Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: മാഇദ   ആയത്ത്:
وَالَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَاۤ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَحِیْمِ ۟
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් අසත්‍ය කළවුන් වනාහි ඔවුහු මය නිරයේ සගයෝ වන්නෝ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اذْكُرُوْا نِعْمَتَ اللّٰهِ عَلَیْكُمْ اِذْ هَمَّ قَوْمٌ اَنْ یَّبْسُطُوْۤا اِلَیْكُمْ اَیْدِیَهُمْ فَكَفَّ اَیْدِیَهُمْ عَنْكُمْ ۚ— وَاتَّقُوا اللّٰهَ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟۠
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් ඔවුන්ගේ අත් නුඹලාට එරෙහිව දිගු කරන්නට සිතූ විට නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු. ඔහු ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වාලී ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද දේවත්වය විශ්වාස කළවුන් අල්ලාහ් කෙරෙහි ම (සියල්ල) භාර කළ යුතු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدْ اَخَذَ اللّٰهُ مِیْثَاقَ بَنِیْۤ اِسْرَآءِیْلَ ۚ— وَبَعَثْنَا مِنْهُمُ اثْنَیْ عَشَرَ نَقِیْبًا ؕ— وَقَالَ اللّٰهُ اِنِّیْ مَعَكُمْ ؕ— لَىِٕنْ اَقَمْتُمُ الصَّلٰوةَ وَاٰتَیْتُمُ الزَّكٰوةَ وَاٰمَنْتُمْ بِرُسُلِیْ وَعَزَّرْتُمُوْهُمْ وَاَقْرَضْتُمُ اللّٰهَ قَرْضًا حَسَنًا لَّاُكَفِّرَنَّ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَلَاُدْخِلَنَّكُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۚ— فَمَنْ كَفَرَ بَعْدَ ذٰلِكَ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ السَّبِیْلِ ۟
සැබැවින් ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තේ ය. තවද ඔවුන් අතරින් භාරකරුවන් දොළොස් දෙනෙකු අපි එව්වෙමු. සැබැවින් ම මම නුඹලා සමඟ ය. නුඹලා සලාතය විධිමත්ව ඉටු කර; zසකාතය ද පිරිනමා; මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර; තවද අලංකාර ණයකින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට නුඹලාව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේ ය. එහෙයින් මින් පසුව නුඹලා අතරින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَبِمَا نَقْضِهِمْ مِّیْثَاقَهُمْ لَعَنّٰهُمْ وَجَعَلْنَا قُلُوْبَهُمْ قٰسِیَةً ۚ— یُحَرِّفُوْنَ الْكَلِمَ عَنْ مَّوَاضِعِهٖ ۙ— وَنَسُوْا حَظًّا مِّمَّا ذُكِّرُوْا بِهٖ ۚ— وَلَا تَزَالُ تَطَّلِعُ عَلٰی خَآىِٕنَةٍ مِّنْهُمْ اِلَّا قَلِیْلًا مِّنْهُمْ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟
ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝ ය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්‍රණයක සිටිනු නුඹ දකින්නෙහු ම ය. එබැවින් ඔවුන්ව අත හැර දමා ඔවුන්ව නො සලකා හරිනු. සැබැවින් ම අල්ලාහ් දැහැමියන්ව ප්‍රිය කරයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: മാഇദ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക