Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ആലുഇംറാൻ   ആയത്ത്:
وَاِنَّ مِنْهُمْ لَفَرِیْقًا یَّلْوٗنَ اَلْسِنَتَهُمْ بِالْكِتٰبِ لِتَحْسَبُوْهُ مِنَ الْكِتٰبِ وَمَا هُوَ مِنَ الْكِتٰبِ ۚ— وَیَقُوْلُوْنَ هُوَ مِنْ عِنْدِ اللّٰهِ وَمَا هُوَ مِنْ عِنْدِ اللّٰهِ ۚ— وَیَقُوْلُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ وَهُمْ یَعْلَمُوْنَ ۟
තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්‍රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිස ය. එහෙත් එය ධර්ම ග්‍රන්ථයෙන් නො වෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නො වෙයි. තවද ඔවුහු දැනුවත්ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَا كَانَ لِبَشَرٍ اَنْ یُّؤْتِیَهُ اللّٰهُ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ یَقُوْلَ لِلنَّاسِ كُوْنُوْا عِبَادًا لِّیْ مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ كُوْنُوْا رَبّٰنِیّٖنَ بِمَا كُنْتُمْ تُعَلِّمُوْنَ الْكِتٰبَ وَبِمَا كُنْتُمْ تَدْرُسُوْنَ ۟ۙ
කෙනෙකුට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමා තිබිය දී, ඉන් අනතුරුව අල්ලාහ්ව හැර දමා මට ම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද, නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَا یَاْمُرَكُمْ اَنْ تَتَّخِذُوا الْمَلٰٓىِٕكَةَ وَالنَّبِیّٖنَ اَرْبَابًا ؕ— اَیَاْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ اِذْ اَنْتُمْ مُّسْلِمُوْنَ ۟۠
තවද නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නො කරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්‍රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذْ اَخَذَ اللّٰهُ مِیْثَاقَ النَّبِیّٖنَ لَمَاۤ اٰتَیْتُكُمْ مِّنْ كِتٰبٍ وَّحِكْمَةٍ ثُمَّ جَآءَكُمْ رَسُوْلٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهٖ وَلَتَنْصُرُنَّهٗ ؕ— قَالَ ءَاَقْرَرْتُمْ وَاَخَذْتُمْ عَلٰی ذٰلِكُمْ اِصْرِیْ ؕ— قَالُوْۤا اَقْرَرْنَا ؕ— قَالَ فَاشْهَدُوْا وَاَنَا مَعَكُمْ مِّنَ الشّٰهِدِیْنَ ۟
තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කර වන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝ ය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි යැයි පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَمَنْ تَوَلّٰی بَعْدَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
එබැවින් කවරෙකු ඉන් පසුව පිටුපෑවේ ද එවිට පාපතරයෝ වන්නෝ ඔවුහු ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَفَغَیْرَ دِیْنِ اللّٰهِ یَبْغُوْنَ وَلَهٗۤ اَسْلَمَ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ طَوْعًا وَّكَرْهًا وَّاِلَیْهِ یُرْجَعُوْنَ ۟
අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුට ම යටහත් වෙති. තවද ඔහු වෙත ම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ആലുഇംറാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക