Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: হূদ   আয়াত:

හූද්

الٓرٰ ۫— كِتٰبٌ اُحْكِمَتْ اٰیٰتُهٗ ثُمَّ فُصِّلَتْ مِنْ لَّدُنْ حَكِیْمٍ خَبِیْرٍ ۟ۙ
අලිෆ්, ලාම්, රා.[1] (මෙය) එහි වදන් තහවුරු කරන ලදුව, පසුව සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන් විසින් විස්තර කරනු ලැබූ පුස්තකයයි.
[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.
আৰবী তাফছীৰসমূহ:
اَلَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ— اِنَّنِیْ لَكُمْ مِّنْهُ نَذِیْرٌ وَّبَشِیْرٌ ۟ۙ
අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා නැමදුම් නො කළ යුතු ය. නියත වශයෙන් ම මම ඔහු වෙතින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි.
আৰবী তাফছীৰসমূহ:
وَّاَنِ اسْتَغْفِرُوْا رَبَّكُمْ ثُمَّ تُوْبُوْۤا اِلَیْهِ یُمَتِّعْكُمْ مَّتَاعًا حَسَنًا اِلٰۤی اَجَلٍ مُّسَمًّی وَّیُؤْتِ كُلَّ ذِیْ فَضْلٍ فَضْلَهٗ ؕ— وَاِنْ تَوَلَّوْا فَاِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ كَبِیْرٍ ۟
තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද පසුව පශ්චාත්තාප වී ඔහු වෙත යොමු විය යුතු ය. නියම කරන ලද කාලයක් දක්වා, ඔහු නුඹලාට යහපත් භුක්ති විදීමක් භුක්ති විදින්නට සලස්වයි. භාග්‍යවන්ත සෑම කෙනෙකුට ම ඔහුගේ භාග්‍යය ඔහු පිරිනමයි. එහෙත් ඔවුන් හැරී ගියේ නම් එවිට නියත වශයෙන් ම නුඹලා වෙත මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි.
আৰবী তাফছীৰসমূহ:
اِلَی اللّٰهِ مَرْجِعُكُمْ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙත ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.
আৰবী তাফছীৰসমূহ:
اَلَاۤ اِنَّهُمْ یَثْنُوْنَ صُدُوْرَهُمْ لِیَسْتَخْفُوْا مِنْهُ ؕ— اَلَا حِیْنَ یَسْتَغْشُوْنَ ثِیَابَهُمْ ۙ— یَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ۚ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
දැන ගනු! සැබැවින් ම ඔවුන් (අල්ලාහ් වන) ඔහුගෙන් සැඟ වෙනු පිණිස ඔවුන්ගේ හදවත් (තුළ ඇති දෑ) වසන් කරති. දැන ගනු! ඔවුන්ගේ ඇඳුමින් ඔවුන් ආවරණය කරන විට ඔවුන් සඟවන දෑද ඔවුන් හෙළි කරන දෑද ඔහු දනී. නියත වශයෙන් ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: হূদ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ