Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
وَلَوْ اَنَّنَا نَزَّلْنَاۤ اِلَیْهِمُ الْمَلٰٓىِٕكَةَ وَكَلَّمَهُمُ الْمَوْتٰی وَحَشَرْنَا عَلَیْهِمْ كُلَّ شَیْءٍ قُبُلًا مَّا كَانُوْا لِیُؤْمِنُوْۤا اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ وَلٰكِنَّ اَكْثَرَهُمْ یَجْهَلُوْنَ ۟
ඔවුන් නිර්දේශ කළ දෑ ට අනුව අපි ඔවුනට පිළිතුරු දී ඔවුන් වෙත මලක්වරු පහළ කොට ඔවුහු ඔවුන් දෑසින් දුටුවද මළවුන් ඔවුන් සමග කතා කොට ඔබ ගෙන ආ දෑ සත්යය බව ඔවුහු ඔවුනට පවසා සිටියද ඔවුන් යෝජනා කළ දෑ ඔවුනට එක්රැස් කොට ඒවා ඔවුන්ගේ දෑසින් දුටුව ද ඔවුන් අතුරින් අල්ලාහ් යහමග ලබන්නට අභිමත කළ අය හැර සෙසු අය ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් නොවෙති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ පිළිබඳ අඥානකමින් පසුවෙති. අල්ලාහ් යහමග ආශිර්වාද කරනු වස් ඔහු වෙත ඔවුන් හැරී නොයති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِیٍّ عَدُوًّا شَیٰطِیْنَ الْاِنْسِ وَالْجِنِّ یُوْحِیْ بَعْضُهُمْ اِلٰی بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُوْرًا ؕ— وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوْهُ فَذَرْهُمْ وَمَا یَفْتَرُوْنَ ۟
දෙවියන්ට ආදේශ තබන මොවුන් ඔබට විරුද්ධකම් පාන්නට සලස්වා ඔබ ව අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම ඔබට පෙර සිටි සෑම නබිවරයකුම අපි පරීක්ෂාවට ලක් කළෙමු. ඒ සෑම කෙනෙකුටම විටෙක මිනිසුන් ගෙන් ද විටෙක ජින්නුන්ගෙන් ද විරුද්ධවාදීන් ඇති කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු හට කුතුහලයක් ඇති කොට ඔවුන් රවටනු පිණිස අසත්ය දෑ ඔවුනට අලංකාර පෙන්වූහ. එය ඔවුන් නොකරන්නට අල්ලාහ් අභිමත කර ඇත්නම් එය ඔවුන් සිදු නොකර සිටින්නට තිබුණි. නමුත් ඔහු ඔවුන් වෙනුවෙන් එම පරීක්ෂණය අභිමත කළේය. ඔවුන් ද දේව ප්රතික්ෂේපය හා ව්යාජ ලෙස ගෙතූ දෑ ද ඔවුන් සමගම අතතහැර දමනු. එහෙයින් ඔවුන් හසුරුවා තබා නොගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِتَصْغٰۤی اِلَیْهِ اَفْـِٕدَةُ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ وَلِیَرْضَوْهُ وَلِیَقْتَرِفُوْا مَا هُمْ مُّقْتَرِفُوْنَ ۟
(ෂෙයිතාන් මෙසේ කළේ) ඇතැමෙකු විසින් ඇතැමෙකු තුළ කුතුහලයට පත් කරවන දෑ වෙත මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන හදවත් නැඹුරු වන්නටත් ඔවුන් විසින් එය පිළිගන්නටත් එය ඒ ගැන තෘප්තියට පත්වන්නටත් පාපකම් හා වැරදි උපයමින් සිටින්නන් ඒවා උපයන්නටත් වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَغَیْرَ اللّٰهِ اَبْتَغِیْ حَكَمًا وَّهُوَ الَّذِیْۤ اَنْزَلَ اِلَیْكُمُ الْكِتٰبَ مُفَصَّلًا ؕ— وَالَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یَعْلَمُوْنَ اَنَّهٗ مُنَزَّلٌ مِّنْ رَّبِّكَ بِالْحَقِّ فَلَا تَكُوْنَنَّ مِنَ الْمُمْتَرِیْنَ ۟
අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් දෑ නමදින ඔහුට ආදේශ තබන මොවුන්හට ඔබ මෙසේ පවසනු. අප අතර හා ඔබ අතර අල්ලාහ් නොවන තීරකයකු ඉදිරිපත් කිරීම බුද්ධිමත් යැයි ඔබ සිතන්නෙහිද? සෑම දෙයක් ගැනම සම්පූර්ණ කරමින් පැහැදිලි කරමින් ඔබ වෙත අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. අප විසින් තව්රාතය පිරිනැමූ යුදෙව්වන් ද අප විසින් ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් ද සත්ය මත පදනම් කරමින් සැබැවින්ම අල් කුර්ආනය ඔබ වෙත පහළ කරනු ලැබූවක් බව මැනවින් දනිති. එසේ ඔවුන් මැනවින් දන්නේ ඔවුන් දෙපිරිසගේ පුස්තක වල ඒ සඳහා වූ සාධක සඳහන් ව තිබෙනු ඔවුන් දුටු බැවිණි. අප ඔබ වෙත එවූ දෑ පිළිබඳ ඔබ සැක කරන්නන් අතුරින් නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَّعَدْلًا ؕ— لَا مُبَدِّلَ لِكَلِمٰتِهٖ ۚ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අල් කුර්ආනයේ වදන් වල සහ ප්රවෘත්ති වල සත්යයේ අරමුණ සාක්ෂාත් කර ගෙන ඇත. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවකු නැත. තම ගැත්තන්ගේ ප්රකාශ වලට ඔහු සවන් දෙන්නාය. ඒ පිළිබඳ සර්ව ඥානීය. එයින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඔහුගේ වදන් වෙනස් කිරීමට උත්සාහ දරන්නන්හට ඔහු විපාක දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ تُطِعْ اَكْثَرَ مَنْ فِی الْاَرْضِ یُضِلُّوْكَ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَاِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟
මිහිතලයේ වෙසෙන මිනිසුන් බොහෝ දෙනෙකුට ඔබ අවනතවන්නට නියම කරනු ලැබුවේ නම් අල්ලාහ්ගේ දහමින් ඔවුන් ඔබ ව මුළා කරනු ඇත. සත්යය ඇත්තේ සුළු පිරිසක් සමගය යන අල්ලාහ්ගේ පිළිවෙත ක්රියාත්මක විය. ජනයා අතුරින් බොහෝ දෙනා අනුගමනය කරනුයේ කිසිදු සාධකයක් නැති අනුමාන පමණි. සැබැවින්ම තමන් නමදින දෑ අල්ලාහ් වෙත තමන් ව සමීප කරනු ඇතැයි ඔවුන් අනුමාන කරති. ඒ පිළිබඳ ඔවුහු බොරු පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ مَنْ یَّضِلُّ عَنْ سَبِیْلِهٖ ۚ— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟
අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය මිනිසුන් කවුරුන්දැයි මැනවින් දන්නාය. එමෙන්ම ඒ වෙත යහමග ලැබූවන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكُلُوْا مِمَّا ذُكِرَ اسْمُ اللّٰهِ عَلَیْهِ اِنْ كُنْتُمْ بِاٰیٰتِهٖ مُؤْمِنِیْنَ ۟
අහෝ ජනයිනි! ඔබ අල්ලාහ්ගේ පැහැදිලි සාධක හා සාක්ෂි විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම්, (ආහාර සඳහා) සතුන් කපන අවස්ථාවේ ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ පමණක් ඔබ අනුභව කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• يجب أن يكون الهدف الأعظم للعبد اتباع الحق، ويطلبه بالطرق التي بيَّنها الله، ويعمل بذلك، ويرجو عَوْن ربه في اتباعه، ولا يتكل على نفسه وحوله وقوته.
සත්යය අනුගමන කිරීම ගැත්තාගේ ප්රධානතම අරමුණ වීම අනිවාර්යය වන්නේය. අල්ලාහ් පැහැදිලිව පෙන්වා ඇති ආකාරයට ඔහු එය සොයා ඒ අනුව කටයුතු කළ යුතුයි. ඔහු අනුගමනය කිරීම තුළ තම පරමාධිපතිගේ උපකාරය පතයි. ඔහු ඔහු මත හෝ ඔහු අවට සිටින්නන් මත හෝ ඔහුගේ ශක්තිය මත හෝ රැඳී නොසිටිනු ඇත.

• من إنصاف القرآن للقلة المؤمنة العالمة إسناده الجهل والضلال إلى أكثر الخلق.
අල් කුර්ආනයේ සාධාරණත්වය නම් දැනුමැති විශ්වාස කරන සුළු පිරිසකට එය සම්බන්ධ කොට මැවීම් අතුරින් බොහෝ දෙනොහට අඥානභාවය හා මුළාව එකතු කිරීමය.

• من سنّته تعالى في الخلق ظهور أعداء من الإنس والجنّ للأنبياء وأتباعهم؛ لأنّ الحقّ يعرف بضدّه من الباطل.
මැවීම් අතර අල්ලාහ්ගේ න්යායයක් වනුයේ නබිවරුට හා ඔවුන් අනුගමනය කළවුන්ට විරුද්ධව මිනිසුන් හා ජින්නුන් අතර සතුරන් බිහි කිරීමය. සැබැවින්ම සත්යය වටහාගත හැකි වනුයේ එයට පටහැනිව ඇති අසත්යයත් හදුනා ගැනීම තුළිනි.

• القرآن صادق في أخباره، عادل في أحكامه،لا يُعْثَر في أخباره على ما يخالف الواقع، ولا في أحكامه على ما يخالف الحق.
අල් කුර්ආනය එහි තොරතුරු දැනුම් දීමෙහි වඩාත් සත්යය. නීති පැනවීමෙහි එය සාධාරණනීයය. සිදු වූ දෑට විරුද්ධ තොරතුරක් දන්වා සිටීමෙන් හෝ නීතිගත කිරීමෙහි සත්යයට පටහැනි දෙයක් නීති ගත කිරීමෙන් වංචාවක් සිදු නොකරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት