Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ કિયામહ   આયત:
كَلَّا بَلْ تُحِبُّوْنَ الْعَاجِلَةَ ۟ۙ
එසේ නොව, නැවත නැගිටුවීම විය හැක්කක් නොවන බව නුඹලා වාද කරන්නාක් මෙන් එම කරුණ නැත. නුඹලාගේ මැවීම ආරම්භ කිරීමට බලය දැරූ සර්වබලධාරියාණන් නුඹලාගේ මරණයෙන් පසුව නුඹලාට යළි ජීවය ලබා දීමට නොහැක්කෙකු නොවේ. නමුත් නුඹලා නැවත නැගිටුවනු ලැබීම බොරු යැයි පවසා සිටීමට හේතුව ඉක්මණින්ම ඉකුත් වී යන මෙලොව ජීවිතය සඳහා නුඹලා තුළ ඇති දැඩි ආශාවයි.
અરબી તફસીરો:
وَتَذَرُوْنَ الْاٰخِرَةَ ۟ؕ
අල්ලාහ් නුඹලාට අවනත වන මෙන් නියම කළ දෑ ඉටු කිරීම හා ඔහු තහනම් කළ දෑ අත හැර දැමීම යන මතුලොව ජීවන මාර්ගය නුඹලා අතහැර දමන්නෙහුය.
અરબી તફસીરો:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاضِرَةٌ ۟ۙ
එදින දේව විශ්වාසීන්ගේ හා භාග්යවන්තයින්ගේ මුහුණු ආලෝකයෙන් බැබලෙමින් පවතී.
અરબી તફસીરો:
اِلٰى رَبِّهَا نَاظِرَةٌ ۟ۚ
ඒ ගැන සතුටු විදිමින් තම පරමාධිපති දෙස බලමින් සිටිති.
અરબી તફસીરો:
وَوُجُوْهٌ یَّوْمَىِٕذٍ بَاسِرَةٌ ۟ۙ
එදින දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ හා අභාග්යවන්තයින්ගේ මුහුණු රැලි ගැසී පවතී.
અરબી તફસીરો:
تَظُنُّ اَنْ یُّفْعَلَ بِهَا فَاقِرَةٌ ۟ؕ
මහත් ව්යසනයක් හා වේදනීය දඬුවමක් එමගින් පහළ වනු ඇතැයි විශ්වාස කරයි.
અરબી તફસીરો:
كَلَّاۤ اِذَا بَلَغَتِ التَّرَاقِیَ ۟ۙ
තමන් මිය ගිය පසු දඬුවම් කරනු නොලැබේ යැයි අල්ලාහ්ට ආදේශ කරන්නන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුන්ගෙන් කිසිවකුගේ ආත්මය ඔහුගේ හදවතට ඉහළින් පහව යන විට,
અરબી તફસીરો:
وَقِیْلَ مَنْ ٚ— رَاقٍ ۟ۙ
සුවය ලබා දිය හැකි ආරක්ෂකයා කවුරුන් දැයි ජනයා අතරින් ඇතැමෙක් ඇතැමෙකුගෙන් විමසා සිටියි.
અરબી તફસીરો:
وَّظَنَّ اَنَّهُ الْفِرَاقُ ۟ۙ
එසේ වෙන්වෙන අවස්ථාවේ සැබැවින්ම තමන් මරණයට පත්වීමෙන් මෙලොවින් සමුගන්නට යනු ඇතැයි තරයේ විශ්වාස කරයි.
અરબી તફસીરો:
وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ ۟ۙ
මෙලොවින් සමුගෙන මතුලොව ආරම්භ කරන විට සියලු දුෂ්කරතා ඒකරාශී වනු ඇත.
અરબી તફસીરો:
اِلٰى رَبِّكَ یَوْمَىِٕذِ ١لْمَسَاقُ ۟ؕ۠
එය සිදු වන විට, මිය ගිත තැනැත්තා ඔහුගේ පරමාධිපති වෙත කැඳවා ගෙන යනු ලැබේ.
અરબી તફસીરો:
فَلَا صَدَّقَ وَلَا صَلّٰى ۟ۙ
තම දහම් දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය එම දේව ප්රතික්ෂේපකයා තහවුරු කළේ නැත. එමෙන්ම පිවිතුරු අල්ලාහ්ට සලාත් ඉටු කළේ ද නැත.
અરબી તફસીરો:
وَلٰكِنْ كَذَّبَ وَتَوَلّٰى ۟ۙ
නමුත් ඔහු තම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළේය. එයට පිටුපෑවේය.
અરબી તફસીરો:
ثُمَّ ذَهَبَ اِلٰۤی اَهْلِهٖ یَتَمَطّٰى ۟ؕ
පසු ව දෙවියන් ප්රතික්ෂේප කළ ඔහු, තම පවුල වෙත උඩගු ලීලාවෙන් අහංකාරයෙන් යුතුව ගමන් කළේය.
અરબી તફસીરો:
اَوْلٰى لَكَ فَاَوْلٰى ۟ۙ
සැබැවින්ම දඬුවම ඔහු වැළඳ ගෙන ඇත, ඔහු එයට සමීප වී ඇතැයි අල්ලාහ් එම ප්රතික්ෂේප කරන්නාහට ප්රතිඥා කරයි.
અરબી તફસીરો:
ثُمَّ اَوْلٰى لَكَ فَاَوْلٰى ۟ؕ
එය තහවුරු කරන්නක් වශයෙන් නැවතත් ‘පසු ව ද නුඹට විනාශය වේවා! විනාශයම වේවා!’ යනුවෙන් අල්ලාහ් ප්රකාශ කරයි.
અરબી તફસીરો:
اَیَحْسَبُ الْاِنْسَانُ اَنْ یُّتْرَكَ سُدًی ۟ؕ
කිසිදු ආගමික පිළිවෙතක් ඔහු ට නොපවරාම, සැබැවින්ම අල්ලාහ් ඔහු ව නිකරුණේ අතහැර දමනු ඇතැයි ඔහු සිතන්නේ ද?
અરબી તફસીરો:
اَلَمْ یَكُ نُطْفَةً مِّنْ مَّنِیٍّ یُّمْنٰى ۟ۙ
දිනක මෙම මිනිසා ගර්භාෂය තුළ හළන ලද ශුක්රාණුවක් ලෙස නොසිටියේ ද?
અરબી તફસીરો:
ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوّٰى ۟ۙ
ඉන් පසු ව එය ලේ කැටියක් බවට පත් විය. පසු ව අල්ලාහ් ඔහු මැවීය. ඔහුගේ මැවීම සංකීර්ණ මැවීමක් විය.
અરબી તફસીરો:
فَجَعَلَ مِنْهُ الزَّوْجَیْنِ الذَّكَرَ وَالْاُ ۟ؕ
එම වර්ගයා අතර පිරිමියා හා ගැහැණිය යන වර්ග දෙකක් ඇති කළේය.
અરબી તફસીરો:
اَلَیْسَ ذٰلِكَ بِقٰدِرٍ عَلٰۤی اَنْ یُّحْیِ الْمَوْتٰى ۟۠
ශුක්රාණුවෙන් පසු ලේ කැටිය යන පිළිවෙළින් මිනිසා මැවූ මැවුම්කරුට විනිශ්චය හා ප්රතිඵල සඳහා නව මැවීමකින් යුතුව මිය ගිය ඇත්තන් යළි ජීවමාන කිරීමට හැකියාව ඇත්තෙකු නොවේ ද? එසේය, සැබැවින්ම ඔහු එයට හැකියාව ඇත්තාය.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
•මෙලොව ප්රිය කොට මතුලොව නොසලකා හැරීමේ ඇති අවදානම.

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
•මිනිසාට තෝරා ගැනීමේ නිදහස ස්ථීර කිරීම. එය අල්ලාහ් ඔහුට කරන ගෞරවයකි.

• النظر لوجه الله الكريم من أعظم النعيم.
•අල්ලාහ්ගේ මුහුණ දැකීම ආශිර්වාද අතරින් මහත් වූ ආශිර්වාදයකි.

 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ કિયામહ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો