Check out the new design

Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Loowdi firooji ɗi


Firo maanaaji Simoore.: Simoorw Taahaa   Aaya.:

තාහා

Hino jeyaa e paandale simoore nden:
السعادة باتباع هدى القرآن وحمل رسالته، والشقاء بمخالفته.
අල් කුර්ආනයේ මග පෙන්වීම් පිළිපැදීමෙන් හා දූත මෙහෙය ඉසිලීමෙන් අත්වන භාග්යය හා එයට විරුද්ධව කටයුතු කිරීමෙන් අත්වන දුර් භාග්යය.

طٰهٰ ۟
(තා, හා) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
مَاۤ اَنْزَلْنَا عَلَیْكَ الْقُرْاٰنَ لِتَشْقٰۤی ۟ۙ
අහෝ දූතය! නුඹේ සමූහයා නුඹ ව විශ්වාස කිරීමෙන් ඉවත් වීම ගැන නුඹ දුකට පත් වීමෙහි හේතු සාධකයක් වනු පිණිස අපි අල් කුර්ආනය නුඹ වෙත පහළ නොකළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
اِلَّا تَذْكِرَةً لِّمَنْ یَّخْشٰی ۟ۙ
අල්ලාහ්ට බියබැතිමත් වීම සඳහා ඔහු ඔවුනට ආශිර්වාද කළ අයට මෙනෙහි කිරීමක් වනු පිණිස මිස අපි එය පහළ නොකළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
تَنْزِیْلًا مِّمَّنْ خَلَقَ الْاَرْضَ وَالسَّمٰوٰتِ الْعُلٰی ۟ؕ
මහපොළොව මැවූ, උසට අහස් මැවූ අල්ලාහ් මෙය පහළ කළේය. සැබැවින්ම එය උසස් තැනකින් පහළ කරනු ලැබූවක් බැවින් එය අතිමහත් පාරායනයකි.
Tafsiraaɗe Aarabu ɗen:
اَلرَّحْمٰنُ عَلَی الْعَرْشِ اسْتَوٰی ۟
මහා කරුණාන්විතයාණන් අර්ෂය මත උත්තරීතර ඔහුගේ කීර්තියට සුදුසු පරිදි ස්ථාපිත විය.
Tafsiraaɗe Aarabu ɗen:
لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَمَا بَیْنَهُمَا وَمَا تَحْتَ الثَّرٰی ۟
අහස්හි ඇති දෑද මහපොළොවේ ඇති දෑද පස යට ඇති මැවීම් ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ශුද්ධවන්තයාණන්ට පමණක් සතුය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاِنْ تَجْهَرْ بِالْقَوْلِ فَاِنَّهٗ یَعْلَمُ السِّرَّ وَاَخْفٰی ۟
අහෝ දූතය! නුඹ ප්රකාශය හෙළි කළ ද, එසේ නැතහොත් එය සැඟවු ද සැබැවින්ම අල්ලාහ් ඒ සියල්ල දනීය. රහසිගත දෑද සිත් තුළ ඇතිවන වැරදි වැනි රහසින් සඟවන දෑද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— لَهُ الْاَسْمَآءُ الْحُسْنٰی ۟
සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. අලංකාරයේ පූර්ණ පරිනත නාමයන් ඔහුට පමණක් සතුය.
Tafsiraaɗe Aarabu ɗen:
وَهَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ
අහෝ දූතය! ඉම්රාන්ගේ පුත් මූසා (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුව සැබැවින්ම නුඹ වෙත පැමිණ ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
اِذْ رَاٰ نَارًا فَقَالَ لِاَهْلِهِ امْكُثُوْۤا اِنِّیْۤ اٰنَسْتُ نَارًا لَّعَلِّیْۤ اٰتِیْكُمْ مِّنْهَا بِقَبَسٍ اَوْ اَجِدُ عَلَی النَّارِ هُدًی ۟
ඔහුගේ ගමනෙහි ඔහු ගින්නක් දුටු විට, තම පවුලට, "නුඹලා මෙම ස්ථානයේම රැඳී සිටිනු. මම ගින්නක් දුටිමි. එම ගින්නෙන් ගිනි මැලයක් රැගෙන ආ හැක. එසේ නැතහොත් මාර්ගය වෙත මග පෙන්වන කිසිවකු හෝ ලැබිය හැක" යැයි (මූසා) පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَلَمَّاۤ اَتٰىهَا نُوْدِیَ یٰمُوْسٰی ۟ؕ
ඔහු එම ගින්න වෙත පැමිණි කල්හි ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ් ඔහුගේම ප්රකාශයෙන්: ‘අහෝ මූසා!’ යැයි ඔහුව ඇමතුවේය.
Tafsiraaɗe Aarabu ɗen:
اِنِّیْۤ اَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَیْكَ ۚ— اِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ؕ
"සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙමි. මා මුණ ගැසීම සඳහා සූදානමක් ලෙසින් නුඹේ පාවහන් යුවල ගලවා දමනු. සැබැවින්ම නුඹ සිටිනුයේ ශුද්ධත්වයට පත් කරනු ලැබූ භූමියකය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• ليس إنزال القرآن العظيم لإتعاب النفس في العبادة، وإذاقتها المشقة الفادحة، وإنما هو كتاب تذكرة ينتفع به الذين يخشون ربهم.
•නැමදුමෙහි ආත්මය වෙහෙස කරවීමට හෝ අතිශය දුෂ්කරතා විඳීමට හෝ මෙම මහඟු අල්කුර්ආනය පහළ කර නැත. සැබැවින්ම එය ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නන්, එමගින් ප්රයෝජනය ලබන උපදෙස් පොතකි.

• قَرَن الله بين الخلق والأمر، فكما أن الخلق لا يخرج عن الحكمة؛ فكذلك لا يأمر ولا ينهى إلا بما هو عدل وحكمة.
•මැවීම හා නියෝගය අතර අල්ලාහ් සම්බන්ධතාවක් ඇති කළේය. සැබැවින්ම මැවීම ප්රඥාවෙන් බැහැර නොවනා සේම යම් ප්රඥාවක හෝ යුක්තියක පදමනකින් මිස කිසිවක් නියෝග කර හෝ තහනම් කර හෝ නැත.

• على الزوج واجب الإنفاق على الأهل (المرأة) من غذاء وكساء ومسكن ووسائل تدفئة وقت البرد.
•ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නවාතැන් පහසුකම් හා සීතල අවස්ථාවක් ආරක්ෂාව සලසා ගත හැකි මාධ්යයන් වැනි දෑ පවුල වෙනුවෙන් වියදම් කිරීම ස්වාමි පුරුෂයා සතු වගකීමකි.

وَاَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا یُوْحٰی ۟
"අහෝ මූසා! මාගේ දූත පණිවිඩය වෙත ඇරයුම් කිරීම සඳහා සැබැවින්ම මම නුඹව තෝරා ඇත්තෙමි. එහෙයින් මා නුඹ වෙත දන්වා සිටින පණිවිඩයට සාවධානයෙන් සවන් දෙනු."
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّنِیْۤ اَنَا اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنَا فَاعْبُدْنِیْ ۙ— وَاَقِمِ الصَّلٰوةَ لِذِكْرِیْ ۟
"සැබැවින්ම මම අල්ලාහ් වෙමි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට මා හැර වෙනත් කිසිවකු නැත. එහෙයින් නුඹ මට පමණක් නැමදුම් කරනු. එහි මා මෙනෙහි කරනු පිණිස පූර්ණ අයුරින් නුඹ සලාතය ඉටු කරනු.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّ السَّاعَةَ اٰتِیَةٌ اَكَادُ اُخْفِیْهَا لِتُجْزٰی كُلُّ نَفْسٍ بِمَا تَسْعٰی ۟
"සැබැවින්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නකි. එමෙන්ම සිදු වන්නකි. මම එය සඟවා ඇත්තෙමි. කිසිදු මැවීමක් එහි නියමිත වේලාව නොදනීය. නමුත් ඔවුන් වෙත පැමිණි නබිවරුන්ගේ තොරතුරුවලින් ඔවුහු එහි සළකුණු හඳුනා ගනිති. එය සෑම ආත්මයක්ම සිදු කළ යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සඳහා ප්රතිඵල පිරිනමනු පිණිසය."
Tafsiraaɗe Aarabu ɗen:
فَلَا یَصُدَّنَّكَ عَنْهَا مَنْ لَّا یُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوٰىهُ فَتَرْدٰی ۟
ඒ ගැන විශ්වාස නොකරන, තහනම් කරන ලද දෑ, තම ආත්ම ආශාවන්ට අනුව අනුගමනය කරන දේව ප්රතික්ෂේපකයින් නුඹ ව එය සැබෑවක් බව පිළිගැනීමෙන් හා දැහැමි ක්රියාවන් සිදු කොට ඒ වෙනුවෙන් සූදානම් වීමෙන් වෙනතකට නොහැරවිය යුතුය. ඒ හේතුවෙන් නුඹ විනාශ වී යනු ඇත."
Tafsiraaɗe Aarabu ɗen:
وَمَا تِلْكَ بِیَمِیْنِكَ یٰمُوْسٰی ۟
"අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇත්තේ කුමක් ද?"
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ هِیَ عَصَایَ ۚ— اَتَوَكَّؤُا عَلَیْهَا وَاَهُشُّ بِهَا عَلٰی غَنَمِیْ وَلِیَ فِیْهَا مَاٰرِبُ اُخْرٰی ۟
මූසා (අලයිහිස් සලාම්) තුමා: ‘එය මාගේ සැරයටියයි. ගමනේදී මම ඒ මත රැඳෙමි. මාගේ එළුවන් වෙනුවෙන් ගසේ කොළ කඩා ගැනීම සඳහා එමගින් ගස සොලවමි. මේ මා සඳහන් නොකළ වෙනත් ප්රයෝජනද එහි මට ඇත." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ اَلْقِهَا یٰمُوْسٰی ۟
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි අල්ලාහ් පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَلْقٰىهَا فَاِذَا هِیَ حَیَّةٌ تَسْعٰی ۟
එවිට මූසා එය බිම හෙළීය. එවිට එය වේගයෙන් හා සැහැල්ලුවෙන් දිව යන සර්පයකු බවට වෙනස් විය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۫— سَنُعِیْدُهَا سِیْرَتَهَا الْاُوْلٰی ۟
"එම සැරයටිය අල්ලනු. එය සර්පයකු බවට වෙනස් වීම ගැන නුඹ බිය නොවනු. ඔබ එය ගන්නා විට මුල් වතාවේ තිබුණාක් මෙන් එය නැවත යථා තත්ත්වයට පත් කරමු" යැයි අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාට පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاضْمُمْ یَدَكَ اِلٰی جَنَاحِكَ تَخْرُجْ بَیْضَآءَ مِنْ غَیْرِ سُوْٓءٍ اٰیَةً اُخْرٰی ۟ۙ
"ඔබේ අත ඔබේ ඉල පැත්තට ළං කර ගනු. එවිට කිසිදු සමේ රෝගයකින් තොරව සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත. එය නුඹ වෙනුවෙන් වූ දෙවන සළකුණයි."
Tafsiraaɗe Aarabu ɗen:
لِنُرِیَكَ مِنْ اٰیٰتِنَا الْكُبْرٰی ۟ۚ
‘අහෝ මූසා! අප නුඹට මෙම සලකුණු දෙක පෙන්වූයේ අපගේ ශක්තිය පෙන්වා දෙන සැබැවින්ම නුඹ අල්ලාහ් වෙතින් වූ දූතයකු බව පෙන්වා දෙන අපගේ මහා ප්රාතිහාර්යයන් නුඹට පෙන්වීම සඳහාය.’
Tafsiraaɗe Aarabu ɗen:
اِذْهَبْ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟۠
"අහෝ මූසා! නුඹ ෆිර්අවුන් වෙත ගමන් කරනු. සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ට එරෙහිව කැරැලි ගැසීමෙහි සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි."
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ رَبِّ اشْرَحْ لِیْ صَدْرِیْ ۟ۙ
"මාගේ පරමාධිපතියාණනි! හිංසාවන් දරා ගැනීම සඳහා මාගේ හදවත මා වෙනුවෙන් නුඹ විශාල කරනු මැනව" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَیَسِّرْ لِیْۤ اَمْرِیْ ۟ۙ
"තවද මාගේ කටයුත්ත මට පහසු කරනු මැනව!"
Tafsiraaɗe Aarabu ɗen:
وَاحْلُلْ عُقْدَةً مِّنْ لِّسَانِیْ ۟ۙ
"පැහැදිළි කතාවකින් කතා කරන්නට මා ශක්තිමත් කරනු මැනව!"
Tafsiraaɗe Aarabu ɗen:
یَفْقَهُوْا قَوْلِیْ ۪۟
නුඹේ දූත පණිවිඩය මා ඔවුනට දන්වා සිටින විට මාගේ කතාව ඔවුන් වටහා ගනු පිණිස.
Tafsiraaɗe Aarabu ɗen:
وَاجْعَلْ لِّیْ وَزِیْرًا مِّنْ اَهْلِیْ ۟ۙ
මාගේ කටයුතුවලදී මට සහය දෙන උදව්කරුවකු මාගේ පවුලෙන් මා වෙත නියම කර දෙනු මැනව!
Tafsiraaɗe Aarabu ɗen:
هٰرُوْنَ اَخِی ۟ۙ
"මාගේ සහෝදර ඉම්රාන්ගේ පුත් හාරූන්ව"
Tafsiraaɗe Aarabu ɗen:
اشْدُدْ بِهٖۤ اَزْرِیْ ۟ۙ
"ඔහු මගින් මාගේ පසුපෙළ ශක්තිමත් කරනු මැනව!"
Tafsiraaɗe Aarabu ɗen:
وَاَشْرِكْهُ فِیْۤ اَمْرِیْ ۟ۙ
"දූත මෙහෙවරයෙහි මාගේ හවුල්කරු වශයෙන් ඔහුව පත් කරනු මැනව!"
Tafsiraaɗe Aarabu ɗen:
كَیْ نُسَبِّحَكَ كَثِیْرًا ۟ۙ
"අධික වශයෙන් තස්බීහ් කර නුඹව පිවිතුරු කිරීම සඳහා."
Tafsiraaɗe Aarabu ɗen:
وَّنَذْكُرَكَ كَثِیْرًا ۟ؕ
"තවද අපි ඔබව අධික ලෙස මෙනෙහි කිරීම සඳහා."
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّكَ كُنْتَ بِنَا بَصِیْرًا ۟
"සැබැවින්ම ඔබ අප දෙස නිරීක්ෂා කරන්නෙකු ලෙස සිටියෙහිය. අපගේ කටයුතු කිසිවක් ඔබට සැඟවෙන්නේ නැත."
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ قَدْ اُوْتِیْتَ سُؤْلَكَ یٰمُوْسٰی ۟
"අහෝ මූසා! නුඹ පතන දෑ සැබැවින්ම මම නුඹට පිරිනැමුවෙමි" යැයි අල්ලාහ් පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَلَقَدْ مَنَنَّا عَلَیْكَ مَرَّةً اُخْرٰۤی ۟ۙ
සැබැවින්ම තවත් වරක් අපි නුඹට සහය දුන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• وجوب حسن الاستماع في الأمور المهمة، وأهمها الوحي المنزل من عند الله.
•වැදගත් කටයුතුවලදී සාවධානයෙන් සවන්දීමේ අනිවාර්යභාවය. ඒ අතරින් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ දේව පණිවිඩ වැදගත්කමක් ගනී.

• اشتمل أول الوحي إلى موسى على أصلين في العقيدة وهما: الإقرار بتوحيد الله، والإيمان بالساعة (القيامة)، وعلى أهم فريضة بعد الإيمان وهي الصلاة.
•මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත එවන ලද දේව පණිවිඩය ආරම්භයේ ප්රතිපත්තියේ මූලිකාංග දෙකක් අන්තර්ගත වී ඇත. එනම්, අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගැනීම හා අවසන් හෝරාව ගැන විශ්වාසයයි. එම විශ්වාසයෙන් පසු අනිවාර්යය වන වැදගත්ම කරුණ වනුයේ සලාතයයි.

• التعاون بين الدعاة ضروري لإنجاح المقصود؛ فقد جعل الله لموسى أخاه هارون نبيَّا ليعاونه في أداء الرسالة.
•අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ප්රචාරකයින් අතර අන්යෝන්ය සහය අත්යවශ්ය වන්නේය. දේව මෙහෙවර ඉටු කිරීමේ දී මූසාට සහය දෙනු පිණිස ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයකු ලෙස අල්ලාහ් පත් කර තිබුණි.

• أهمية امتلاك الداعية لمهارة الإفهام للمدعوِّين.
•ඇරයුම් කරනු ලබන්නන්හට පහදා දීමේ කුසලතාවන් ප්රචාරකයෙකු සතුව තිබීමේ වැදගත්කම.

اِذْ اَوْحَیْنَاۤ اِلٰۤی اُمِّكَ مَا یُوْحٰۤی ۟ۙ
ෆිර්අවුන්ගේ කුමන්ත්රණයෙන් අල්ලාහ් ඔබව ආරක්ෂා කිරීම සඳහා ඔබේ මවට දන්වා සිටිය යුතු දෑ අපි ඇයට දන්වා සිටි විට,
Tafsiraaɗe Aarabu ɗen:
اَنِ اقْذِفِیْهِ فِی التَّابُوْتِ فَاقْذِفِیْهِ فِی الْیَمِّ فَلْیُلْقِهِ الْیَمُّ بِالسَّاحِلِ یَاْخُذْهُ عَدُوٌّ لِّیْ وَعَدُوٌّ لَّهٗ ؕ— وَاَلْقَیْتُ عَلَیْكَ مَحَبَّةً مِّنِّیْ ۚ۬— وَلِتُصْنَعَ عَلٰی عَیْنِیْ ۟ۘ
ඇයට අප දේව පණිවිඩ දන්වා සිටි අවස්ථාවේ, ඔහුගේ උපතින් පසු ව ඔහුව පෙට්ටියක දමන මෙන් ද පෙට්ටිය සමුද්රයේ හෙළන මෙන් ද ඇයට අපි නියෝග කළෙමු. එවිට අපගෙන් වූ නියෝගය පරිදි සමුද්රය වෙරළ තීරයකට ඔහු ගෙනැවින් දැමීය. මාගේ මෙන්ම ඔහුගේ සතුරා එය ගත්තේය. ඔහු ෆිර්අවුන්ය. මගෙන් වූ දයාලුබව මම ඔබ වෙත තැබුවෙමි. ජනයා ද ඔබට ප්රිය කරන්නට ගත්තේය. මාගේ දෑස් ඉදිරියේ මෙන්ම මාගේ ආරක්ෂාව හා අධීක්ෂණය යටතේ ඔබ හැදී වැඩුණෙහිය.
Tafsiraaɗe Aarabu ɗen:
اِذْ تَمْشِیْۤ اُخْتُكَ فَتَقُوْلُ هَلْ اَدُلُّكُمْ عَلٰی مَنْ یَّكْفُلُهٗ ؕ— فَرَجَعْنٰكَ اِلٰۤی اُمِّكَ كَیْ تَقَرَّ عَیْنُهَا وَلَا تَحْزَنَ ؕ۬— وَقَتَلْتَ نَفْسًا فَنَجَّیْنٰكَ مِنَ الْغَمِّ وَفَتَنّٰكَ فُتُوْنًا ۫۬— فَلَبِثْتَ سِنِیْنَ فِیْۤ اَهْلِ مَدْیَنَ ۙ۬— ثُمَّ جِئْتَ عَلٰی قَدَرٍ یّٰمُوْسٰی ۟
එවිට ඔබේ සහෝදරිය ද පිටත් වූවාය. පෙට්ටිය ගමන් කරන සෑම විටෙකම එය පසුපස හඹා ඇය ගමන් ගත්තාය. එය ගත් අයට ඇය, "ඔහුව ආරක්ෂා කරන; ඔහුට කිරි දෙන; ඔහුව හදා වඩාගන්නා කෙනෙකු මා ඔබට පෙන්වා දෙන්නදැ?යි විමසා සිටියාය. පසුව ඔබේ මව ඔබේ පැමිණීමෙන් සතුටට පත්වනු පිණිස ඔබව නැවතත් ඇය වෙත භාර දී ඔබට අපි ආශිර්වාද කළෙමු. තවද ඔබ ගැන ඔබ දුක් නොවනු. ඔබ පහර දුන් අල් කිබ්තී ව ඔබ මරා දැමුවෙහිය. දඬුවමින් ඔබව මුදවාගෙන ඔබ වෙත අපි ආශිර්වාද කළෙමු. ඔබට ඇති වූ සෑම පරීක්ෂණයකින්ම පියවරෙන් පියවර අපි ඔබ මුදවා ගත්තෙමු. පසුව ඔබ එයින් පිටව ගොස් වසර ගණනාවක් මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසුව අහෝ මූසා ඔබ සමග කතා කිරීම සඳහා ඔබට නියම කළ කාලයෙහි නුඹ නැවත පැමිණියෙහිය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاصْطَنَعْتُكَ لِنَفْسِیْ ۟ۚ
මාගේ දූත මෙහවර උසුලන දූතයකු ලෙසින් ඔබ වෙත කවර පණිවිඩයක් එවනු ලැබුවේ එය ජනයාට දන්වනු පිණිස මම නුඹ ව තෝරා ගත්තෙමි.
Tafsiraaɗe Aarabu ɗen:
اِذْهَبْ اَنْتَ وَاَخُوْكَ بِاٰیٰتِیْ وَلَا تَنِیَا فِیْ ذِكْرِیْ ۟ۚ
අහෝ මූසා! ඔබ හා ඔබේ සහෝදර හාරූන් අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක සමග පිටත්ව යනු. මා වෙත ඇරයුම් කිරීමෙන් හා මා ගැන මෙනෙහි කිරීමෙන් නුඹලා දෙදෙනා උදාසීන නොවනු.
Tafsiraaɗe Aarabu ɗen:
اِذْهَبَاۤ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟ۚۖ
නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගමන් කරනු. සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ට එරෙහිව කැරැලි ගැසීමෙහි සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි.
Tafsiraaɗe Aarabu ɗen:
فَقُوْلَا لَهٗ قَوْلًا لَّیِّنًا لَّعَلَّهٗ یَتَذَكَّرُ اَوْ یَخْشٰی ۟
ප්රචණ්ඩකාරිත්වයෙන් තොර ව මෘදු වදනින් ඔහු උපදෙස් ලබා අල්ලාහ්ට බියවී පව්සමාව ඇයැදිනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් නුඹලා දෙදෙනා ඔහුට කතා කරනු.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَا رَبَّنَاۤ اِنَّنَا نَخَافُ اَنْ یَّفْرُطَ عَلَیْنَاۤ اَوْ اَنْ یَّطْغٰی ۟
මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්), "සැබැවින්ම ඔහුට ඇරයුම් කිරීමට පෙර ඔහු දඬුවම් කිරීම ඉක්මන් කරනු ඇතැයි හෝ මරා දැමීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් අපට අපරාධ කිරීමෙහි ඔහු ඉක්මවා කටයුතු කරනු ඇතැයි සැබැවින්ම අපි බියවෙමු" යැයි පවසා සිටියෝය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ لَا تَخَافَاۤ اِنَّنِیْ مَعَكُمَاۤ اَسْمَعُ وَاَرٰی ۟
අල්ලාහ් ඔවුන් දෙදෙනාට, "නුඹලා දෙදෙනා බිය නොවනු. සහයට හා ශක්තිමත් කිරීමට සැබැවින්ම මම නුඹලා සමග සිටිමි. නුඹලා දෙදෙනා අතර හා ඔහු අතර කතා කෙරෙන දෑට මම සවන් දෙමි. බලා සිටිමි." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاْتِیٰهُ فَقُوْلَاۤ اِنَّا رَسُوْلَا رَبِّكَ فَاَرْسِلْ مَعَنَا بَنِیْۤ اِسْرَآءِیْلَ ۙ۬— وَلَا تُعَذِّبْهُمْ ؕ— قَدْ جِئْنٰكَ بِاٰیَةٍ مِّنْ رَّبِّكَ ؕ— وَالسَّلٰمُ عَلٰی مَنِ اتَّبَعَ الْهُدٰی ۟
එවිට ඔවුන් දෙදෙනා ඔහු වෙත පැමිණ, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම අපි ඔබේ පරමාධිපතිගේ දූතවරුන් දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් යවනු. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා, ඔවුන්ගේ ගැහැණු දරුවන්ට ජීවිත දානය දී නුඹ ඔවුන්ට දඬුවම් නොකරනු. අපගේ සත්යභාවය තහවුරු කරනු වස් නුඹේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක සමග පැමිණ ඇත්තෙමු. අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ මග අනුගමනය කළවුන්ට අල්ලාහ්ගේ දඬුවමින් වූ ආරක්ෂාවක් ඇත" යැයි පැවසූහ.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّا قَدْ اُوْحِیَ اِلَیْنَاۤ اَنَّ الْعَذَابَ عَلٰی مَنْ كَذَّبَ وَتَوَلّٰی ۟
අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් බොරු කොට, දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එයට පිටපෑවුන්ට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැයි අප වෙත අල්ලාහ් දේව පණිවිඩ එවා ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ فَمَنْ رَّبُّكُمَا یٰمُوْسٰی ۟
ඔවුන් දෙදෙනා ගෙන ආ දෑ හෙළා දකිමින් ෆිර්අවුන්, "අහෝ මූසා! මා වෙත නුඹලා දෙදෙනාව එවූ බව සිතන නුඹලා දෙදෙනාගේ පරමාධිපති කව්රුන්දැ?" යි විමසා සිටියේය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ رَبُّنَا الَّذِیْۤ اَعْطٰی كُلَّ شَیْءٍ خَلْقَهٗ ثُمَّ هَدٰی ۟
මූසා, "අපගේ පරමාධිපති වනාහි සියලු දෑට, එයට ගැළපෙන ස්වරූපයක් හා හැඩරුවක් පිරිනමා පසුව කවර කරුණක් සඳහා එය මවා ඇත්තේ ද ඒ වෙත එම මැවීම්වලට මග පෙන්වීය." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ فَمَا بَالُ الْقُرُوْنِ الْاُوْلٰی ۟
"එසේ නම්, දේව ප්රතික්ෂේපයේ සිටි පෙර සමූහයන්ගේ විෂය කුමක් දැ?"යි ෆිර්අවුන්ගෙන් විමසීය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• كمال اعتناء الله بكليمه موسى عليه السلام والأنبياء والرسل، ولورثتهم نصيب من هذا الاعتناء على حسب أحوالهم مع الله.
•මූසා (අලයිහිස් සලාම්) තුමා සමගත්, නබිවරුන් හා රසූල්වරුන් සමගත් කතා කිරීම තුළින් අල්ලාහ්ගේ පූර්ණ සැලකිලිමත්භාවය. එමෙන්ම ඔවුන්ගේ උරුමක්කරුවන් හටද අල්ලාහ් සමග බැඳුණු ඔවුන්ගේ තත්ත්වයන්ට අනුව මෙම සැලකිලිමත්කමේ කොටසක් හිමි වේ.

• من الهداية العامة للمخلوقات أن تجد كل مخلوق يسعى لما خلق له من المنافع، وفي دفع المضار عن نفسه.
•මැවීම් සඳහා වූ පොදු ක්රියාවලිය වනුයේ, ඒ සෑම මැවීමක් සඳහාම අවශ්ය ප්රයෝජන ඔවුන් විසින්ම සොයා ගැනීම හා ඇති වන උවදුරු ඔවුන් විසින්ම වළක්වා ගැනීමය.

• بيان فضيلة الأمر بالمعروف والنهي عن المنكر، وأن ذلك يكون باللين من القول لمن معه القوة، وضُمِنَت له العصمة.
•යහපත විධානය කිරීමේ හා අයහපතින් වළැක්වීමේ මහිමය පැහැදිලි කිරීම. සැබැවින්ම එය සිදු විය යුත්තේ ඒ සඳහා බලය ඇති ආරක්ෂාව තහවුරු වූ අයකු සඳහා මෘදු වචන භාවිතයෙනි.

• الله هو المختص بعلم الغيب في الماضي والحاضر والمستقبل.
•අල්ලාහ් වනාහි, අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේ සියලු ගුප්තයන් පිළිබඳ විශේෂ ඥානය ඇත්තාය.

قَالَ عِلْمُهَا عِنْدَ رَبِّیْ فِیْ كِتٰبٍ ۚ— لَا یَضِلُّ رَبِّیْ وَلَا یَنْسَی ۟ؗ
මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන්ට, "මෙම සමූහයා කවර දැනුමක් මත සිටින්නේ ද එය මාගේ පරමාධිපති වෙතින් වූවකි. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයේ ස්ථීරව තිබිණ. ඒ ගැන දැනුම මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. එමෙන්ම ඒ ගැන දන්නා දෑ ඔහුට අමතක වන්නේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ مَهْدًا وَّسَلَكَ لَكُمْ فِیْهَا سُبُلًا وَّاَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً ؕ— فَاَخْرَجْنَا بِهٖۤ اَزْوَاجًا مِّنْ نَّبَاتٍ شَتّٰی ۟
එය නුඹලා ජීවත්වීම සඳහා තොටිල්ලක් බවට මහපොළොව පත් කළ මාගේ පරමාධිපති වෙතිනි. ඒ මත ගමන් කිරීම සඳහා නුඹලා වෙනුවෙන් එහි සුදුසු මාර්ග ඔහු ඇති කළේය. වැසි ජලය අහසින් පහළ කොට එම ජලය මගින් විවිධාකාර පැලෑටි වර්ග අපි මතු කළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
كُلُوْا وَارْعَوْا اَنْعَامَكُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّاُولِی النُّهٰی ۟۠
අහෝ ජනයිනි! අපි නුඹලාට මතු කළ යහපත් දැයින් නුඹලා අනුභව කරනු. නුඹලාගේ ගොවිපළ සතුන්ට ද බුදින්නට දෙනු. සැබැවින්ම සඳහන් කරන ලද ආශිර්වාදයන්හි අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන සාධක ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
مِنْهَا خَلَقْنٰكُمْ وَفِیْهَا نُعِیْدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً اُخْرٰی ۟
මහපොළොවේ පසින් අපි නුඹලාගේ පියා ආදම් (අලයිහිස් සලාම්) තුමා ව මැව්වෙමු. නුඹලා මිය ගිය විට වළ දැමීම තුළින් නුඹලාව අපි ඒ වෙතම යොමු කරන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තවත් වතාවක් අපි නුඹලාව එයින් මතු කරන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَلَقَدْ اَرَیْنٰهُ اٰیٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَاَبٰی ۟
සැබැවින්ම අපි අපගේ සංඥාවන් නවයම ෆිර්අවුන්හට මතුකර පෙන්වූයෙමු. නමුත් ඔහු ඒවා දැක ඒවා බොරු යැයි පැවසීය. අල්ලාහ්ව විශ්වාස කිරීම සඳහා ප්රතිචාර දැක්වීමෙන් වැළකුණේය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ اَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ اَرْضِنَا بِسِحْرِكَ یٰمُوْسٰی ۟
අහෝ මූසා "නුඹ කවර මායාවක් ගෙන ආවේ ද, එමගින් නුඹ අප ව මිසර දේශයෙන් පිටුවහල් කොට එහි බලය නුඹට පිහිටුවා ගන්නට නුඹ අප වෙත පැමිණියෙහි ද?" යැයි ෆිර්අවුන් විමසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَلَنَاْتِیَنَّكَ بِسِحْرٍ مِّثْلِهٖ فَاجْعَلْ بَیْنَنَا وَبَیْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهٗ نَحْنُ وَلَاۤ اَنْتَ مَكَانًا سُوًی ۟
"අහෝ මූසා! ඔබේ හූනියම මෙන් හූනියමක් සැබැවින්ම අප ද නුඹ වෙත ගෙන එන්නෙමි. සැබැවින්ම අප අතර හා නුඹ අතර නියමිත ස්ථානයක නියමිත කාලයක ප්රතිඥාවක් අති කරනු. අපි කඩ නොකරන්නෙමු. ඔබ ද එය කඩ නොකළ යුතුය. කණ්ඩායම් දෙක අතර මධ්යස්ත ලෙසින් මැද ස්ථානයක් විය යුතුය."
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ مَوْعِدُكُمْ یَوْمُ الزِّیْنَةِ وَاَنْ یُّحْشَرَ النَّاسُ ضُحًی ۟
මූසා අලයිහිස් සලාම් තුමා ෆිර්අවුන්ට, "අප අතර හා නුඹලා අතර ප්රතිඥත දිනය වනුයේ ජනයා අලුයම් කාලයේ ඔවුන්ගේ උත්සවය සමරමින් එක් රැස්වන උත්සව දිනය" යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَتَوَلّٰی فِرْعَوْنُ فَجَمَعَ كَیْدَهٗ ثُمَّ اَتٰی ۟
පසු ව ෆිර්අවුන් හැරී ගොස් ඔහුගේ කූට සැලැස්ම හා කුමන්ත්රණය එක්රැස් කළේය. පසුව පරාජය කිරීම සඳහා නියමිත ස්ථානයට හා නියමිත වේලාවට ඔහු පැමිණියේය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ لَهُمْ مُّوْسٰی وَیْلَكُمْ لَا تَفْتَرُوْا عَلَی اللّٰهِ كَذِبًا فَیُسْحِتَكُمْ بِعَذَابٍ ۚ— وَقَدْ خَابَ مَنِ افْتَرٰی ۟
මූසා තුමා ෆිර්අවුන්ගේ හූනියම් කරුවන්ට උපදෙස් දෙමින්, "නුඹලා ප්රවේසම් වනු. හූනියම මගින් නුඹලා කවර වංචාවක් මිනිසුනට සිදු කරන්නේ ද, එමගින් අල්ලාහ්ට බොරු ගොතා නොපවසනු. එවිට ඔහු වෙතින් දඬුවමක් නුඹලා වෙත සේන්දු වනු ඇත. අල්ලාහ් මත බොරු ගෙතූවන්හට විනාශය අත් විය." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَتَنَازَعُوْۤا اَمْرَهُمْ بَیْنَهُمْ وَاَسَرُّوا النَّجْوٰی ۟
මූසා (අලයිහිස් සලාම්) තුමාගේ කතාවට එම හූනියම් කරුවෝ සවන් දුන් කල්හි ඔවුන් එකිනෙකා දෙස බලමින් ඔවුන් අතර රහසින් කතා කරන්නට විය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالُوْۤا اِنْ هٰذٰنِ لَسٰحِرٰنِ یُرِیْدٰنِ اَنْ یُّخْرِجٰكُمْ مِّنْ اَرْضِكُمْ بِسِحْرِهِمَا وَیَذْهَبَا بِطَرِیْقَتِكُمُ الْمُثْلٰی ۟
ඇතැම් හූනියම්කරුවන් ඇතැමුන් දෙස බලා රහසිගතව: "සැබැවින්ම මූසා හා හාරූන් හූනියම් කරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කවර හූනියමක් ගෙන ආවේ ද එමගින් ඔවුන් දෙදෙනා මිසර දේශයෙන් නුඹලා ව පිටුවල් කරන්නටත් මෙම ජීවිතයේ නුඹලාගේ උසස් පිළිවෙත හා මාර්ගයෙන් නුඹලාව ඉවත් කරන්නටත් අපේක්ෂා කරති.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَجْمِعُوْا كَیْدَكُمْ ثُمَّ ائْتُوْا صَفًّا ۚ— وَقَدْ اَفْلَحَ الْیَوْمَ مَنِ اسْتَعْلٰی ۟
නුඹලාගේ කටයුතු නුඹලා තීන්දු කරනු. නුඹලා එහි මතභේද ඇති කර නොගනු. පසුව නුඹලා පෙළ ගැසී ඉදිරියට පැමිණෙනු. නුඹල අබියස ඇති දෑ එකවර විසි කරනු. අද දින ප්රතිවාදියා පරාජය කරන්නා ජය ලබනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• إخراج أصناف من النبات المختلفة الأنواع والألوان من الأرض دليل واضح على قدرة الله تعالى ووجود الصانع.
•විවිධ වර්ගයෙන් හා වර්ණයෙන් යුත් පැලෑටි වර්ග මහපොළොවෙන් මතු කිරීම උත්තරීතර අල්ලාහ්ගේ බලය, එය නිර්මාණය කළ ඔහුගේ පැවැත්ම පෙන්වා දෙන පැහැදිලි සාධකයකි.

• ذكرت الآيات دليلين عقليين واضحين على الإعادة: إخراج النبات من الأرض بعد موتها، وإخراج المكلفين منها وإيجادهم.
•මෙම පාඨ නැවත නිර්මාණය කිරීම පිළිබඳ පැහැදිලි, බුද්ධිමය උදාහරණ දෙකක් සඳහන් කර ඇත. එනම්, මහපොළොව මිය ගිය පසුව, එයින් පැලෑටි මතු කිරීම හා එයට පවරනු ලැබූවන් එයින් බැහැර කිරීම හා ඔවුන් යළි ඇති කිරීමය.

• كفر فرعون كفر عناد؛ لأنه رأى الآيات عيانًا لا خبرًا، واقتنع بها في أعماق نفسه.
•ෆිර්අවුන්ගේ ප්රතික්ෂේපය, මුරණ්ඩු ප්රතික්ෂේපයක් විය. ඊට හේතුව සැබැවින්ම ඔහු ප්රාතිහාර්යන් තොරතුරු වශයෙන් නොව දෑසින්ම දුටු බැවිණි. ඔහු, ඔහු තුළට ගැඹුරුට ගිලී ගොස් ඒ ගැන සෑහීමට පත් විය.

• اختار موسى يوم العيد؛ لتعلو كلمة الله، ويظهر دينه، ويكبت الكفر، أمام الناس قاطبة في المجمع العام ليَشِيع الخبر.
•පොදු ජනයා ඉදිරියේ පොදු රැස්වීමක අල්ලාහ්ගේ වදන උසස් කරනු පිණිසත්, ඔහුගේ දහම ප්රසිද්ධ කරනු පිණිසත්, දේව ප්රතික්ෂේපය මර්ධනය කරනු පිණිසත් සමස්තයක් වශයෙන් එම පුවත පැතිරීම පිණිස මූසා තුමා උත්සව දිනය තෝරා ගත්තේය.

قَالُوْا یٰمُوْسٰۤی اِمَّاۤ اَنْ تُلْقِیَ وَاِمَّاۤ اَنْ نَّكُوْنَ اَوَّلَ مَنْ اَلْقٰی ۟
හූනියම් කරුවෝ මූසාට, "අහෝ මූසා! නුඹ සතු ව ඇති හූනියම හෙළීම නුඹ පළමු ව සිදු කිරීම හෝ එසේ නැතහොත් ඒ සඳහා අප පළමු ව සිදු කිරීම යන කරුණු දෙකින් එකක් නුඹ තෝරා ගනු." යැයි පවසා සිටියෝය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ بَلْ اَلْقُوْا ۚ— فَاِذَا حِبَالُهُمْ وَعِصِیُّهُمْ یُخَیَّلُ اِلَیْهِ مِنْ سِحْرِهِمْ اَنَّهَا تَسْعٰی ۟
"එසේ නම්, නුඹලා සතුව ඇති දෑ නුඹලා පළමුව හෙළනු" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසුවේය. එවිට ඔවුහු ඔවුන් සතුව තිබූ දෑ හෙළුවෝය. එවිට ඔවුන් විසි කළ ඔවුන්ගේ ලණු හා සැරයටි ඔවුන්ගේ හූනියම මගින් සැබැවින්ම ඒවා වේගයෙන් දඟලන සර්පයින් බව මූසා තුමාට පරිකල්පනය කරවීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَوْجَسَ فِیْ نَفْسِهٖ خِیْفَةً مُّوْسٰی ۟
මූසා තුමා ඔවුන් සිදු කළ දැයින් ඇති වූ බිය ඔහුගේ සිත තුළ සඟවා ගත්තේය.
Tafsiraaɗe Aarabu ɗen:
قُلْنَا لَا تَخَفْ اِنَّكَ اَنْتَ الْاَعْلٰی ۟
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාව තැන්පත් කරවමින් මෙසේ පැවසීය. "නුඹ වෙත කවර කරුණක් පරිකල්පනය වූයේ ද ඒ ගැන නුඹ බිය නොවනු. අහෝ මූසා! සැබැවින්ම නුඹ ඔවුනට වඩා උපකාරයෙන් හා අබිබවා යෑමෙන් ඉහළින් සිටින්නෙකි."
Tafsiraaɗe Aarabu ɗen:
وَاَلْقِ مَا فِیْ یَمِیْنِكَ تَلْقَفْ مَا صَنَعُوْا ؕ— اِنَّمَا صَنَعُوْا كَیْدُ سٰحِرٍ ؕ— وَلَا یُفْلِحُ السَّاحِرُ حَیْثُ اَتٰی ۟
"සර්පයකු බවට වෙනස් වන ඔබේ දකුණතෙහි ඇති සැරයටිය විසි කරනු. ඔවුන් සිදු කළ හූනියම් ඌ ගිල දමනු ඇත. ඔවුන් සිදු කළ දෑ කූට හූනියමක් මිස නොවීය. හූනියම් කරුවන් කවර ස්ථානයකින් ගෙන්වනු ලැබුව ද ඔවුන් ජය නොලබන්නෝය."
Tafsiraaɗe Aarabu ɗen:
فَاُلْقِیَ السَّحَرَةُ سُجَّدًا قَالُوْۤا اٰمَنَّا بِرَبِّ هٰرُوْنَ وَمُوْسٰی ۟
එවිට මූසා ඔහුගේ සැරයටිය විසි කළේය. එය සර්පයෙකු බවට පත් විය. හූනියම් කරුවන් මවා පෙන්වූ දෑ ඌ ගිල දැමීය. පසු ව මූසා අබියස ඇති දෑ හූනියමක් නොවන බවත්, සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවත් හූනියම් කරුවන් වටහා ගත් බැවින් ඔවුහු අල්ලාහ්ට සුජූද් කොට, "මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති වූ සියලු මැවීම්හි පරමාධිපති වූ අල්ලාහ්ව විශ්වාස කළෙමු" යැයි පැවසූහ.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ اٰمَنْتُمْ لَهٗ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ؕ— اِنَّهٗ لَكَبِیْرُكُمُ الَّذِیْ عَلَّمَكُمُ السِّحْرَ ۚ— فَلَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ وَّلَاُوصَلِّبَنَّكُمْ فِیْ جُذُوْعِ النَّخْلِ ؗ— وَلَتَعْلَمُنَّ اَیُّنَاۤ اَشَدُّ عَذَابًا وَّاَبْقٰی ۟
හූනියම් කරුවන් දේව විශ්වාසය ඇති කරගත් හේතුවෙන් ෆිර්අවුන් එය හෙළා දැක, ඔවුනට තර්ජනය කොට මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දීමට පෙර මූසා ව නුඹලා විශ්වාස කළෙහුද? අහෝ හූනියම්කරුවනි! සැබැවින්ම මූසා නුඹලාට හූනියම් ඉගැන්වූ නුඹලාගේ ප්රධානියා වී ඇත. නුඹලා සෑම කෙනෙකුගේම අත් හා පාද මාරුවෙන් මාරුව වෙන් කර දමමි. නුඹලා මිය යන තෙක් ඉඳි කඳේ නුඹලාගේ ශරීර බැඳ තබමි. එවිට නුඹලා සෙසු අයට පාඩමක් වනු ඇත. එවිට දඬුවම් දීමෙහි වඩාත් බලවත් හා දරුණු මා ද එසේ නැතහොත් මූසාගේ පරමාධිපති දැ?යි නුඹලා දැන ගනු ඇත."
Tafsiraaɗe Aarabu ɗen:
قَالُوْا لَنْ نُّؤْثِرَكَ عَلٰی مَا جَآءَنَا مِنَ الْبَیِّنٰتِ وَالَّذِیْ فَطَرَنَا فَاقْضِ مَاۤ اَنْتَ قَاضٍ ؕ— اِنَّمَا تَقْضِیْ هٰذِهِ الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ
හූනියම් කරුවන් ෆිර්අවුන්ට, "අහෝ ෆිර්අවුන්! ඔහු අප වෙත ගෙන ආ පැහැදිළි සාධකය පිළිපැදීමට වඩා ඔබව පිළිපැදීම අපි කිසි විටෙක තෝරා නොගන්නෙමු. අපගේ මැවුම්කරු අල්ලාහ්ට වඩා කිසි විටෙක ඔබව ශ්රේෂ්ඨත්වයට පත් නොකරමු. ඔබ අපට කරන දේ කරනු. අප වෙත නුඹ ආධිපත්යය දරණුයේ විනාශ වී යන මෙලොව ජීවිතයේ පමණය. ඔබේ බලය තුරන් වී යනු ඇත."යැයි පැවසුහ.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّاۤ اٰمَنَّا بِرَبِّنَا لِیَغْفِرَ لَنَا خَطٰیٰنَا وَمَاۤ اَكْرَهْتَنَا عَلَیْهِ مِنَ السِّحْرِ ؕ— وَاللّٰهُ خَیْرٌ وَّاَبْقٰی ۟
දේව ප්රතික්ෂේපය හා අප පෙර කළ පාපකම් සඳහා අපට සමාව දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් අපගේ පරමාධිපතිව සැබැවින්ම අපි විශ්වාස කළෙමු. ඉගෙන ගන්නා මෙන් ද, පුහුණු වන මෙන්ද මූසාව ජය ගැනීම සඳහා ද නුඹ අපට බලකරමින් සිටි හූනියමේ පාපය ඔහු අපෙන් පහ කරනු ඇත. නුඹ කවර කරුණක් ප්රතිඥා දුන්නෙහිද එයට වඩා ප්රතිඵල ලබා දීමෙන් අල්ලාහ් උතුම්ය. නුඹ කවර දඬුවමක් පිළිබඳ තර්ජනය කළෙහි ද එයට වඩා දඬුවම් දීමෙන් ස්ථායීය.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّهٗ مَنْ یَّاْتِ رَبَّهٗ مُجْرِمًا فَاِنَّ لَهٗ جَهَنَّمَ ؕ— لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟
සැබැවින්ම කරුණ සහ සංෂිප්තය නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කවරෙකු තම පරමාධිපති වෙත ඔහුව ප්රතික්ෂේප කරන්නෙකු ලෙස පැමිණෙන්නේ ද, සැබැවින්ම ඔහුට අපා ගින්න හිමි වන්නේය. එහි ඔහු පිවිස සදාකල් වෙසෙයි. එහි ඔහු මිය නොයයි. එහි දඬුවමින් සහනයක් නොලබයි. යහපත් ජීවිතයක් ගත නොකරයි.
Tafsiraaɗe Aarabu ɗen:
وَمَنْ یَّاْتِهٖ مُؤْمِنًا قَدْ عَمِلَ الصّٰلِحٰتِ فَاُولٰٓىِٕكَ لَهُمُ الدَّرَجٰتُ الْعُلٰی ۟ۙ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කවරෙකු තම පරමාධිපතිව විශ්වාසකරන්නෙකු ලෙස, දැහැමි ක්රියාවන් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද, මෙම මහඟු ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුනට උසස් නිලයන් හා උසස් තරාතිරම් ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— وَذٰلِكَ جَزٰٓؤُا مَنْ تَزَكّٰی ۟۠
එම උසස් තරාතිරම් වනුයේ ස්ථාපිත ස්වර්ග උයන්ය. ඒවායෙහි මාලිගා යටින් දිය දහරා ගලා බසියි. එහි ඔවුන් සදාකල් වෙසෙති. සඳහන් කරන ලද එම ප්රතිඵල දේව ප්රතික්ෂේපයෙන් හා පාපකම්වලින් පිරිසිදු කරගත් සෑම කෙනෙකු සඳහා වන ප්රතිඵලය වේ.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• لا يفوز ولا ينجو الساحر حيث أتى من الأرض أو حيث احتال، ولا يحصل مقصوده بالسحر خيرًا كان أو شرًّا.
•හූනියම්කරුවන් කවර දේශයකින් පැමිණිය ද, කවර කූට කරුණක් සිදු කළ ද, ඔවුහු ජය ලබන්නේ නැත. සාර්ථකවන්නේ නැත. හූනියම තුළින් යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා එහි අපේක්ෂාවන් ළඟා කර ගන්නේ නැත.

• الإيمان يصنع المعجزات؛ فقد كان إيمان السحرة أرسخ من الجبال، فهان عليهم عذاب الدنيا، ولم يبالوا بتهديد فرعون.
•දේව විශ්වාසය ප්රතිහාර්යයන් ක්රියා කරවයි. සැබැවින්ම හූනියම් කරුවන්ගේ දේව විශ්වාසය කඳුවලට වඩා බලවත් විය. එහෙයින් මෙලොව දඬුවම ඔවුනට පහසු දෙයක් විය. ෆිර්අවුන්ගේ තර්ජනය ගැන ඔවුන් තැකීමක් කළේ නැත.

• دأب الطغاة التهديد بالعذاب الشديد لأهل الحق والإمعان في ذلك للإذلال والإهانة.
•දැඩි ලෙස දඬුවම් කරන බව සත්යය ජනයාහට තර්ජනය කිරීම අපරාධකරුවන්ගේ සිරිත විය. එහිදී නින්දාවට හා අපහාසයට ලක් කිරීම.

وَلَقَدْ اَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی ۙ۬— اَنْ اَسْرِ بِعِبَادِیْ فَاضْرِبْ لَهُمْ طَرِیْقًا فِی الْبَحْرِ یَبَسًا ۙ— لَّا تَخٰفُ دَرَكًا وَّلَا تَخْشٰی ۟
"කිසිවකුට නොහැඟෙන සේ මාගේ ගැත්තන් මිසර දේශයෙන් නුඹ කැටුවා ගෙන යනු. සැරයටියෙන් මුහුදට ගැසුවායින් පසු ඔවුන් වෙනුවෙන් මුහුදෙහි මාවතක් පෙන්වා දෙනු. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹ වෙත ළඟා වීම ගැන නුඹ බිය නොවනු. මුහුදේ ගිලීම ගැන ද නුඹ බිය නොවනු" යැයි අපි මූසාට දේව පණිවිඩ පහළ කළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُوْدِهٖ فَغَشِیَهُمْ مِّنَ الْیَمِّ مَا غَشِیَهُمْ ۟ؕ
ෆිර්අවුන් ඔහුගේ සේනාව සමග එක් ව ඔවුන්ව ලුහු බැන්දේය. අල්ලාහ් හැර වෙනත් කිසිවකු එහි යථාර්තය නොදන්නා හේතු සාධකයකින් ඔහු හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වනු ලැබීය. ඔවුන් සියලු දෙනාම මුහුදේ ගීලී විනාශ විය. මූසා හා ඔහු සමග සිටියවුන් මිදුණෝය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاَضَلَّ فِرْعَوْنُ قَوْمَهٗ وَمَا هَدٰی ۟
ෆිර්අවුන් ඔහුගේ සමූහයාට දේව ප්රතික්ෂේපය අලංකාරවත් කරමින් හා ව්යාජ දැයින් ඔවුන් රවටාලමින් ඔවුන් නොමඟ යැවීය. ඔහු කිසිවිටෙක යහ මාර්ගය වෙත ඔවුනට මඟ පෙන්වූයේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
یٰبَنِیْۤ اِسْرَآءِیْلَ قَدْ اَنْجَیْنٰكُمْ مِّنْ عَدُوِّكُمْ وَوٰعَدْنٰكُمْ جَانِبَ الطُّوْرِ الْاَیْمَنَ وَنَزَّلْنَا عَلَیْكُمُ الْمَنَّ وَالسَّلْوٰی ۟
ෆිර්අවුන් හා ඔහුගේ සේනාවෙන් අපි ඉස්රාඊල් දරුවන් මුදවා ගත් පසු අපි ඔවුනට, "අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම අපි නුඹලාව නුඹලාගේ සතුරාගෙන් මුදවා ගත්තෙමු. තූර් කන්ද අසල පිහිටි මිටියාවතේ දකුණු දෙසින් මූසා සමග අපි කතා කරන බවට අපි නුඹලාට ප්රතිඥාවක් දුනිමු. අපගේ ආශිර්වාදයෙන් තීහ් හි නුඹලා වෙත මී පැණි මෙන් රසවත් පානයක් හා වටු කුරුල්ලන්ට සමාන නැවුම් මසින් යුත් කුඩා පක්ෂීන් පහළ කළෙමු." යැයි පවසා සිටියේය.
Tafsiraaɗe Aarabu ɗen:
كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ وَلَا تَطْغَوْا فِیْهِ فَیَحِلَّ عَلَیْكُمْ غَضَبِیْ ۚ— وَمَنْ یَّحْلِلْ عَلَیْهِ غَضَبِیْ فَقَدْ هَوٰی ۟
අපි නුඹලා වෙත පෝෂණය කළ, අනුමත ආහාරයෙන් ප්රනීත දෑ අනුභව කරනු. අපි නුඹලාට අනුමත කළ දෑ ඉක්මවා ගොස් අපි නුඹලාට තහනම් කළ දෑ වෙත නොයනු. එවිට නුඹලා වෙත මාගේ උදහස පහළ වනු ඇත. කවරෙකු කෙරෙහි මාගේ උදහස පහළ වන්නේ ද සැබැවින්ම ඔහු මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විනාශ වී යයි. අභාග්යවන්ත භාවයට පත් වෙයි.
Tafsiraaɗe Aarabu ɗen:
وَاِنِّیْ لَغَفَّارٌ لِّمَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدٰی ۟
කවරෙකු මා විශ්වාස කර, මගෙන් පාපක්ෂමාව ඉල්ලා, දැහැමි ක්රියිවන් ඉටු කර, සත්ය මත ස්ථාවරව සිටින්නේ ද සැබැවින්ම මම ඔහුට අධික ලෙස සමාව දෙමි. ඔහුගේ පාපයන් නොසලකා හරිමි.
Tafsiraaɗe Aarabu ɗen:
وَمَاۤ اَعْجَلَكَ عَنْ قَوْمِكَ یٰمُوْسٰی ۟
"අහෝ මූසා! නුඹ නුඹේ ජනයා ව නුඹ පසුපසින් හැර දමා, ඔවුනට පෙර නුඹ කලින් යෑමට ඉක්මන් කළේ කුමක් ද?"
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ هُمْ اُولَآءِ عَلٰۤی اَثَرِیْ وَعَجِلْتُ اِلَیْكَ رَبِّ لِتَرْضٰی ۟
මූසා (අලයිහිස් සලාම්) තුමා, "මාගේ පසුපසින් සිටින මොවූහු මා සමග සේන්දු වනු ඇත. මාගේ ජනයා පසුකරමින් නුඹ වෙත මා පැමිණියේ, නුඹ වෙත යුහුසුළුව පැමණීමෙන් නුඹ මා ගැන තෘප්තියට පත්වනු පිණිසය." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ فَاِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْ بَعْدِكَ وَاَضَلَّهُمُ السَّامِرِیُّ ۟
"නුඹ පසුපසින් හැර දමා ආ නුඹගේ ජනයා, වසු පැටවා නැමදීමෙන් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය නැමදීම සඳහා සාමිරී ඔවුනට ඇරයුම් කළේය. පසුව එමගින් ඔහු ඔවුන් නොමග හැරියේය" යැයි අල්ලාහ් පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَرَجَعَ مُوْسٰۤی اِلٰی قَوْمِهٖ غَضْبَانَ اَسِفًا ۚ۬— قَالَ یٰقَوْمِ اَلَمْ یَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ؕ۬— اَفَطَالَ عَلَیْكُمُ الْعَهْدُ اَمْ اَرَدْتُّمْ اَنْ یَّحِلَّ عَلَیْكُمْ غَضَبٌ مِّنْ رَّبِّكُمْ فَاَخْلَفْتُمْ مَّوْعِدِیْ ۟
පසු ව මූසා ඔහුගේ ජනයා වසුපැටවා නැමදීමට ගත් හේතුවෙන් ඔවුන් කෙරෙහි කෝපයෙන් හා ඔවුන් ගැන දුක් වෙමින් ඔහු ඔවුන් අතරට නැවත පැමිණියේය. මූසා, "මාගේ ජනයිනි! නුඹලා වෙත තව්රාතය පහළ කරන බවටත් නුඹලාව ඔහු ස්වර්ගයට ප්රවේශ කරන බවටත් දැහැමි ප්රතිඥාවක් අල්ලාහ් නුඹලාට නොදුන්නේ ද? නුඹලාට දිගු කලක් ගත වී නුඹලා එය අමතක කළෙහිද? එසේ නැතහොත් නුඹලාගේ මෙම ක්රියාව තුළින් නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගේ උදහස පහළ වීමත්, නුඹලා වෙත ඔහුගේ දඬුවම පහළ වීමත් නුඹලා අපේක්ෂා කළෙහු ද? මා නුඹලා වෙත නැවත පැමිණෙන තෙක් අවනතභාවය මත ස්ථාවර ව සිටින බවට නුඹලා මට දුන් ප්රතිඥාව නුඹලා කඩ කළේ එබැවින් ද?" යැයි විමසා සිටියේය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالُوْا مَاۤ اَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلٰكِنَّا حُمِّلْنَاۤ اَوْزَارًا مِّنْ زِیْنَةِ الْقَوْمِ فَقَذَفْنٰهَا فَكَذٰلِكَ اَلْقَی السَّامِرِیُّ ۟ۙ
මූසාගේ ජනයා, "අහෝ මූසා! අපි නුඹට කළ පොරොන්දුව අප විසින්ම තෝරා ගෙන කඩ නොකළෙමු. නමුත් එය එසේ සිදු වූයේ බල කිරීමකිනි. ෆිර්අවුන්ගේ ජනයාගේ ආභරණ පොදි බර අපි උසුලා සිටියෙමු. පසුව ඉන් මිදෙනු පිණිස අපි ඒවා වළකට හෙළුවෙමු. අපි එම වළට ඒවා හෙළුවාක් මෙන්ම සාමිරී ද දැමුවේය. ඔහු සමග තිබුණේ පසින් නිර්මාණය කරන ලද ජිබ්රීල්ගේ අශ්ව කුරයකි" යැයි පැවසුවෝය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• من سُنَّة الله انتقامه من المجرمين بما يشفي صدور المؤمنين، ويقر أعينهم، ويذهب غيظ قلوبهم.
•දේව විශ්වාසීන්ගේ හිත සුව පිණිසත්" ඔවුන්ගේ දෑස් පිණවනු පිණිසත්" ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්රෝධය පහ කරනු පිණිසත් අපරාධකරුවන්හට සම ප්රතිචාර දැක්වීම අල්ලාහ්ගේ න්යායකි.

• الطاغية شؤم على نفسه وعلى قومه؛ لأنه يضلهم عن الرشد، وما يهديهم إلى خير ولا إلى نجاة.
•කෲර පාලනය තමන්ටත්, තම ජනයාටත් අභාග්යකි. ඊට හේතුව සැබැවින්ම එය ඔවුන් නොමඟ හරින බැවින් හා යහපත වෙත හෝ සාර්ථකත්වය වෙත හෝ ඔවුනට මඟ නොපෙන්වන බැවිණි.

• النعم تقتضي الحفظ والشكر المقرون بالمزيد، وجحودها يوجب حلول غضب الله ونزوله.
•ආශිර්වාදය සඳහා එය ආරක්ෂා කිරීම හා ඒ හා බැඳුණු කෘතඥතාව අවශ්ය වන්නේය. එය ප්රතික්ෂේප කිරීම අල්ලාහ්ගේ උදහස ඇති වීම හා එය පහළ වීම අනිවාර්යය කරනු ඇත.

• الله غفور على الدوام لمن تاب من الشرك والكفر والمعصية، وآمن به وعمل الصالحات، ثم ثبت على ذلك حتى مات عليه.
•කවරෙකු තම දේව ආදේශය, දේව ප්රතික්ෂේපය හා පාපය වෙනුවෙන් පසුතැවිලි වී පාපක්ෂමාවෙහි නිරත ව, ඔහුව විශ්වාය කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, පසුව ඔහු මිය යන තුරුම ඒ මත ස්ථාවරව සිටින්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි අති ක්ෂමාශීලීය.

• أن العجلة وإن كانت في الجملة مذمومة فهي ممدوحة في الدين.
•ඉක්මන් වීම සමස්තයක් වශයෙන් අපහාසයට ලක් වන්නක් වුවද දහම විෂයයෙහි එය ප්රශංසාවට ලක් වන කාරණාවකි.

فَاَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهٗ خُوَارٌ فَقَالُوْا هٰذَاۤ اِلٰهُكُمْ وَاِلٰهُ مُوْسٰی ۚۙ۬— فَنَسِیَ ۟ؕ
එවිට සාමිරී එම ආභරණයෙන් ගවයකු මෙන් හඩක් ඇති, ප්රාණයක් නැති වසුපැටවකුගේ ශරීරයක් ඉස්රාඊල් දරුවන්ට මතු කර පෙන්වීය. එවිට ඔවුන් අතර සාමිරීගේ ක්රියාව හේතුවෙන් නොමග ගිය පිරිස, "මෙය නුඹලාගේ හා මූසාගේ දෙවියාය. මූසා අමතක කර ඔහුව මෙහි අතහැර දමා ගියේය" යැයි පැවසූහ.
Tafsiraaɗe Aarabu ɗen:
اَفَلَا یَرَوْنَ اَلَّا یَرْجِعُ اِلَیْهِمْ قَوْلًا ۙ۬— وَّلَا یَمْلِكُ لَهُمْ ضَرًّا وَّلَا نَفْعًا ۟۠
වසු පැටවාට ආකර්ෂණය වී, එය නැමදුමට ලක් කළවුන් සැබැවින්ම එම වසුපැටවා ඔවුන් සමග කතා නොකරන බවත්, ඔවුනට ඌ පිළිතුරු නොදෙන බවත්, කිසිදු උවදුරකින් ඔවුන් හා වෙනත් අයව වැළැක්වීමට ඌට ශක්තිය නොමැති බවත්, ඔවුනට හෝ වෙනත් අයට සෙත සැලසීමට නොහැකි බවත් නොදුටුවේ ද?
Tafsiraaɗe Aarabu ɗen:
وَلَقَدْ قَالَ لَهُمْ هٰرُوْنُ مِنْ قَبْلُ یٰقَوْمِ اِنَّمَا فُتِنْتُمْ بِهٖ ۚ— وَاِنَّ رَبَّكُمُ الرَّحْمٰنُ فَاتَّبِعُوْنِیْ وَاَطِیْعُوْۤا اَمْرِیْ ۟
මූසා (අලයිහිස් සලාම්) තුමා ඔවුන් වෙත නැවත පැමිණීමට පෙර හාරූන් තුමා ඔවුනට මෙසේ පැවසීය, "රනින් වූ වසුපැටවාගේ ස්වරූපය හා උගේ හඬ තුළ නුඹලාට පරීක්ෂණයක් මිස නැත. එය දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා හෙළි කරනු පිණිසය. අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති කරුණාව සතු අයෙකි. ඔහු නුඹලාට යම් උවදුරක් කිරීමට හෝ සෙතක් කිරීමට හෝ බලය නොමැත්තෙකු නොවේ. එය නුඹලාට කරුණා දැක්වීමේ අනුග්රහයක් වශයෙනි. එහෙයින් ඔහුට පමණක් නැමදීමෙහි නුඹලා මා අනුගමනය කරනු. වෙනත් අය වන්දනා කිරීම අතහැර දමා මාගේ නියෝගයට අවනත වනු."
Tafsiraaɗe Aarabu ɗen:
قَالُوْا لَنْ نَّبْرَحَ عَلَیْهِ عٰكِفِیْنَ حَتّٰی یَرْجِعَ اِلَیْنَا مُوْسٰی ۟
වසුපැටවා නැමදීමෙන් පරීක්ෂාවට ලක්වූවන්, “මූසා අප වෙත නැවත පැමිණෙන තුරු එය නැමදීමෙන් අපි ඉවත් නොවන්නෙමු" යැයි පැවසූහ.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ یٰهٰرُوْنُ مَا مَنَعَكَ اِذْ رَاَیْتَهُمْ ضَلُّوْۤا ۟ۙ
මූසා තම සහෝදර හාරූන් අමතා, "අල්ලාහ් හැරදමා ඔවුන් වසුපැටවා නමදිමින් නොමඟ යනු නුඹ දුටු කළ (ඔවුන් අතහැර මා සමග සෙන්දු වීම) නුඹ ව වැළැක්වූයේ කුමක් ද?" යැයි විමසුවේය.
Tafsiraaɗe Aarabu ɗen:
اَلَّا تَتَّبِعَنِ ؕ— اَفَعَصَیْتَ اَمْرِیْ ۟
"නුඹ ඔවුන් අතහැර මා සමග නුඹ සේන්දු වීම ද? මගෙන් පසු ව ඔවුන් වෙත නියෝජිතයකු ලෙස මා නුඹ ව පත් කළ අවස්ථාවේ මා නුඹට කළ නියෝගයට පිටුපෑවෙහි ද?
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ یَبْنَؤُمَّ لَا تَاْخُذْ بِلِحْیَتِیْ وَلَا بِرَاْسِیْ ۚ— اِنِّیْ خَشِیْتُ اَنْ تَقُوْلَ فَرَّقْتَ بَیْنَ بَنِیْۤ اِسْرَآءِیْلَ وَلَمْ تَرْقُبْ قَوْلِیْ ۟
මූසා තම සහෝදරයා කළ ක්රියාව හෙළා දකිමින් ඔහුගේ යටි රැවුලෙන් හා ඔහුගේ හිසෙන් අල්ලා ඔහු වෙත ඇද ගත් කල්හි, හාරූන් බැගෑපත්ව ඔහුට, "මාගේ යටි රැවුලෙන් හෝ මාගේ හිසකෙසින් හෝ නොඅල්ලනු. ඔවුන් සමගම මා රැඳී සිටීමට නිදහසට කරුණක් විය. සැබැවින්ම මම ඔවුන් අතහැර දමා, ඔවුන් වෙන්වී ගියහොත් සැබැවින්ම මම ඔවුන් අතර වෙන් කළ බවටත්, ඔවුන් විෂයයෙහි ඔබගේ උපදෙස මා ආරක්ෂා නොකළ බවටත් ඔබ මට කරන චෝදනාවට බියවීමි." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ فَمَا خَطْبُكَ یٰسَامِرِیُّ ۟
"අහෝ සාමිරී! නුඹේ කරුණ කුමක් වී ද? නුඹ කළ දැයින් නුඹ ව වැළැක්වූ අයගේ කරුණ කුමක් වීද?" යැයි මූසා සාමිරීගෙන් විමසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ بَصُرْتُ بِمَا لَمْ یَبْصُرُوْا بِهٖ فَقَبَضْتُ قَبْضَةً مِّنْ اَثَرِ الرَّسُوْلِ فَنَبَذْتُهَا وَكَذٰلِكَ سَوَّلَتْ لِیْ نَفْسِیْ ۟
"ඔවුන් නොදුටු දෙයක් මා දුටුවෙමි. සැබැවින්ම අශ්වයකු මත ජිබ්රීල් සිටිනු මම දුටුවෙමි. ඔහුගේ අශ්වයාගේ පා සළකුන තිබූ තැනින් පස් අහුරක් ගෙන උණු කරන ලද වසු පැටවාගේ ස්වරූපයෙන් යුත් ආභරණය මත එය විසි කළෙමි. එවිට වැසු පැටවාගේ ශරීරයෙන් හඬක් ඇති විය. මා සිදු කළ දෑ මා වෙත ආකර්ෂණය කරනු ලැබුවේ එලෙසය" යැයි සාමිරී මූසා තුමාට පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ فَاذْهَبْ فَاِنَّ لَكَ فِی الْحَیٰوةِ اَنْ تَقُوْلَ لَا مِسَاسَ ۪— وَاِنَّ لَكَ مَوْعِدًا لَّنْ تُخْلَفَهٗ ۚ— وَانْظُرْ اِلٰۤی اِلٰهِكَ الَّذِیْ ظَلْتَ عَلَیْهِ عَاكِفًا ؕ— لَنُحَرِّقَنَّهٗ ثُمَّ لَنَنْسِفَنَّهٗ فِی الْیَمِّ نَسْفًا ۟
මූසා සාමිරීට, "එසේ නම්, නුඹ පිටව යනු. සැබැවින්ම නුඹ ජීවත්ව සිටින කල්තාක් නුඹට මෙසේ පවසන්නට සිදුවනු ඇත. එනම්, ‘මම ස්පර්ශ නොකරමි. ස්පර්ශ කරනු නොලබමි.’ යැයි පැවසීමය. එවිට නුඹ බැහැර කරනු ලැබූවෙක් ලෙස ජීවිත් විය යුතු ව ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ විනිශ්චයට භාජනය කරනු ලබන බවත් දඬුවම් කරනු ලබන බවත් නුඹට ප්රතිඥාවක් දී ඇත්තේය. මෙම ප්රතිඥාව අල්ලාහ් කිසිවිටෙක ඉවත් නොකරන්නේමය. නුඹ නැමදුමට ගත් නුඹේ වසු පැටවා දෙස බලනු. අල්ලාහ්ගෙන් තොරව වන්දනාමානය සඳහා නුඹ එය යොදා ගත්තෙහිය. සැබැවින්ම අපි එය දිය වී යන තෙක් ගින්නෙන් උණු කරන්නෙමු. පසු ව කිසිදු සළකුණක් නොපවතින පරිදි අපි එය මුහුදෙහි පා කර හරින්නෙමු" යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّمَاۤ اِلٰهُكُمُ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— وَسِعَ كُلَّ شَیْءٍ عِلْمًا ۟
අහෝ ජනනියි! සැබෑ ලෙසින්ම නැමදුමට ලක් විය යුත්තේ අල්ලාහ්ය. ඔහු හැර සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සියලු දෑ දැනුමෙන් ආවරණය කර ඇත. ශුද්ධවන්තයාණන්හට කිසියම් දෙයක දැනුම මඟ හැරෙන්නේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• خداع الناس بتزوير الحقائق مسلك أهل الضلال.
•සත්යය විකෘති කිරීමෙන් වංචා කිරීම, මුළාවී වී නොමග ගියවුන්ගේ මාර්ගය වන්නේය.

• الغضب المحمود هو الذي يكون عند انتهاكِ محارم الله.
• ප්රශංසනීය කෝපය වනුයේ එය අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝනය කෙරෙන අවස්ථාවක සිදු වීමය.

• في الآيات أصل في نفي أهل البدع والمعاصي وهجرانهم، وألا يُخَالَطوا.
•නවක පිළිවෙත් ඇති කරන්නන් හා පාපිෂ්ඨයින් ඉවත් කිරීම ඔවුන් නෙරපා හැරීම හා ඔවුන් සමග මුසු නොවීම යනාදී මූල ධර්මය මෙම පාඨවල සඳහන්ව ඇත.

• في الآيات وجوب التفكر في معرفة الله تعالى من خلال مفعولاته في الكون.
•ලොවෙහි සිදු කරනු ලැබ ඇති දෑ තුළින් උත්තරීතර අල්ලාහ් හඳුනා ගැනීම සඳහා කල්පනාවෙන් මෙනෙහි කර බැලීම අනිවාර්ය බව මෙම පාඨවල සඳහන්ව ඇත.

كَذٰلِكَ نَقُصُّ عَلَیْكَ مِنْ اَنْۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ— وَقَدْ اٰتَیْنٰكَ مِنْ لَّدُنَّا ذِكْرًا ۟ۖۚ
අහෝ දූතය! නුඹ වෙත මූසා හා ෆිර්අවුන් පිළිබඳව ද, ඔවුන් දෙදෙනාගේ ජනයා පිළිබඳව ද තොරතුරු පවසා සිටියාක් මෙන්ම, නුඹට සහනයක් වනු පිණිස නුඹට පෙර පැමිණි නබිවරුන් හා සමූහයන් පිළිබඳ තොරතුරු ද නුඹ වෙත අපි පවසා සිටින්නෙමු. සිහිපත් කළ යුතු අය එමගින් මෙනෙහි කරනු ලබන කුර්ආනයක් අප වෙතින් අපි නුඹ වෙත පිරිනමා ඇත්තෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
مَنْ اَعْرَضَ عَنْهُ فَاِنَّهٗ یَحْمِلُ یَوْمَ الْقِیٰمَةِ وِزْرًا ۟ۙ
කවරෙකු නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයට පිටුපා, එය විශ්වාස නොකොට, එහි ඇති දෑ අනුව ක්රියා නොකළේ ද සැබැවින්ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් පාපයක් උසුලා ගනිමින් හා වේදනීය දඬුවමකට සුදුසුකම් ලබමින් පැමිණෙනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
خٰلِدِیْنَ فِیْهِ ؕ— وَسَآءَ لَهُمْ یَوْمَ الْقِیٰمَةِ حِمْلًا ۟ۙ
ඔවුහු එම දඬුවමෙහි සදා රැඳෙන්නන් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උසුලන බර ඉතා නරකය.
Tafsiraaɗe Aarabu ɗen:
یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ وَنَحْشُرُ الْمُجْرِمِیْنَ یَوْمَىِٕذٍ زُرْقًا ۟
මළවුන් යළි අවදි කරනු ලබනු පිණිස සූර් නම් හොරණෑවෙහි මලක්වරයා පිඹිනු ලබන දිනය වනාහි, එදින දේව ප්රතික්ෂේපකයින් මතුලොවෙහි ව්යසනයන්ට දැඩි සේ මුහුණ දුන් හේතුවෙන් ඔවුන්ගේ වර්ණ හා ඔවුන්ගේ ඇස් වෙනස් වීමට ලක්ව ඇති බැවින් ඔවුන් නිල්වන් පැහැයෙන් එක්රැස් කරනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
یَّتَخَافَتُوْنَ بَیْنَهُمْ اِنْ لَّبِثْتُمْ اِلَّا عَشْرًا ۟
"මිය ගිය පසු ව, රාත්රී දහයක් මිස නුඹලා මිණීවල ජීවිතයෙහි රැඳී නොසිටියෙහුය" යැයි ප්රකාශ කරමින් ඔවුන් අතර එකිනෙකා රහසිගත ව කතා කරති.
Tafsiraaɗe Aarabu ɗen:
نَحْنُ اَعْلَمُ بِمَا یَقُوْلُوْنَ اِذْ یَقُوْلُ اَمْثَلُهُمْ طَرِیْقَةً اِنْ لَّبِثْتُمْ اِلَّا یَوْمًا ۟۠
ඔවුන් කවර කරුණක් පිළිබඳව රහසිගතව කතා කරන්නේ ද ඒ ගැන අපි මැනවින් දන්නෙමු. ඉන් කිසිවක් අපට අතපසු වන්නේ නැත. ඔවුන් අතරින් බුද්ධිමත් භාවයෙන් වඩාත් පූර්ණ කෙනෙකු, "නුඹලා මිණිවල ජීවිතයේ එක් දිනක් මිස ඊට වැඩියෙන් රැදීනොසිටියෙහුය" යැයි පවසා සිටියේය.
Tafsiraaɗe Aarabu ɗen:
وَیَسْـَٔلُوْنَكَ عَنِ الْجِبَالِ فَقُلْ یَنْسِفُهَا رَبِّیْ نَسْفًا ۟ۙ
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කඳුවල තත්ත්වය පිළිබඳ ඔවුහු නුඹෙන් විමසති. එහෙයින් නුඹ ඔවුනට, "මාගේ පරමාධිපති එම කඳු ඒවායෙහි මුල් සමගම උගුලා විසිරුවා හරියි. එවිට ඒවා දූවිලි බවට පත් වනු ඇත." යැයි පවසනු.
Tafsiraaɗe Aarabu ɗen:
فَیَذَرُهَا قَاعًا صَفْصَفًا ۟ۙ
එය උසුලා සිටින භූමිය කිසිදු ගොඩනැගිල්ලක් හෝ පැලෑටියක් නොමැති ව සමතලා භූමියක් ලෙස අත්හැර දමයි.
Tafsiraaɗe Aarabu ɗen:
لَّا تَرٰی فِیْهَا عِوَجًا وَّلَاۤ اَمْتًا ۟ؕ
අහෝ ඒ දෙස බලන්නනි! පූර්ණ සමතලා භූමිය තුළ කිසිදු නැම්මක් හෝ ගැට්ටක් හෝ පහතක් හෝ නුඹ නොදකිනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
یَوْمَىِٕذٍ یَّتَّبِعُوْنَ الدَّاعِیَ لَا عِوَجَ لَهٗ ۚ— وَخَشَعَتِ الْاَصْوَاتُ لِلرَّحْمٰنِ فَلَا تَسْمَعُ اِلَّا هَمْسًا ۟
රැස් කරනු ලබන භූමිය වෙත ඇරයුම් කරන්නාගේ හඬ ජනයා එදින පිළිපදිති. ඔහු ව අනුගමනය කිරීමේ දී කිසිදු හැරවුමක් ඔවුනට නැත. මහා කාරුණිකයාණන්ට බියෙන් සියලු හඬවල් නිහඬ වනු ඇත. එදින සැහැල්ලු හඬකට මිස නුඹ සවන් නොදෙන්නෙහිය.
Tafsiraaɗe Aarabu ɗen:
یَوْمَىِٕذٍ لَّا تَنْفَعُ الشَّفَاعَةُ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَرَضِیَ لَهٗ قَوْلًا ۟
එම මහත් වූ දිනයේ මැදිහත් වීම සඳහා අල්ලාහ් කවරෙකුට අවසර දුන්නේ ද, එම මැදිහත් වීමේ දී ඔහුගේ ප්රකාශය පිළිගැනීමට ලක් වන්නේ ද, එවන් මැදිහත් කරුවෙකුට මිස වෙනත් කිසිදු මැදිහත් වන්නෙකුගේ මැදිහත් වීම ප්රයෝජනවත් නොවනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَلَا یُحِیْطُوْنَ بِهٖ عِلْمًا ۟
ජනයා මුහුණ දෙන්නට යන අවසන් හෝරාවේ කරුණු පිළිබඳ අල්ලාහ් දනී. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ කවර දෙයක් ඔවුන් අතහැර දමන්නේද එය ද ඔහු දනී. අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුගේ ස්වරූපයන් පිළිබඳ ගැත්තන් සියලු දෙනා නොදනිති.
Tafsiraaɗe Aarabu ɗen:
وَعَنَتِ الْوُجُوْهُ لِلْحَیِّ الْقَیُّوْمِ ؕ— وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا ۟
ගැත්තන්ගේ මුහුණු අවමානයෙන් පවතී. මිය නොයන, ජීවමාන ව සිටින්නාට යටත්ව ඒවා පවතී. ඔහු තම ගැත්තන්ගේ කටයුතු සැලසුම් කරමින් හා ඒවා ක්රියාත්මක් කරමින් සිටියි. පාපය ඉසිලූ අය විනාශයේ කරුණු ඔවුන් වෙත ගෙනැවිත් පරාජයට පත් වූවෝය.
Tafsiraaɗe Aarabu ɗen:
وَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا یَخٰفُ ظُلْمًا وَّلَا هَضْمًا ۟
කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නෙකු ලෙස සිටිමින් දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද, ඔහු ඒ සඳහා වූ පූර්ණ ප්රතිඵලය හිමි කර ගනු ඇත. ඔහු සිදු නොකළ පාපයක් සඳහා අසාධාරණ ලෙස දඬුවම් දෙනු ලබනු ඇතැයි හෝ ඔහුගේ දැහැමි ක්රියාවන්හි කුසල් අඩු කරනු ඇතැයි හෝ ඔහු බිය විය යුතු නැත.
Tafsiraaɗe Aarabu ɗen:
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ قُرْاٰنًا عَرَبِیًّا وَّصَرَّفْنَا فِیْهِ مِنَ الْوَعِیْدِ لَعَلَّهُمْ یَتَّقُوْنَ اَوْ یُحْدِثُ لَهُمْ ذِكْرًا ۟
පෙර සිටියවුන්ගේ කතා වස්තු අපි පහළ කළාක් මෙන්ම මෙම අල් කුර්ආනය පැහැදිලි අරාබි බසින් පහළ කළෙමු. ඔවුන් අල්ලාහ් ගැන බියවනු ඇතැයි හෝ අල් කුර්ආනය ඔවුනට උපදෙසක් හා පාඩමක් ලබා දෙනු ඇතැයි යන දැහැමි බලාපොරොත්තුවෙන් අපි එහි බිය ගන්වා අවවාද කොට විවිධ අවවාදයන් පැහැදිළි කර ඇත්තෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• القرآن العظيم كله تذكير ومواعظ للأمم والشعوب والأفراد، وشرف وفخر للإنسانية.
•මහඟු අල් කුර්ආනය ප්රජාවන්, වාර්ගිකයින් මෙන්ම තනි පුද්ගලයින්හට සමස්තයක් ලෙස මෙනෙහි කිරීමකි; උපදෙසකි. එමෙන්ම මිනිසත් කමට ගෞරවයකි, අභිමානයකි.

• لا تنفع الشفاعة أحدًا إلا شفاعة من أذن له الرحمن، ورضي قوله في الشفاعة.
•මහා කාරුණිකයාණන් කවරෙකුට අවසර දුන්නේ ද, මැදිහත් වීමේදී ඔහුගේ ප්රකාශය පිළිගත්තේ ද, එවැන්නෙකුගේ මැදිහත්වීම මිස වෙනත් මැදිහත් වීමක් කිසිවකුට ප්රයෝජනවත් වන්නේ නැත.

• القرآن مشتمل على أحسن ما يكون من الأحكام التي تشهد العقول والفطر بحسنها وكمالها.
•අල් කුර්ආනය වනාහි, බුද්ධිය හා ධර්මතාව සාක්ෂි දරණ නීතිරීති අතරින් අලංකාරයෙන් හා පූර්ණභාවයෙන් වඩාත් අලංකාර කරුණු ඇතුලත් කොට ගත්තකි.

• من آداب التعامل مع القرآن تلقيه بالقبول والتسليم والتعظيم، والاهتداء بنوره إلى الصراط المستقيم، والإقبال عليه بالتعلم والتعليم.
•අල් කුර්ආනය සමග කටයුතු කිරීමේ දී එහි ආචාර ධර්ම අතරට එය පිළිගැනීම, යටත් වීම, ගරු කිරීම, එහි ආලෝකයෙන් ඍජු මාර්ගය වෙත මඟ ලැබීම, එය ඉගෙන ගැනීම හා ඉගැන්වීම සඳහා ඉදිරිපත් වීම යනාදී කරුණු ඇතුළත් වන්නේය.

• ندم المجرمين يوم القيامة حيث ضيعوا الأوقات الكثيرة، وقطعوها ساهين لاهين، معرضين عما ينفعهم، مقبلين على ما يضرهم.
•අපරාධකරුවන් බොහෝ වේලාවන් නාස්ති කළ බැවින් හා එම වේලාවන් කෙළිලොල්හි ගත කිරීමෙන් ඔවුනට ප්රයෝජනවත් වන දැයින් දුරස්ව, ඔවුනට අත්වන හිංසාවන් ගෙන්වා ගනිමින් ගත කළ බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දුක් වනු ඇත.

فَتَعٰلَی اللّٰهُ الْمَلِكُ الْحَقُّ ۚ— وَلَا تَعْجَلْ بِالْقُرْاٰنِ مِنْ قَبْلِ اَنْ یُّقْضٰۤی اِلَیْكَ وَحْیُهٗ ؗ— وَقُلْ رَّبِّ زِدْنِیْ عِلْمًا ۟
සියලු දෑ සතු හිමිපාණන් වන අල්ලාහ් උත්තරීතරය. කීර්තිමත්ය. පිවිතුරුය. ඔහු සත්යය. ඔහුගේ ප්රකාශය ද සත්යය. දේව ආදේශකයින් ඔහු ගැන කවර වර්ණනාවක් කරන්නේ ද ඔහු එයින් උත්තරීතරය. ජිබ්රීල් අලයිහිස් සලාම් ඔබට අල් කුර්ආනය දන්වා අවසන් කිරීමට පෙර ඔහු සමග අල් කුර්ආනය කියවීමට නුඹ ඉක්මන් නොවනු. තවද නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හට ඉගැන්වූ දෑට වඩා අමතර දැනුමක් වර්ධනය කර දෙනු මැනව!"
Tafsiraaɗe Aarabu ɗen:
وَلَقَدْ عَهِدْنَاۤ اِلٰۤی اٰدَمَ مِنْ قَبْلُ فَنَسِیَ وَلَمْ نَجِدْ لَهٗ عَزْمًا ۟۠
මීට පෙර නියමිත ගසින් අනුභව නොකරන මෙන් අපි ආදම්ට අනුශාසනා කළෙමු. එයින් අපි ඔහුව වැළැක්වූයෙමු. එහි අවසන් විපාකය ද අපි පැහැදිළි කළෙමු. පසුව එම අනුශාසනාව ඔහු අමතක කොට එම ගසින් අනුභව කළේය. ඒ ගැන ඉවසීමෙන් නොසිටියේය. කවර කරුණක් අපි ඔහුට උපදෙස් දුන්නේ ද එය ආරක්ෂා කිරීමේ ස්තීර ශක්තියක් ඔහු තුළ අපි නොදුටුවෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَاِذْ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ— اَبٰی ۟
අහෝ දූතය! "නුඹලා ආදම්ට ආචාර කිරීමක් වශයෙන් හිස නමනු" යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඉබ්ලීස් හැර සෙසු සියලු දෙනාම සිරස නමා ආචාර කළෝය. ඔහු ඔවුන් සමග සිටිය ද ඔවුන්ගෙන් කෙනෙකු නොවීය. අහංකාරකමින් සුජූද් කිරීමෙන් ඔහු වැළකී සිටියේය.
Tafsiraaɗe Aarabu ɗen:
فَقُلْنَا یٰۤاٰدَمُ اِنَّ هٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا یُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقٰی ۟
"අහෝ ආදම්! සැබැවින්ම ඉබ්ලීස් නුඹේ සතුරෙකි. නුඹේ බිරියගේ ද සතුරෙකි. එහෙයින් ඔහු කවර කරුණක් කොඳුරන්නේ ද එයට අවනත වීම හේතුවෙන් නුඹ හා නුඹගේ බිරිය ඔහු ස්වර්ගයෙන් බැහැර නොකළ යුතුයි. එවිට නුඹ දුෂ්කරතා හා පිළිකුල් සහගත දෑ උසුලනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّ لَكَ اَلَّا تَجُوْعَ فِیْهَا وَلَا تَعْرٰی ۟ۙ
සැබැවින්ම නුඹ වෙනුවෙන් ස්වර්ගයේ අහාරා සැපයීම අල්ලාහ් වෙත විය. එහෙයින් නුඹට කුසගිනි ඇති නොවනු ඇත. එමෙන්ම ඔහු නුඹට වස්ත්ර පිරිනැමීය. එහෙයින් නුඹ නිරුවත් නොවනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَاَنَّكَ لَا تَظْمَؤُا فِیْهَا وَلَا تَضْحٰی ۟
නුඹට ජලය සැපයීම ද ඔහු වෙත විය. එහෙයින් නුඹට පිපාසය ඇති නොවනු ඇත. ඔහු නුඹට හෙවණ ලබා දුන්නේය. එහෙයින් නුඹට හිරු රෂ්ණය ඇති නොවනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
فَوَسْوَسَ اِلَیْهِ الشَّیْطٰنُ قَالَ یٰۤاٰدَمُ هَلْ اَدُلُّكَ عَلٰی شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا یَبْلٰی ۟
ෂෙයිතාන් ආදම්ට කුතුහලය ඇති කරමින් ඔහුට, "එයින් කවරෙකු අනුභව කළේ ද කිසිවිටෙක මරණයට පත් නොවන, සදාකල් ජීවත් වන, නැති වී නොයන, විසන්ධි වී නොයන සදා රාජ්යයක් හිමි වන ගසක් වෙත මම නුඹට මග පෙන්වන්න ද? යැයි පැවසුවේය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْاٰتُهُمَا وَطَفِقَا یَخْصِفٰنِ عَلَیْهِمَا مِنْ وَّرَقِ الْجَنَّةِ ؗ— وَعَصٰۤی اٰدَمُ رَبَّهٗ فَغَوٰی ۪۟ۖ
අනුභව කිරීමට තහනම් කරන ලද ගසින් ආදම් හා හව්වා යන දෙදෙනා අනුභව කළෝය. ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කර තිබුවායින් පසු, ඒවා ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග ගස්වල කොළ කඩා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආරවරණය කරන්නට වූහ. ගසින් අනුභව කිරීමෙන් වැළකී සිටින මෙන් අල්ලාහ් කළ නියෝගය පිළි නොපැද ඔහුට සුදුසු නොවන දෙයක් වෙත ඉක්මවා කටයුතු කළ අවස්ථාවේ ඔහු ඔහුගේ පරමාධිපතිට විරුද්ධ විය.
Tafsiraaɗe Aarabu ɗen:
ثُمَّ اجْتَبٰهُ رَبُّهٗ فَتَابَ عَلَیْهِ وَهَدٰی ۟
පසුව අල්ලාහ් ඔහු ව තෝරා ගත්තේය. ඔහුගේ පාපක්ෂමාව පිළිගත්තේය. යහ මාර්ගය වෙත ඔහුට ආශිර්වාද කළේය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ اهْبِطَا مِنْهَا جَمِیْعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۚ— فَاِمَّا یَاْتِیَنَّكُمْ مِّنِّیْ هُدًی ۙ۬— فَمَنِ اتَّبَعَ هُدَایَ فَلَا یَضِلُّ وَلَا یَشْقٰی ۟
අල්ලාහ් ආදම් හා හව්වා අමතා මෙසේ පැවැසුවේය. "නුඹලා දෙදෙනා හා ඉබ්ලීස් ස්වර්ගයෙන් පහළට බසිනු. ඔහු නුඹලා දෙදෙනාගේ සතුරාය. නුඹලා දෙදෙනා ඔහුගේ සතුරන් වන්නෙහුය. මා වෙතින් යම් විස්තරයක් නුඹලා වෙත පැමිණියේ නම් එය මාගේ මාර්ගයයි. නුඹලා අතරින් කවරෙකු මාගේ මාර්ගයේ පැහැදිලි කිරීම් අනුගමනය කර, ඒ අනුව ක්රියා කොට එයින් හැරී නොගියේ නම්, ඔහු සත්යයෙන් මුළා වන්නේ නැත. මතුලොවෙහි දඬුවමට ලක් වී අභාග්යවන්තභාවයට පත් නොවනු ඇත. එසේ නම් අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَمَنْ اَعْرَضَ عَنْ ذِكْرِیْ فَاِنَّ لَهٗ مَعِیْشَةً ضَنْكًا وَّنَحْشُرُهٗ یَوْمَ الْقِیٰمَةِ اَعْمٰی ۟
කවරෙකු මා මෙනෙහි කිරීමෙන් හැරුණේ ද, එය පිළි නොගත්තේ ද, එයට ප්රතිචාර නොදැක්වූයේ ද, සැබැවින්ම ඔහුට මෙලොවෙහි ද මිණීවල ජීවිතයෙහි ද පීඩිත ජීවිතයක් ඇත. බැල්ම හා සාධක අහිමිවූ අයකු සේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා එක්රැස් කරන ස්ථානයට ඇදගෙන යන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِیْۤ اَعْمٰی وَقَدْ كُنْتُ بَصِیْرًا ۟
මෙනෙහි කිරීමට පිටුපෑ මිනිසා, "මාගේ පරමාධිපතියාණනි! අද දින අන්ධයකු සේ නුඹ මා අවදි කළේ ඇයි? සැබැවින්ම මම මෙලොවෙහි පෙනුමැත්තෙකු ලෙස සිටියෙමි" යැයි පවසා සිටියි.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• الأدب في تلقي العلم، وأن المستمع للعلم ينبغي له أن يتأنى ويصبر حتى يفرغ المُمْلِي والمعلم من كلامه المتصل بعضه ببعض.
•දැනුම හැදෑරීමේ ආචාරධර්ම, සැබැවින්ම දැනුමට සවන් දෙන්නා සම්පූර්ණයෙන් ඉගැන්වීම් අවසන් වන තුරු බලා සිටීමත් ඉවසීමෙන් කටයුතු කිරීමත් අවශ්ය වන්නේය. ගුරුවරයා ඔහුගේ ප්රකාශය තුළ ඔවුන් එකිනෙකාගේ සම්බන්ධතාව ඇති කළ යුතුයි.

• نسي آدم فنسيت ذريته، ولم يثبت على العزم المؤكد، وهم كذلك، وبادر بالتوبة فغفر الله له، ومن يشابه أباه فما ظلم.
•ආදම් අමතක කළේය. එහෙයින් ඔහුගේ පරපුර ද අමතක කළේය. ස්ථීර කරුණක් මත රැඳී නොසිටියේය. ඔවුන් එලෙසමය. පාපක්ෂමාවේ නිරත වීමට පෙරටු විය. අල්ලාහ් ඔහුට සමාව දුන්නේය. කවරෙකු තම පියාට සමාන වන්නේ ද එහි වරදක් නැත.

• فضيلة التوبة؛ لأن آدم عليه السلام كان بعد التوبة أحسن منه قبلها.
•පාපක්ෂමාවේ මහිමය. ආදම් (අලයිහිස් සලාම්) තුමා තව්බා හෙවත් පශ්චාත්තාපයේ නියැළීමෙන් පසු පෙරට වඩා යහපත් අයකු විය.

• المعيشة الضنك في دار الدنيا، وفي دار البَرْزَخ، وفي الدار الآخرة لأهل الكفر والضلال.
•දේව ප්රතික්ෂේපකයින් හා මුළාවූවන් සතු මෙලොව නිවහනේ, මිණීවල නිවහනේ හා මතුලොව නිවහනේ පීඩිත ජීවිතය.

قَالَ كَذٰلِكَ اَتَتْكَ اٰیٰتُنَا فَنَسِیْتَهَا ۚ— وَكَذٰلِكَ الْیَوْمَ تُنْسٰی ۟
උත්තරීතර අල්ලාහ් ඔහුට ප්රතිචාර දක්වමින්, "නුඹ මෙලොවෙහි කටයුතු කළේ මෙලසය. අපගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා පිටු දැක අතහැර දැමුවෙහිය. එහෙයින් සැබැවින්ම නුඹ අද දින එලෙසම දඬුවම තුළ අතහැර දමනු ලබන්නෙහිය.
Tafsiraaɗe Aarabu ɗen:
وَكَذٰلِكَ نَجْزِیْ مَنْ اَسْرَفَ وَلَمْ یُؤْمِنْ بِاٰیٰتِ رَبِّهٖ ؕ— وَلَعَذَابُ الْاٰخِرَةِ اَشَدُّ وَاَبْقٰی ۟
තහනම් කරන ලද ආශාවන්හි ගිලී සිටිමින් තම පරමාධිපතිගෙන් වූ පැහැදිළි සාධක තුළින් විශ්වාස කිරීමට පිටුපා ගියවුනට මෙම ප්රතිවිපාකය හා සමාන ප්රතිවිපාක පිරිනමමු. මතුලොව ජීවිතයේ දඬුවම මෙලොව හා මිණීවලෙහි පීඩිත ජීවිතයට වඩා ඉතා කුරීරුය. සදාතනිකය.
Tafsiraaɗe Aarabu ɗen:
اَفَلَمْ یَهْدِ لَهُمْ كَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنَ الْقُرُوْنِ یَمْشُوْنَ فِیْ مَسٰكِنِهِمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّاُولِی النُّهٰی ۟۠
ඔවුනට පෙර අපි විනාශ කළ බොහෝ සමූහයන් පිළිබඳ ඔහු දේව ආදේශකයින්හට පැහැදිලි නොකළේ ද? ඔවුහු එම විනාශ කරනු ලැබූ සමූහයන්ගේ වාස්සස්ථාන අතර ගමන් කරති. ඔවුන් ට අත් වූ ඉරණමෙහි සළකුණු ඔවුහු ඔවුන්ගේ දෑසින්ම දකිති. බොහෝ සමූහයන්ට මෙලෙස අත් වූ විනාශය හා ව්යසනය තුළ බුද්ධිමත් ජනයාහට සැබැවින්ම පාඩමක් ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَكَانَ لِزَامًا وَّاَجَلٌ مُّسَمًّی ۟ؕ
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගෙන් වූ වචනය පෙරටු නොවූයේ නම් කිසිවෙකු වෙත පැහැදිළි සාධක ඉදිරිපත් කිරීමට පෙර ඔහුට දඬුවම් නොකරන්නට තිබුණි. අල්ලාහ් අභියස නියම කරන කාලයක් නොවී නම් ඔවුන් වෙනුවෙන් දඬුවම ඉක්මනින් පැමිණෙනු ඇත. එය ඔවුනට උරුම වන්නට තිබුණි.
Tafsiraaɗe Aarabu ɗen:
فَاصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوْعِ الشَّمْسِ وَقَبْلَ غُرُوْبِهَا ۚ— وَمِنْ اٰنَآئِ الَّیْلِ فَسَبِّحْ وَاَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضٰی ۟
අහෝ දූතය! ව්යාජ ගුණාංග ආරූඪ කරමින් නුඹ ගැන බොරුකාරයින් පවසා සිටින දෑ මත නුඹ ඉවසා සිටිනු. හිරු උදාවීමට පෙර ෆජ්ර් සලාතයේදී ද එය අවරට යෑමට පෙර අසර් සලාතයේදී ද රාත්රී කාලවල මග්රිබ් හා ඉෂා සලාතයන්හි ද දහවල් කාලයේ ආරම්භ භාගයේ අවසානයෙන් පසු හිරු අවරට යන අවස්ථාවේ ලුහර් සලාතයේදී ද එහි දෙවන භාගයේ අවසන් වීමෙන් පසු මග්රිබ් සලාතයේදී ද අල්ලාහ් අබියස නුඹ තෘප්තියට පත්වන පරිදි තිළිණ ලබා ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් නුඹ නුඹේ පරමාධිපතිට ප්රශංසා කොට ඔහු ව සුවිශුද්ධ කරනු.
Tafsiraaɗe Aarabu ɗen:
وَلَا تَمُدَّنَّ عَیْنَیْكَ اِلٰی مَا مَتَّعْنَا بِهٖۤ اَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَیٰوةِ الدُّنْیَا ۙ۬— لِنَفْتِنَهُمْ فِیْهِ ؕ— وَرِزْقُ رَبِّكَ خَیْرٌ وَّاَبْقٰی ۟
එම බොරුකාර පිරිස් පරීක්ෂාවට ලක් කරනු පිණිස මෙලොව ජීවිතයේ සතුට විඳීම සඳහා ඔවුනට අපි ඇති කළ භුක්ති විඳීම් දෙස නුඹ නොබලනු. සැබැවින්ම අපි ඔවුනට ඇති කළ දෑ විනාශ වී යන්නකි. නමුත් නුඹේ පරමාධිපති නුඹ තෘප්තියට පත්වන තරමට ප්රතිඥා දී ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් භුක්ති විඳින, විනාශ වී යන දෑට වඩා උතුම්ය. සදාතනිකය. ඊට හේතුව සැබැවින්ම එහි කප්පාදුවක් නොවන බැවිණි.
Tafsiraaɗe Aarabu ɗen:
وَاْمُرْ اَهْلَكَ بِالصَّلٰوةِ وَاصْطَبِرْ عَلَیْهَا ؕ— لَا نَسْـَٔلُكَ رِزْقًا ؕ— نَحْنُ نَرْزُقُكَ ؕ— وَالْعَاقِبَةُ لِلتَّقْوٰی ۟
අහෝ දූතය! සලාතය ඉටු කරන මෙන් නුඹ නුඹේ පවුලට අණ කරනු. නුඹ ද එය ඉටු කිරීමෙහි රැඳී සිටිනු. නුඹ වෙනුවෙන් හා නුඹ නොවන අය වෙනුවෙන් අපි කිසිදු සම්පතක් නුඹගෙන් නොපතමු. නුඹේ පෝෂණ සම්පත් භාරගෙන ඇත්තේ අපමය. අල්ලාහ්ට බිය වී ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් වූ ජනයාහට මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසනීය අවසානයක් ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَقَالُوْا لَوْلَا یَاْتِیْنَا بِاٰیَةٍ مِّنْ رَّبِّهٖ ؕ— اَوَلَمْ تَاْتِهِمْ بَیِّنَةُ مَا فِی الصُّحُفِ الْاُوْلٰی ۟
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බොරු කරමින් සිටි මෙම ප්රතික්ෂේපකයෝ, "මුහම්මද්ගේ සත්යතාව හා සැබැවින්ම ඔහු දූතයකු යන වග පෙන්වා දෙන සළකුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේ ද?" යැයි විමසා සිටිති. මෙම බොරුකාරයින් වෙත ඔහුට පෙර පැවති දිව්යමය පුස්තක තහවුරු කරන අල් කුර්ආනය නොපැමිණියේද?
Tafsiraaɗe Aarabu ɗen:
وَلَوْ اَنَّاۤ اَهْلَكْنٰهُمْ بِعَذَابٍ مِّنْ قَبْلِهٖ لَقَالُوْا رَبَّنَا لَوْلَاۤ اَرْسَلْتَ اِلَیْنَا رَسُوْلًا فَنَتَّبِعَ اٰیٰتِكَ مِنْ قَبْلِ اَنْ نَّذِلَّ وَنَخْزٰی ۟
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන බොරු පවසන ඔවුන් වෙත දූතයකු අපි එවීමට පෙර හෝ ඔවුන් වෙත පුස්තකයක් පහළ කිරීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් වෙත දඬුවමක් පහළ කිරීමෙන් අපි ඔවුන් විනාශ කළේ නම්, ඔවුහු ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයට නිදහසට කරුණු දක්වමින්, "අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි අප වෙත දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එසේ නම් අපි ඔහු විශ්වාස කරන්නෙමු. ඔබේ දඬුවමින් අපහට අත්වන අවමානය හා අපහාසයට පෙර ඔහු ගෙන ආ වදන් අපි පිළිපදින්නෙමු."යැයි පවසනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوْا ۚ— فَسَتَعْلَمُوْنَ مَنْ اَصْحٰبُ الصِّرَاطِ السَّوِیِّ وَمَنِ اهْتَدٰی ۟۠
අහෝ දූතය! මෙම බොරුකාරයින්ට, "අප හා නුඹලා අතරින් සෑම කෙනෙකුම අල්ලාහ් තමන්ට ගෙනැවිත් දෙන දෑ බලාපොරොතුත්වෙන් සිටියි. එහෙයින් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. කිසිදු සැකයකින් තොරව ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන් දැයි ද යහමඟ සිටින්නේ කවුරුන් දැයි ද අප ද නුඹලා ද යන්න වග නුඹලා මතු දැන ගනු ඇත" යැයි පවසනු.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• من الأسباب المعينة على تحمل إيذاء المعرضين استثمار الأوقات الفاضلة في التسبيح بحمد الله.
•අල්ලාහ් ව ප්රශංසා කරමින් ඔහු සුවිශුද්ධ කිරීම සඳහා උතුම් වේලාවන් ප්රයෝජනයට ගැනීම, පිටු දකින්නන්ගේ හිංසා පීඩා ඉසිලීමේදී උදව් වන හේතු අතරින් එකකි.

• ينبغي على العبد إذا رأى من نفسه طموحًا إلى زينة الدنيا وإقبالًا عليها أن يوازن بين زينتها الزائلة ونعيم الآخرة الدائم.
•මෙලොව අලංකාරය හා එය පිළිගැනීම සඳහා ගැත්තෙකුගේ මනස තුළ අභිලාශයක් ඇති වූ විට, ඔහු එම පහත් අලංකාරය අතර හා මතුලොව සදාතනික ස්වර්ග සැපත අතර තූලනය කොට බැලීම අවශ්ය වන්නේය.

• على العبد أن يقيم الصلاة حق الإقامة، وإذا حَزَبَهُ أمْر صلى وأَمَر أهله بالصلاة، وصبر عليهم تأسيًا بالرسول صلى الله عليه وسلم.
•සලාතය විධිමත් ලෙස ඉටු කිරීම ගැත්තෙකුගේ වගකීමකි. ඔහුට යම් ප්රශ්ණයක් ඇති වූ විටෙක ඔහු සලාතය ඉටු කළ යුතුය. සලාතය ඉටු කරන මෙන් ඔහුගේ පවුලේ අයට නියෝග කළ යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් අනුගමනය කරමින් ඔවුන් මත ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

• العاقبة الجميلة المحمودة هي الجنة لأهل التقوى.
•ප්රශංසනීය අලංකාර අවසානය වනුයේ බැතිමත් අය සතු ස්වර්ග උයනයි.

 
Firo maanaaji Simoore.: Simoorw Taahaa
Loowdi cimooje ɗe Tonngoode hello ngon
 
Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Loowdi firooji ɗi

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddu