Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Yaseen   Aya:
اِنَّ اَصْحٰبَ الْجَنَّةِ الْیَوْمَ فِیْ شُغُلٍ فٰكِهُوْنَ ۟ۚ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ස්වර්ගවාසීන් සදාතනික සුවපහසුකම් හා අතිමහත් ජයග්රහණය දෑසින් දකින කල්හි සෙසු අය ගැන කල්පනා කර බැලීමෙන් ඔවුන් කාර්යයබහුල වනු ඇත. ඔවුහු එහි සතුටින් ප්රීති වෙති.
Tafsiran larabci:
هُمْ وَاَزْوَاجُهُمْ فِیْ ظِلٰلٍ عَلَی الْاَرَآىِٕكِ مُتَّكِـُٔوْنَ ۟ۚ
සශ්රික ස්වර්ග උයනෙහි හෙවණට පහළින් කවිච්චි මත හාන්සි වී ඔවුන්ගේ බිරියන් සමග ඔවුහු පහස විදිමින් සිටිති.
Tafsiran larabci:
لَهُمْ فِیْهَا فَاكِهَةٌ وَّلَهُمْ مَّا یَدَّعُوْنَ ۟ۚ
එම ස්වර්ග උයනෙහි මිදි, අත්තික්කා, දෙළුම් වැනි විවිධ නැවුම් පළතුරු ඔවුනට ඇත. එමෙන්ම ඔවුන් පතන සියලු ආකාරයේ ආශාවන් හා විවිධ සැප පහසුකම් ඔවුනට ඇත. ඔවුන් ඒවා පතන විට ඔවුනට ඇති වන්නේය.
Tafsiran larabci:
سَلٰمٌ ۫— قَوْلًا مِّنْ رَّبٍّ رَّحِیْمٍ ۟
මෙම සැප පහසුකම් වලට වඩා ඉහළින් ඔවුනට සලාම් අත් වන්නේය. එය කරුණාන්විත පරමාධිපතියාණන්ගෙන් වූ ප්රකාශයක් වශයෙන් ඔවුනට හිමි වන්නකි. ඔහු ඔවුනට සලාම් පැවසූ විට ඔවුනට සියලුම ආකාරයේ සලාම් -ශාන්තිය- ඇති වන්නේය. තවද ඔවුනට වෙනත් කිසිදු ඉහළ පිළිගැනීමක් නැති පිළිගැනීමක් ඔවුනට හිමි වන්නේය.
Tafsiran larabci:
وَامْتَازُوا الْیَوْمَ اَیُّهَا الْمُجْرِمُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින්හට, ‘නුඹලා දේව විශ්වාසීන්ගෙන් වෙන් ව යනු. ඔවුන් නුඹලා සමග සිටීම ඔවුනට සුදුසු නොවන්නේය. ඊට හේතුව ඔවුන්ගේ ප්රතිඵල සමග නුඹලාගේ ප්රතිඵල ද ඔවුන්ගේ ගුණාංග සමග නුඹලාගේ ගුණාංග ද එකිනෙකට වෙනස් වන බැවිණි.
Tafsiran larabci:
اَلَمْ اَعْهَدْ اِلَیْكُمْ یٰبَنِیْۤ اٰدَمَ اَنْ لَّا تَعْبُدُوا الشَّیْطٰنَ ۚ— اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟ۙ
මාගේ දූතවරුන්ගේ දිවවල් වලින් නුඹලාට මම උපදෙස් නොදුන්නෙම් ද? නුඹලාට නියෝග නොකළෙම් ද? ‘ආදම්ගේ දරුවනි! නන් අයුරින් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත වෙමින් ෂෙයිතාන්ට නුඹලා අවනත නොවනු. සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සතුරුකම පැහැදිලි වූ සතුරෙකි. තම සතුරුකම හෙළිදක්වන තම සතුරාව, බුද්ධිමතෙක් විසින් අනුගමනය කළ හැක්කේ කෙසේ ද? යැයි මම නුඹලාට නොපැවසුවෙම් ද?
Tafsiran larabci:
وَّاَنِ اعْبُدُوْنِیْ ؔؕ— هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
අහෝ ආදම්ගේ දරුවනි! මට පමණක් නුඹලා නමදින මෙන් ද, කිසිවක් මට ආදේශ නොකරන මෙන් ද මම නුඹලාට නියෝග කළෙමි. මට පමණක් නැමදීමත් අවනත වීමත් මාගේ තෘප්තියට හා ස්වර්ගයට ප්රවේශවීමට සලසන ඍජු මාර්ගයයි. නමුත් මම නුඹලාට උපදෙස් දුන් දෑ හා මම නුඹලාට නියෝග කළ දෑ නුඹලා විසින් පිළිපදිනු නො ලැබුවෙහුය.
Tafsiran larabci:
وَلَقَدْ اَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِیْرًا ؕ— اَفَلَمْ تَكُوْنُوْا تَعْقِلُوْنَ ۟
සැබැවින්ම ෂෙයිතාන් නුඹලා අතරින් බොහෝමයක් මැවීම් නොමග හැරියේය. නුඹලාගේ පරමාධිපතිට අවනත වන මෙන් ද ඔහුට පමණක් නැමදුම් කරන මෙන් ද නුඹලාට නියෝග කරන බුද්ධියක් නුඹලාට නොවී ද? නුඹලාට සතුරුකම පැහැදිළි වූ සතුරා වන ෂෙයිතාන්ට අවනත වීමෙන් නුඹලා ප්රවේසම් විය යුතු නොවේ ද?
Tafsiran larabci:
هٰذِهٖ جَهَنَّمُ الَّتِیْ كُنْتُمْ تُوْعَدُوْنَ ۟
මෙය නුඹලා මෙලොවෙහි ප්රතික්ෂේප කරමින් සිටි දෑ සඳහා නුඹලාට ප්රතිඥා දෙනු ලබමින් තිබූ නිරයයි. එය නුඹලාට ගුප්ත ව පැවතිණ. අද දින නුඹලා එය දෑසින්ම දැක ගන්නෙහුය.
Tafsiran larabci:
اِصْلَوْهَا الْیَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
නුඹලාගේ මෙලොව ජීවිතයෙහි නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් අද දින නුඹලා එහි පිවිසෙනු. එහි උණුසුම විඳවනු.
Tafsiran larabci:
اَلْیَوْمَ نَخْتِمُ عَلٰۤی اَفْوَاهِهِمْ وَتُكَلِّمُنَاۤ اَیْدِیْهِمْ وَتَشْهَدُ اَرْجُلُهُمْ بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
අද දින ඔවුන්ගේ මුවවල් වලට අපි මුද්රා තබමු. ඔවුන් නියැලී සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දකිමින් ඔවුනට කතා කළ නොහැකි පරිදි ගොළුවන් බවට ඔවුන් පත් වනු ඇත. ඔවුන්ගේ අත් මෙලොව සිදු කළ දෑ සම්බන්ධයෙන් අප සමග කතා කරයි. එමෙන්ම පාපකම් සිදුකරමින් තිබූ ඒ වෙත ගමන් කරමින් තිබූ ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.
Tafsiran larabci:
وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلٰۤی اَعْیُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَاَنّٰی یُبْصِرُوْنَ ۟
ඔවුන්ගේ බැල්ම ඉවත් කරන්නට අපි අභිමත කරන්නේ නම් අපි එය ඉවත් කරන්නට තිබුණි. එවිට ඔවුනට බැලිය නොහැකි වන්නේය. එහෙයින් එයින් ඔවුන් පාඩම් ලබා ස්වර්ගය වෙත වූ මාර්ගය සොයා වෙහෙස දරනු ඇත. නමුත් ඔවුන් පාඩම් ලැබීමෙන් දුරස් විය. ඔවුන්ගේ බැල්ම පහව ගියේය.
Tafsiran larabci:
وَلَوْ نَشَآءُ لَمَسَخْنٰهُمْ عَلٰی مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوْا مُضِیًّا وَّلَا یَرْجِعُوْنَ ۟۠
ඔවුන්ගේ ස්වරූපය වෙනස් කිරීමට හා ඔවුන්ගේ පාද මත ම ඔවුන් වැතිර සිටින්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්වරූපය වෙනස් කොට ඔවුන්ගේ පාද මත ඔවුන් වැතිරෙන්නට අපි සලස්වමු. එවිට ඔවුන්ගේ ස්ථානය වෙත යෑමට ඔවුනට නොහැකි වනු ඇත. එමෙන්ම ඔවුන් ඉදිරියට යෑමට හෝ පසුපසට හැරී ඒමට හෝ අපොහොසත් වනු ඇත.
Tafsiran larabci:
وَمَنْ نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِی الْخَلْقِ ؕ— اَفَلَا یَعْقِلُوْنَ ۟
ජනයා අතරින් අපි කවරෙකුට ජීවිතයේ ආයු කාලය දීර්ග කළෙමු ද අපි ඔහු දුර්වල අදියරය වෙත යොමු කරන්නෙමු. එහෙයින් ඔවුන් ඔවුන්ගේ බුද්ධියෙන් සිතා බලා සැබැවින්ම මෙලොව නිවහන සදාතනික සදාකල් පවතින නිවහනක් නොවන බවත් සැබැවින්ම සදා පවතින නිවහන මතුලොව නිවහන බවත් දැනගත යුතු නොවේ ද?
Tafsiran larabci:
وَمَا عَلَّمْنٰهُ الشِّعْرَ وَمَا یَنْۢبَغِیْ لَهٗ ؕ— اِنْ هُوَ اِلَّا ذِكْرٌ وَّقُرْاٰنٌ مُّبِیْنٌ ۟ۙ
අපි මුහම්මද්ට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කාව්ය ශාස්ත්රය ඉගැන්වූයේ නැත. එය ඔහුගේ පුරුද්දක් නො වුනු බැවින් එය ඔහුට අවශ්ය ද නො වීය. සැබැවින්ම ඔහු කවියෙකු යැයි වාද කිරීමට නුඹලාට හැකි වන පරිදි එය පුහුණු කිරීමට ද ඔහුට අවශ්ය නොවීය. අපි ඔහුට ඉගැන්වූ දෑ සිතා බලන්නන්හට පැහැදිලි පාරායනයක් හා මෙනෙහි කිරීමක් මිස නැත.
Tafsiran larabci:
لِّیُنْذِرَ مَنْ كَانَ حَیًّا وَّیَحِقَّ الْقَوْلُ عَلَی الْكٰفِرِیْنَ ۟
තීක්ෂණ බුද්ධියක් සහිත හදවතින් ජීවත් වන අයට ඔහු අවවාද කරනු පිණිසය. ඔහු එමගින් ප්රයෝජනය ලබන අතර දේව ප්රතික්ෂේපකයින්හට දඬුවම නියම කරනු ඇත. ඔවුන් වෙත එය පහළ කිරීමෙන් හා ඔවුන් වෙත එහි ඇරයුම දන්වා සිටීමෙන් ඔවුනට සාධක ඉදිරිපත් කළ කල්හි ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කරන කිසිදු කරුණක් ඔවුනට ඉතිරි නොවීය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• في يوم القيامة يتجلى لأهل الإيمان من رحمة ربهم ما لا يخطر على بالهم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී ජනයාහට ඔවුන්ගේ පරමාධිපතිගේ කරුණාවෙන් ඔවුනට සිතා ගත නොහැකි දෑ ඔවුනට හෙළිවනු ඇත.

• أهل الجنة مسرورون بكل ما تهواه النفوس وتلذه العيون ويتمناه المتمنون.
•ස්වර්ග වාසීහු තම සිත් ආශා කරන සියලු දෑ පිළිබඳ සතුටු වෙති. දෑස් පිනවති. ප්රීතිවන්නෝ එය භුක්ති විදිති.

• ذو القلب هو الذي يزكو بالقرآن، ويزداد من العلم منه والعمل.
•හදවත් ඇත්තන් වනාහි, ඔහු අල් කුර්ආනය තුළින් පිරිසිදු වෙති. එමගින් දැනුම ලබා ක්රියාව වර්ධනය කර ගනිති.

• أعضاء الإنسان تشهد عليه يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසාගේ ශරීර අවයව ඔහුට එරෙහිව සාක්ෂි දරනු ඇත.

 
Fassarar Ma'anoni Sura: Yaseen
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa