Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Yaseen   Aya:
اَوَلَمْ یَرَوْا اَنَّا خَلَقْنَا لَهُمْ مِّمَّا عَمِلَتْ اَیْدِیْنَاۤ اَنْعَامًا فَهُمْ لَهَا مٰلِكُوْنَ ۟
ඔවුන් වෙනුවෙන් සැබැවින්ම අපි ගොවිපළ සතුන් මවා තිබීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එම ගොවිපළ සතුන්ගේ කටයුතු සඳහා භාරකරුවෝ වූහ. ඔවුනට යහපත සලසන දෑ අනුව ඔවුහු උන් සම්බන්ධයෙන් ගනුදෙනු කරති.
Tafsiran larabci:
وَذَلَّلْنٰهَا لَهُمْ فَمِنْهَا رَكُوْبُهُمْ وَمِنْهَا یَاْكُلُوْنَ ۟
සැබවින්ම අපි ඒවා ඔවුනට වසඟ කර දුනිමු. ඔවුනට යටත් වන්නන් බවට පත් කළෙමු. උන්ගේ පිටවල් මත නැග ඔවුහු ගමන් කරති. ඔවුන්ගේ භාණ්ඩ ප්රවාහන කරති. උන් ඇතැමෙකුගේ මාංශ ඔවුහු අනුභව කරති.
Tafsiran larabci:
وَلَهُمْ فِیْهَا مَنَافِعُ وَمَشَارِبُ ؕ— اَفَلَا یَشْكُرُوْنَ ۟
උන්ගේ පිටවල් මත ගමන් කිරීම හා උන්ගේ මාංශ අනුභව කිරීම පමණක් නොව උන්ගේ ලෝම, උන්ගේ හම, උන්ගේ මේදය වැනි වෙනත් ප්රයෝජන ද උන් තුළ නුඹලාට ඇත. එමගින් ඔවුන් ඇතිරිලි හා වස්ත්ර තනා ගනිති. උන්ගේ කිරි පානය කිරීමෙන් උන් තුළ ඔවුනට පානය ද ඇත. මෙම ආශිර්වාදය හා වෙනත් ආශිර්වාද ඔවුනට පිරිනැමූ අල්ලාහ්ට ඔවුන් කෘතඥ විය යුතු නොවේ ද?
Tafsiran larabci:
وَاتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اٰلِهَةً لَّعَلَّهُمْ یُنْصَرُوْنَ ۟ؕ
දේව ආදේශකයෝ සැබැවින්ම ඔවුනට උදව් කරනු ඇත, අල්ලාහ්ගේ දඬුවමින් මුදවාගනු ඇත යන බලාපොරොත්තුවෙන් යුතු ව අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නැමදුමට ගත්තෝය.
Tafsiran larabci:
لَا یَسْتَطِیْعُوْنَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُّحْضَرُوْنَ ۟
එසේ ඔවුන් ගත් එම දෙවිවරුන් ඔවුනට උදව් කිරීමට අපොහොසත් වෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින කිසිවකුගේ උදව්වක් ඔවුනට නැත. ඔවුන් හා ඔවුන්ගේ පිළිම යන සියල්ල දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති. ඔවුන් සෑම කෙනෙකුම අනෙකාගෙන් මිදෙන්නට බලනු ඇත.
Tafsiran larabci:
فَلَا یَحْزُنْكَ قَوْلُهُمْ ۘ— اِنَّا نَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ۟
‘සැබැවින්ම නුඹ එවනු ලැබූ දූතයකු නොවේ.’ එසේ නැතහොත් ‘සැබැවින්ම නුඹ කවියෙකි’ යැයි හෝ ඔවුන් කරන වෙනත් බරපතළ චෝදනා ගැන වූ ඔවුන්ගේ ප්රකාශ නුඹ ව දුකට පත් නොකළ යුතුයි. ඒ පිළිබඳ ඔවුන් සඟවමින් සිටින දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබවින්ම අපි දනිමු. ඉන් කිසිවක් අපට සැඟවෙන්නේ නැත. ඒ සඳහා අපි ඔවුනට ප්රතිවිපාක පිරිනමන්නෙමු.
Tafsiran larabci:
اَوَلَمْ یَرَ الْاِنْسَانُ اَنَّا خَلَقْنٰهُ مِنْ نُّطْفَةٍ فَاِذَا هُوَ خَصِیْمٌ مُّبِیْنٌ ۟
මියගිය පසු යළි අවදි කරනු ලැබීම හෙළා දකින මිනිසා, සැබැවින්ම අපි ඔහු ව ශුක්රාණුවෙන් මවා, පසු ව දරුවකු බවට පත් ව හැදී වැඩෙන තෙක් විවිධ අදියරයන් පසු කර යන්නට සලස්වා, පසු ව ඔහු අධික ලෙස තර්ක විතර්ක කිරීම ගැන සිතා නොබැලුවේ ද? නැවත නැගිටුවනු ලැබීම සිදුවීමට ඉඩ ඇතැයි එමගින් සාධක කර ගන්නට ඒ දෙස ඔහු බැලිය යුතු නොවේ ද?
Tafsiran larabci:
وَضَرَبَ لَنَا مَثَلًا وَّنَسِیَ خَلْقَهٗ ؕ— قَالَ مَنْ یُّحْیِ الْعِظَامَ وَهِیَ رَمِیْمٌ ۟
එම දේව ප්රතික්ෂේපකයා ඒ ගැන නොසලකා හැරියේය. නැවත නැගිටුවීම විය හැක්කක් බව දිරාගිය අස්ථි තුළින් සාධක කර ගන්නට අඥාන වී ඒවා නැවත ගෙන එන්නේ කවුරුන්දැ?යි විමසා සිටියි. නැති දෙයකින් ඔහු ඔහුව මවා තිබීම ඔහුට ගුප්ත වී ඇත.
Tafsiran larabci:
قُلْ یُحْیِیْهَا الَّذِیْۤ اَنْشَاَهَاۤ اَوَّلَ مَرَّةٍ ؕ— وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِیْمُ ۟ۙ
අහෝ මුහම්මද්! ඔහුට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. ‘දිරාපත් වී ගිය මෙම අස්ථි මුල්වරට මැවූ අය ඒවාට යළි ජීවය දෙනු ඇත. කවරෙකු ඒවා මුල් වරට මැව්වේ ද ඒවාට යළි ජීවය දෙන්නට ඔහු අපොහොසත් වන්නේ නැත. ඔහු සියලු මැවීම් පිළිබඳ මැනවින් දන්නා සුවිශුද්ධයාණන්ය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Tafsiran larabci:
١لَّذِیْ جَعَلَ لَكُمْ مِّنَ الشَّجَرِ الْاَخْضَرِ نَارًا فَاِذَاۤ اَنْتُمْ مِّنْهُ تُوْقِدُوْنَ ۟
අහෝ ජනයිනි! තෙත් සහිත අමු ගසින් නුඹලා මතු කරගන්නා ගින්දර නුඹලාට ඇති කළේ ඔහුය. එවිට නුඹලා එමගින් ගිනි දල්වා ගන්නෙහුය. එකිනෙකට පටහැනි විරුද්ධ දෙකක් අතර එනම් අමුගසෙහි ජල තෙතමනය හා එහි අවුලන ගින්න අතර එක් කළ ඔහු මළවුනට යළි ජීවය ලබා දෙන්නට බලය ඇත්තාය.
Tafsiran larabci:
اَوَلَیْسَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِقٰدِرٍ عَلٰۤی اَنْ یَّخْلُقَ مِثْلَهُمْ ؔؕ— بَلٰی ۗ— وَهُوَ الْخَلّٰقُ الْعَلِیْمُ ۟
අහස් හා මහපොළොව ඒ දෙක තුළ ඇති බලවත් දෑ මත මැවූ ඔහු මියගිය පසු මළවුනට යළි ජීවය දෙන්නට බලය ඇත්තා නොවේ ද? එසේය. ඒ සඳහා ඔහු බලය දරන්නාය. සියලු මැවීම් මැවූ ඔහු මහා මැවුම්කරුය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Tafsiran larabci:
اِنَّمَاۤ اَمْرُهٗۤ اِذَاۤ اَرَادَ شَیْـًٔا اَنْ یَّقُوْلَ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ කරුණ නම් සැබැවින්ම ඔහු යමක් ඇති කිරීමට සිතූ විට එයට ‘කුන්’ -වනු- යැයි පැවසීම පමණි. එවිට ඔහු අභිමත කරන එම කරුණ සිදුවනු ඇත. ජීවය ලබා දීම, මරණයට පත් කිරීම යළි නැගිටුවීම හා ඒ හැර වෙනත් දෑ ද ඔහු අපේක්ෂා කරන දෑ අතරින් වේ.
Tafsiran larabci:
فَسُبْحٰنَ الَّذِیْ بِیَدِهٖ مَلَكُوْتُ كُلِّ شَیْءٍ وَّاِلَیْهِ تُرْجَعُوْنَ ۟۠
දේව ආදේශකයෝ අල්ලාහ්ට ආරෝපණය කරන නොහැකියාව යන ගුණාංගයෙන් ඔහු පිවිතුරුය සුවිශුද්ධය. සියලු කරුණුවල අයිතිය හා ආධිපත්යය ඔහු සතුය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්රියාත්මක කරයි. සියලු දෑහි යතුරු ඔහු අතෙහි ඇත. මතුලොවෙහි නුඹලා යොමු වනුයේ ඔහු වෙත පමණි. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من فضل الله ونعمته على الناس تذليل الأنعام لهم، وتسخيرها لمنافعهم المختلفة.
•ගොවිපල සතුන් මිනිසුන්හට යටහත් කර දී තිබීමත් ඔවුන්ගේ විවිධ ප්රයෝජනයන් සඳහා උන් ඔවුනට වසඟ කර දී තිබීමත් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදයක් මෙන්ම භාග්යයකි.

• وفرة الأدلة العقلية على يوم القيامة وإعراض المشركين عنها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් වූ පූර්ණ බුද්ධිමය සාධක. දේව ආදේශකයින් ඒවා ප්රතික්ෂේප කර සිටීම.

• من صفات الله تعالى أن علمه تعالى محيط بجميع مخلوقاته في جميع أحوالها، في جميع الأوقات، ويعلم ما تنقص الأرض من أجساد الأموات وما يبقى، ويعلم الغيب والشهادة.
•සැබැවින්ම අල්ලාහ්ගේ දැනුම ඔහුගේ සියලු මැවීම් මත ඒවායෙහි සියලු තත්ත්වයන් හා සියලුම වේලාවන්හි සර්වප්රකාරයෙන් ආවරණය කර තිබීම අල්ලාහ්ගේ ගුණාංගයකි. මහපොළොව හිඟ කර දමන මිය යන්නන්ගේ දේහ ගැන ද ඒ මත රැඳී සිටින ශරීර ගැන ද ඔහු මැනවින් දනියි. එමෙන්ම ගුප්ත දෑ හා දෘශ්යමාන දෑ ගැන ද ඔහු මැනවින් දනියි.

 
Fassarar Ma'anoni Sura: Yaseen
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa