Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-মায়িদাহ   আয়াত:
وَمِنَ الَّذِیْنَ قَالُوْۤا اِنَّا نَصٰرٰۤی اَخَذْنَا مِیْثَاقَهُمْ فَنَسُوْا حَظًّا مِّمَّا ذُكِّرُوْا بِهٖ ۪— فَاَغْرَیْنَا بَیْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَآءَ اِلٰی یَوْمِ الْقِیٰمَةِ ؕ— وَسَوْفَ یُنَبِّئُهُمُ اللّٰهُ بِمَا كَانُوْا یَصْنَعُوْنَ ۟
තවද “සැබැවින් ම අපි කිතුනුවන් වෙමු” යැයි පැවසූ අය අතුරින් ද අපි ඔවුන්ගේ ප්‍රතිඥාව ගතිමු. එහෙත් ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු ද අමතක කළෝ ය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
یٰۤاَهْلَ الْكِتٰبِ قَدْ جَآءَكُمْ رَسُوْلُنَا یُبَیِّنُ لَكُمْ كَثِیْرًا مِّمَّا كُنْتُمْ تُخْفُوْنَ مِنَ الْكِتٰبِ وَیَعْفُوْا عَنْ كَثِیْرٍ ؕ۬— قَدْ جَآءَكُمْ مِّنَ اللّٰهِ نُوْرٌ وَّكِتٰبٌ مُّبِیْنٌ ۟ۙ
අහෝ ධර්ම ග්‍රන්ථ හිමියනි! ධර්ම ග්‍රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරන තවද බොහෝ දේවල් නො සලකා හරින අපගේ රසූල්වරයා සැබැවින් ම නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි ධර්ම ග්‍රන්ථයක් ද නුඹලා වෙත පැමිණ ඇත.
আৰবী তাফছীৰসমূহ:
یَّهْدِیْ بِهِ اللّٰهُ مَنِ اتَّبَعَ رِضْوَانَهٗ سُبُلَ السَّلٰمِ وَیُخْرِجُهُمْ مِّنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ بِاِذْنِهٖ وَیَهْدِیْهِمْ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට, එමඟින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන්ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
لَقَدْ كَفَرَ الَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ هُوَ الْمَسِیْحُ ابْنُ مَرْیَمَ ؕ— قُلْ فَمَنْ یَّمْلِكُ مِنَ اللّٰهِ شَیْـًٔا اِنْ اَرَادَ اَنْ یُّهْلِكَ الْمَسِیْحَ ابْنَ مَرْیَمَ وَاُمَّهٗ وَمَنْ فِی الْاَرْضِ جَمِیْعًا ؕ— وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ؕ— یَخْلُقُ مَا یَشَآءُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අල්ලාහ් වන ඔහු මය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින් ම ප්‍රතික්ෂේප කළෝ ය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (ආරක්ෂා කිරීමට) කිසියම් හෝ ආධිපත්‍යයක් දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ දෑ මවන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-মায়িদাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ