Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
وَلَمَّا رَجَعَ مُوْسٰۤی اِلٰی قَوْمِهٖ غَضْبَانَ اَسِفًا ۙ— قَالَ بِئْسَمَا خَلَفْتُمُوْنِیْ مِنْ بَعْدِیْ ۚ— اَعَجِلْتُمْ اَمْرَ رَبِّكُمْ ۚ— وَاَلْقَی الْاَلْوَاحَ وَاَخَذَ بِرَاْسِ اَخِیْهِ یَجُرُّهٗۤ اِلَیْهِ ؕ— قَالَ ابْنَ اُمَّ اِنَّ الْقَوْمَ اسْتَضْعَفُوْنِیْ وَكَادُوْا یَقْتُلُوْنَنِیْ ۖؗ— فَلَا تُشْمِتْ بِیَ الْاَعْدَآءَ وَلَا تَجْعَلْنِیْ مَعَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟
මූසා (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපති මුණ ගැසී, තම සමූහයා වෙත පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් වසු පැටවා නැමදුමට ගෙන තිබීම දුටු එතුමා ඔවුන් කෙරෙහි කෝපයෙන් හා කනස්සල්ලෙන් පිරී සිටි කල්හි එතුමා, ‘මා නුඹලා වෙතින් ගිය පසු ව නුඹලා මා වෙනුවෙන් නියෝජනය කළ තත්ත්වය ඉතා නරකය. එය විනාශය හා අභාග්යය අත් කර දෙනු ඇත. මා ගැන බලාපොරොත්තු අතහැර දමා නුඹලා වසු පැටවා නැමදුම් කිරීමට ඉදිරිපත් වූයෙහුද? තමාට ඇති වූ දැඩි කෝපය හා කනස්සල්ල හේතුවෙන් එම ඵලක විසි කර දැමුවේය. තම සහෝදරයා වන හාරූන් ඔවුන් සමග සිටියදී ඔවුන් වසු පැටවා නැමදුමට ගත් අවස්ථාවේ එය ඔහු නොවැළැක්වූ බැවින් මූසා තුමා ඔහුගේ හිසෙන් අල්ලා, ඔහුගේ රැවුලෙන් ඇද, තමන් වෙත ළං කර ගත්තේය. හාරූන් මූසාට නිදහසට කරුණු දක්වමින් ඉතා ආදරයෙන්, ‘අහෝ: මාගේ මවගේ පුතණුවනි! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු සේ සැළකුවෝය. එහෙයින් ඔවුහු මා අවමන් කොට මා මරන්නට තැත් කළෝය. මෙසේ තිබියදී මාගේ සතුරන් සතුටු වන පරිදි මා හට ඔබ දඬුවම් නොකරනු. ඔබට මා කෙරෙහි ඇති කෝපය නිසාවෙන්, අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම හේතුවෙන් අපාරධකාරයින් බවට පත් වූවන්ගේ ගොඩට මා ද පත් නොකරනු මැනව!' යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ اغْفِرْ لِیْ وَلِاَخِیْ وَاَدْخِلْنَا فِیْ رَحْمَتِكَ ۖؗ— وَاَنْتَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟۠
මූසා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "අහෝ මාගේ පරමාධිපතියාණනි! මා හටත්, මගේ සහෝදර හාරූන් හටත් සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අප ඇතුළත් කරනු මැනව! සෑම පැතිකඩකින්ම එය අප ආවරණය වන පරිදි එය පත් කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, කරුණාව පෙන්වන සියල්ලන්හට වඩා ඔබ අපට මහා කාරුණිකය" යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اتَّخَذُوا الْعِجْلَ سَیَنَالُهُمْ غَضَبٌ مِّنْ رَّبِّهِمْ وَذِلَّةٌ فِی الْحَیٰوةِ الدُّنْیَا ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُفْتَرِیْنَ ۟
සැබැවින්ම වසු පැටවා දෙවියෙකු ලෙස ගෙන ගොස් ඌට නැමදුම් කරන්නන් වනාහි, ඔවුන්ගේ පරමාධිපතිගේ දැඩි කෝපයත්, ඔවුන්ගේ පරමාධිපති ඔවුනට දක්වන කෝපය හා අවමානය හේතුවෙන් මෙලොව ජීවිතයේ දී අවමානයත් ඔවුන්හට අත්වනු ඇත. අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන්හට ද මෙවැනිම ප්රතිවිපාකයක් අපි පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ عَمِلُوا السَّیِّاٰتِ ثُمَّ تَابُوْا مِنْ بَعْدِهَا وَاٰمَنُوْۤا ؗ— اِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُوْرٌ رَّحِیْمٌ ۟
අල්ලාහ්ට ආදේශ තබා පාපකම් සිදු කොට නපුරු ක්රියාවන්හි නිරතවූවන් වනාහි, ඔවුහු අල්ලාහ්ව විශ්වාස කොට ඔහු වෙත පාප ක්ෂමාව අයැද ඔවුන් කරමින් සිටි පාපයෙන් ඔවුන් වැළකුණේ නම්, අහෝ දූතය! ඔවුන් ආදේශ තැබීමෙන් ඉවත් ව දේව විශ්වාසය වෙතත්, පාපකම් අතහැර අවනතභාවය වෙතත් යොමු වීමෙන් පසු සැබැවින්ම ඔබේ පරමාධිපති ඒවා වසන් කොට නොසලකා හැර ඔවුන්හට අතිශයින් සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි අතිශයින් කරුණාව දක්වන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا سَكَتَ عَنْ مُّوْسَی الْغَضَبُ اَخَذَ الْاَلْوَاحَ ۖۚ— وَفِیْ نُسْخَتِهَا هُدًی وَّرَحْمَةٌ لِّلَّذِیْنَ هُمْ لِرَبِّهِمْ یَرْهَبُوْنَ ۟
මූසා (අලය්හිස් සලාම්) තුමාගෙන් කෝපය නිවුනු කල්හි, කෝපය හේතුවෙන් එතුමා විසි කළ ඵලක සන්සුන් ව අරගත්තේය. මෙම ඵලක වල අයහමගින් යහමග ද සත්ය පැහැදිලි කිරීම් ද ඇතුළත් වන අතර තම පරාමාධිපතිට බිය වන ඔහුගේ දඬුවමට බියවන අයහට කරුණාව ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاخْتَارَ مُوْسٰی قَوْمَهٗ سَبْعِیْنَ رَجُلًا لِّمِیْقَاتِنَا ۚ— فَلَمَّاۤ اَخَذَتْهُمُ الرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ اَهْلَكْتَهُمْ مِّنْ قَبْلُ وَاِیَّایَ ؕ— اَتُهْلِكُنَا بِمَا فَعَلَ السُّفَهَآءُ مِنَّا ۚ— اِنْ هِیَ اِلَّا فِتْنَتُكَ ؕ— تُضِلُّ بِهَا مَنْ تَشَآءُ وَتَهْدِیْ مَنْ تَشَآءُ ؕ— اَنْتَ وَلِیُّنَا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَاَنْتَ خَیْرُ الْغٰفِرِیْنَ ۟
මූසා (අලය්හිස් සලාම්) තුමා, ඔහුගේ සමූහයා අතර සිටි අඥානයින් වසු පැටවා අදහමින් කළ ක්රියාවට ඔවුන්ගේ පරමාධිපති වෙත නිදහසට කරුණු ඉදිරිපත් කරනු පිණිස ඔවුන් අතර සිටි ශ්රේෂ්ඨ මිනිසුන් හැත්තෑ දෙනෙකු තෝරා ගත්තේය. ඔවුහු එහි සහභාගී විය යුතු නියමිත වේලාවක් අල්ලාහ් ඔවුනට පොරොන්දු විය. ඔවුන් සහභාගී වීම පිණිස අල්ලාහ් වෙත උනන්දුවෙන් ගිය කල්හි, තම දෑස් ඉදිරිපිට අල්ලාහ් ව පෙන්වන්නැයි මූසාගෙන් ඉල්ලා සිටියහ. එවිට මහා භූ චලනයක් ඔවුන් ග්රහණය කළේය. ඔවුන් කම්පනයට පත් ව භීතියට පත් වූහ. මූසා ඔහුගේ පරමාධිපති වෙත බැගෑපත් ව කණ්ණලව් කර, "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් වෙත පැමිණීමට පෙර, ඔවුන් හා මා විනාශ කරන්නට ඔබ අභිමත කළේ නම් ඔබ ඔවුන් විනාශ කරන්නට තිබුණි. අප අතර සිටි බුද්ධි හීනයන් සිදු කළ දෑ හේතුකොට ගෙන ඔබ අප විනාශ කරන්නෙහිද? මාගේ ජනයා වසු පැටවා නැමදුමට ගෙන එසේ ක්රියා කළේ විභාගයකට හා පරීක්ෂණයකට මිස නැත. ඔබ අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරින්නෙහිය. ඔබ අභිමත කරන්නන්හට ඔබ මඟ පෙන්වන්නෙහිය. අපගේ කටයුතු භාර ව සිටින්නා ඔබය. එහෙයින් අපගේ පාපකම් සඳහා ඔබ අපට සමාව දෙනු මැනව! ඔබේ පුළුල් දයාව තුළින් අපට කරුණා කරනු මැනව! වැරැද්ද නොසලකා හැර, පාපයට සමාව දෙන්නන්ගෙන් ඔබ අති ශ්රේෂ්ඨය." යැයීි කීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات دليل على أن الخطأ في الاجتهاد مع وضوح الأدلة لا يعذر فيه صاحبه عند إجراء الأحكام عليه، وهو ما يسميه الفقهاء بالتأويل البعيد.
•පැහැදිලි සාධක සමග ස්ව උත්සාහයේ යෙදීමේ දී වරදක් සිදු වන අවස්ථාවක අදාළ පුද්ගලයාට නීතිය ක්රියාත්මක වන විට එහි නිදහසට කරුණු දැක්විය නොහැකි බව මෙම පාඨ පෙන්වා දෙයි. ආගමික නීති විශාරදයින් එයට නම් තබා ඇත්තේ ‘අත්-තඃවීලිල් බඊද්’ දුරස්ථ අර්ථ නිරූපණය ලෙස ය.

• من آداب الدعاء البدء بالنفس، حيث بدأ موسى عليه السلام دعاءه فطلب المغفرة لنفسه تأدُّبًا مع الله فيما ظهر عليه من الغضب، ثم طلب المغفرة لأخيه فيما عسى أن يكون قد ظهر منه من تفريط أو تساهل في رَدْع عَبَدة العجل عن ذلك.
•පළමුව තමන් ගැන ප්රාර්ථනා කිරීම, ප්රාර්ථනාවේ ආචාර ධර්ම අතරට ඇතුළත් වේ. මූසා (අලය්හිස් සලාම්) තුමා එසේ ප්රාර්ථනා කළහ. තමන්ට කෝපය හට ගත්තද අල්ලාහ් සමග ආචාරශීලී ව හැසිරීමක් ලෙස එතුමා තමන් වෙනුවෙන් පළමු ව පාපක්ෂමාව ඉල්ලා සිටියහ. පසුව වසු පැටවා වන්දනා කරන්නන් ඉන් වැළක්වීමේදී දැක්වූ නොසැලකිල්ල හා ඒ ගැන පිළිගැනීම නිසා, ඔහු තම සහෝදරයා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේය.

• التحذير من الغضب وسلطته على عقل الشخص؛ ولذلك نسب الله للغضب فعل السكوت كأنه هو الآمر والناهي.
•කෝපය පිළිබඳ සහ පුද්ගලයෙකුගේ මනස කෙරෙහි එය බලපාන ආකාරය පිළිබඳ අනතුරු ඇඟවීම. එබැවින් අල්ලාහ් කෝපය සඳහා නිහඩතාවයේ ක්රියාව ආරෝපණය කළේය. එය ඔහු අණ කරන්නෙකු හා තහනම් කරනනෙකු ලෙස සිටිමිනි.

• ضرورة التوقي من غضب الله، وخوف بطشه، فانظر إلى مقام موسى عليه السلام عند ربه، وانظر خشيته من غضب ربه.
•අල්ලාහ්ගේ කෝපයෙන් ආරක්ෂාවීමේ හා ඔහුගේ ග්රහණය පිළිබඳ බියවීමේ අවශ්යතාවය. ඒ සඳහා තම පරමාධිපති අබියස මූසා තුමාගේ ස්ථාවරත්වය දෙස බලන්න, තම පරමාධිපතිගේ උදහස පිළිබඳ එතුමා තුළ පැවති බිය දෙස බලන්න.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት