Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— خَالِقُ كُلِّ شَیْءٍ فَاعْبُدُوْهُ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ وَّكِیْلٌ ۟
ජනයිනි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔහු ඔබේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් අධිපතියෙකු ඔබට නැත. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් දෙවියෙකු නැත. සියලු දෑ ඇති කළේ ඔහුය. එබැවින් ඔබ ඔහුට පමණක් ගැතිකම් කරනු. ඔහු නැමදුමට සුදුස්සාය. ඔහු සියලු දෑ ආරක්ෂා කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تُدْرِكُهُ الْاَبْصَارُ ؗ— وَهُوَ یُدْرِكُ الْاَبْصَارَ ۚ— وَهُوَ اللَّطِیْفُ الْخَبِیْرُ ۟
දෘෂ්ටීන් ඔහු හසු කර ගන්නේ නැත. නමුත් සුවිශුද්ධ අල්ලාහ් ඒ සියලු දෘෂ්ටීන් හසු කර ගෙන සිටියි. ඔහු තම දැහැමි ගැත්තන්හට මෛත්රිය. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ جَآءَكُمْ بَصَآىِٕرُ مِنْ رَّبِّكُمْ ۚ— فَمَنْ اَبْصَرَ فَلِنَفْسِهٖ ۚ— وَمَنْ عَمِیَ فَعَلَیْهَا ؕ— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِحَفِیْظٍ ۟
අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔබ වෙත පැමිණ ඇත. කවරෙකු එය සාධාරණ යැයි සලකා එයට අනුකූල ව කටයුතු කරන්නේද ඔහු වෙත යොමු වන්නට එය ප්රයෝජනවත් වනු ඇත. ඒ ගැන අන්ධ ව කටයුතු කර නොසලකා හැර එයට අනුකූල ව කටයුතු නොකරන්නේ නම් එය කවර දෙයක් අරමුණු කර ගත්තේද එයට හානි වනු ඇත. තවද මම ඔබ ගැන නිරීක්ෂා කරන්නෙකු හෝ ඔබේ ක්රියාවන් සටහන් කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ දූතයකු පමණි. ඔබලා නිරීක්ෂණය කරනුයේ ඔහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ نُصَرِّفُ الْاٰیٰتِ وَلِیَقُوْلُوْا دَرَسْتَ وَلِنُبَیِّنَهٗ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන සාධක හා සාක්ෂි විවිධ අයුරින් පෙන්වා දුන්නාක් මෙන්ම පොරොන්දු, ප්රතිඥා සහ උපදෙස් වලදී විවිධ සාධක ද පෙන්වා දුනිමු. දෙවියන්ට ආදේශ තැබූවෝ මෙය දේව පණිවිඩයක් නොව සැබැවින්ම ඔබට පෙර සිටි ආගම් ලත් ජනයාගෙන් ඔබ ඉගෙන ගත් දෑ යැයි පවසති. සත්ය පිළිගෙන එය පිළිපැද්දා වූ මුහම්මද්ගේ සමූහයා අතරින් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ට මෙම පාඨ නානා ප්රකාරයෙන් පෙන්වා දෙමින් ජනයින්ට සත්යය පැහැදිලි කරන්නෙමු. සත්යය පිළිගෙන එය අනුගමනය කරන්නන් ඔවුන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِتَّبِعْ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنْ رَّبِّكَ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— وَاَعْرِضْ عَنِ الْمُشْرِكِیْنَ ۟
අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබ වෙත පහළ කළ සත්ය පණිවිඩය ඔබ අනුගමනය කරනු. ඔහු සුවිශුද්ධය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම ඔබේ හදවත වෙනතකට යොමු නොකළ යුතුය. ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙත ඇත්තේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ شَآءَ اللّٰهُ مَاۤ اَشْرَكُوْا ؕ— وَمَا جَعَلْنٰكَ عَلَیْهِمْ حَفِیْظًا ۚ— وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِوَكِیْلٍ ۟
තමන් සමග ඔවුන් කිසිවකු ආදේශ නොකළ යුතු යැයි අල්ලාහ් අභිමත කර සිටියේ නම් කිසිවකු ඔහුට ආදේශ නොකරනු ඇත. අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන නිරීක්ෂකයකු බවට අපි ඔබ පත් නොකළෙමු. ඔවුන් ක්රියා කරවන්නෙකු ලෙස ඔබ නැත. ඔබ දූතයකු පමණි. ඔබ වෙත පැවරෙනුයේ නිවේදනය පමුණුවීම පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَسُبُّوا الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ فَیَسُبُّوا اللّٰهَ عَدْوًا بِغَیْرِ عِلْمٍ ؕ— كَذٰلِكَ زَیَّنَّا لِكُلِّ اُمَّةٍ عَمَلَهُمْ ۪— ثُمَّ اِلٰی رَبِّهِمْ مَّرْجِعُهُمْ فَیُنَبِّئُهُمْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔහුට ආදේශ කර ඔවුන් නමදින ඔවුන්ගේ පිළිම නින්දා සහගත වුවද දොස් නගන්නට වඩාත් සුදුසු දෑ වුවද ඒවාට ඔබ බැණ නොවදින්න. එය ඔවුන් අල්ලාහ්ට සුදුසු නොවන දෙයක් අඥාන කමින් හා දිගට ගෙන යමින් ඔහුට බැණ නොවදින තරමට විය යුතුය. ඔවුන් කවර මුළාවක සිටින්නේද එය ඔවුනට අලංකාර කර පෙන්වනු ලැබුවාක් මෙන් සෑම සමූහයකමට ඔවුන්ගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද අපි අලංකාර කර පෙන්වා ඇත්තෙමු. එහෙයින් ඔවුනට කවර කරුණක් අප අලංකාර කර පෙන්වූයේද එය ඔවුන් ගෙන එති. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී යනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. එමෙන්ම ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَقْسَمُوْا بِاللّٰهِ جَهْدَ اَیْمَانِهِمْ لَىِٕنْ جَآءَتْهُمْ اٰیَةٌ لَّیُؤْمِنُنَّ بِهَا ؕ— قُلْ اِنَّمَا الْاٰیٰتُ عِنْدَ اللّٰهِ وَمَا یُشْعِرُكُمْ ۙ— اَنَّهَاۤ اِذَا جَآءَتْ لَا یُؤْمِنُوْنَ ۟
තමන් නිර්දේශ කරන පාඨ වලින් එක් පාඨයක් මුහම්මද් වෙත පැමිණියේ නම් එය සැබැවින්ම ඔවුන් පිළිගන්නා බවට දෙවියන්ට ආදේශ තබන්නෝ තමන්ට හැකි උපරිමයෙන් අල්ලාහ් මත දිවුරා පවසති. අහෝ දූතය! එම පාඨ මා ළඟ තිබී ඒවා මා පහළ කරන තරමට ඒවා මා ලඟ නැත. ඒවා ඇත්තේ අල්ලාහ් අබියසය. ඔහු අභිමත කරන වේලාවට පහළ කරනු ඇත. යැයි ඔවුනට පවසනු. අහෝ දේවි විශ්වාසී ජනයිනි! සැබැවින්ම මෙම පාඨ ඔවුන් නිර්දේශ කරන දෑ ට අනුකූල ව පහළ වූ විට එය විශ්වාස නොකරනු ඇතැයි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? නමුත් ඔවුන් යහමග ලබන්නට අදහස් නොකරන බැවින් ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ උත්සාහයේ ඔවුහු රැඳී සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنُقَلِّبُ اَفْـِٕدَتَهُمْ وَاَبْصَارَهُمْ كَمَا لَمْ یُؤْمِنُوْا بِهٖۤ اَوَّلَ مَرَّةٍ وَّنَذَرُهُمْ فِیْ طُغْیَانِهِمْ یَعْمَهُوْنَ ۟۠
මුල් වතාවෙහිම ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් හා අල් කුර්ආනය විශ්වාස කිරීම අතර වැළැක්වූවාක් මෙන් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ දෘෂ්ටීන් අතර හා සත්යය වෙත මග ලැබීම අතර වළක්වාලමින් අපි ඒවා පෙරළා දමන්නෙමු. ඔවුන්ගේ මුළාවෙහි හා තම පරමාධිපති සම්බන්ධයෙන් ව්යාකූලත්වයේ තටමන්නට අපි ඔවුන් අතහැර දමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تنزيه الله تعالى عن الظلم الذي ترسِّخُه عقيدة (الجَبْر)، وبيان أن كفر العباد وشركهم أمر يحدث باختيارهم.
(ජබරිය්යා) මූලධර්මය මගින් ස්ථාපිත කර ඇති අයුක්ති සහගත සංකල්පයෙන් සර්වබලධාරි දෙවියන් බැහැර කිරීම සහ ගැත්තන්ගේ ප්රතික්ෂේපයත්, ඔවුන් ආදේශ තැබීමත් ඔවුන්ගේ තේරීම අනුව සිදුවන දෙයක් බව පැහැදිලි කිරීම.

• ليس بمقدور نبي من الأنبياء أن يأتي بآية من عند نفسه، أو متى شاء، بل ذلك أمر مردود لله تعالى، فهو القادر وحده على ذلك، وهو الحكيم الذي يُقَدِّر نوع الآية ووقت إظهارها.
තමන් විසින්ම තමන් කැමති මොහොතක වදනක් ගෙන ඒමට කිසිදු හැකියාවක් නබිවරුන් අතුරින් කිසිදු නබිවරයකුට නොමැත්තේය. එය අල්ලාහ් වෙත යොමු කරනු ලැබිය යුතු කරුණකි. ඒ සඳහා බලය ඇත්තා ඔහුය. ඔහු විවිධ වදන් හා ඒවා හෙළි විය යුතු වේලාවන් පිළිබඳ ප්රඥාවන්තය.

• النهي عن سب آلهة المشركين حذرًا من مفسدة أكبر وهي التعدي بالسب على جناب رب العالمين.
බහුදේව වාදීන් අදහන දෙවියන්ට බැණ වැදීමේ තහනම, එසේ තහනම් කරන ලද්දේ ඔවුන්ද ලෝවැසියන්ගේ පරමාධිපතිට බැණ වදිමින් සීමාව ඉක්මවා යාමේ මහා පාපයෙන් වැළකී සිටිනු පිණිසය.

• قد يحول الله سبحانه وتعالى بين العبد والهداية، ويُصرِّف بصره وقلبه على غير الطاعة؛ عقوبة له على اختياره الكفر.
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ගැත්තා හා යහමාර්ගය අතරට හැරී, ගැත්තා දේව ප්රතික්ෂේපය තෝරාගත් බැවින් ඔහුට දඬුවමක් වශයෙන් ඔහුගේ බැල්ම හා ඔහුගේ හදවත ඔහුට අවනත නොවන දෙසකට හරවා දමනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት