Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ   አንቀጽ:

අල් කියාමා

ከመዕራፉ ዓላማዎች:
إظهار قدرة الله على بعث الخلق وجمعهم يوم القيامة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැවීම් යළි අවදි කිරීමේ හා ඔවුන් එක්රැස් කිරීමේ අල්ලාහ්ගේ බලය හෙළි කිරීම.

لَاۤ اُقْسِمُ بِیَوْمِ الْقِیٰمَةِ ۟ۙ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත අල්ලාහ් දිවුරා පවසයි. එය සකල ලෝකයන්හි පරමාධිපති වෙත ජනයා නැගී සිටින දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَاۤ اُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ ۟
දැහැමි ක්රියාවන්හි අඩුපාඩු ඇති කිරීම හා නපුරු ක්රියාවන් සම්බන්ධයෙන් ඊට අදාළ උදවිය දොස් නගමින් සිටින යහපත් ආත්මය මත ද දිවරමින් මෙම කරුණු දෙක මත දිවුරා පවසා සිටිනුයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ජනයා යළි අවදි කරනු ලබන බවයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَحْسَبُ الْاِنْسَانُ اَلَّنْ نَّجْمَعَ عِظَامَهٗ ۟ؕ
මිනිසා මිය ගිය පසු, නැවත නැගිටුවීම සඳහා ඔහුගේ අස්ථි අප එක්රැස් නොකරන්නේ යැයි ඔහු සිතන්නේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلٰى قٰدِرِیْنَ عَلٰۤی اَنْ نُّسَوِّیَ بَنَانَهٗ ۟
එසේ නොව මිනිසාගේ මැවීම, පෙර තිබුණාක් මෙන්ම ඔහුගේ ඇගිලි තුඩු පවා නැවත ලබා දී මනා මැවීමක් ලෙස එම අස්ථි ඒකරාශී කිරීමට අප බලය දරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ یُرِیْدُ الْاِنْسَانُ لِیَفْجُرَ اَمَامَهٗ ۟ۚ
නමුත් මිනිසා නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කොට අනාරක්ෂිත ලෙස ඉදිරියටත් ඔහුගේ පාපකම්වල දිගටම නිරත වී සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَسْـَٔلُ اَیَّانَ یَوْمُ الْقِیٰمَةِ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන බැහැර කරන අයුරින් ‘එය කවදා සිදු වන්නේ දැ?යි විමසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا بَرِقَ الْبَصَرُ ۟ۙ
කවර කරුණක් ඔහු බොරු කරමින් සිටියේ ද, එය දකින විට දෘෂ්ටිය වියවුල් වී අඳුරු වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَخَسَفَ الْقَمَرُ ۟ۙ
තවද සඳුගේ ආලෝකය ඉවත් ව ගිය විට,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ ۟ۙ
හිරු හා සඳු යන අහස් වස්තු එක් කරනු ලැබූ විට,
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَقُوْلُ الْاِنْسَانُ یَوْمَىِٕذٍ اَیْنَ الْمَفَرُّ ۟ۚ
එදින පව්කළ මිනිසා, "පලා යන්නට ඇත්තේ කොහාටදැ?"යි විමසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا لَا وَزَرَ ۟ؕ
එදින පව්කල මිනිසාට කිසිදු පලා යෑමක් නැත. රිංගා සැඟවෙන්නට තැනක් ද නැත. ඔහුව ආරක්ෂා කරන ආරක්ෂිත ස්ථානයක් ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلٰى رَبِّكَ یَوْمَىِٕذِ ١لْمُسْتَقَرُّ ۟ؕ
අහෝ දූතය! එදින විනිශ්චය හා ප්රතිඵල සඳහා යළි හැරී යාම හා යොමු වීම නුඹේ පරමාධිපති වෙතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُنَبَّؤُا الْاِنْسَانُ یَوْمَىِٕذٍ بِمَا قَدَّمَ وَاَخَّرَ ۟ؕ
එදින මිනිසා කල් ඇති ව ඉදිරිපත් කළ ක්රියාවන් හා ප්රමාද වී ලැබීම සඳහා ඉදිරිපත් කළ ක්රියාවන් පිළිබඳ තොරතුරු ඔහුට දන්වා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلِ الْاِنْسَانُ عَلٰی نَفْسِهٖ بَصِیْرَةٌ ۟ۙ
නමුත් මිනිසා ඉපැයූ දෑ සම්බන්ධයේ ඔහුගේ අවයව සාක්ෂි දරන මොහොතේ ඔහු ඔහුටම සාක්ෂිකරුවකු වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّلَوْ اَلْقٰى مَعَاذِیْرَهٗ ۟ؕ
ප්රයෝජනවත් නොවන කිසිදු පාප ක්රියාවක් සැබැවින්ම තමන් සිදු නොකළ බවට තමන් වෙනුවෙන් වාද කොට නිදහසට කරුණු ඉදිරිපත් කළ ද (එසේය.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تُحَرِّكْ بِهٖ لِسَانَكَ لِتَعْجَلَ بِهٖ ۟ؕ
(නබි තුමණි!) නුඹට මග හැරෙනු ඇතැයි යන බියෙන් අල් කුර්ආනය කියවීමට ඉක්මන් වී ඔබේ දිව නොසොල්වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ عَلَیْنَا جَمْعَهٗ وَقُرْاٰنَهٗ ۟ۚۖ
එය ඔබේ සිත් තුළ ගොනු කිරීම හා එය දිවෙන් පාරායනය කරවීම සැබැවින්ම අප සතු වගකීමකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا قَرَاْنٰهُ فَاتَّبِعْ قُرْاٰنَهٗ ۟ۚ
එහෙයින් අපගේ දූත ජිබ්රීල් (අලය්හිස් සලාම්) තුමා නුඹ වෙත එය පාරායනය කර පෙන්වන විට, ඔහුගේ පාරයනයට නුඹ නිහඬ ව සිට සවන් දෙනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِنَّ عَلَیْنَا بَیَانَهٗ ۟ؕ
එය ඔබට විග්රහ කර දීම ද අපගේ වගකීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
•මිනිසාගේ අභිමතය බැදී පවතිනුයේ අල්ලාහ්ගේ අභිමතය සමගය.

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
•තමන් වෙත එවන ලද දේව පණිවිඩ කටපාඩම් කර ගැනීම සඳහා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට තිබූ ආශාව හා උනන්දුව. කිසිවක් අමතක නොවන පරිදි ඔහුගේ සිත් තුළ එක් තැන් කිරීමේ හා එය ධාරණය කරවීමේ වගකීම අල්ලාහ් භාර ගෙන තිබීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት