Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ആലുഇംറാൻ   ആയത്ത്:
اِنَّ هٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ— وَمَا مِنْ اِلٰهٍ اِلَّا اللّٰهُ ؕ— وَاِنَّ اللّٰهَ لَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
සැබැවින් ම සත්‍ය කතාන්තරය වනුයේ මෙයයි. තවද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තවද සැබැවින් ම අල්ලාහ් වන ඔහු මය සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත වනුයේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاِنْ تَوَلَّوْا فَاِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِالْمُفْسِدِیْنَ ۟۠
එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් පිළිබඳව සර්ව ඥානී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ تَعَالَوْا اِلٰی كَلِمَةٍ سَوَآءٍ بَیْنَنَا وَبَیْنَكُمْ اَلَّا نَعْبُدَ اِلَّا اللّٰهَ وَلَا نُشْرِكَ بِهٖ شَیْـًٔا وَّلَا یَتَّخِذَ بَعْضُنَا بَعْضًا اَرْبَابًا مِّنْ دُوْنِ اللّٰهِ ؕ— فَاِنْ تَوَلَّوْا فَقُوْلُوا اشْهَدُوْا بِاَنَّا مُسْلِمُوْنَ ۟
‘අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නො නමදිමු. ඔහුට කිසිවක් ආදේශ නො තබමු. අල්ලාහ්ගෙන් තොරව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුව දෙවියන් ලෙස නො ගත යුතුය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු’ යැයි (නබිවරය!) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් ‘සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු’ යැයි පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تُحَآجُّوْنَ فِیْۤ اِبْرٰهِیْمَ وَمَاۤ اُنْزِلَتِ التَّوْرٰىةُ وَالْاِنْجِیْلُ اِلَّا مِنْ بَعْدِهٖ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
‘දහම් ලත් ජනයිනි! ඉබ්රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසුව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ ගැන) නුඹලා වටහා ගන්නේ නැති ද?’
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰۤاَنْتُمْ هٰۤؤُلَآءِ حَاجَجْتُمْ فِیْمَا لَكُمْ بِهٖ عِلْمٌ فَلِمَ تُحَآجُّوْنَ فِیْمَا لَیْسَ لَكُمْ بِهٖ عِلْمٌ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
මෙන්න මේ නුඹලා! නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳව නුඹලා වාද කර ඇත. එහෙත් කවර දෙයක් පිළිබඳව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තවද අල්ලාහ් දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَا كَانَ اِبْرٰهِیْمُ یَهُوْدِیًّا وَّلَا نَصْرَانِیًّا وَّلٰكِنْ كَانَ حَنِیْفًا مُّسْلِمًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
ඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නො වීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නො වීය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ اَوْلَی النَّاسِ بِاِبْرٰهِیْمَ لَلَّذِیْنَ اتَّبَعُوْهُ وَهٰذَا النَّبِیُّ وَالَّذِیْنَ اٰمَنُوْا ؕ— وَاللّٰهُ وَلِیُّ الْمُؤْمِنِیْنَ ۟
නියත වශයෙන් ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහුව ද, මෙම නබිවරයාව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තවද අල්ලාහ් විශ්වාස කරන්නන්ගේ භාරකරු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَدَّتْ طَّآىِٕفَةٌ مِّنْ اَهْلِ الْكِتٰبِ لَوْ یُضِلُّوْنَكُمْ ؕ— وَمَا یُضِلُّوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَشْعُرُوْنَ ۟
‘නුඹලාව නොමඟ යවන්නට ඇත් නම්’ යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන්ව ම මිස වෙනත් කිසිවෙකුව ඔවුන් නොමඟ හැරියේ නැත. එහෙත් ඔවුහු (එය) වටහා නො ගන්නෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَاَنْتُمْ تَشْهَدُوْنَ ۟
‘අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?’
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ആലുഇംറാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക