Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ആലുഇംറാൻ   ആയത്ത്:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— وَاُولٰٓىِٕكَ هُمْ وَقُوْدُ النَّارِ ۟ۙ
නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නො වන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَدَاْبِ اٰلِ فِرْعَوْنَ ۙ— وَالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ— فَاَخَذَهُمُ اللّٰهُ بِذُنُوْبِهِمْ ؕ— وَاللّٰهُ شَدِیْدُ الْعِقَابِ ۟
(එය) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්‍ය කළෝ ය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ව (දඬුවමට) හසු කළේ ය. තවද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلْ لِّلَّذِیْنَ كَفَرُوْا سَتُغْلَبُوْنَ وَتُحْشَرُوْنَ اِلٰی جَهَنَّمَ ؕ— وَبِئْسَ الْمِهَادُ ۟
“නුඹලා අබිබවා යනු ලබනු ඇත. තවද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත” යැයි දේවත්වය
ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَدْ كَانَ لَكُمْ اٰیَةٌ فِیْ فِئَتَیْنِ الْتَقَتَا ؕ— فِئَةٌ تُقَاتِلُ فِیْ سَبِیْلِ اللّٰهِ وَاُخْرٰی كَافِرَةٌ یَّرَوْنَهُمْ مِّثْلَیْهِمْ رَاْیَ الْعَیْنِ ؕ— وَاللّٰهُ یُؤَیِّدُ بِنَصْرِهٖ مَنْ یَّشَآءُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّاُولِی الْاَبْصَارِ ۟
(යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස, ඔවුන්ව දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටු දේව ප්‍රතික්ෂේපකයෝ ය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්‍රහණය) ස්ථීර කරන්නේ ය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
زُیِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوٰتِ مِنَ النِّسَآءِ وَالْبَنِیْنَ وَالْقَنَاطِیْرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَیْلِ الْمُسَوَّمَةِ وَالْاَنْعَامِ وَالْحَرْثِ ؕ— ذٰلِكَ مَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَاللّٰهُ عِنْدَهٗ حُسْنُ الْمَاٰبِ ۟
කාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස් කර තබන ලද ස්කන්ධ, සළකුණු තබනු ලැබූ අශ්වයින්, ගොවිපළ සතුන් හා කෙත්වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකාරවත් කරන ලදි. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තවද අලංකාර යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلْ اَؤُنَبِّئُكُمْ بِخَیْرٍ مِّنْ ذٰلِكُمْ ؕ— لِلَّذِیْنَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا وَاَزْوَاجٌ مُّطَهَّرَةٌ وَّرِضْوَانٌ مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِالْعِبَادِ ۟ۚ
මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැ? යි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත. තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ആലുഇംറാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക