Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-মায়িদাহ   আয়াত:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوا الْیَهُوْدَ وَالنَّصٰرٰۤی اَوْلِیَآءَ ؔۘ— بَعْضُهُمْ اَوْلِیَآءُ بَعْضٍ ؕ— وَمَنْ یَّتَوَلَّهُمْ مِّنْكُمْ فَاِنَّهٗ مِنْهُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුදෙව්වන් හා කිතුනුවන් ඇතැමෙක් ඇතැමෙකුගේ සමීප මිතුරන් වන බැවින් නුඹලා ඔවුන්ව සමීප මිතුරන් ලෙස නො ගනු. නුඹලා අතරින් කවරෙකු ඔවුන්ව සමීප මිතුරන් ලෙස ගන්නෙහු ද එවිට සැබැවින් ම ඔහු ද ඔවුන් අතරින් කෙනෙකු වනු ඇත. සැබැවින් ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නො පෙන්වයි.
আৰবী তাফছীৰসমূহ:
فَتَرَی الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ یُّسَارِعُوْنَ فِیْهِمْ یَقُوْلُوْنَ نَخْشٰۤی اَنْ تُصِیْبَنَا دَآىِٕرَةٌ ؕ— فَعَسَی اللّٰهُ اَنْ یَّاْتِیَ بِالْفَتْحِ اَوْ اَمْرٍ مِّنْ عِنْدِهٖ فَیُصْبِحُوْا عَلٰی مَاۤ اَسَرُّوْا فِیْۤ اَنْفُسِهِمْ نٰدِمِیْنَ ۟ؕ
තම හදවත්වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) "අපට අර්බුද හට ගනු ඇතැයි අපි බියවීමු" යැයි පවසති. අල්ලාහ් ජයග්රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙන්නට පුළුවන. එවිට ඔවුන්ගේ සිත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති.
আৰবী তাফছীৰসমূহ:
وَیَقُوْلُ الَّذِیْنَ اٰمَنُوْۤا اَهٰۤؤُلَآءِ الَّذِیْنَ اَقْسَمُوْا بِاللّٰهِ جَهْدَ اَیْمَانِهِمْ ۙ— اِنَّهُمْ لَمَعَكُمْ ؕ— حَبِطَتْ اَعْمَالُهُمْ فَاَصْبَحُوْا خٰسِرِیْنَ ۟
සැබැවින් ම ඔවුන් නුඹලා සමඟ යැයි අල්ලාහ් මත ඉතා ස්ථීර ලෙස දිවුරා සිටියවුන් මොවුහු දැ යි දේවත්වය විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. එබැවින් ඔවුහු අලාභවන්තයින් බවට පත් වූහ.
আৰবী তাফছীৰসমূহ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا مَنْ یَّرْتَدَّ مِنْكُمْ عَنْ دِیْنِهٖ فَسَوْفَ یَاْتِی اللّٰهُ بِقَوْمٍ یُّحِبُّهُمْ وَیُحِبُّوْنَهٗۤ ۙ— اَذِلَّةٍ عَلَی الْمُؤْمِنِیْنَ اَعِزَّةٍ عَلَی الْكٰفِرِیْنَ ؗ— یُجَاهِدُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ وَلَا یَخَافُوْنَ لَوْمَةَ لَآىِٕمٍ ؕ— ذٰلِكَ فَضْلُ اللّٰهِ یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට ඔහු ඔවුන්ව ප්‍රිය කරන ඔවුහු ද ඔහුව ප්‍රිය කරන තවත් පිරිසක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්හට නිහතමානී වෙති. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ ඉතා දැඩිව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් කියන්නෙකුගේ දොසට බිය නො වෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්වඥානී ය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّمَا وَلِیُّكُمُ اللّٰهُ وَرَسُوْلُهٗ وَالَّذِیْنَ اٰمَنُوا الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَیُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ رٰكِعُوْنَ ۟
සැබැවින් ම නුඹලාගේ භාරකරු වන්නේ අල්ලාහ්, ඔහුගේ ධර්ම දූතයාණන් හා (අල්ලාහ්ගේ නියෝගයන්ට) යටහත් වන්නන් ලෙස සලාතය විධිමත්ව ඉටු කර zසකාත් පිරිනමන දේවත්වය විශ්වාස කළවුන් වෙති.
আৰবী তাফছীৰসমূহ:
وَمَنْ یَّتَوَلَّ اللّٰهَ وَرَسُوْلَهٗ وَالَّذِیْنَ اٰمَنُوْا فَاِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْغٰلِبُوْنَ ۟۠
තවද කවරෙකු හෝ අල්ලාහ්ව, ඔහුගේ ධර්ම දූතයාණන්ව, හා දේවත්වය විශ්වාස කළවුන්ව තම භාරකරුවන් ලෙස ගන්නේ ද (දැනගනු!) සැබැවින් ම අල්ලාහ්ගේ කණ්ඩායම වන ඔවූහු මය ජයග්‍රාහකයෝ.
আৰবী তাফছীৰসমূহ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوا الَّذِیْنَ اتَّخَذُوْا دِیْنَكُمْ هُزُوًا وَّلَعِبًا مِّنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ وَالْكُفَّارَ اَوْلِیَآءَ ۚ— وَاتَّقُوا اللّٰهَ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අයව හා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව නුඹලා භාරකරුවන් ලෙස නො ගනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ට බිය බැතිමත් වනු.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-মায়িদাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ