Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
قَالُوْۤا اٰمَنَّا بِرَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
"සියලු මැවීම් හි පරමාධිපතියාණන්ව අපි විශ්වාස කළෙමු" යැයි හූනියම්කරුවෝ පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ مُوْسٰی وَهٰرُوْنَ ۟
නැමදුම් ලබන්නට සුදුසු වනුයේ ව්යාජ, නින්දිත දෙවිවරුන් නොව මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතියාණන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ فِرْعَوْنُ اٰمَنْتُمْ بِهٖ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ۚ— اِنَّ هٰذَا لَمَكْرٌ مَّكَرْتُمُوْهُ فِی الْمَدِیْنَةِ لِتُخْرِجُوْا مِنْهَاۤ اَهْلَهَا ۚ— فَسَوْفَ تَعْلَمُوْنَ ۟
අල්ලාහ් ව පමණක් ඔවුන් විශ්වාස කිරීමෙන් පසු ෆිර්අවුන් ඔවුනට තරවටු කරමින්, “මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා මූසා සත්ය බව පිළිගත්තෙහුය. සැබැවින්ම නුඹලා ඔහු ව විශ්වාස කිරීමත්, මූසා ගෙන ආ දෑ නුඹලා තහවුරු කිරීමත්, නගර වැසියන් ඉන් බැහැර කිරීම සඳහා නුඹලා හා මූසා සැලසුම් කළ කුමන්ත්රණයක් හා වංචාවකි. අහෝ හූනියම් කරුවනි! සැබැවින්ම නුඹලාට සිදු වන්නට යන දඬුවම හා නුඹලාට අත්වන්නට යන විපාකය පිළිබඳ නුඹලා මතු දැන ගනු ඇත." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ ثُمَّ لَاُصَلِّبَنَّكُمْ اَجْمَعِیْنَ ۟
නුඹලා සෑම කෙනෙකුගේම දකුණු අත සහ වම් කකුල හෝ වම් අත සහ දකුණු කකුල හෝ මම කපා හරිමි. පසු ව නුඹලාට දඬුවම් වශයෙන් හා මේ තත්ත්වය නුඹලා ව දකින සෑම කෙනෙකුටම බිය ගැන්වීමක් වශයෙන් නුඹලා සියල්ලන් රටඉඳි කඳෙහි එල්ලා දමමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اِنَّاۤ اِلٰی رَبِّنَا مُنْقَلِبُوْنَ ۟ۚ
හූනියම්කරුවෝ ෆිර්අවුන්ගේ තර්ජනයට පිළිතුරු වශයෙන් "සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් හැරී යන්නෙමු. ඔබ කවර තර්ජනයක් කළ ද අපට ඒ ගැන වගක් නැත" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا تَنْقِمُ مِنَّاۤ اِلَّاۤ اَنْ اٰمَنَّا بِاٰیٰتِ رَبِّنَا لَمَّا جَآءَتْنَا ؕ— رَبَّنَاۤ اَفْرِغْ عَلَیْنَا صَبْرًا وَّتَوَفَّنَا مُسْلِمِیْنَ ۟۠
ඔබ අප පිළිකුල් කරනුයේ එමෙන්ම අපට එරෙහි ව කටයුතු කරනුයේ මූසාගේ දෑතින් අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණි කල්හි, ඒවා අප තහවුරු කර සිටීම හේතුවෙන් මිස වෙනෙකක් හේතුවෙන් නොවීය. එහෙයින්, එය දොස් කියනු ලබන පාපයක් වී නම් එය අපගේ පාපයක් වන්නේමය. පසු ව අල්ලාහ් වෙත ඔවුන් ප්රාර්ථනා කරමින් ඉතා බැගෑපත් ව මෙසේ පවසා සිටියෝය. ‘අපගේ පරමාධිපතියාණනි! සත්යය මත අප ස්ථාවර ව සිටිනු පිණිස අපව පාලනය කරන තෙක් අප මත ඉවසීම හෙළනු මැනව! ඔබට අවනත වන මුස්ලිම්වරුන් ලෙසත් ඔබේ නියෝග පිළිපදින්නන් ලෙසත් ඔබේ දූතයාණන් අනුගමනය කරන්නන් ලෙසත් අප මරණයට පත් කරනු මැනව!'
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الْمَلَاُ مِنْ قَوْمِ فِرْعَوْنَ اَتَذَرُ مُوْسٰی وَقَوْمَهٗ لِیُفْسِدُوْا فِی الْاَرْضِ وَیَذَرَكَ وَاٰلِهَتَكَ ؕ— قَالَ سَنُقَتِّلُ اَبْنَآءَهُمْ وَنَسْتَحْیٖ نِسَآءَهُمْ ۚ— وَاِنَّا فَوْقَهُمْ قٰهِرُوْنَ ۟
ෆිර්අවුන්ගේ ජනයා අතර සිටි ප්රධානීන් හා නායකයින් මූසා හා ඔහු සමග වූ දේව විශ්වාස කළවුන් පිළිබඳ උසි ගන්වමින් ෆිර්අවුන්ට මෙසේ පවසා සිටියහ. ‘අහෝ ෆිර්අවුන්! ඔවුන් මහපොළොවේ කලහකම් ව්යාප්ත කිරීමටත්, ඔබ හා ඔබේ දෙවිවරුන් ඔවුන් අතහැර දැමීමටත්, අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔවුන් ඇරයුම් කිරීමටත්, ඔබ මූසා හා ඔහුගේ පිරිස අතහැර දමන්නෙහිද? එයට ෆිර්අවුන්, 'ඉස්රාඊල් දරුවන්ගේ පිරිමි දරුවන් මම මරා දමමි. ඔවුන්ගේ කාන්තාවන් සේවය සඳහා තබා ගනිමි. සැබැවින්ම අපි බලය, ආධිපත්යය හා පාලනය ඔවුන් මත ක්රියාත්මක කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ مُوْسٰی لِقَوْمِهِ اسْتَعِیْنُوْا بِاللّٰهِ وَاصْبِرُوْا ۚ— اِنَّ الْاَرْضَ لِلّٰهِ ۙ۫— یُوْرِثُهَا مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَالْعَاقِبَةُ لِلْمُتَّقِیْنَ ۟
මූසා තම සමූහයාට උපදෙස් දෙමින්, “මාගේ ජනයිනි! නුඹලාගෙන් පීඩාව ඉවත් කිරීමටත්, නුඹලා වෙත ප්රයෝජන ගෙන දෙන්නටත්, නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. නුඹලා කවර පරීක්ෂණයකට මුහුණ දෙන්නේද එහි ඉවසීමෙන් සිටිනු. සැබැවින්ම මහපොළොව අල්ලාහ්ට පමණක් සතු වූවකි. එය ෆිර්අවුන් හෝ එහි පාලනය කරන වෙනත් අයකු සතු වූවක් නොවේ. ඔහු අභිමත කරන අයුරින් ජනතාව අතර එහි පාලනය පිරිනමන්නේය. නමුත් මහපොළොවේ යහපත් අවසානයක් ඇත්තේ තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ දේව විශ්වාසීන්ටය. ඔවුනට පීඩාවන් හෝ පරීක්ෂාවන් ඇති වුවද එය ඔවුන්ටම සතු වූවකි." යැයි කීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اُوْذِیْنَا مِنْ قَبْلِ اَنْ تَاْتِیَنَا وَمِنْ بَعْدِ مَا جِئْتَنَا ؕ— قَالَ عَسٰی رَبُّكُمْ اَنْ یُّهْلِكَ عَدُوَّكُمْ وَیَسْتَخْلِفَكُمْ فِی الْاَرْضِ فَیَنْظُرَ كَیْفَ تَعْمَلُوْنَ ۟۠
ඉස්රාඊල් දරුවන් අතර සිටි මූසාගේ පිරිස මූසා දෙස බලා, ‘අහෝ මූසා! ඔබ අප වෙත පැමිණීමට පෙර ද, ඉන් පසු ව ද ෆිර්අවුන්ගේ අතින් අපගේ පිරිමි දරුවන් ඝාතනයට ලක්වෙමින් හා ගැහැනු දරුවන් රඳවා තබා ගනිමින් අපි පරීක්ෂාවට ලක් වූයෙමු.’ යැයි කීහ.එයට මූසා ඔවුනට උපදෙස් දෙමින් ඉන් මිදීම ගැන ශුභාරංචි දන්වමින්, ‘නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරා වූ ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විනාශ කර දමා ඔවුන්ගෙන් පසු මහපොළොවේ නුඹලාට පහසුකම් සලසනු ඇත. ඉන් පසු ව නුඹලා කෘතවේදී ව කටයුතු කරන්නේද එසේ නැතහොත් ගුණමකු ලෙස කටයුතු කරන්නේ දැයි ඔහු අධීක්ෂණය කරයි.' යනුවෙන් පැවසුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَخَذْنَاۤ اٰلَ فِرْعَوْنَ بِالسِّنِیْنَ وَنَقْصٍ مِّنَ الثَّمَرٰتِ لَعَلَّهُمْ یَذَّكَّرُوْنَ ۟
සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පැළැන්තිය නියඟයෙන් හා සාගින්නෙන් දඬුවමට ලක් කළෙමු. මහපොළොවේ බවභෝග හා අස්වැනු අඩු කරමින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය, ඔවුනට පැමිණි දඬුවම ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අත්වූවක් බව ඔවුන් මෙනෙහි කොට, ඉන් උපදෙස් ලබා තමන් කළ වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමු වනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• موقف السّحرة وإعلان إيمانهم بجرأة وصراحة يدلّ على أنّ الإنسان إذا تجرّد عن هواه، وأذعن للعقل والفكر السّليم بادر إلى الإيمان عند ظهور الأدلّة عليه.
හූනියම්කරුවන්ගේ ස්ථාවරය හා ඔවුන් ඉතා උනන්දුවෙන් හා ප්රසිද්ධියේම ඔවුන්ගේ විශ්වාසය දන්වා සිටීම, සැබැවින්ම මිනිසා තම ආශාවන්ගෙන් ඉවත් ව බුද්ධියට හා කල්පනාවට වැටුණු විට ඔහුට පැහැදිලි සාධක නිරාවරණය වන අවස්ථාවේ, දේව විශ්වාසය වෙත ඔහු යුහුසුළු ව පැමිණෙන බව පෙන්වා දෙයි.

• أهل الإيمان بالله واليوم الآخر هم أشدّ الناس حزمًا، وأكثرهم شجاعة وصبرًا في أوقات الأزمات والمحن والحروب.
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් වනාහි, ජනයා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නෝ ඔවුහුමය. එමෙන්ම අර්බූද, පීඩා සහ යුද්ධ කාල වලදී ඉතා ඉවසීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කරන්නේද ඔවුහුමය.

• المنتفعون من السّلطة يُحرِّضون ويُهيِّجون السلطان لمواجهة أهل الإيمان؛ لأن في بقاء السلطان بقاء لمصالحهم.
බලයෙන් ලාභ ලබන්නන්, දෙවියන් විශ්වාස කරන්නන් හා ඝට්ටනය කිරීමට, බලධාරීන්ව පොලඹවා උසි ගන්වති. ඊට හේතුව බලධාරීන්ගේ බලය පවතින විට ඔවුන්ගේ ප්රවර්තනය ද පවතින බැවිණි.

• من أسباب حبس الأمطار وغلاء الأسعار: الظلم والفساد.
වර්ෂාව නතර වීමටත් මිල ඉහළ යාමටත් අපරාධ හා දූෂණය හේතු වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት