Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
قُلْ لَّاۤ اَمْلِكُ لِنَفْسِیْ نَفْعًا وَّلَا ضَرًّا اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— وَلَوْ كُنْتُ اَعْلَمُ الْغَیْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَیْرِ ۛۚ— وَمَا مَسَّنِیَ السُّوْٓءُ ۛۚ— اِنْ اَنَا اِلَّا نَذِیْرٌ وَّبَشِیْرٌ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠
අහෝ මුහම්මද්! අල්ලාහ් අභිමත කළේ නම් මිස මාගේ ආත්මයට යම් යහපතක් ගෙන එන්නට හෝ එයින් යම් නපුරක් ඉවත් කිරීමට හෝ මම හැකියාව නොදරමි. එය අල්ලාහ් වෙත පැවරෙන කටයුත්තකි. අල්ලාහ් මට ඉගැන් වූ දෑ හැර වෙනත් කිසිවක් මම නොදනිමි. එහෙයින් ගුප්ත දෑ පිළිබඳ මම නොදනිමි. ගුප්ත දෑ පිළිබඳ මම දන්නේ නම් සැබැවින්ම මට යහපත ගෙන දෙන බවට හා මගෙන් අයහපත වළක්වන බවට මා දාන්නා හේතු කාරණා ඉටු කරන්නට තිබුණි. එවන් කරුණු ඇති වීමට පෙර මම දැන ගනිමි. ඒ වෙත ඇදී යන දෑ ද මම දැන ගනිමි. නමුත් මම අල්ලාහ් වෙතින් ආ දූතයකු මිස නැත. ඔහුගේ වේදනීය දඬුවම ගැන බිය ගන්වමි. සැබැවින්ම මම අල්ලාහ්ගෙන් වූ දූතයකු බව විශ්වාස කොට, මා කවර කරුණක් ගෙන ආවේද එය සැබෑවක් ලෙස පිළිගත් පිරිසකට ඔහුගේ ත්යාගශීලී කුසල් ගැන ශුභාරංචි දන්වමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ خَلَقَكُمْ مِّنْ نَّفْسٍ وَّاحِدَةٍ وَّجَعَلَ مِنْهَا زَوْجَهَا لِیَسْكُنَ اِلَیْهَا ۚ— فَلَمَّا تَغَشّٰىهَا حَمَلَتْ حَمْلًا خَفِیْفًا فَمَرَّتْ بِهٖ ۚ— فَلَمَّاۤ اَثْقَلَتْ دَّعَوَا اللّٰهَ رَبَّهُمَا لَىِٕنْ اٰتَیْتَنَا صَالِحًا لَّنَكُوْنَنَّ مِنَ الشّٰكِرِیْنَ ۟
අහෝ මිනිසුනි! කාන්තාවනි! එකම ආත්මයකින් එනම් ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් නුඹලා ව බිහි කළේ ඔහුය. පසු ව ඔහු (අල්ලාහ්) ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් ඔහුගේ බිරිය හව්වා තුමිය මැව්වේය. ඇය ඔහුගේ ඉළ ඇටයෙන් මවන ලැබුවාය. ඔහු ඇය වෙත ළං වී ඇය සමග තැන්පත් වූයේය. ස්වාමි පුරුෂයා ඇයගේ බිරිය සමග සංසර්ගයේ නිරත වූ කල්හි ඇයට නොදැනුවත්වම ඇය සැහැල්ලු බරක් ඉසිලුවාය. එය එහි ආරම්භය වූ බැවිණි. ඇයගේ ගර්භිණී භාවය දිගටම පැවතිණ. ඇයගේ අවශ්යතා ඇය ඉටු කළ ද එය ඇයට බරක් නොවීය. ඇයගේ කුස වැඩී විශාල වී බර වැඩි වූ කල්හි බිරිය හා ස්වාමි පුරුෂයා යන දෙදෙනාම ඔවුන් දෙදෙනාගේ පරමාධිපති අමතා, "අපගේ පරමාධිපතියාණනි! ඔබ අපට පූර්ණ මැවීමක් සහිත දැහැමි දරුවකු පිරිනැමුවෙහි නම් සැබැවින්ම ඔබ අප වෙත කළ ආශිර්වාදයට අපි කෘත ගුණ සලකන්නන් අතරට පත් වන්නෙමු" යැයි පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّاۤ اٰتٰىهُمَا صَالِحًا جَعَلَا لَهٗ شُرَكَآءَ فِیْمَاۤ اٰتٰىهُمَا ۚ— فَتَعٰلَی اللّٰهُ عَمَّا یُشْرِكُوْنَ ۟
එහෙත්, අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ප්රාර්ථනාව පිළිගෙන ඔවුන් දෙදෙනා ප්රාර්ථනා කළ පරිදි ම දැහැමි දරුවෙකු ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ කල්හි, අල්ලාහ් ත්යාග වශයෙන් ඔවුන් දෙදෙනාට පිරිනැමූ දෑහි ඔහු සමග හවුල්කරුවන් ද පත් කර ගෙන ඔවුන් දෙදෙනාගේ දරුවා වෙනත් අයකුට නමදින්නට සලස්වා ඔහුට ආරක්ෂකයාගේ ගැත්තා යනුවෙන් නම් තැබූහ. සියලුම හවුල්කරුවන්ගෙන් අල්ලාහ් පිවිතුරුය උත්තරීතරය. ආධිපත්යය හා දේවත්වය ඔහු තනිව ම ක්රියාත්මක කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیُشْرِكُوْنَ مَا لَا یَخْلُقُ شَیْـًٔا وَّهُمْ یُخْلَقُوْنَ ۟ۚ
නැමදුමෙහි ඔවුහු මෙම පිළිම හා වෙනත් දෑ අල්ලාහ්ට හවුල්කරුවන් බවට පත් කරන්නෙහුද? සැබැවින්ම ඔවුන් කිසිවක් මවා නැති බවත් ඔවුන් නැමදුමට සුදුස්සන් නොවන බවත් ඔවුන් දැන සිටියි. ඒ සියල්ල මවනු ලැබූවන් වෙති. එසේ නම් ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් පත් කරනුයේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَسْتَطِیْعُوْنَ لَهُمْ نَصْرًا وَّلَاۤ اَنْفُسَهُمْ یَنْصُرُوْنَ ۟
මෙසේ නැමදුම් ලබන්නන්ට ඔවුන් නමදින්නන් හට උදව් කිරීමට හැකියාවක් නැත. තමන්ට පවා උදව් කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. එසේ තිබියදී ඔවුහු ඔවුන් නැමදුම් කරනුයේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ تَدْعُوْهُمْ اِلَی الْهُدٰی لَا یَتَّبِعُوْكُمْ ؕ— سَوَآءٌ عَلَیْكُمْ اَدَعَوْتُمُوْهُمْ اَمْ اَنْتُمْ صَامِتُوْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් හැර ඔවුන් දෙවිවරුන් ලෙස නමදින මෙම පිළිම වලින් යහමග වෙත ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා කවර දෙයක් ඔවුන්ගෙන් ප්රාර්ථනා කර සිටියේද ඒ සඳහා ඔවුන් නුඹලාට පිළිතුරු නොදෙනු ඇත. නුඹලා පසුපසින් ඔවුන් පැමිණෙන්නේද නැත. ඒවා අබියස නුඹලා ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා නිහඬ ව සිටිය ද එක සමානය. ඒවා හුදු භෞතික වස්තුවක් පමණි. ඒවාට වැටහෙන්නේ ද නැත. ඒවා සවන් දෙන්නේ ද නැත. ඒවා කතා කරන්නේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ عِبَادٌ اَمْثَالُكُمْ فَادْعُوْهُمْ فَلْیَسْتَجِیْبُوْا لَكُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් හැර නමදිමින් සිටි දෑ ඔහුගේ මැවීම් වන්නේය. ඒ සියල්ල ඔහුට යටත්ය. එහිදී ඔවුන් සමග නුඹලා ව සසදා බලන කල ඔවුනට වඩා නුඹලා තත්ත්වයෙන් උසස්ය. නුඹලා ජීවමානය. කතා කරන්නෙහුය. ඇවිදින්නෙහුය. සවන් දෙන්නෙහුය. බලන්නෙහුය. නමුත් නුඹලාගේ පිළිම එලෙස නැත. නුඹලා ඔවුන් සම්බන්ධයෙන් වාද කරන දෑ හී සත්යවාදීහු නම් ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කර බලනු. නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَهُمْ اَرْجُلٌ یَّمْشُوْنَ بِهَاۤ ؗ— اَمْ لَهُمْ اَیْدٍ یَّبْطِشُوْنَ بِهَاۤ ؗ— اَمْ لَهُمْ اَعْیُنٌ یُّبْصِرُوْنَ بِهَاۤ ؗ— اَمْ لَهُمْ اٰذَانٌ یَّسْمَعُوْنَ بِهَا ؕ— قُلِ ادْعُوْا شُرَكَآءَكُمْ ثُمَّ كِیْدُوْنِ فَلَا تُنْظِرُوْنِ ۟
නුඹලා දෙවිවරුන් ලෙස ගත් එම පිළිම වලට පාද තිබී, එමගින් ඔවුන් ගමන් කර නුඹලාගේ අවශ්යතාවන් ඉටු කර දෙන්නේද? එසේ නැතහොත් ඔවුනට අත් තිබී, එමගින් බලවත් ලෙස නුඹලා ව වළක්වාලන්නේ ද? එසේ නැතහොත් ඔවුනට ඇස් තිබී නුඹලාට ගුප්ත වූ දෑ එතුළින් බලා නුඹලාට තොරතුරු දන්වා සිටින්නේද? එසේ නැතහොත් කන් තිබී, එමගින් නුඹලාට සැගවුණු දෑට සවන් දී එම දැනුම නුඹලාට ගෙන දෙන්නේද? මේ සියල්ල කිරීමට නොහැකි නම් නුඹලාට සෙත සලසනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි යහපත් අපේක්ෂාවකින් යුතු ව නුඹලා ඒවාට නැමදුම් කරනුයේ කෙසේද? අහෝ දූතය! ආදේශ තබන මොවුනට ඔබ, ‘නුඹලා අල්ලාහ්ට සමාන කළ සමානයින් කැඳවනු. පසු ව මට හානි කරන්නට කුමන්ත්රණය කරනු මට අවකාශය නොදෙනු.’ යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات بيان جهل من يقصد النبي صلى الله عليه وسلم ويدعوه لحصول نفع أو دفع ضر؛ لأن النفع إنما يحصل من قِبَلِ ما أرسل به من البشارة والنذارة.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව අරමුණු කර ගනිමින් යම් සෙතක් ලබන්නට හෝ හානියක් වළක්වා ගන්නට හෝ එතුමාගෙන් පැතීමේ අඥානකම පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම පාඨ තුළ ඇතුළත් ව ඇත. සැබැවින්ම සෙත ලැබිය හැකි වනුයේ ශුභාරංචිය හා අවවාදය තුළින් කවර කරුණක එවනු ලැබ ඇත්තේ ද ඒ හරහා පමණය.

• جعل الله بمنَّته من نوع الرجل زوجه؛ ليألفها ولا يجفو قربها ويأنس بها؛ لتتحقق الحكمة الإلهية في التناسل.
• අල්ලාහ් ඔහුගේ උපකාරයෙන් මිනිස් වාර්ගයා අරතින් ඔහුගේ බිරිය නිරිමාණය කළේය. එය ඔහු ඇය සමග ආලකම් කිරීමටත්, ඇයට සමීප වීමෙන් දුරස් නොවීමටත් ඇය සමග පහස විදීමටත්ය. එය දේව තීන්දුව ප්රජනන ක්රියාවලියේ තහවුරු කරනු පිණිසය.

• لا يليق بالأفضل الأكمل الأشرف من المخلوقات وهو الإنسان أن يشتغل بعبادة الأخس والأرذل من الحجارة والخشب وغيرها من الآلهة الباطلة.
•මිනිසා ගල්, ලී වලින් තැනුණු නින්දිත හාස්යජනක දෑ හා ව්යාජ දෙවිවරුන් නැමදීමෙහි නිරත ව සිටිය දී මැවීම් අතරින් ඔහුට පූර්ණ ගෞරවනීය ශ්රේෂ්ඨත්වය හිමිවන්නේ නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት