Check out the new design

Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Loowdi firooji ɗi


Firo maanaaji Simoore.: Simoore Maryam   Aaya.:

මර්යම්

Hino jeyaa e paandale simoore nden:
إبطال عقيدة نسبة الولد لله من المشركين والنصارى، وبيان سعة رحمة الله بعباده.
දේවත්වය වෙනකෙකුට ආදේශ කරන්නන් හා කිතුනුවන් අල්ලාහ්ට දරුවකු ඇතැයි සම්බන්ධ කරමින් ඉදිරිපත් කරන ප්රතිපත්තිය නිෂ්ඵල කිරීම හා අල්ලාහ් තම ගැත්තන්හට පිරිනැමූ ආශිර්වාදයේ විශාලත්වය පැහැදිලි කිරීම.

كٓهٰیٰعٓصٓ ۟
(කාෆ්, හා, යා, අයින්, ස්වාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهٗ زَكَرِیَّا ۟ۖۚ
මෙය නුඹේ පරමාධිපතිගේ ගැත්තෙකු වූ සකරිය්යා (අලයිහිස් සලාම්) තුමාණන්හට ඔහු දැක් වූ ආශිර්වාදයන් මෙනෙහි කිරීමකි. එමගින් පාඩම් ලැබිය හැකි පරිදි අපි එය නුඹ වෙත කතාවක් වශයෙන් ඉදිරිපත් කරන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
اِذْ نَادٰی رَبَّهٗ نِدَآءً خَفِیًّا ۟
පිළිතුරු ලැබීම ඉතා සමීප අයුරින් පිහිටනු පිණිස සිහින් ප්රාර්ථනාවෙන් ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කළ අවස්ථාව සිහියට නගනු.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ رَبِّ اِنِّیْ وَهَنَ الْعَظْمُ مِنِّیْ وَاشْتَعَلَ الرَّاْسُ شَیْبًا وَّلَمْ اَكُنْ بِدُعَآىِٕكَ رَبِّ شَقِیًّا ۟
ඔහු, "අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී ඇත. මා නුඹගෙන් ප්රාර්ථනා කර සිටියදී කිසිවිටෙක මා බලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. මා නුඹගෙන් ප්රාර්ථනා කළ සෑම විටම නුඹ මට පිළිතුරු දී ඇත" යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاِنِّیْ خِفْتُ الْمَوَالِیَ مِنْ وَّرَآءِیْ وَكَانَتِ امْرَاَتِیْ عَاقِرًا فَهَبْ لِیْ مِنْ لَّدُنْكَ وَلِیًّا ۟ۙ
මාගේ සමීපතයින් මෙලොව කටයුතුවල කාර්යබහුලව සිටින බැවින් මාගේ මරණයෙන් පසු දහමේ වගකීම් ඔවුන් ඉටු නොකරනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි. එමෙන්ම මාගේ බිරිය දරුවන් ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවකි. එහෙයින් මට සහය වන දරුවෙකු ඔබ වෙතින් මාහට පිරිනමනු මැනව!
Tafsiraaɗe Aarabu ɗen:
یَّرِثُنِیْ وَیَرِثُ مِنْ اٰلِ یَعْقُوْبَ ۗ— وَاجْعَلْهُ رَبِّ رَضِیًّا ۟
මාගේ සමීපතයින් මෙලොව කටයුතුවල කාර්යබහුලව සිටින බැවින් මාගේ මරණයෙන් පසු දහමේ වගකීම් ඔවුන් ඉටු නොකරනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි. එමෙන්ම මාගේ බිරිය දරුවන් ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවකි. එහෙයින් මට සහය වන දරුවෙකු ඔබ වෙතින් මාහට පිරිනමනු මැනව!
Tafsiraaɗe Aarabu ɗen:
یٰزَكَرِیَّاۤ اِنَّا نُبَشِّرُكَ بِغُلٰمِ ١سْمُهٗ یَحْیٰی ۙ— لَمْ نَجْعَلْ لَّهٗ مِنْ قَبْلُ سَمِیًّا ۟
අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔහුට මෙසේ ආමන්ත්රණය කළේය. "අහෝ සකරිය්යා! සැබැවින්ම නුඹ සතුටට පත් වන දෑ අපි නුඹට දන්වන්නෙමු. නුඹේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දී ඇත්තෙමු. යහ්යා නම් දරුවෙකු අපි නුඹට පිරිනමමු. මීට පෙර වෙනත් කිසිවෙකුට මෙම නම අපි නොතැබුවෙමු."
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ رَبِّ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّكَانَتِ امْرَاَتِیْ عَاقِرًا وَّقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِیًّا ۟
අල්ලාහ්ගේ ශක්තිය පිළිබඳ පුදුමයට පත් ව සකරිය්යා, "සැබැවින්ම අස්ථි දුර්වල වූ වැඩිහිටි අවදියේ මා සිටියදී මාගේ බිරිය ද දරුවකු ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවක් ලෙස සිටියදී මට කෙසේ නම් දරුවකු වනු ඇත්දැ?" යි විමසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ كَذٰلِكَ ۚ— قَالَ رَبُّكَ هُوَ عَلَیَّ هَیِّنٌ وَّقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَیْـًٔا ۟
සැබැවින්ම නුඹේ බිරිය දරුවන් ප්රසූත කරන තත්ත්වයේ නොසිටින බවත් සැබැවින්ම නුඹ අස්ථි දුර්වල වූ වයස්ගත අවසන් කාලයට ළඟා වී ඇති බවත් නුඹ පවසන කාරණාව සැබෑය. නමුත් නුඹේ පරමාධිපති, "වඳ මවකගෙන් හා අවසන් කාලය ළඟා වූ පියකුගෙන් යහ්යාව මැවීම නුඹේ පරමාධිපතිට පහසු කාර්යයකි. අහෝ සකරිය්යා මීට පෙර කිසිවක් නොමැති තත්ත්වයක සිට සැබැවින් මම නුඹව මවා ඇත්තෙමි" යැයි පවසා සිටියේය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ رَبِّ اجْعَلْ لِّیْۤ اٰیَةً ؕ— قَالَ اٰیَتُكَ اَلَّا تُكَلِّمَ النَّاسَ ثَلٰثَ لَیَالٍ سَوِیًّا ۟
"මාගේ පරමාධිපතියාණනි! මා තැන්පත් වනු පිණිස මලක්වරුන් කවර ශුභාරංචියක් මාහට දන්වා සිටියේ ද එය සිදුවීම පෙන්වා දෙන සළකුණක් මා වෙත ඇති කරනු." යැයි සකරිය්යා පැවසුවේය. ඔහු, "කවර ශුභාරංචියක් නුඹට දන්වන ලද්දේ ද, එය ඇතිවීම පෙන්වා දෙන සළකුණ වනුයේ, කිසිදු හේතුවකින් තොර ව නුඹ මනා සෞඛ්යය තත්ත්වයෙන් සිටිය දී, රාත්රී තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය" යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَخَرَجَ عَلٰی قَوْمِهٖ مِنَ الْمِحْرَابِ فَاَوْحٰۤی اِلَیْهِمْ اَنْ سَبِّحُوْا بُكْرَةً وَّعَشِیًّا ۟
සකරිය්යා නැමදුම් කළ ස්ථානයෙන් බැහැර ව, තම ජනයා වෙත පැමිණ ඔවුන් සමග කිසිවක් කතා නොකර නුඹලා දහවල ආරම්භයේ හා එහි අවසානයේ පිවිතුරු අල්ලාහ්ව සුවිශුද්ධ කරන මෙන් ඇඟවීය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• الضعف والعجز من أحب وسائل التوسل إلى الله؛ لأنه يدل على التَّبَرُّؤِ من الحول والقوة، وتعلق القلب بحول الله وقوته.
•දුර්වලකම හා නොහැකියාව අල්ලාහ් වෙත උදව් පැතීමේ දී වඩාත් ප්රියතම මාධ්යය වන්නේය. ඊට හේතුව සැබැවින්ම එය බලය හා ශක්තිය තමන්ට නැති බවත් අල්ලාහ්ගේ බලය හා ශක්තිය සමග හදවත සම්බන්ධ වන බවත් පෙන්වා දෙන්නෙකි.

• يستحب للمرء أن يذكر في دعائه نعم الله تعالى عليه، وما يليق بالخضوع.
•පුද්ගලයකු තම ප්රාර්ථනාවෙහි, අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාදයන් හා ඒ හා බැඳුණු දෑ, යටහත් පහත්ව මෙනෙහි කිරීම සතුටුදායකය.

• الحرص على مصلحة الدين وتقديمها على بقية المصالح.
•දහමේ යහපත වෙනුවෙන් උනන්දු වීම හා සෙසු සියලුම යහපත් කටයුතුවලට වඩා එයට මුල්තැන දීම.

• تستحب الأسماء ذات المعاني الطيبة.
•හොඳ අර්ත සහිත නම් තැබීම සතුටුදායකය.

یٰیَحْیٰی خُذِ الْكِتٰبَ بِقُوَّةٍ ؕ— وَاٰتَیْنٰهُ الْحُكْمَ صَبِیًّا ۟ۙ
ඔහු දාව යහ්යා උපත ලැබුවේය. ඔහු කතා කරන වයසට එළැඹුණු කළ අපි ඔහුට, "අහෝ යහ්යා! ඉතා උවමනාවෙන් හා උනන්දුවෙන් තව්රාතය ජීවිතයට ගනු" යැයි පැවසුවෙමු. තවද ඔහුගේ කුඩා අවදියේම අපි ඔහුට අවබෝධය, උනන්දුව හා ස්ථාවරත්වය පිරිනැමුවෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَّحَنَانًا مِّنْ لَّدُنَّا وَزَكٰوةً ؕ— وَكَانَ تَقِیًّا ۟ۙ
අප වෙතින් වූ ආශිර්වාදයක් අපි ඔහුට ආශිර්වාද කළෙමු. ඔහුව අපි පාපකම්වලින් පිරිසිදු කළෙමු. ඔහු අල්ලාහ්ගේ නියෝග අනුව පාලනය කරන, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින බැතිමත් අවංක අයකු විය.
Tafsiraaɗe Aarabu ɗen:
وَّبَرًّا بِوَالِدَیْهِ وَلَمْ یَكُنْ جَبَّارًا عَصِیًّا ۟
ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නෙකු විය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉතා කාරුණික විය. ඔවුන් දෙදෙනා සමග යහපත් අයුරින් කටයුතු කරන්නෙකු විය. ඔහුගේ පරමාධිපතිට අවනත වීමටත් ඔවුන් දෙදෙනාට කීකරු වීමටත් ඔහු උඬඟු නොවීය. ඔහුගේ පරමාධිපතිට හෝ ඔහුගේ දෙමාපියන්ට හෝ ඔහු පිටුපාන්නෙකු නොවීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَسَلٰمٌ عَلَیْهِ یَوْمَ وُلِدَ وَیَوْمَ یَمُوْتُ وَیَوْمَ یُبْعَثُ حَیًّا ۟۠
ඔහු උපත ලැබූ දින ද, මිය යන දින ද මිය ගිය පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජීවමානව ඔහුව යළි අවදි කරන දින ද අල්ලාහ්ගෙන් වූ ශාන්තිය හා ඔහුගෙන් වූ ආරක්ෂාව ඔහුට හිමිය. මෙම අවස්ථා තුන මිනිසෙකු තරණය කළ යුතු ඉතා බැරූරුම් අවස්ථාවන්ය. ඒ අවස්ථාවන්හි සුරක්ෂිත වූයේ නම් ඒ හැර අනෙක් විෂයයන්හි ඔහු කෙරෙහි බියක් නැත.
Tafsiraaɗe Aarabu ɗen:
وَاذْكُرْ فِی الْكِتٰبِ مَرْیَمَ ۘ— اِذِ انْتَبَذَتْ مِنْ اَهْلِهَا مَكَانًا شَرْقِیًّا ۟ۙ
අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ සඳහන් මර්යම් (අලයිහස් සලාම්) තුමිය, ඇයගේ පවුලෙන් ඈත් වී නැගෙනහිර දිශාවේ ස්ථානයකට වෙන්ව ගිය සිද්ධිය පිළිබඳ තොරතුරු මෙනෙහි කරනු.
Tafsiraaɗe Aarabu ɗen:
فَاتَّخَذَتْ مِنْ دُوْنِهِمْ حِجَابًا ۫— فَاَرْسَلْنَاۤ اِلَیْهَا رُوْحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِیًّا ۟
ඇය තම පරමාධිපතිට ඉටු කරන නැමදුම් තත්ත්වයන් ඇයගේ ජනයාට නොපෙනෙන සේ ඔවුන්ගෙන් තොර ව ආවරණයක් ඇය වෙනුවෙන් සකසා ගත්තාය. එවිට අපි ඇය වෙත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව අපි එව්වෙමු. පූර්ණවත් හැඩයෙන් යුත් මිනිසෙකුගේ හැඩරුවෙන් ඇය ඉදිරියේ ඔහු දිස්විය. ඇයට යම් හිංසාවක් කරනු ඇතැයි ඇය බිය වූවාය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَتْ اِنِّیْۤ اَعُوْذُ بِالرَّحْمٰنِ مِنْكَ اِنْ كُنْتَ تَقِیًّا ۟
පූර්ණ මිනිසෙකුගේ හැඩයෙන් යුතු ව ඔහු ඇය වෙත ඉදිරියට එනු දුටු ඇය, "අහෝ! ඔබ අල්ලාහ්ට බැතිමත් අයකු නම් ඔහුට බියවනු. නුඹෙන් මට ඇත්විය හැකි හානියෙන් සැබැවින්ම මම ආරක්ෂාව මහාකාරුණිකයාණන් වෙත පතමි" යැයි පැවසුවාය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ اِنَّمَاۤ اَنَا رَسُوْلُ رَبِّكِ ۖۗ— لِاَهَبَ لَكِ غُلٰمًا زَكِیًّا ۟
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා, "මම මිනිසෙකු නොවෙමි. සැබැවින්ම නුඹට දැහැමි පිවිතුරු දරුවෙකු පරිත්යාග කිරීම (ගැන දන්වනු) සඳහා සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත එවනු ලැබූ දේව දූතයෙකු වෙමි"යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَتْ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّلَمْ یَمْسَسْنِیْ بَشَرٌ وَّلَمْ اَكُ بَغِیًّا ۟
මර්යම් තුමිය පුදුමයෙන් යුතු ව, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ මා වෙත ළංව නොසිටියදී මට දරුවකු ඇති වනුයේ කෙසේද? මට දරුවෙකු ඇති වන තරමට මම දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවූයෙමි" යැයි පැවසුවාය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ كَذٰلِكِ ۚ— قَالَ رَبُّكِ هُوَ عَلَیَّ هَیِّنٌ ۚ— وَلِنَجْعَلَهٗۤ اٰیَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا ۚ— وَكَانَ اَمْرًا مَّقْضِیًّا ۟
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ඇයට, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ ඔබව ස්පර්ශ කර නොමැති බවත් ඔබ දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවන බවත් ඔබ සඳහන් කළ පරිදි එය එසේමය. නමුත් නුඹේ පරමාධිපතියාණන්: ‘පියෙකු තොරව දරුවකු මැවීම මා වෙත පහසු කාර්යයක්' යැයි පවසා සිටියි. ඔබට ත්යාග වශයෙන් පිරිනමනු ලබන දරුවා අල්ලාහ්ගේ ශක්තිය මිනිසුනට පෙන්වා දෙන සළකුණක් වන්නේය. එමෙන්ම අප වෙතින් නුඹට හා ඔහුව විශ්වාස කරන ජනයාට පිරිනමන ආශිර්වාදයකි. නුඹට දරුවකු බිහිවීම ගැන අල්ලාහ් විසින් නියම කරන ලද ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේ ලියන ලද අල්ලාහ්ගේ තීන්දුව විය පැවසුවේය.
Tafsiraaɗe Aarabu ɗen:
فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهٖ مَكَانًا قَصِیًّا ۟
මලක්වරයා ඇය මත පිඹීමෙන් පසුව ඇය එය උසුලාගෙන මිනිසුන්ගෙන් ඈත් වූ දුර තැනකට වෙන් ව ගියාය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَجَآءَهَا الْمَخَاضُ اِلٰی جِذْعِ النَّخْلَةِ ۚ— قَالَتْ یٰلَیْتَنِیْ مِتُّ قَبْلَ هٰذَا وَكُنْتُ نَسْیًا مَّنْسِیًّا ۟
විලිරුදාව ඇයට අත්විය. ඉඳි ගසක කඳක් වෙත ඇය ව යොමු කළේය. මර්යම් (අලයිහිස් සලාම්) තුමිය, "මෙදිනට පෙර මා මිය යා යුතු නොවේද! මට නපුරක් නොවනු ඇතැයි නොසිතන තරමට මෙනෙහි නොකරන ලද්දක් බවට මා පත්විය යුතු නොවේදැ?"යි පැවසුවාය.
Tafsiraaɗe Aarabu ɗen:
فَنَادٰىهَا مِنْ تَحْتِهَاۤ اَلَّا تَحْزَنِیْ قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِیًّا ۟
ඇයගේ පාද දෙක යටින් ඊසා (අලයිහිස් සලාම්) තුමා ඇය ව අමතා, "ඔබ දුක් නොවනු. ඔබ ජලය පානය කිරීම සඳහා දිය උල්පතක් ඔබට පහළින් ඔබේ පරමාධිපති ඇති කළේය." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَهُزِّیْۤ اِلَیْكِ بِجِذْعِ النَّخْلَةِ تُسٰقِطْ عَلَیْكِ رُطَبًا جَنِیًّا ۟ؗ
"ඔබ ඉඳි ගස් කඳ අල්ලාගෙන සොලවනු. ඒ මෙහොතේම නෙළන ලද නැවුම් ඉඳි නුඹ මත වැටෙනු ඇත."
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• الصبر على القيام بالتكاليف الشرعية مطلوب.
•පතනු ලබන ආගමික වගකීම් ඉටු කිරීමෙහි දී ඉවසීම.

• علو منزلة بر الوالدين ومكانتها عند الله، فالله قرنه بشكره.
•දෙමව්පියන්ට උපකාර කිරීමේ දී අල්ලාහ් අභියස ඇති උසස් නිලය හා ස්ථානය. අල්ලාහ්ට කෘතඥ වීම තුළින් ඔහු ඔහු ව සමීප කර ගන්නේය.

• مع كمال قدرة الله في آياته الباهرة التي أظهرها لمريم، إلا أنه جعلها تعمل بالأسباب ليصلها ثمرة النخلة.
•මර්යම් (අලයිහිස් සලාම්) තුමියට හෙළි කළ විශ්මිත ප්රාතිහාර්යයන් තුළ අල්ලාහ්ගේ බලයේ පරිපූර්ණත්වය පිහිටා තිබෙනවාත් සමගම ඉඳි ගස වෙත ඇය ව ළඟා කරවීම සඳහා විය යුතු හේතු කාරණා ඇයට ඇති කිරීම.

فَكُلِیْ وَاشْرَبِیْ وَقَرِّیْ عَیْنًا ۚ— فَاِمَّا تَرَیِنَّ مِنَ الْبَشَرِ اَحَدًا ۙ— فَقُوْلِیْۤ اِنِّیْ نَذَرْتُ لِلرَّحْمٰنِ صَوْمًا فَلَنْ اُكَلِّمَ الْیَوْمَ اِنْسِیًّا ۟ۚ
නුඹ පිරිසිදු නැවුම් දෙයින් අනුභව කරනු. මෙම ජලයෙන් පානය කරනු. නුඹට ඉපදුණු දරුවා පිළිබඳ සතුටු වනු. නුඹ දුක් නොවනු. ජනයා අතරින් කිසිවෙකුව නුඹ දැක ඉපදුණු දරුවා පිළිබඳ නුඹෙන් අසා සිටියේ නම් නුඹ ඔහුට: ‘කතා කිරීමෙන් නිහඬ වීමට මම මාගේ පරමාධිපති ට බැඳී සිටිමි. එබැවින් අද දින මිනිසුන් අතරින් කිසිවෙකු සමග මම කතා නොකරමි’ යැයි (සංඥාවෙන් දන්වනු) පවසනු.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَتَتْ بِهٖ قَوْمَهَا تَحْمِلُهٗ ؕ— قَالُوْا یٰمَرْیَمُ لَقَدْ جِئْتِ شَیْـًٔا فَرِیًّا ۟
මර්යම් ඇයගේ දරුවා උසුලාගෙන ඇයගේ සමූහයා වෙත පැමිණියාය. එවිට ඇයගේ සමූහයා ඇය හෙළා දකිමින්, "අහෝ මර්යම්! පියකු නොමැති දරුවකු ගෙනැවින් සැබැවින් ඔබ බරපතළ කරුණක් සිදු කර ඇත්තාය" යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
یٰۤاُخْتَ هٰرُوْنَ مَا كَانَ اَبُوْكِ امْرَاَ سَوْءٍ وَّمَا كَانَتْ اُمُّكِ بَغِیًّا ۟ۖۚ
"අහෝ නැමදුමෙහි හාරූන්ට සමාන තැනැත්තියනි!" (ඔහු දැහැමි මිනිසෙකු විය.) නුඹේ පියාණන් සල්ලාලයෙකු නොවීය. නුඹේ මව ද දුරාචාරයේ යෙදුනු කාන්තාවක් නොවීය. ඔබත් දැහැමි කටයුතු කරන පිවිතුරු නිවැසියන් අතර කෙනෙකි. එසේනම්, පියකු නොමැති ව දරුවෙකු නුඹ ගෙන එනුයේ කෙසේද?
Tafsiraaɗe Aarabu ɗen:
فَاَشَارَتْ اِلَیْهِ ۫ؕ— قَالُوْا كَیْفَ نُكَلِّمُ مَنْ كَانَ فِی الْمَهْدِ صَبِیًّا ۟
එවිට ඇය ඇයගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පෙන්වීය. ඔහු තොටිල්ලෙහි විය. එවිට ඇයගේ සමූහයා පුදුමයෙන් යුතුව: "දරුවා තොටිල්ලෙහි සිටියදී අප ඔහු සමග කතා කළ හැක්කේ කෙසේදැ?"යි විමසා සිටියෝය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ اِنِّیْ عَبْدُ اللّٰهِ ۫ؕ— اٰتٰىنِیَ الْكِتٰبَ وَجَعَلَنِیْ نَبِیًّا ۟ۙ
ඊසා (අලයිහිස් සලාම්) තුමා, "සැබැවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. මා වෙත ඔහු ඉන්ජීලය පිරිනමා ඇත. එමෙන්ම ඔහුගේ නබිවරුන් අතරින් නබිවරයකු ලෙස ඔහු මා පත් කර ඇත." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَّجَعَلَنِیْ مُبٰرَكًا اَیْنَ مَا كُنْتُ ۪— وَاَوْصٰنِیْ بِالصَّلٰوةِ وَالزَّكٰوةِ مَا دُمْتُ حَیًّا ۟ۙ
"මා කොතැනක සිටිය ද, ගැත්තන්හට අධික ලෙස සෙත සලසන්නෙකු බවට ඔහු මා පත් කර ඇත. එමෙන්ම මාගේ ජීවිතාන්තය දක්වාම සලාතය ඉටු කරන මෙන් ද සකාත් පිරිනමන මෙන් ද ඔහු මට නියෝග කර ඇත."
Tafsiraaɗe Aarabu ɗen:
وَّبَرًّا بِوَالِدَتِیْ ؗ— وَلَمْ یَجْعَلْنِیْ جَبَّارًا شَقِیًّا ۟
තවද මාගේ මවට ඇප උපස්ථාන කරන්නෙකු ලෙස ද ඔහු මා පත් කර ඇත. මාගේ පරමාධිපතිට අවනත වීමෙන් අහංකාරයකු ලෙස හෝ ඔහුට පාපකම් සිදු කරන්නෙකු ලෙස හෝ ඔහු මා පත් කර නැත.
Tafsiraaɗe Aarabu ɗen:
وَالسَّلٰمُ عَلَیَّ یَوْمَ وُلِدْتُّ وَیَوْمَ اَمُوْتُ وَیَوْمَ اُبْعَثُ حَیًّا ۟
මා උපන් දිනයේත් මා මිය යන දිනයේදීත් මා යළිත් ජීමානව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේත් ෂෙයිතාන් හා ඔහුගේ උදව්කරුවන්ගෙන් ආරක්ෂාව මා වෙත විය. මේ විශේෂිත සංසිද්ධීන් තුනෙහිම ෂෙයිතාන් මා ස්පර්ශ කළේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
ذٰلِكَ عِیْسَی ابْنُ مَرْیَمَ ۚ— قَوْلَ الْحَقِّ الَّذِیْ فِیْهِ یَمْتَرُوْنَ ۟
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ දැහැමියා මර්යම්ගේ පුත් ඊසාය. මෙම ප්රකාශය එතුමා සම්බන්ධයෙන් වූ සත්යය ප්රකාශයකි. මෙය ඔහු සම්බන්ධයෙන් සැක කරන, මතභේද ඇති කරන, නොමඟ ගියවුන් පවසන ප්රකාශයක් නොවේ.
Tafsiraaɗe Aarabu ɗen:
مَا كَانَ لِلّٰهِ اَنْ یَّتَّخِذَ مِنْ وَّلَدٍ ۙ— سُبْحٰنَهٗ ؕ— اِذَا قَضٰۤی اَمْرًا فَاِنَّمَا یَقُوْلُ لَهٗ كُنْ فَیَكُوْنُ ۟ؕ
කිසිදු දරුවෙකු ගැනීමේ අවශ්යතාවක් අල්ලාහ්ට නොවීය. ඔහු එයින් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහු යම් කටයුත්තක් සිතූ විට, ශුද්ධවන්තයාණන් වන ඔහු එම කරුණට ‘කුන්’ - වනු යැය පැවසීම ප්රමාණවත්ය. එවිට කිසිදු සැකයකින් තොරව එය සිදුවන්නේය. එසේ කටයුතු කරන්නා දරුවන්ගෙන් තොර පිවිතුරු වූවෙකි.
Tafsiraaɗe Aarabu ɗen:
وَاِنَّ اللّٰهَ رَبِّیْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ— هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
"සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලා සියල්ලන්ගේ පරමාධිපතිය. එහෙයින් ඔහුට පමණක් අවංකව නැමදුම් ඉටු කරනු. නුඹලාට මෙනෙහි කරන ලද මෙය අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරවන ඍජු මාර්ගයයි." (යැයි ඊසා පැවසීය)
Tafsiraaɗe Aarabu ɗen:
فَاخْتَلَفَ الْاَحْزَابُ مِنْ بَیْنِهِمْ ۚ— فَوَیْلٌ لِّلَّذِیْنَ كَفَرُوْا مِنْ مَّشْهَدِ یَوْمٍ عَظِیْمٍ ۟
ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් මතභේද ඇතිකර ගත්තෝය. එහෙයින් ඔහුගේ ප්රජාව අතර විවිධ කණ්ඩායම් බිහි වූහ. ඒ අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඔහුව විශ්වාස කොට, "ඔහු දහම් දූතයෙකි." යැයි පැවසූහ. ඔහු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අතිශයෝක්තියෙන් "ඔහුය අල්ලාහ්" යැයි පැවසුවාක් මෙන්ම, යුදෙව්වන් ඔහුව ප්රතික්ෂේප කළෝය. තවත් පිරිසක් "ඔහු අල්ලාහ්ගේ පුත්රයා" යැයි පැවසූහ. ඒවායින් අල්ලාහ් උත්තරීතරය. ඔහු විෂයයෙහි මෙසේ මත ගැටුම් ඇති කර ගත්තවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අතිමහත් දිනයේ ඇති දර්ශන, විනිශ්චය හා දඬුවම දැකීමෙන් විනාශයක්ම වන්නේය.
Tafsiraaɗe Aarabu ɗen:
اَسْمِعْ بِهِمْ وَاَبْصِرْ ۙ— یَوْمَ یَاْتُوْنَنَا لٰكِنِ الظّٰلِمُوْنَ الْیَوْمَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
සවන් දීම ඔවුනට ප්රයෝජනවත් නොවන පරිදි සවන් දුන් ඔවුන්ගේ ශ්රවණය ද, දැකීම ඔවුනට ප්රයෝජනවත් නොවන පරිදි බැලු ඔවුන්ගේ බැල්ම ද පුදුමසහගතය. කෙසේ වෙතත් අපරාධකරුවෝ මෙලොවෙහි ඍජු මාර්ගයෙන් දුරස්ව පැහැදිළි නොමගෙහි පසුවූවෝය. ඔවුන් අපරාධකරමින් සිටියදී ඔවුන් වෙත එකවර පැමිණෙන මතුලොව සඳහා ඔවුහු සූදානම් නොවන්නෝය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• في أمر مريم بالسكوت عن الكلام دليل على فضيلة الصمت في بعض المواطن .
•මර්යම් තුමිය කතා නොකර නිහඬව සිටීම යන කරුණ ඇතැම් තැන්වල නිහඬව සිටීමේ මහිමය පෙන්වා දෙන සාධකයකි.

• نذر الصمت كان جائزًا في شرع من قبلنا، أما في شرعنا فقد دلت السنة على منعه.
•භාරයක් ලෙස නිහඬව සිටීම අපට පෙර තිබූ පිළිවෙත්වල අනුමත වූ කරුණක් විය. නමුත් අපගේ පිළිවෙත තුළ එය වළක්වනු ලැබූ කරුණක් බව සුන්නාව (නබි පිළිවෙත) පෙන්වා දී ඇත.

• أن ما أخبر به القرآن عن كيفية خلق عيسى هو الحق القاطع الذي لا شك فيه، وكل ما عداه من تقولات باطل لا يليق بالرسل.
•ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ උපත සිදු වූ අයුරු පිළිබඳ අල් කුර්ආනය දන්වා සිටින තොරතුරු කිසිදු සැකයක් නොමැති ස්තීර සත්යයකි. ඒ හැර සිදු කරන අන් සියලු ප්රකාශයන් රසූල්වරුන් සමග නොබැඳුණු ව්යාජ ප්රකාශ වේ.

• في الدنيا يكون الكافر أصم وأعمى عن الحق، ولكنه سيبصر ويسمع في الآخرة إذا رأى العذاب، ولن ينفعه ذلك.
•මෙලොවෙහි දේව ප්රතික්ෂේපකයා සත්යයෙන් අන්ධ වූ අන්ධයකු හා බිහිරි වූ බිහිරෙකු වන්නේය. නමුත් දඬුවම දකින විට මතුලොවෙහි ඔහු බලයි. සවන් දෙයි. නමුත් එය කිසිවිටෙක ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත.

وَاَنْذِرْهُمْ یَوْمَ الْحَسْرَةِ اِذْ قُضِیَ الْاَمْرُ ۘ— وَهُمْ فِیْ غَفْلَةٍ وَّهُمْ لَا یُؤْمِنُوْنَ ۟
අහෝ දූතය! දුෂ්ඨයා ඔහුගේ දුෂ්ඨකම් මත පසුතැවෙන, දැහැමියා අවනතවීමෙහි වැඩි කාලයක් ගත නොකිරීම ගැන පසුතැවෙන එම පසුතැවීමේ දිනය ගැන ජනයාට අනතුරු අඟවනු. ගැත්තන්ගේ ලේඛන දිගු හරිනු ලැබ, ඔවුන්ගේ විනිශ්චය අවසන් වූ විට සියලු දෙනාම ඔහු ඉදිරිපත් කළ දෑ වෙතට පත් වෙති. ඔවුන් ඔවුන්ගේ මෙලොව ජීවිතයෙහි රවටනු ලැබූවන් වෙති. මතුලොව පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන විශ්වාස නොකරති.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّا نَحْنُ نَرِثُ الْاَرْضَ وَمَنْ عَلَیْهَا وَاِلَیْنَا یُرْجَعُوْنَ ۟۠
මැවීම් විනාශ වී ගිය පසුව ඉතිරි වනුයේ අප පමණය. මහපොළොවේ උරුමය අප සතුය. ඒ මත විසූවන් ද විනාශ වී අප පමණක් ඉතිරිවන බැවින් ඒවා ද අප සතුය. අපි ඔවුනට ඒවා භාර කළෙමු. අපි අභිමත කරන පිරිදි ඔවුන් විශයෙහි කටයුතු කරන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් නැවත හැරී පැමිණෙනුයේ අප වෙතමය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاذْكُرْ فِی الْكِتٰبِ اِبْرٰهِیْمَ ؕ۬— اِنَّهٗ كَانَ صِدِّیْقًا نَّبِیًّا ۟
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු වඩාත් සත්යවාදියෙකු හා අල්ලාහ්ගේ වදන් තහවුරු කරන්නෙකු විය. එමෙන්ම අල්ලාහ් වෙතින් වූ නබිවරයකු ද විය.
Tafsiraaɗe Aarabu ɗen:
اِذْ قَالَ لِاَبِیْهِ یٰۤاَبَتِ لِمَ تَعْبُدُ مَا لَا یَسْمَعُ وَلَا یُبْصِرُ وَلَا یُغْنِیْ عَنْكَ شَیْـًٔا ۟
ඔහු ඔහුගේ පියා ආසර්ගෙන්, "ඔබ ඇරයුම් කර සිටිය ද ඔබේ ඇරයුමට සවන් නොදෙන, ඔබ ගැතිකම් කළ ද ඔබේ නැමදුම බලා නොසිටින, ඔබට ඇතිවන උවදුරු ඔබෙන් ඉවත් නොකරන, ඔබට කිසිදු ප්රයෝජනයක් ගෙන නොදෙන පිළිමයකට ඔබ වැඳුම් පිඳුම් කරනුයේ ඇයි දැ?"යි විමසීය.
Tafsiraaɗe Aarabu ɗen:
یٰۤاَبَتِ اِنِّیْ قَدْ جَآءَنِیْ مِنَ الْعِلْمِ مَا لَمْ یَاْتِكَ فَاتَّبِعْنِیْۤ اَهْدِكَ صِرَاطًا سَوِیًّا ۟
"මාගේ පියාණනි, ඔබ වෙත නොපැමිණි දේව පණිවිඩ මඟින් සැබැවින්ම මා වෙත ඥානය පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරන්න. මම ඔබට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වමි."
Tafsiraaɗe Aarabu ɗen:
یٰۤاَبَتِ لَا تَعْبُدِ الشَّیْطٰنَ ؕ— اِنَّ الشَّیْطٰنَ كَانَ لِلرَّحْمٰنِ عَصِیًّا ۟
"අහෝ මාගේ පියාණනි! ෂෙයිතාන්ට අවනත වී ඔහුට ගැතිකම් නොකරනු. සැබැවින්ම ෂෙයිතාන් වනාහි, මහා කරුණාන්විතයාණන් ආදම්ට සුජූද් කරන මෙන් ඔහුට නියෝග කළ විට ඔහු සුජූද් නොකිරීම හේතුවෙන් රහ්මාන්ට පිටුපාන්නෙකු විය."
Tafsiraaɗe Aarabu ɗen:
یٰۤاَبَتِ اِنِّیْۤ اَخَافُ اَنْ یَّمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمٰنِ فَتَكُوْنَ لِلشَّیْطٰنِ وَلِیًّا ۟
මාගේ පියාණනි! ඔබ දේවත්වය ප්රතික්ෂේප කරන තත්ත්වය මතම මිය යැදුණේ නම් මහාකාරුණිකයාණන්ගෙන් වූ දඬවමක් ඔබට අත්වීම ගැන සැබැවින්ම මම බිය වෙමි. එවිට ඔබ ඔහු සමග සමීපයෙන් කටයුතු කළ බැවින් දඬුවම් ලැබීමෙහි ඔබ ෂෙයිතාන්ට සමීපතයෙකු බවට පත් වන්නෙහිය."
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ اَرَاغِبٌ اَنْتَ عَنْ اٰلِهَتِیْ یٰۤاِبْرٰهِیْمُ ۚ— لَىِٕنْ لَّمْ تَنْتَهِ لَاَرْجُمَنَّكَ وَاهْجُرْنِیْ مَلِیًّا ۟
ආසර් තම පුත් ඉබ්රාහීම්ට, "අහෝ ඉබ්රාහීම්! මා නමදින මාගේ පිළිමවලට නුඹ පිටු පාන්නෙහිද? මාගේ පිළිමවලට දොස් නැගීමෙන් නුඹ නොවැළකුනෙහි නම් සැබැවින්ම මම නුඹව ගල් ගසා මරා දමමි. නුඹ මා ළඟින් දීර්ඝ කාලයක් වෙන්ව යනු. මා සමග කතා නොකරනු. මා සමග එකතු නොවනු" යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالَ سَلٰمٌ عَلَیْكَ ۚ— سَاَسْتَغْفِرُ لَكَ رَبِّیْ ؕ— اِنَّهٗ كَانَ بِیْ حَفِیًّا ۟
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම පියාණන්ට, "මා ඔබට ශාන්තිය පතමි. මා ගැන ඔබ පිළිකුල් කරන කිසිවක් ඔබ ලබන්නේ නැත. ඔබ වෙනුවෙන් පාපක්ෂමාව හා යහමඟ මම මාගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටිමි. සැබැවින්ම ඔහු සුවිශුද්ධය. ඔහු මා කෙරහි දායලුය." යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاَعْتَزِلُكُمْ وَمَا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ وَاَدْعُوْا رَبِّیْ ۖؗ— عَسٰۤی اَلَّاۤ اَكُوْنَ بِدُعَآءِ رَبِّیْ شَقِیًّا ۟
"මම නුඹලාගෙන් වෙන්වෙමි. එමෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින නුඹලාගේ දෙවිවරුන්ගෙන් ද වෙන්වෙමි. මම මාගේ පරමාධිපති පමණක් ඇරයුම් කරමි. ඔහුට කිසිවක් ආදේශ නොකරමි. මම ඔහුට ඇරයුම් කර සිටින විට එම ප්රාර්ථනාව තුළින් දුර්භාග්යයකු වීමෙන් මා වළක්වා ගතහැකි වන්නේය."
Tafsiraaɗe Aarabu ɗen:
فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا یَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ۙ— وَهَبْنَا لَهٗۤ اِسْحٰقَ وَیَعْقُوْبَ ؕ— وَكُلًّا جَعَلْنَا نَبِیًّا ۟
ඔහු ඔවුන් හා අල්ලාහ් හැරදමා ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් අතහැර දැමූ කල්හි, ඔහුට ඔහුගේ පවුල අහිමි වීම වෙනුවට අපි ඔහුට ඉස්හාක් නම් පුතෙකු පිරිනැමුවෙමු. තවද ඔහුගේ මුණුපුරු යඃකූබ්ව ද අපි ඔහුට පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුවම නබිවරයකු බවට පත් කළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَوَهَبْنَا لَهُمْ مِّنْ رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِیًّا ۟۠
අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට නබිත්වය සමගම අධික යහපත ද පිරිනැමුවෙමු. ගැත්තන්ගේ මුවින් පැසසුමට ලක් කරන නිරන්තර යහපත් ප්රශංසාවක් අපි ඔවුනට ඇති කළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَاذْكُرْ فِی الْكِتٰبِ مُوْسٰۤی ؗ— اِنَّهٗ كَانَ مُخْلَصًا وَّكَانَ رَسُوْلًا نَّبِیًّا ۟
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ මූසා (අලයිහිස් සලාම්) පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු තෝරා ගනු විශේෂිතයෙකු විය. එමෙන්ම නබිවරයකු මෙන්ම දූතයෙකු ද විය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• لما كان اعتزال إبراهيم لقومه مشتركًا فيه مع سارة، ناسب أن يذكر هبتهما المشتركة وحفيدهما، ثم جاء ذكر إسماعيل مستقلًّا مع أن الله وهبه إياه قبل إسحاق.
•ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම සමාජයෙන් ඉවත් වී සාරා සමග එකතු වූ කල්හි, ඔවුන් දෙදෙනාට පිරිනැමූ දරු ත්යාගය හා ඔවුන් දෙදෙනාගේ මුණුබුරු එකට සම්බන්ධ කොට මෙනෙහි කළේය. පසුව ඉස්හාක්ට පෙර ඉස්මාඊල් ඔහුට අල්ලාහ් පිරිනමන බවට වූ වෙනමම සඳහනක් පැමිණ ඇත.

• التأدب واللطف والرفق في محاورة الوالدين واختيار أفضل الأسماء في مناداتهما.
•දෙමාපියන් සමග කතා කිරීමේදී මෘදුව කාරුණිකව හා ආචාරශීලීව කතා කිරීම. ඔවුන් දෙදෙනා ඇමතීමේදී වඩාත් අලංකාර නම් තෝරා ගැනීම.

• المعاصي تمنع العبد من رحمة الله، وتغلق عليه أبوابها، كما أن الطاعة أكبر الأسباب لنيل رحمته.
•අල්ලාහ්ගේ කරුණාව ලබන්නට වැදගත්ම සාධකය ලෙස අවනත වීම පිහිටා තිබෙන්නාක් මෙන්ම පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ කරුණාවෙන් ගැත්තාව වළක්වනු ඇත. එහි දොරටු ඔහුට වසා දමනු ඇත.

• وعد الله كل محسن أن ينشر له ثناءً صادقًا بحسب إحسانه، وإبراهيم عليه السلام وذريته من أئمة المحسنين.
•සෑම දැහැමියෙකුටම ඔහුගේ යහපත් කටයුතුවලට සරිලන පරිදි අව්යාජ මෙනෙහි කිරීමකින් ඔහුව ප්රචලිත කරන බවට වූ අල්ලාහ්ගේ ප්රතිඥාව. ඉබ්රාහීම් (අලයිහිස් සලාම්)තුමා හා ඔහුගේ පරපුර දැහැමියන්ගේ නායකයින් අතර විය.

وَنَادَیْنٰهُ مِنْ جَانِبِ الطُّوْرِ الْاَیْمَنِ وَقَرَّبْنٰهُ نَجِیًّا ۟
මූසා අලයිහිස් සලාම් තුමාගේ ස්ථානයට යාබද ව දකුණු දෙසින් පිහිටි කන්දක් දෙසින් අපි ඔහුව ඇමතුවෙමු. අල්ලාහ්ගේ කතාව ඔහුගේ සවනට වැකෙන පරිදි ඔහු සමග කතා කිරීමට අපි ඔහුව සමීප කළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَوَهَبْنَا لَهٗ مِنْ رَّحْمَتِنَاۤ اَخَاهُ هٰرُوْنَ نَبِیًّا ۟
අපගේ කරුණාවෙන් හා අප ඔහුට පිරිනැමූ ආශිර්වාදයෙන් ඔහුගේ සහෝදර හාරූන් අලයිහිස් සලාම් තුමා ව නබිවරයකු ලෙස අපි ඔහුට පිරිනැමුවෙමු. එය ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් ඒ ගැන විමසා සිටි අවස්ථාවේදී ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු වශයෙනි.
Tafsiraaɗe Aarabu ɗen:
وَاذْكُرْ فِی الْكِتٰبِ اِسْمٰعِیْلَ ؗ— اِنَّهٗ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُوْلًا نَّبِیًّا ۟ۚ
අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු ද මෙනෙහි කර බලනු. සැබැවින්ම හෙතෙම ප්රතිඥාව තහවුරු කන්නෙකු විය. යම් කිසි ප්රතිඥාවක් දෙනු ලැබූ විට එය ඉටු කළේය. එමෙන්ම ඔහු නබිවරයකු මෙන්ම දූතයකු විය.
Tafsiraaɗe Aarabu ɗen:
وَكَانَ یَاْمُرُ اَهْلَهٗ بِالصَّلٰوةِ وَالزَّكٰوةِ ۪— وَكَانَ عِنْدَ رَبِّهٖ مَرْضِیًّا ۟
සලාතය විධිමත්ව ඉටු කරන මෙන් ද සකාතය පිරිනමන මෙන් ද ඔහුගේ පවුලට ඔහු නියෝග කරන්නෙකු විය. එමෙන්ම ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගැනීමට ලක්වූ අයකු විය.
Tafsiraaɗe Aarabu ɗen:
وَاذْكُرْ فِی الْكِتٰبِ اِدْرِیْسَ ؗ— اِنَّهٗ كَانَ صِدِّیْقًا نَّبِیًّا ۟ۗۙ
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ ඉදිරීස් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු වඩාත් සත්යවාදියෙකු හා ඔහුගේ පරමාධිපතිගේ වදන් තහවුරු කරන්නෙකු විය. තවද, අල්ලාහ්ගේ නබිවරුන් අතරින් නබිවරයකු ද විය.
Tafsiraaɗe Aarabu ɗen:
وَّرَفَعْنٰهُ مَكَانًا عَلِیًّا ۟
ඔහුට අපි නබිත්වය පිරිනැමීම තුළින් අපි ඔහුව මෙනෙහි කිරීම උසස් කළෙමු. එහෙයින් ඔහු උසස් නිලයක් ඇත්තෙකු විය.
Tafsiraaɗe Aarabu ɗen:
اُولٰٓىِٕكَ الَّذِیْنَ اَنْعَمَ اللّٰهُ عَلَیْهِمْ مِّنَ النَّبِیّٖنَ مِنْ ذُرِّیَّةِ اٰدَمَ ۗ— وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوْحٍ ؗ— وَّمِنْ ذُرِّیَّةِ اِبْرٰهِیْمَ وَاِسْرَآءِیْلَ ؗ— وَمِمَّنْ هَدَیْنَا وَاجْتَبَیْنَا ؕ— اِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُ الرَّحْمٰنِ خَرُّوْا سُجَّدًا وَّبُكِیًّا ۟
මෙම සූරාවෙහි සකරිය්යා ගෙන් ආරම්භ කොට ඉද්රීස්ගෙන් (අලයිහිමස් සලාම්) අවසන් කරමින් සඳහන් කරනු ලැබූ මොවුහු වනාහි, ආදම්ගේ දරුවන් අතරින් ද නූහ් (අලයිහිස් සලාම්) සමග නැවෙහි ප්රවාහනය කෙරෙව්වා වූ අය අතරින්ද ඉබ්රාහීම්ගේ දරුවන් අතරින්ද යඃකූබ්ගේ දරුවන් අතරින්ද එමෙන්ම ඉස්ලාමය හා යහමඟ වෙත ආශිර්වාද කළවුන් අතරින් ද නබිත්වය ප්රදානය කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ අය වෙති. අපි ඔවුන්ව තෝරා ගත්තෙමු. අපි ඔවුන් නබිවරුන් බවට පත් කළෙමු. පාරායනය කරනු ලැබූ අල්ලාහ්ගේ වදන්වලට ඔවුහු සවන් දුන් විට ඔහුට ඇති බියෙන් හඬමින් ඔහුට සිරස නමා නමස්කාර කරන්නන් වූහ.
Tafsiraaɗe Aarabu ɗen:
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ اَضَاعُوا الصَّلٰوةَ وَاتَّبَعُوا الشَّهَوٰتِ فَسَوْفَ یَلْقَوْنَ غَیًّا ۟ۙ
තෝරා ගනු ලැබූ මෙම නබිවරුන්ගෙන් පසුව නොමඟ හා නපුර අනුගමනය කළවුන් පැමිණියෝය. ඔවුන් සලාතය අපතේ යැව්වෝය. එය අපේක්ෂා කරන පරිදි ඉටු කළේ නැත. ඔවුන්ගේ ආත්මාවන් ආශා කරන පරිදි අපචාරය වැනි පාපකම් සිදු කළෝය. එහෙයින් නිරයේ නපුර හා බිහිසුණු භාවයට ඔවුන් මුහුණ දෙනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
اِلَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا فَاُولٰٓىِٕكَ یَدْخُلُوْنَ الْجَنَّةَ وَلَا یُظْلَمُوْنَ شَیْـًٔا ۟ۙ
නමුත් ඔවුන් සිදු කළ වැරදි හා අඩුපාඩු හැඩගස්වා ගනිමින් පාපක්මාවේ නිරතව, අල්ලාහ් ව විශ්වාස කොට; දැහැමි ක්රියාවන් සිදු කළ අය හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ, ස්වර්ගයට පිවිසෙති. ඔවුන්ගේ ප්රතිඵල කිසිවක් සුළු ප්රමාණයකින් හෝ අඩු කරන්නේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
جَنّٰتِ عَدْنِ ١لَّتِیْ وَعَدَ الرَّحْمٰنُ عِبَادَهٗ بِالْغَیْبِ ؕ— اِنَّهٗ كَانَ وَعْدُهٗ مَاْتِیًّا ۟
දෙවියන් නොදකින තත්ත්වයේ හිද, දැහැමි ක්රියාවන් සිදු කළ තම දැහැමි ගැත්තන්හට සැබැවින්ම ඔවුන්ව ස්වර්ගයට ඇතුළත් කරන බවට මහා කාරුණිකයාණන් ප්රතිඥා දුන් සදා පවත්නා ස්වර්ග උයන් ඔවුනට ඇත. ඔවුහු එය දැක තිබුණේ නැති නමුත් ඒ ගැන විශ්වාස කළෝය. එහෙයින් ස්වර්ගය ගැන වූ අල්ලාහ්ගේ ප්රතිඥාව -අදෘශ්යමාන වුව ද- එය කිසිදු සැකයකින් තොර ව ඉටු කරනු ලබන්නකි.
Tafsiraaɗe Aarabu ɗen:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا اِلَّا سَلٰمًا ؕ— وَلَهُمْ رِزْقُهُمْ فِیْهَا بُكْرَةً وَّعَشِیًّا ۟
ඔවුහු වැඩකට නැති අමතර දෑට හෝ පරුෂ වචනවලට හෝ සවන් නොදෙති. ඒ වෙනුවට ඔවුනොවුන් අතර හුවමාරු කර ගන්නා ශාන්තියේ ප්රකාශය වන සලාමයට සවන් දෙති. ඔවුන් මත මලක්වරුන්ගේ සලාමය පවතී. ඔවුන් ප්රිය කරන ආහාර උදේ සවස එහි ඔවුනට ගෙන දෙනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
تِلْكَ الْجَنَّةُ الَّتِیْ نُوْرِثُ مِنْ عِبَادِنَا مَنْ كَانَ تَقِیًّا ۟
මෙම වර්ණනාවන්ගෙන් විස්තර කරනු ලැබූ මෙම ස්වර්ගය වනාහි, දේව නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් කටයුතු කළ අපගේ ගැත්තන් හට අප උරුම කර දෙන ස්වර්ග උයන වෙයි.
Tafsiraaɗe Aarabu ɗen:
وَمَا نَتَنَزَّلُ اِلَّا بِاَمْرِ رَبِّكَ ۚ— لَهٗ مَا بَیْنَ اَیْدِیْنَا وَمَا خَلْفَنَا وَمَا بَیْنَ ذٰلِكَ ۚ— وَمَا كَانَ رَبُّكَ نَسِیًّا ۟ۚ
අහෝ ජිබ්රීල්! නුඹ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට මෙසේ පවසනු. "සැබැවින්ම මලක්වරුන් ඔවුන් විසින්ම පහළ වන්නේ නැත. සැබැවින්ම ඔවුන් පහළ වනුයේ අල්ලාහ්ගේ නියෝගය අනුවය. අප අනාගතයේ මුහුණ දෙන්නට තිබෙන මතුලොව කටයුතු ද, අප පසුපසින් එන්නට තිබෙන මෙලොව කටයුතු ද, මෙලොව හා මතුලොව අතර පවතින කටයුතු ද යන සියල්ල අල්ලාහ්ටම සතුය. අහෝ දූතය! නුඹේ පරමාධිපති කිසිවක් අමතක කරන්නෙකු නොවීය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• حاجة الداعية دومًا إلى أنصار يساعدونه في دعوته.
•ප්රචාරකයකුට ඔහු කරන ප්රචාරයේ ඔහුට සහය දක්වන උදව් කරුවන්ගේ අවශ්යතාවය.

• إثبات صفة الكلام لله تعالى.
•අල්ලාහ් සතු කතාවේ ස්වරූපය සහතික කිරීම.

• صدق الوعد محمود، وهو من خلق النبيين والمرسلين، وضده وهو الخُلْف مذموم.
•ප්රතිඥාව සැබෑ කිරීම ප්රශංසනීය කටයුත්තකි. එය නබිවරුන් හා රසූල්වරුන්ගේ ගුණාංග අතර විය. එයට පටහැනිව එය කඩ කිරීම අවමානය ගෙන දෙන්නකි.

• إن الملائكة رسل الله بالوحي لا تنزل على أحد من الأنبياء والرسل من البشر إلا بأمر الله.
•සැබැවින්ම මලක්වරුන් දේව පණිවිඩ පිළිබඳ නියෝජනය කරන දූතයෝ වෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව මිස කිසිදු මිනිස් නබිවරයකු වෙත හෝ දූතයකු වෙත හෝ පහළ වන්නේ නැත.

رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهٖ ؕ— هَلْ تَعْلَمُ لَهٗ سَمِیًّا ۟۠
ඔහු අහස්හි මැවුම්කරුය. මහපොළෙවෙහි මැවුම්කරුය. ඒ දෙකෙහි පාලකයාය. ඒ දෙකෙහි කටයුතු සැලසුම් සම්පාදනය කරන්නාය. එමෙන්ම ඒ දෙක අතර ඇති දෑහි ද මැවුම්කරුය. එහි පාලකයාය. එය සැලසුම් කරන්නාය. එහෙයින් නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. නැමදුමට සුදුස්සා ඔහුය. ඔහුට නැමදුම් කිරීමෙහි ස්ථාවරව සිටිනු. නැමදුමෙහි ඔහු සමග හවුල් වන, ඔහුට සමාන කිසිදු සමානයකු හෝ දැක්මක් හෝ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
وَیَقُوْلُ الْاِنْسَانُ ءَاِذَا مَا مِتُّ لَسَوْفَ اُخْرَجُ حَیًّا ۟
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයා, මෙය සමච්චලටය ගනිමින්, "මා මිය ගිය විට මාගේ මිණීවළෙන් දෙවන වතාවට ප්රාණය ලබා ජීවමානව බැහැර කරනු ලබන්නෙම් ද? එය අන්ත මුළාවකි" යැයි පවසයි.
Tafsiraaɗe Aarabu ɗen:
اَوَلَا یَذْكُرُ الْاِنْسَانُ اَنَّا خَلَقْنٰهُ مِنْ قَبْلُ وَلَمْ یَكُ شَیْـًٔا ۟
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින්නා මීට පෙර ඔහු කිසිවක් ලෙස නොසිටියදී සැබැවින්ම අප ඔහු මවා තිබීම ගැන මෙනෙහි නොකරන්නේද? එම මැවීම දෙවන මැවීමට වඩා සුලබ හා පහසු දෙයක් වන අතරම ඒ අනුව පළමු මැවීම දෙවන මැවීමට සාධකයක් වන්නේය.
Tafsiraaɗe Aarabu ɗen:
فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّیٰطِیْنَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِیًّا ۟ۚ
අහෝ දූතය! නුඹේ පරමාධිපති මත දිවුරා පවසමි. සැබැවින්ම ඔවුන් නොමග යැවූ ඔවුන්ගේ නපුරු බලවේග ෂාතානුන් සමග එක් කරමින් මහ්ෂර් නම් රැස් කිරීමේ පිටිය වෙත ඔවුන්ව ඔවුන්ගේ මිණිවළවල්වලින් බැහැර කරන්නෙමු. පසුව නින්දිත නිරය වෙත ඔවුන් දණ ගස්වමින් අපි ඔවුන් ඇදගෙන යන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِیْعَةٍ اَیُّهُمْ اَشَدُّ عَلَی الرَّحْمٰنِ عِتِیًّا ۟ۚ
නොමග ගිය පිරිස් අතරින් වඩාත් දරුණු ලෙස පිටු පෑ සෑම කණ්ඩායමක්ම ඉතා දරුණු හා දැඩි ලෙස සැබැවින්ම අපි ඔවුන් උදුරා ගන්නෙමු. ඔවුහු ඔවුන්ගේ නායකයෝ වෙති.
Tafsiraaɗe Aarabu ɗen:
ثُمَّ لَنَحْنُ اَعْلَمُ بِالَّذِیْنَ هُمْ اَوْلٰی بِهَا صِلِیًّا ۟
පසු ව නිරා ගින්නට පිවිසීමට වඩාත් සුදුසු, එහි උණුසුම හා එහි පීඩා විඳීමට වඩාත් සුදුසු අය කවුරුන්දැයි අපි මැනවින් දනිමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَاِنْ مِّنْكُمْ اِلَّا وَارِدُهَا ۚ— كَانَ عَلٰی رَبِّكَ حَتْمًا مَّقْضِیًّا ۟ۚ
නිරය මධ්යයේ ඉදි කරනු ලැබ ඇති පාලමට ඉහළින් තරණය කිරීමට නුඹලා අතරින් කිසිවකුට නොහැක. එසේ තරණය කිරීම අල්ලාහ් නියම කළ ස්ථීර තීන්දුවකි. ඔහුගේ තීන්දුවට කිසිදු ප්රතික්ෂේප කිරීමක් නැත.
Tafsiraaɗe Aarabu ɗen:
ثُمَّ نُنَجِّی الَّذِیْنَ اتَّقَوْا وَّنَذَرُ الظّٰلِمِیْنَ فِیْهَا جِثِیًّا ۟
එම පාලම තරණය කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතියෙන් කටයුතු කරන්නන් අපි මුදවා ගනිමු. අපරාධකරුවන් ඔවුන්ගේ දණින් වැටී සිටීමට අත හරිමු. එයින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති.
Tafsiraaɗe Aarabu ɗen:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ قَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْۤا ۙ— اَیُّ الْفَرِیْقَیْنِ خَیْرٌ مَّقَامًا وَّاَحْسَنُ نَدِیًّا ۟
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ පාඨ, පැහැදිලි ව ජනයා වෙත පාරායනය කරනු ලැබූ විට, දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසීන්හට, “අපගේ කණ්ඩායම් දෙකින් කවර කණ්ඩායමක් පැවැත්මෙන් හා නවාතැනින් උතුම් ද? එමෙන්ම සභාවෙන් හා ප්රජාවෙන් දැහැමිද? අපගේ කණ්ඩායම ද එසේ නැතහොත් නුඹලාගේ කණ්ඩායමද?” යැයි විමසා සිටිති.
Tafsiraaɗe Aarabu ɗen:
وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍ هُمْ اَحْسَنُ اَثَاثًا وَّرِﺋْﻴًﺎ ۟
භෞතික සම්පත් තුළ හිඳිමින් උඩඟුකමින් කටයුතු කළ දේව ප්රතික්ෂේපකයින්ට පෙර, කොපමණ සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? එම සමූහයා මොවුනට වඩා ධනයෙන් සමෘද්ධිමත් විය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වඩාත් දැකුම්කළු විය. එමෙන්ම ඔවුන්ගේ ශරීර වඩාත් හොඳින් වැඩී තිබිණි.
Tafsiraaɗe Aarabu ɗen:
قُلْ مَنْ كَانَ فِی الضَّلٰلَةِ فَلْیَمْدُدْ لَهُ الرَّحْمٰنُ مَدًّا ۚ۬— حَتّٰۤی اِذَا رَاَوْا مَا یُوْعَدُوْنَ اِمَّا الْعَذَابَ وَاِمَّا السَّاعَةَ ؕ۬— فَسَیَعْلَمُوْنَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَّاَضْعَفُ جُنْدًا ۟
අහෝ දූතය! කවරෙකු මුළාවෙහි ගිලී සිටින්නේ ද, මහා කාරුණිකයාණන් මුළාව වැඩි කරන තෙක් ඔහුව ඒ වෙත නැඹුරු කරවනු ඇත. එය ඔවුනට කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද, එය මෙලොවෙහි කල් ඇති ව හෝ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රමාද වී හෝ ඔවුන් දෑසින් දකින තරමට වනු ඇත. එවිට නවාතැනින් නපුරු කවුරුන් දැ?යි ද, උදව්කරුවන්ගෙන් වඩාත් අඩු කවුරුන්දැ?යි ද, තමන් ඔවුන්ගේ පිරිසෙන් කෙනෙක් ද, එසේ නැතහොත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ පිරිසෙන් කෙනෙක් ද යන්න වග ඔවුහු දැනගනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَیَزِیْدُ اللّٰهُ الَّذِیْنَ اهْتَدَوْا هُدًی ؕ— وَالْبٰقِیٰتُ الصّٰلِحٰتُ خَیْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَّخَیْرٌ مَّرَدًّا ۟
මුළා ව ඔවුන් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්හට කල් දීමට සමගාමීව යහමඟ ගියවුන්හට දේව විශ්වාසයෙන් හා අවනත වීමෙන් හා සදා සතුට වෙත ගෙන යන දැහැමි ක්රියාවන්ගෙන් අල්ලාහ් වර්ධනය කරනු ඇත. අහෝ දූතය! ප්රතිඵලයෙන් හා යහපත් අවසානයෙන් නුඹේ පරමාධිපති ඉදිරියේ වඩාත් ප්රයෝජනවත්ය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• على المؤمنين الاشتغال بما أمروا به والاستمرار عليه في حدود المستطاع.
•දේව විශ්වාසීන්හට කවර කරුණක් නියෝග කරනු ලැබුවේද එහි කාර්යබහුල වීමත්, කළ හැකි සීමාවන් තුළ ඒ මත නිරතුරුව යෙදීමත් ඔවුන්ගේ වගකීම වන්නේය.

• وُرُود جميع الخلائق على النار - أي: المرور على الصراط، لا الدخول في النار - أمر واقع لا محالة.
• සියලු මැවීම් නිරය අසළට පැමිණීම - එනම් එහි පිවිසීමට නොව ඊට ඉහළින් ඇති පාලමෙහි ගමන් කිරීමටය.- එය කිසිදු සැකයකින් තොරව සිදුවන්නකි.

• أن معايير الدين ومفاهيمه الصحيحة تختلف عن تصورات الجهلة والعوام.
•දහමේ ප්රමිතීන් හා එහි නිවැරදි වටහා ගැනීම නූගත් හා පොදුජනයාගේ ස්වරූපයන්ට වඩා වෙනස්ය.

• من كان غارقًا في الضلالة متأصلًا في الكفر يتركه الله في طغيان جهله وكفره، حتى يطول اغتراره، فيكون ذلك أشد لعقابه.
•කවරෙකු දේව ප්රතික්ෂේපයේ බැඳී මුළාවෙහි ගිලී සිටින්නේ ද ඔහුගේ අඥානකම හා ප්රතික්ෂේප භාවයේ ව්යාකූලවීමට අල්ලාහ් ඉඩ හරින්නේය. අවසානයේ ඔහු රවටා දමන තරමටම පත්වේ. එය දැඩි දඬුවම් විඳින්නක් බවට ඔහු ව පත් කරනු ඇත.

• يثبّت الله المؤمنين على الهدى، ويزيدهم توفيقًا ونصرة، وينزل من الآيات ما يكون سببًا لزيادة اليقين مجازاةً لهم.
•දේවත්වය විශ්වාස කරන්නන්ව අල්ලාහ් යහමග මත ස්ථාවර ව තබයි. ආශිර්වාදයෙන් හා උපකාරයෙන් ඔහු ඔවුන්ව වර්ධනය කරයි. ඔවුනට අනුග්රහයක් වශයෙන් ඔවුන්ගේ දැඩි විශ්වාසය වර්ධනය වීම සඳහා හේතු සාධකයක් ලෙස සංඥාවන් පහළ කරයි.

اَفَرَءَیْتَ الَّذِیْ كَفَرَ بِاٰیٰتِنَا وَقَالَ لَاُوْتَیَنَّ مَالًا وَّوَلَدًا ۟ؕ
අහෝ දූතය! අපගේ සාධක ප්රතික්ෂේප කොට, අපගේ අවවාදය හෙළා දැක, "මා මිය ගොස් යළි අවදි කරනු ලබන්නේ නම්, මා වෙත අධික ධනය හා දරුවන් පිරිනමනු ලබනු ඇත" යැයි පවසන තැනැත්තා නුඹ නොදුටුවෙහි ද?
Tafsiraaɗe Aarabu ɗen:
اَطَّلَعَ الْغَیْبَ اَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمٰنِ عَهْدًا ۟ۙ
ගුප්තය ගැන දැනගෙන, සාක්ෂිය ගැන පවසන යමක් ඔහු පැවසුවේද? එසේ නැතහොත් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කර, ඔහුට ධනය හා දරුවන් පිරිනැමීම සඳහා ඔහුගේ පරමාධිපති වෙතින් යම් ගිවිසුමක් ගෙන තිබේ ද?
Tafsiraaɗe Aarabu ɗen:
كَلَّا ؕ— سَنَكْتُبُ مَا یَقُوْلُ وَنَمُدُّ لَهٗ مِنَ الْعَذَابِ مَدًّا ۟ۙ
කරුණ ඔහු පවසන පරිදි නොවේ. ඔහු පවසන දෑ හා ඔහු සිදු කරන දෑ අපි සටහන් කර ගන්නෙමු. ඔහු ව්යාජ දෑ ගැන වාද කරමින් සිටින බැවින් ඔහුගේ දඬුවමට ඉහළින් දඬුවමක් අපි අධික කරන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَّنَرِثُهٗ مَا یَقُوْلُ وَیَاْتِیْنَا فَرْدًا ۟
අප ඔහුව විනාශ කළ පසුව ඔහු හැර දමා ගිය ධනය හා දරුවන් අපි උරුම කර ගන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු තනි ව අප වෙත පැමිණෙයි. ඔහු භුක්ති විඳිමින් සිටි ධනය හා සම්පත් ඔහුගෙන් උදුරා ගනු ලබයි.
Tafsiraaɗe Aarabu ɗen:
وَاتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اٰلِهَةً لِّیَكُوْنُوْا لَهُمْ عِزًّا ۟ۙ
දේව ආදේශකයින් අල්ලාහ් හැර නැමදුමට ලක්වන (වෙනත්) දෑ ඔවුනට සහය දෙන උදව් කරුවන් හා සහායකියන් ලෙස වනු පිණිස ඔවුහු ඒවා පත් කර ගත්තෝය.
Tafsiraaɗe Aarabu ɗen:
كَلَّا ؕ— سَیَكْفُرُوْنَ بِعِبَادَتِهِمْ وَیَكُوْنُوْنَ عَلَیْهِمْ ضِدًّا ۟۠
ඔවුන් සිතූ පරිදි කරුණ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම දෙවිවවරුන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින් ඒවාට කළ නැමදුම් ප්රතික්ෂේප කරනු ඇත. ඔවුන්ගෙන් වෙන්වනු ඇත. ඔවුනට එරෙහි වන්නන් වනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
اَلَمْ تَرَ اَنَّاۤ اَرْسَلْنَا الشَّیٰطِیْنَ عَلَی الْكٰفِرِیْنَ تَؤُزُّهُمْ اَزًّا ۟ۙ
අහෝ දූතය! සැබැවින්ම අපි ෂාතානුන් එවා ඇත්තෙමු. පාපකම් සිදු කිරීමට හා අල්ලාහ්ගේ දහමින් ජනයා වැළැක්වීමට දේව ප්රතික්ෂේපකයින් පොළඹවන පරිදි ඔවුන් මත ආධිපත්යය දරන්නට අපි ඔවුන් පත්කර තිබීම නුඹ නොදුටුවෙහි ද?
Tafsiraaɗe Aarabu ɗen:
فَلَا تَعْجَلْ عَلَیْهِمْ ؕ— اِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا ۟ۚ
අහෝ දුතය! ඔවුනට විනාශය ඉක්මන් කරනු යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීමට නුඹ ඉක්මන් නොවනු. ඔවුන්ගේ ආයු කාලය අපි ගණනය කරමින් සිටින්නෙමු. එය ඔවුනට දුන් අවාකශය අවසන් වන තෙක් පමණි. පසුව ඔවුනට සුදුසු දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කරන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
یَوْمَ نَحْشُرُ الْمُتَّقِیْنَ اِلَی الرَّحْمٰنِ وَفْدًا ۟ۙ
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ නුඹ මෙනෙහි කරනු. එය වනාහි අල්ලාහ්ට - ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් - බැතිමත්ව කටයුතු කළවුන් ඔවුන්ගේ පරමාධිපති වන ඔහු වෙත ගෞරවනීය, සම්භාවනීය කණ්ඩායමක් ලෙස අපි ඔවුන් එක්රැස් කරන දිනයයි.
Tafsiraaɗe Aarabu ɗen:
وَّنَسُوْقُ الْمُجْرِمِیْنَ اِلٰی جَهَنَّمَ وِرْدًا ۟ۘ
දේව ප්රතික්ෂේපකයින් පිපාසිතයින් ලෙස නිරයට අපි දක්කාගෙන යන්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
لَا یَمْلِكُوْنَ الشَّفَاعَةَ اِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمٰنِ عَهْدًا ۟ۘ
අල්ලාහ් ගැන හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාසය පදනම් කර ගනිමින් මෙලොවෙහි අල්ලාහ් අබියස ගිවිසුමක් ගත් අය හැර මෙම දේව ආදේශකයින් විසින් ඔවුන්ගෙන් ඇතැමෙකු වෙනුවෙන් මැදිහත් වීම සඳහා කිසිදු අයිතියක් ඔවුන් සතු නොවනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَقَالُوا اتَّخَذَ الرَّحْمٰنُ وَلَدًا ۟ؕ
යුදෙව්වන්, කිතුනුවන් හා දේවත්වය ආදේශ කරන ඇතැමුන්: "මහාකරුණන්විතයාණන් දරුවකු ගෙන ඇත"යි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
لَقَدْ جِئْتُمْ شَیْـًٔا اِدًّا ۟ۙ
මෙසේ පවසන්නනි! සැබැවින්ම නුඹලා අති භයානක කරුණක් ගෙනැවිත් ඇත්තෙහුය.
Tafsiraaɗe Aarabu ɗen:
تَكَادُ السَّمٰوٰتُ یَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْاَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا ۟ۙ
මෙම පිළිකුල් සහගත ප්රකාශය හේතුවෙන් අහස් පැළෙන්නට බලයි. මහපොළොව දෙදෙරන්නට බලයි. කඳු සුණු විසුණු වී කඩා වැටෙන්නට බලයි.
Tafsiraaɗe Aarabu ɗen:
اَنْ دَعَوْا لِلرَّحْمٰنِ وَلَدًا ۟ۚ
මේ සියල්ල මහා කරුණාන්විතයාණන්හට දරුවකු ඇතැයි ඔවුන් ආරෝපණය කළ බැවිනි. අල්ලාහ් ඉන් ඉවත් වූ ඉමහත් උසස් භාවයෙන් උත්තරීතරය.
Tafsiraaɗe Aarabu ɗen:
وَمَا یَنْۢبَغِیْ لِلرَّحْمٰنِ اَنْ یَّتَّخِذَ وَلَدًا ۟ؕ
මහා කරුණාන්විතයාණන් එයින් පිරිසිදු බැවින් ඔහු දරුවකු ගැනීම සුදුසු නොවීය.
Tafsiraaɗe Aarabu ɗen:
اِنْ كُلُّ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ اِلَّاۤ اٰتِی الرَّحْمٰنِ عَبْدًا ۟ؕ
අහස්හි හා මහපොළොවේ සිටින සියලුම මලක්වරුන් ද මිනිසුන් මෙන්ම ජින්නුන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති වෙත යටහත් පහත්ව පැමිණෙන්නන් මිස නැත.
Tafsiraaɗe Aarabu ɗen:
لَقَدْ اَحْصٰىهُمْ وَعَدَّهُمْ عَدًّا ۟ؕ
සැබැවින්ම ඔහු ඔවුන්ව දැනුමෙන් ආවරණය කර ඇත. ඔවුන්ව ගණන් බලා තබා ඇත. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
وَكُلُّهُمْ اٰتِیْهِ یَوْمَ الْقِیٰمَةِ فَرْدًا ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සෑම කෙනෙකුම තනි තනිව පැමිණෙනු ඇත. ඔහුට කිසිදු උදව්කරුවකු හෝ ධනය හෝ නොවනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• تدل الآيات على سخف الكافر وسَذَاجة تفكيره، وتَمَنِّيه الأماني المعسولة، وهو سيجد نقيضها تمامًا في عالم الآخرة.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නාගේ අනුවණකම, ඔහුගේ චින්තනයේ විකෘතිභාවය හා මිහිරි පැතුම් පිළිබඳ මෙම පාඨ පෙන්වා දෙයි. ඔහු මතුලොවෙහි මුළුමණින්ම එයට ප්රතිවිරුද්ධ දෑ ලබා ගනු ඇත.

• سلَّط الله الشياطين على الكافرين بالإغواء والإغراء بالشر، والإخراج من الطاعة إلى المعصية.
•නපුර පෙළඹවීමට, නොමග යැවීමට හා අවනත වීමෙන් බැහැර කොට, පාපය වෙත නැඹුරු කිරීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මත ආධිපත්යය දරන ෂෙයිතානුන් අල්ලාහ් පත් කර ඇත.

• أهل الفضل والعلم والصلاح يشفعون بإذن الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් භාග්යවන්ත දැනුමැති දැහැමි ජනයා මැදිහත් වී කතා කරති.

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمٰنُ وُدًّا ۟
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට අල්ලාහ් අබියස පිළිගනු ලබන දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුනට ඔහුගේ ආදරයත් ඔහුගේ ගැත්තන් වෙත වූ ඔවුන්ගේ ආදරයත් අල්ලාහ් ඔවුනට ඇති කරයි.
Tafsiraaɗe Aarabu ɗen:
فَاِنَّمَا یَسَّرْنٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِیْنَ وَتُنْذِرَ بِهٖ قَوْمًا لُّدًّا ۟
අහෝ දූතය! සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය ඔබේ බසින්ම පහළ කර ඇත්තේ මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකී මට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔබ ශුභාරංචි දන්වනු පිණිසය. එමෙන්ම සත්යය දැන ගැනීමේදි තර්ක කිරීමෙහි හා අහංකාරභාවයෙහි දැඩි ව සිටි ජනයාහට ඔබ බිය ගන්වනු පිණිසය.
Tafsiraaɗe Aarabu ɗen:
وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍ ؕ— هَلْ تُحِسُّ مِنْهُمْ مِّنْ اَحَدٍ اَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا ۟۠
ඔබේ සමූහයාට පෙර ජීවත් වූ කොපමණක් සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? අද දින එම සමූහයන් පිළිබඳ ඔබට හැඟෙන්නේ ද? ඔවුන් වෙනුවෙන් වූ සිහින් හඬක් හෝ ඔබට ඇසෙන්නේද? ඔවුනට අත් වූ ඉරණම අල්ලාහ් අවසරය දුන් විට ඔවුන් හැර වෙනත් අයට ද අත් වනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• ليس إنزال القرآن العظيم لإتعاب النفس في العبادة، وإذاقتها المشقة الفادحة، وإنما هو كتاب تذكرة ينتفع به الذين يخشون ربهم.
•නැමදුමෙහි ආත්මය වෙහෙස කරවීමට හෝ අතිශය දුෂ්කරතා විඳීමට හෝ මෙම මහඟු අල්කුර්ආනය පහළ කර නැත. සැබැවින්ම එය ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නන්, එමගින් ප්රයෝජනය ලබන උපදෙස් පොතකි.

• قَرَن الله بين الخلق والأمر، فكما أن الخلق لا يخرج عن الحكمة؛ فكذلك لا يأمر ولا ينهى إلا بما هو عدل وحكمة.
•මැවීම හා නියෝගය අතර අල්ලාහ් සම්බන්ධතාවක් ඇති කළේය. සැබැවින්ම මැවීම ප්රඥාවෙන් බැහැර නොවනා සේම යම් ප්රඥාවක හෝ යුක්තියක පදමනකින් මිස කිසිවක් නියෝග කර හෝ තහනම් කර හෝ නැත.

• على الزوج واجب الإنفاق على الأهل (المرأة) من غذاء وكساء ومسكن ووسائل تدفئة وقت البرد.
•ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නවාතැන් පහසුකම් හා සීතල අවස්ථාවක් ආරක්ෂාව සලසා ගත හැකි මාධ්යයන් වැනි දෑ පවුල වෙනුවෙන් වියදම් කිරීම ස්වාමි පුරුෂයා සතු වගකීමකි.

 
Firo maanaaji Simoore.: Simoore Maryam
Loowdi cimooje ɗe Tonngoode hello ngon
 
Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Loowdi firooji ɗi

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddu