Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಕಿಯಾಮ   ಶ್ಲೋಕ:

අල් කියාමා

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
إظهار قدرة الله على بعث الخلق وجمعهم يوم القيامة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැවීම් යළි අවදි කිරීමේ හා ඔවුන් එක්රැස් කිරීමේ අල්ලාහ්ගේ බලය හෙළි කිරීම.

لَاۤ اُقْسِمُ بِیَوْمِ الْقِیٰمَةِ ۟ۙ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත අල්ලාහ් දිවුරා පවසයි. එය සකල ලෝකයන්හි පරමාධිපති වෙත ජනයා නැගී සිටින දිනයයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَاۤ اُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ ۟
දැහැමි ක්රියාවන්හි අඩුපාඩු ඇති කිරීම හා නපුරු ක්රියාවන් සම්බන්ධයෙන් ඊට අදාළ උදවිය දොස් නගමින් සිටින යහපත් ආත්මය මත ද දිවරමින් මෙම කරුණු දෙක මත දිවුරා පවසා සිටිනුයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ජනයා යළි අවදි කරනු ලබන බවයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اَیَحْسَبُ الْاِنْسَانُ اَلَّنْ نَّجْمَعَ عِظَامَهٗ ۟ؕ
මිනිසා මිය ගිය පසු, නැවත නැගිටුවීම සඳහා ඔහුගේ අස්ථි අප එක්රැස් නොකරන්නේ යැයි ඔහු සිතන්නේ ද?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلٰى قٰدِرِیْنَ عَلٰۤی اَنْ نُّسَوِّیَ بَنَانَهٗ ۟
එසේ නොව මිනිසාගේ මැවීම, පෙර තිබුණාක් මෙන්ම ඔහුගේ ඇගිලි තුඩු පවා නැවත ලබා දී මනා මැවීමක් ලෙස එම අස්ථි ඒකරාශී කිරීමට අප බලය දරන්නෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلْ یُرِیْدُ الْاِنْسَانُ لِیَفْجُرَ اَمَامَهٗ ۟ۚ
නමුත් මිනිසා නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කොට අනාරක්ෂිත ලෙස ඉදිරියටත් ඔහුගේ පාපකම්වල දිගටම නිරත වී සිටියි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
یَسْـَٔلُ اَیَّانَ یَوْمُ الْقِیٰمَةِ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන බැහැර කරන අයුරින් ‘එය කවදා සිදු වන්නේ දැ?යි විමසයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَاِذَا بَرِقَ الْبَصَرُ ۟ۙ
කවර කරුණක් ඔහු බොරු කරමින් සිටියේ ද, එය දකින විට දෘෂ්ටිය වියවුල් වී අඳුරු වනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَخَسَفَ الْقَمَرُ ۟ۙ
තවද සඳුගේ ආලෝකය ඉවත් ව ගිය විට,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ ۟ۙ
හිරු හා සඳු යන අහස් වස්තු එක් කරනු ලැබූ විට,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
یَقُوْلُ الْاِنْسَانُ یَوْمَىِٕذٍ اَیْنَ الْمَفَرُّ ۟ۚ
එදින පව්කළ මිනිසා, "පලා යන්නට ඇත්තේ කොහාටදැ?"යි විමසයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّا لَا وَزَرَ ۟ؕ
එදින පව්කල මිනිසාට කිසිදු පලා යෑමක් නැත. රිංගා සැඟවෙන්නට තැනක් ද නැත. ඔහුව ආරක්ෂා කරන ආරක්ෂිත ස්ථානයක් ද නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِلٰى رَبِّكَ یَوْمَىِٕذِ ١لْمُسْتَقَرُّ ۟ؕ
අහෝ දූතය! එදින විනිශ්චය හා ප්රතිඵල සඳහා යළි හැරී යාම හා යොමු වීම නුඹේ පරමාධිපති වෙතය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
یُنَبَّؤُا الْاِنْسَانُ یَوْمَىِٕذٍ بِمَا قَدَّمَ وَاَخَّرَ ۟ؕ
එදින මිනිසා කල් ඇති ව ඉදිරිපත් කළ ක්රියාවන් හා ප්රමාද වී ලැබීම සඳහා ඉදිරිපත් කළ ක්රියාවන් පිළිබඳ තොරතුරු ඔහුට දන්වා සිටියි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلِ الْاِنْسَانُ عَلٰی نَفْسِهٖ بَصِیْرَةٌ ۟ۙ
නමුත් මිනිසා ඉපැයූ දෑ සම්බන්ධයේ ඔහුගේ අවයව සාක්ෂි දරන මොහොතේ ඔහු ඔහුටම සාක්ෂිකරුවකු වනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَّلَوْ اَلْقٰى مَعَاذِیْرَهٗ ۟ؕ
ප්රයෝජනවත් නොවන කිසිදු පාප ක්රියාවක් සැබැවින්ම තමන් සිදු නොකළ බවට තමන් වෙනුවෙන් වාද කොට නිදහසට කරුණු ඉදිරිපත් කළ ද (එසේය.)
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَا تُحَرِّكْ بِهٖ لِسَانَكَ لِتَعْجَلَ بِهٖ ۟ؕ
(නබි තුමණි!) නුඹට මග හැරෙනු ඇතැයි යන බියෙන් අල් කුර්ආනය කියවීමට ඉක්මන් වී ඔබේ දිව නොසොල්වනු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّ عَلَیْنَا جَمْعَهٗ وَقُرْاٰنَهٗ ۟ۚۖ
එය ඔබේ සිත් තුළ ගොනු කිරීම හා එය දිවෙන් පාරායනය කරවීම සැබැවින්ම අප සතු වගකීමකි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَاِذَا قَرَاْنٰهُ فَاتَّبِعْ قُرْاٰنَهٗ ۟ۚ
එහෙයින් අපගේ දූත ජිබ්රීල් (අලය්හිස් සලාම්) තුමා නුඹ වෙත එය පාරායනය කර පෙන්වන විට, ඔහුගේ පාරයනයට නුඹ නිහඬ ව සිට සවන් දෙනු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ اِنَّ عَلَیْنَا بَیَانَهٗ ۟ؕ
එය ඔබට විග්රහ කර දීම ද අපගේ වගකීමය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
•මිනිසාගේ අභිමතය බැදී පවතිනුයේ අල්ලාහ්ගේ අභිමතය සමගය.

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
•තමන් වෙත එවන ලද දේව පණිවිඩ කටපාඩම් කර ගැනීම සඳහා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට තිබූ ආශාව හා උනන්දුව. කිසිවක් අමතක නොවන පරිදි ඔහුගේ සිත් තුළ එක් තැන් කිරීමේ හා එය ධාරණය කරවීමේ වගකීම අල්ලාහ් භාර ගෙන තිබීම.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಕಿಯಾಮ
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ