیْهَا فَاذْهَبْ اَنْتَ وَرَبُّكَ فَقَاتِلَاۤ اِنَّا هٰهُنَا قٰعِدُوْنَ ۟
අහෝ මූසා! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නො පිවිසෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදිනු. සැබැවින් ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ رَبِّ اِنِّیْ لَاۤ اَمْلِكُ اِلَّا نَفْسِیْ وَاَخِیْ فَافْرُقْ بَیْنَنَا وَبَیْنَ الْقَوْمِ الْفٰسِقِیْنَ ۟
මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මා හා මාගේ සහෝදරයා හැර (වෙනත් කිසිවෙකු) මට පාලනය කළ නොහැකි ය. එබැවින් පව්කාර ජනයාගෙන් ඔබ අපව වෙන් කරනු මැනව! යැයි (මූසා) පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ فَاِنَّهَا مُحَرَّمَةٌ عَلَیْهِمْ اَرْبَعِیْنَ سَنَةً ۚ— یَتِیْهُوْنَ فِی الْاَرْضِ ؕ— فَلَا تَاْسَ عَلَی الْقَوْمِ الْفٰسِقِیْنَ ۟۠
සැබැවින් ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබී ය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නො වනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ ابْنَیْ اٰدَمَ بِالْحَقِّ ۘ— اِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ اَحَدِهِمَا وَلَمْ یُتَقَبَّلْ مِنَ الْاٰخَرِ ؕ— قَالَ لَاَقْتُلَنَّكَ ؕ— قَالَ اِنَّمَا یَتَقَبَّلُ اللّٰهُ مِنَ الْمُتَّقِیْنَ ۟
ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළිගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළිගනු නො ලැබී ය. එවිට (පිළිගනු නො ලැබූ) ඔහු සැබැවින් ම මම ඔබව ඝාතනය කරමි යැයි පැවසී ය. සැබැවින් ම අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැයි (භාරය පිළිගනු ලැබූ අය වන ඔහු) පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَىِٕنْۢ بَسَطْتَّ اِلَیَّ یَدَكَ لِتَقْتُلَنِیْ مَاۤ اَنَا بِبَاسِطٍ یَّدِیَ اِلَیْكَ لِاَقْتُلَكَ ۚ— اِنِّیْۤ اَخَافُ اللّٰهَ رَبَّ الْعٰلَمِیْنَ ۟
මා ඝාතනය කරනු වස් ඔබ ඔබේ අත මා වෙත දිගු කළ ද මා ඔබව ඝාතනය කරනු වස් මම මාගේ අත ඔබ වෙත දිගු කරන්නෙකු නො වෙමි. සැබැවින් ම මම ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට බිය වෙමි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنِّیْۤ اُرِیْدُ اَنْ تَبُوَْاَ بِاِثْمِیْ وَاِثْمِكَ فَتَكُوْنَ مِنْ اَصْحٰبِ النَّارِ ۚ— وَذٰلِكَ جَزٰٓؤُا الظّٰلِمِیْنَ ۟ۚ
මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන ඔබ නිරා ගින්නේ සගයින් අතරින් වනු ඇතැයි සැබැවින් ම මම අපේක්ෂා කරමි. එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَطَوَّعَتْ لَهٗ نَفْسُهٗ قَتْلَ اَخِیْهِ فَقَتَلَهٗ فَاَصْبَحَ مِنَ الْخٰسِرِیْنَ ۟
එවිට තම සහෝදරයාව ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහුව පොලඹ වීය. පසුව ඔහු ඔහුව ඝාතනය කළේ ය. එවිට ඔහු අලාභවන්තයින් අතරට පත් විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَبَعَثَ اللّٰهُ غُرَابًا یَّبْحَثُ فِی الْاَرْضِ لِیُرِیَهٗ كَیْفَ یُوَارِیْ سَوْءَةَ اَخِیْهِ ؕ— قَالَ یٰوَیْلَتٰۤی اَعَجَزْتُ اَنْ اَكُوْنَ مِثْلَ هٰذَا الْغُرَابِ فَاُوَارِیَ سَوْءَةَ اَخِیْ ۚ— فَاَصْبَحَ مِنَ النّٰدِمِیْنَ ۟
පසුව තම සහෝදරයාගේ දේහය වසන්නේ කෙසේදැයි ඔහුට පෙන්වීමට අල්ලාහ් පොළොව හාරා පෙන්වන කපුටෙක් එවීය. අහෝ විනාශය! මා මෙම කපුටා මෙන් වන්නට වත් නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසන්නට තිබුණි යැයි ඔහු පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතරට පත් විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: മാഇദ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക