Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: হূদ   আয়াত:
اُولٰٓىِٕكَ لَمْ یَكُوْنُوْا مُعْجِزِیْنَ فِی الْاَرْضِ وَمَا كَانَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ اَوْلِیَآءَ ۘ— یُضٰعَفُ لَهُمُ الْعَذَابُ ؕ— مَا كَانُوْا یَسْتَطِیْعُوْنَ السَّمْعَ وَمَا كَانُوْا یُبْصِرُوْنَ ۟
ඔවුහු මහපොළොවේ (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නො වූහ. තවද අල්ලාහ්ගෙන් තොරව වෙනත් භාරකරුවන් ඔවුනට නො වීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නො වූහ. එමෙන් ම බලන්නන් ද නො වූහ.
আৰবী তাফছীৰসমূহ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟
තමන්ට ම අලාභහානි කර ගත්තවුන් ඔවුන් ම ය. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ගොස් ඇත.
আৰবী তাফছীৰসমূহ:
لَا جَرَمَ اَنَّهُمْ فِی الْاٰخِرَةِ هُمُ الْاَخْسَرُوْنَ ۟
නියත වශයෙන් ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින් බවට කිසිදු සැකයක් නැත.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَاَخْبَتُوْۤا اِلٰی رَبِّهِمْ ۙ— اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කර, යහකම් කොට තවද තම පරමාධිපති වෙත යටහත් වූවන් වනාහි ඔවුහු මය ස්වර්ගවාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
আৰবী তাফছীৰসমূহ:
مَثَلُ الْفَرِیْقَیْنِ كَالْاَعْمٰی وَالْاَصَمِّ وَالْبَصِیْرِ وَالسَّمِیْعِ ؕ— هَلْ یَسْتَوِیٰنِ مَثَلًا ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟۠
මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා, එමෙන් ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
আৰবী তাফছীৰসমূহ:
وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖۤ ؗ— اِنِّیْ لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۙ
තවද සැබැවින් ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන් ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි.
আৰবী তাফছীৰসমূহ:
اَنْ لَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ— اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ اَلِیْمٍ ۟
නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) නැමදුම් නො කළ යුතු ය. නියත වශයෙන් ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි පැවසුවේ ය.)
আৰবী তাফছীৰসমূহ:
فَقَالَ الْمَلَاُ الَّذِیْنَ كَفَرُوْا مِنْ قَوْمِهٖ مَا نَرٰىكَ اِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرٰىكَ اتَّبَعَكَ اِلَّا الَّذِیْنَ هُمْ اَرَاذِلُنَا بَادِیَ الرَّاْیِ ۚ— وَمَا نَرٰی لَكُمْ عَلَیْنَا مِنْ فَضْلٍۢ بَلْ نَظُنُّكُمْ كٰذِبِیْنَ ۟
එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹව නො දකිමු. එමෙන් ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹව අනුගමනය කරන බව ද අපි නො දකිමු. තවද අපට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නො සිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතමු’ යැයි ඔහුගේ ජනයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ.
আৰবী তাফছীৰসমূহ:
قَالَ یٰقَوْمِ اَرَءَیْتُمْ اِنْ كُنْتُ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّیْ وَاٰتٰىنِیْ رَحْمَةً مِّنْ عِنْدِهٖ فَعُمِّیَتْ عَلَیْكُمْ ؕ— اَنُلْزِمُكُمُوْهَا وَاَنْتُمْ لَهَا كٰرِهُوْنَ ۟
‘මාගේ ජනයිනි! මා මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහු වෙතින් මාහට ආශිර්වාද පිරිනමා එය නුඹලා වෙත නො පෙනෙන්නට සලස්වා තිබිය දී, නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? නුඹලා එය පිළිකුල් කරන්නන් ලෙස සිටිය දී අපි නුඹලාට එය බලකරන්නෙමු ද?’ යැයි ඔහු පැවැසුවේ ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: হূদ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ