Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: മാഇദ   ആയത്ത്:
وَقَفَّیْنَا عَلٰۤی اٰثَارِهِمْ بِعِیْسَی ابْنِ مَرْیَمَ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ مِنَ التَّوْرٰىةِ ۪— وَاٰتَیْنٰهُ الْاِنْجِیْلَ فِیْهِ هُدًی وَّنُوْرٌ ۙ— وَّمُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ مِنَ التَّوْرٰىةِ وَهُدًی وَّمَوْعِظَةً لِّلْمُتَّقِیْنَ ۟ؕ
තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසාව ඔවුන්ගේ (පෙර සිටි නබිවරුන්ගේ) පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි මඟපෙන්වීමක් හා ආලෝකයක් විය. එමෙන් ම තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නක් ලෙස ද බිය බැතිමතුන්හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ලෙස ද විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلْیَحْكُمْ اَهْلُ الْاِنْجِیْلِ بِمَاۤ اَنْزَلَ اللّٰهُ فِیْهِ ؕ— وَمَنْ لَّمْ یَحْكُمْ بِمَاۤ اَنْزَلَ اللّٰهُ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَنْزَلْنَاۤ اِلَیْكَ الْكِتٰبَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ مِنَ الْكِتٰبِ وَمُهَیْمِنًا عَلَیْهِ فَاحْكُمْ بَیْنَهُمْ بِمَاۤ اَنْزَلَ اللّٰهُ وَلَا تَتَّبِعْ اَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ الْحَقِّ ؕ— لِكُلٍّ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَّمِنْهَاجًا ؕ— وَلَوْ شَآءَ اللّٰهُ لَجَعَلَكُمْ اُمَّةً وَّاحِدَةً وَّلٰكِنْ لِّیَبْلُوَكُمْ فِیْ مَاۤ اٰتٰىكُمْ فَاسْتَبِقُوا الْخَیْرٰتِ ؕ— اِلَی اللّٰهِ مَرْجِعُكُمْ جَمِیْعًا فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟ۙ
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත්ව ඔවුන්ගේ ආශාවන් නුඹ නො පිළිපදිනු. නුඹලා අතරින් සෑම ප්‍රජාවකට ම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාලාවක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව එක ම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑහි නුඹලාව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙත ය. එවිට කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَنِ احْكُمْ بَیْنَهُمْ بِمَاۤ اَنْزَلَ اللّٰهُ وَلَا تَتَّبِعْ اَهْوَآءَهُمْ وَاحْذَرْهُمْ اَنْ یَّفْتِنُوْكَ عَنْ بَعْضِ مَاۤ اَنْزَلَ اللّٰهُ اِلَیْكَ ؕ— فَاِنْ تَوَلَّوْا فَاعْلَمْ اَنَّمَا یُرِیْدُ اللّٰهُ اَنْ یُّصِیْبَهُمْ بِبَعْضِ ذُنُوْبِهِمْ ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ النَّاسِ لَفٰسِقُوْنَ ۟
අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නො කරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹව ඔවුන් අර්බුදයකට යොමු නො කරන පරිදි නුඹ ඔවුන් ගැන ප්‍රවේසම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන්ව හසු කර ගැනීමට අල්ලාහ් ප්‍රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින් ම ජනයා අතරින් බොහෝ දෙනා දුෂ්ඨයෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَفَحُكْمَ الْجَاهِلِیَّةِ یَبْغُوْنَ ؕ— وَمَنْ اَحْسَنُ مِنَ اللّٰهِ حُكْمًا لِّقَوْمٍ یُّوْقِنُوْنَ ۟۠
ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා වඩාත් අලංකාර වන්නේ කවුරු ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: മാഇദ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക