Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: ইউছুফ   আয়াত:
وَرَاوَدَتْهُ الَّتِیْ هُوَ فِیْ بَیْتِهَا عَنْ نَّفْسِهٖ وَغَلَّقَتِ الْاَبْوَابَ وَقَالَتْ هَیْتَ لَكَ ؕ— قَالَ مَعَاذَ اللّٰهِ اِنَّهٗ رَبِّیْۤ اَحْسَنَ مَثْوَایَ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الظّٰلِمُوْنَ ۟
තවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන ‘තමන් අසලට පැමිණෙන්නැ’යි පැවසුවා ය. ‘අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන් ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේ ය. නියත වශයෙන් ම අපරාධකරුවෝ ජය නො ලබති’ යැයි ඔහු පැවසී ය.
আৰবী তাফছীৰসমূহ:
وَلَقَدْ هَمَّتْ بِهٖ وَهَمَّ بِهَا لَوْلَاۤ اَنْ رَّاٰ بُرْهَانَ رَبِّهٖ ؕ— كَذٰلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوْٓءَ وَالْفَحْشَآءَ ؕ— اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُخْلَصِیْنَ ۟
ඇය ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවා ය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නො දුටුවේ නම් ඔහු ද ඇය සමඟ නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අපගේ අවංක ගැත්තන් අතරින් විය.
আৰবী তাফছীৰসমূহ:
وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِیْصَهٗ مِنْ دُبُرٍ وَّاَلْفَیَا سَیِّدَهَا لَدَا الْبَابِ ؕ— قَالَتْ مَا جَزَآءُ مَنْ اَرَادَ بِاَهْلِكَ سُوْٓءًا اِلَّاۤ اَنْ یُّسْجَنَ اَوْ عَذَابٌ اَلِیْمٌ ۟
තවද දෙදෙනා ම තරඟ වැද දොරටුව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවා ය. දෙදෙනා ම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැ?’ යි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවා ය.
আৰবী তাফছীৰসমূহ:
قَالَ هِیَ رَاوَدَتْنِیْ عَنْ نَّفْسِیْ وَشَهِدَ شَاهِدٌ مِّنْ اَهْلِهَا ۚ— اِنْ كَانَ قَمِیْصُهٗ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكٰذِبِیْنَ ۟
‘මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. (එවිට) ‘ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතරිනි’ යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේ ය.
আৰবী তাফছীৰসমূহ:
وَاِنْ كَانَ قَمِیْصُهٗ قُدَّ مِنْ دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصّٰدِقِیْنَ ۟
‘තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි’ (යැයි තවදුරටත් පැවසුවේ ය).
আৰবী তাফছীৰসমূহ:
فَلَمَّا رَاٰ قَمِیْصَهٗ قُدَّ مِنْ دُبُرٍ قَالَ اِنَّهٗ مِنْ كَیْدِكُنَّ ؕ— اِنَّ كَیْدَكُنَّ عَظِیْمٌ ۟
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි "(එවිට තම බිරිඳ ට) නියත වශයෙන් ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන් ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේ ය.
আৰবী তাফছীৰসমূহ:
یُوْسُفُ اَعْرِضْ عَنْ هٰذَا ٚ— وَاسْتَغْفِرِیْ لِذَنْۢبِكِ ۖۚ— اِنَّكِ كُنْتِ مِنَ الْخٰطِـِٕیْنَ ۟۠
තවද යූසුෆ්, එය නො සලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන් ම ඔබ වැරදිකරුවන් අතරින් වූයෙහි ය.
আৰবী তাফছীৰসমূহ:
وَقَالَ نِسْوَةٌ فِی الْمَدِیْنَةِ امْرَاَتُ الْعَزِیْزِ تُرَاوِدُ فَتٰىهَا عَنْ نَّفْسِهٖ ۚ— قَدْ شَغَفَهَا حُبًّا ؕ— اِنَّا لَنَرٰىهَا فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
‘පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමඟ (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇයව වෙළා ඇත. සැබැවින් ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු’ යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: ইউছুফ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ