Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
وَقَالُوْا هٰذِهٖۤ اَنْعَامٌ وَّحَرْثٌ حِجْرٌ ۖۗ— لَّا یَطْعَمُهَاۤ اِلَّا مَنْ نَّشَآءُ بِزَعْمِهِمْ وَاَنْعَامٌ حُرِّمَتْ ظُهُوْرُهَا وَاَنْعَامٌ لَّا یَذْكُرُوْنَ اسْمَ اللّٰهِ عَلَیْهَا افْتِرَآءً عَلَیْهِ ؕ— سَیَجْزِیْهِمْ بِمَا كَانُوْا یَفْتَرُوْنَ ۟
දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ කල්පනය අනුව මෙම ගොවිපළ සතුන් හා පලදාවෙන් කිසිවක් අනුභව කිරීම තහනම් කරනු ලැබ ඇතැයි පවසති. මෙසේ ඔවුන් බොරු ගොතා පවසනුයේ පිළිම වලට සේවය කරන්නන් හා වෙනත් අය විසින් කරන ලද මග පෙන්වීමෙනි. තවදුරටත් ඔවුහු මෙම ගොවිපළ සතුන්ගේ පිටවල් තහනම් කරනු ලැබ ඇත. එහෙයින් ඒ මත නැග ගමන් නොකරනු. එහි කිසිවක් පටවා ප්රවාහනය නොකරනු. අල්බහීරා අස්සාඉබා හා අල් හාමී යනාදිය එම සතුන් වෙති. මෙම ගොවිපළ සතුන් මත ඒවා කපන අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරති. නමුත් ඒවා කපන විට ඒවා මත ඔවුන්ගේ පිළිම වල නාමයෙන් කපති. සැබැවින්ම මෙය අල්ලාහ්ගෙනි යැයි ඔහු මත බොරු පවසමින් මේ සියලු වැරදි කරති. ඔවුන් කවර කරුණක් මත බොරු ගොතමින් සිටියේද ඒ හේතුවෙන් ඔවුනට අල්ලාහ් දඬුවම් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا مَا فِیْ بُطُوْنِ هٰذِهِ الْاَنْعَامِ خَالِصَةٌ لِّذُكُوْرِنَا وَمُحَرَّمٌ عَلٰۤی اَزْوَاجِنَا ۚ— وَاِنْ یَّكُنْ مَّیْتَةً فَهُمْ فِیْهِ شُرَكَآءُ ؕ— سَیَجْزِیْهِمْ وَصْفَهُمْ ؕ— اِنَّهٗ حَكِیْمٌ عَلِیْمٌ ۟
ඔවුන් තවදුරටත් මෙම අස්සාඉබා හා අල්බහීරා නම් ඔටු දෙනුන්ගේ කුස වල ඇති පැටවුන් පණ පිටින් බිහි කරනු ලැබුවේ නම් එය අපගේ පිරිමින්හට අනුමත වන අතර අපගේ කාන්තාවන්හට තහනම් වේ. උන්ගේ කුස තුළ ඇති පැටවුන් මිය ගොස් තත්ත්වයේ බිහි කරනු ලැබුවේ නම් පිරිමින් හා කාන්තාවන් එහි හවුල්කරුවෝ වෙති යැයි පවසති. ඔවුන්ගේ මෙම ප්රකාශයට සරිලන ප්රතිවිපාක අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. සැබැවින්ම ඔහු ආගමික කරුණු නිතීගත කිරීමෙහි හා ඔහුගේ මැවීම්හි කටයුතු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. එමෙන්ම ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ خَسِرَ الَّذِیْنَ قَتَلُوْۤا اَوْلَادَهُمْ سَفَهًا بِغَیْرِ عِلْمٍ وَّحَرَّمُوْا مَا رَزَقَهُمُ اللّٰهُ افْتِرَآءً عَلَی اللّٰهِ ؕ— قَدْ ضَلُّوْا وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟۠
තමන්ගේ බුද්ධිහීනතාව හා අඥානකම හේතුවෙන් තම දරුවන් මරා දමමින් අල්ලාහ් තමන්හට ආහාර වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් ඔහු මත බොරු ගොතමින් ඒවා තහනම් කළවුන් විනාශ වී ගියහ. ඍජු මාර්ගයෙන් ඔවුන් දුරස් වූහ. ඔවුහු ඒ වෙත මග ලබන්නන් නොවූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْۤ اَنْشَاَ جَنّٰتٍ مَّعْرُوْشٰتٍ وَّغَیْرَ مَعْرُوْشٰتٍ وَّالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا اُكُلُهٗ وَالزَّیْتُوْنَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَّغَیْرَ مُتَشَابِهٍ ؕ— كُلُوْا مِنْ ثَمَرِهٖۤ اِذَاۤ اَثْمَرَ وَاٰتُوْا حَقَّهٗ یَوْمَ حَصَادِهٖ ۖؗ— وَلَا تُسْرِفُوْا ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْمُسْرِفِیْنَ ۟ۙ
මුදුන් මුල් වලින් තොරව මහපොළොව මතුපිටින් ව්යාප්තව වැඩෙන වතු හා මුදුන් මුල් සහිත උසින් වැඩෙන වතු සුවිශුද්ධ අල්ලාහ් මැව්වේය. ඔහු ඉඳි ගස් මැව්වේය. විවිධ ස්වරූපයන් හා රසයෙන් යුත් විවිධ පැළෑටි මැව්වේය. ඔලිව් හා දෙළුම් ද ඒවාට සමාන දෑ ද සුවයෙන් වෙනස් වූ දෑ ද ඔහු මැව්වේය. අහෝ ජනයිනි! ඒවා පලගැන්වූ විට එවායින් ඔබ අනුභව කරනු. ඒවා නෙළා ගන්නා දින එහි සතු සකාතය ඉටු කරනු. අනුභවයේ හා වියදම් කිරීමෙහි ආගමානුගත කළ සීමාවන් උල්ලංඝනය නොකරනු. ඒ දෙකෙහි හෝ ඒ දෙක හැර වෙනත් දෑහි තම සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.සැබැවින්ම සියල්ල මැව්වේ ඔහුය. ඔහු එය තම ගැත්තන් හට අනුමත කර ඇත. එහෙයින් ඒවා තහනම් කිරීමට දේව ආදේශකයින්හට කිසිදු අයිතියක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ الْاَنْعَامِ حَمُوْلَةً وَّفَرْشًا ؕ— كُلُوْا مِمَّا رَزَقَكُمُ اللّٰهُ وَلَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّیْطٰنِ ؕ— اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟ۙ
විශාල ව වැඩුණු ඔටුවන් වැනි ඒ මත බඩු පටවාගෙන යෑමට සුදුසු ගොවිපළ සතුන් හා එළුවන් වැනි එසේ බඩු පැටවීමේ කටයුතු සිදු කළ නොහැකි කුඩා ගණයේ සතුන් ඔබ වෙනුවෙන් බිහි කළේ ඔහුය. අහෝ ජනයිනි, අල්ලාහ් ඔබට පෝෂණය කළ ඔබට අනුමත කළ දැයින් ඔබ අනුභව කරන්න. දේව ආදේශකයින් සිදු කරන්නාක් මෙන් ඔහු අනුමත කළ දෑ තහනම් කිරීමේ හා තහනම් කළ දෑ අනුමත කිරීමේ ෂෙයිතාන්ගේ පියවරවල් ඔබ අනුගමනය නොකරනු. අහෝ ජනියිනි! නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට ප්රකට සතුරෙකි. ඔහු එතුළින් ඔබ අල්ලාහ්ට පිටුපෑම අපේක්ෂා කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ذم الله المشركين بسبع صفات هي : الخسران والسفاهة وعدم العلم وتحريم ما رزقهم الله والافتراء على الله والضلال وعدم الاهتداء؛ فهذه أمور سبعة، وكل واحد منها سبب تام في حصول الذم.
අල්ලාහ්ට ආදේශ කරන්නන්ව ගුණාංග හතකින් අල්ලාහ් අපහාසයට ලක් කරන්නේය. ඒවානම්: පරාජය අත්විඳීම, අධමකම, අඥානකම, අල්ලාහ් ඔවුනට පෝෂණය කළ දෑ තහනම් කිරීම, අල්ලාහ් මත බොරු ගෙතීම, නොමග යෑම, යහමග නොලැබීම යන කරුණු හතයි. මේ සෑම එකක්ම අපහාසයට ලක්වීමට පූර්ණ හේතුවක් වන්නේය.

• الأهواء سبب تحريم ما أحل الله وتحليل ما حرم الله.
අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කිරීමටත් ඔහු තහනම් කළ දෑ අනුමත කිරීමටත් ආශාවන් හේතුවක් වනු ඇත.

• وجوب الزكاة في الزروع والثمار عند حصادها، مع جواز الأكل منها قبل إخراج زكاتها، ولا يُحْسَب من الزكاة.
භෝග වගාව හා පළතුරු වගාවෙහි අස්වැනු නෙළන අවස්ථාවේ ඒ සඳහා සකාත් දීමේ අනිවාර්යයභාවය. සකාත් නිකුත් කිරීමට පෙර එයින් අනුභව කිරීමේ අනුමැතිය ඇති අතර එය සකාත් වශයෙන් ගණන් ගනු නොලැබේ.

• التمتع بالطيبات مع عدم الإسراف ومجاوزة الحد في الأكل والإنفاق.
අනුභව කිරීමෙහි හා වියදම් කිරීමෙහි සීමාව ඉක්මවා නොයමින් නාස්තියෙන් තොර ව යහපත් පිවිතුරු දෑ භුක්ති විඳීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት