Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: ইউছুফ   আয়াত:
قَالَ یٰبُنَیَّ لَا تَقْصُصْ رُءْیَاكَ عَلٰۤی اِخْوَتِكَ فَیَكِیْدُوْا لَكَ كَیْدًا ؕ— اِنَّ الشَّیْطٰنَ لِلْاِنْسَانِ عَدُوٌّ مُّبِیْنٌ ۟
‘මාගේ පුතණුවනි! නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නො කියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන් ම ෂයිතාන් මිනිස් වර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේ ය.
আৰবী তাফছীৰসমূহ:
وَكَذٰلِكَ یَجْتَبِیْكَ رَبُّكَ وَیُعَلِّمُكَ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ وَیُتِمُّ نِعْمَتَهٗ عَلَیْكَ وَعَلٰۤی اٰلِ یَعْقُوْبَ كَمَاۤ اَتَمَّهَا عَلٰۤی اَبَوَیْكَ مِنْ قَبْلُ اِبْرٰهِیْمَ وَاِسْحٰقَ ؕ— اِنَّ رَبَّكَ عَلِیْمٌ حَكِیْمٌ ۟۠
තවද එලෙසය නුඹගේ පරමාධිපති නුඹව තෝරා ගෙන ඇත්තේ. තවද සිදු වීම්වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සර්ව ඥානී ය; සියුම් ඥානය ඇත්තා ය.
আৰবী তাফছীৰসমূহ:
لَقَدْ كَانَ فِیْ یُوْسُفَ وَاِخْوَتِهٖۤ اٰیٰتٌ لِّلسَّآىِٕلِیْنَ ۟
සැබැවින් ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ.
আৰবী তাফছীৰসমূহ:
اِذْ قَالُوْا لَیُوْسُفُ وَاَخُوْهُ اَحَبُّ اِلٰۤی اَبِیْنَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ ؕ— اِنَّ اَبَانَا لَفِیْ ضَلٰلٍ مُّبِیْنِ ۟ۙۖ
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන් ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහි ය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
আৰবী তাফছীৰসমূহ:
١قْتُلُوْا یُوْسُفَ اَوِ اطْرَحُوْهُ اَرْضًا یَّخْلُ لَكُمْ وَجْهُ اَبِیْكُمْ وَتَكُوْنُوْا مِنْ بَعْدِهٖ قَوْمًا صٰلِحِیْنَ ۟
නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ්ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහුව විසි කර දමනු. තවද ඔහුගෙන් පසුව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
قَالَ قَآىِٕلٌ مِّنْهُمْ لَا تَقْتُلُوْا یُوْسُفَ وَاَلْقُوْهُ فِیْ غَیٰبَتِ الْجُبِّ یَلْتَقِطْهُ بَعْضُ السَّیَّارَةِ اِنْ كُنْتُمْ فٰعِلِیْنَ ۟
ඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේ ය. ‘නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ්ව මරා නො දමා නුඹලා ඔහුව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහුව අහුළා ගනු ඇත.’
আৰবী তাফছীৰসমূহ:
قَالُوْا یٰۤاَبَانَا مَا لَكَ لَا تَاْمَنَّا عَلٰی یُوْسُفَ وَاِنَّا لَهٗ لَنٰصِحُوْنَ ۟
‘අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අපව විශ්වාස නො කර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන් ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු’ යැයි ඔවුහු පැවසූහ.
আৰবী তাফছীৰসমূহ:
اَرْسِلْهُ مَعَنَا غَدًا یَّرْتَعْ وَیَلْعَبْ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟
‘ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමඟ ඔහු එවනු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නෝ වෙමු.’
আৰবী তাফছীৰসমূহ:
قَالَ اِنِّیْ لَیَحْزُنُنِیْۤ اَنْ تَذْهَبُوْا بِهٖ وَاَخَافُ اَنْ یَّاْكُلَهُ الذِّئْبُ وَاَنْتُمْ عَنْهُ غٰفِلُوْنَ ۟
‘නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන් ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නො සැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහුව කා දමනු ඇතැයි මම බිය වෙමි’ යැයි ඔහු පැවසී ය.
আৰবী তাফছীৰসমূহ:
قَالُوْا لَىِٕنْ اَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ اِنَّاۤ اِذًا لَّخٰسِرُوْنَ ۟
‘අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහුව කා දැමුවේ නම් නියත වශයෙන් ම අපි එවිට අලාභවන්තයෝ වෙමු, යැයි ඔවුහු පැවසූහ.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: ইউছুফ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ