Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ   አንቀጽ:
كَلَّا بَلْ تُحِبُّوْنَ الْعَاجِلَةَ ۟ۙ
එසේ නොව, නැවත නැගිටුවීම විය හැක්කක් නොවන බව නුඹලා වාද කරන්නාක් මෙන් එම කරුණ නැත. නුඹලාගේ මැවීම ආරම්භ කිරීමට බලය දැරූ සර්වබලධාරියාණන් නුඹලාගේ මරණයෙන් පසුව නුඹලාට යළි ජීවය ලබා දීමට නොහැක්කෙකු නොවේ. නමුත් නුඹලා නැවත නැගිටුවනු ලැබීම බොරු යැයි පවසා සිටීමට හේතුව ඉක්මණින්ම ඉකුත් වී යන මෙලොව ජීවිතය සඳහා නුඹලා තුළ ඇති දැඩි ආශාවයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَذَرُوْنَ الْاٰخِرَةَ ۟ؕ
අල්ලාහ් නුඹලාට අවනත වන මෙන් නියම කළ දෑ ඉටු කිරීම හා ඔහු තහනම් කළ දෑ අත හැර දැමීම යන මතුලොව ජීවන මාර්ගය නුඹලා අතහැර දමන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاضِرَةٌ ۟ۙ
එදින දේව විශ්වාසීන්ගේ හා භාග්යවන්තයින්ගේ මුහුණු ආලෝකයෙන් බැබලෙමින් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلٰى رَبِّهَا نَاظِرَةٌ ۟ۚ
ඒ ගැන සතුටු විදිමින් තම පරමාධිපති දෙස බලමින් සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوُجُوْهٌ یَّوْمَىِٕذٍ بَاسِرَةٌ ۟ۙ
එදින දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ හා අභාග්යවන්තයින්ගේ මුහුණු රැලි ගැසී පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَظُنُّ اَنْ یُّفْعَلَ بِهَا فَاقِرَةٌ ۟ؕ
මහත් ව්යසනයක් හා වේදනීය දඬුවමක් එමගින් පහළ වනු ඇතැයි විශ්වාස කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّاۤ اِذَا بَلَغَتِ التَّرَاقِیَ ۟ۙ
තමන් මිය ගිය පසු දඬුවම් කරනු නොලැබේ යැයි අල්ලාහ්ට ආදේශ කරන්නන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුන්ගෙන් කිසිවකුගේ ආත්මය ඔහුගේ හදවතට ඉහළින් පහව යන විට,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقِیْلَ مَنْ ٚ— رَاقٍ ۟ۙ
සුවය ලබා දිය හැකි ආරක්ෂකයා කවුරුන් දැයි ජනයා අතරින් ඇතැමෙක් ඇතැමෙකුගෙන් විමසා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّظَنَّ اَنَّهُ الْفِرَاقُ ۟ۙ
එසේ වෙන්වෙන අවස්ථාවේ සැබැවින්ම තමන් මරණයට පත්වීමෙන් මෙලොවින් සමුගන්නට යනු ඇතැයි තරයේ විශ්වාස කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ ۟ۙ
මෙලොවින් සමුගෙන මතුලොව ආරම්භ කරන විට සියලු දුෂ්කරතා ඒකරාශී වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلٰى رَبِّكَ یَوْمَىِٕذِ ١لْمَسَاقُ ۟ؕ۠
එය සිදු වන විට, මිය ගිත තැනැත්තා ඔහුගේ පරමාධිපති වෙත කැඳවා ගෙන යනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا صَدَّقَ وَلَا صَلّٰى ۟ۙ
තම දහම් දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය එම දේව ප්රතික්ෂේපකයා තහවුරු කළේ නැත. එමෙන්ම පිවිතුරු අල්ලාහ්ට සලාත් ඉටු කළේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلٰكِنْ كَذَّبَ وَتَوَلّٰى ۟ۙ
නමුත් ඔහු තම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළේය. එයට පිටුපෑවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ ذَهَبَ اِلٰۤی اَهْلِهٖ یَتَمَطّٰى ۟ؕ
පසු ව දෙවියන් ප්රතික්ෂේප කළ ඔහු, තම පවුල වෙත උඩගු ලීලාවෙන් අහංකාරයෙන් යුතුව ගමන් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْلٰى لَكَ فَاَوْلٰى ۟ۙ
සැබැවින්ම දඬුවම ඔහු වැළඳ ගෙන ඇත, ඔහු එයට සමීප වී ඇතැයි අල්ලාහ් එම ප්රතික්ෂේප කරන්නාහට ප්රතිඥා කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَوْلٰى لَكَ فَاَوْلٰى ۟ؕ
එය තහවුරු කරන්නක් වශයෙන් නැවතත් ‘පසු ව ද නුඹට විනාශය වේවා! විනාශයම වේවා!’ යනුවෙන් අල්ලාහ් ප්රකාශ කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَحْسَبُ الْاِنْسَانُ اَنْ یُّتْرَكَ سُدًی ۟ؕ
කිසිදු ආගමික පිළිවෙතක් ඔහු ට නොපවරාම, සැබැවින්ම අල්ලාහ් ඔහු ව නිකරුණේ අතහැර දමනු ඇතැයි ඔහු සිතන්නේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ یَكُ نُطْفَةً مِّنْ مَّنِیٍّ یُّمْنٰى ۟ۙ
දිනක මෙම මිනිසා ගර්භාෂය තුළ හළන ලද ශුක්රාණුවක් ලෙස නොසිටියේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوّٰى ۟ۙ
ඉන් පසු ව එය ලේ කැටියක් බවට පත් විය. පසු ව අල්ලාහ් ඔහු මැවීය. ඔහුගේ මැවීම සංකීර්ණ මැවීමක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَجَعَلَ مِنْهُ الزَّوْجَیْنِ الذَّكَرَ وَالْاُ ۟ؕ
එම වර්ගයා අතර පිරිමියා හා ගැහැණිය යන වර්ග දෙකක් ඇති කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَیْسَ ذٰلِكَ بِقٰدِرٍ عَلٰۤی اَنْ یُّحْیِ الْمَوْتٰى ۟۠
ශුක්රාණුවෙන් පසු ලේ කැටිය යන පිළිවෙළින් මිනිසා මැවූ මැවුම්කරුට විනිශ්චය හා ප්රතිඵල සඳහා නව මැවීමකින් යුතුව මිය ගිය ඇත්තන් යළි ජීවමාන කිරීමට හැකියාව ඇත්තෙකු නොවේ ද? එසේය, සැබැවින්ම ඔහු එයට හැකියාව ඇත්තාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
•මෙලොව ප්රිය කොට මතුලොව නොසලකා හැරීමේ ඇති අවදානම.

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
•මිනිසාට තෝරා ගැනීමේ නිදහස ස්ථීර කිරීම. එය අල්ලාහ් ඔහුට කරන ගෞරවයකි.

• النظر لوجه الله الكريم من أعظم النعيم.
•අල්ලාහ්ගේ මුහුණ දැකීම ආශිර්වාද අතරින් මහත් වූ ආශිර්වාදයකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት