Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئەنپال   ئايەت:
وَاِنْ یُّرِیْدُوْۤا اَنْ یَّخْدَعُوْكَ فَاِنَّ حَسْبَكَ اللّٰهُ ؕ— هُوَ الَّذِیْۤ اَیَّدَكَ بِنَصْرِهٖ وَبِالْمُؤْمِنِیْنَ ۟ۙ
තවද නුඹට ද්‍රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන් ම අල්ලාහ් නුඹට ප්‍රමාණවත් ය. ඔහුගේ උපකාරය හා දේවත්වය විශ්වාස කරන්නන් මඟින් නුඹව ස්ථාවර කළේ ඔහු ය.
ئەرەپچە تەپسىرلەر:
وَاَلَّفَ بَیْنَ قُلُوْبِهِمْ ؕ— لَوْ اَنْفَقْتَ مَا فِی الْاَرْضِ جَمِیْعًا مَّاۤ اَلَّفْتَ بَیْنَ قُلُوْبِهِمْ ۙ— وَلٰكِنَّ اللّٰهَ اَلَّفَ بَیْنَهُمْ ؕ— اِنَّهٗ عَزِیْزٌ حَكِیْمٌ ۟
ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේ ය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකි ය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේ ය. නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී ය; සියුම් ඥානී ය.
ئەرەپچە تەپسىرلەر:
یٰۤاَیُّهَا النَّبِیُّ حَسْبُكَ اللّٰهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِیْنَ ۟۠
අහෝ නබිවරය! නුඹට හා දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹව අනුගමනය කළවුන්හට අල්ලාහ් ප්‍රමාණවත් ය.
ئەرەپچە تەپسىرلەر:
یٰۤاَیُّهَا النَّبِیُّ حَرِّضِ الْمُؤْمِنِیْنَ عَلَی الْقِتَالِ ؕ— اِنْ یَّكُنْ مِّنْكُمْ عِشْرُوْنَ صٰبِرُوْنَ یَغْلِبُوْا مِائَتَیْنِ ۚ— وَاِنْ یَّكُنْ مِّنْكُمْ مِّائَةٌ یَّغْلِبُوْۤا اَلْفًا مِّنَ الَّذِیْنَ كَفَرُوْا بِاَنَّهُمْ قَوْمٌ لَّا یَفْقَهُوْنَ ۟
අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන්නන් යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් අතරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින් ම ඔවුන් වටහා නො ගන්නා පිරිසක් වූ බැවිනි.
ئەرەپچە تەپسىرلەر:
اَلْـٰٔنَ خَفَّفَ اللّٰهُ عَنْكُمْ وَعَلِمَ اَنَّ فِیْكُمْ ضَعْفًا ؕ— فَاِنْ یَّكُنْ مِّنْكُمْ مِّائَةٌ صَابِرَةٌ یَّغْلِبُوْا مِائَتَیْنِ ۚ— وَاِنْ یَّكُنْ مِّنْكُمْ اَلْفٌ یَّغْلِبُوْۤا اَلْفَیْنِ بِاِذْنِ اللّٰهِ ؕ— وَاللّٰهُ مَعَ الصّٰبِرِیْنَ ۟
දැන් අල්ලාහ් නුඹලාට (දුන් සහනය) හීන කළේ ය. තවද නුඹලා තුළ දුර්වලකම් ඇති බව ඔහු දැන සිටියේ ය. එහෙයින් නුඹලා අතරින් ඉවසිලිවන්ත සිය දෙනකු වන්නේ නම් ඔවුහු (ඔවුන්ගෙන්) දෙසිය දෙනකු අබිබවා යනු ඇත. තවද නුඹලා අතරින් දහසක් දෙනා වන්නේ නම් අල්ලාහ්ගේ අනුහසින් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යනු ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය.
ئەرەپچە تەپسىرلەر:
مَا كَانَ لِنَبِیٍّ اَنْ یَّكُوْنَ لَهٗۤ اَسْرٰی حَتّٰی یُثْخِنَ فِی الْاَرْضِ ؕ— تُرِیْدُوْنَ عَرَضَ الدُّنْیَا ۖۗ— وَاللّٰهُ یُرِیْدُ الْاٰخِرَةَ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට (සුදුසු) නො වීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහු ය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සියුම් ඥානී ය.
ئەرەپچە تەپسىرلەر:
لَوْلَا كِتٰبٌ مِّنَ اللّٰهِ سَبَقَ لَمَسَّكُمْ فِیْمَاۤ اَخَذْتُمْ عَذَابٌ عَظِیْمٌ ۟
අල්ලාහ්ගේ පෙර නියමයක් නො වූයේ නම් (සිරකරුවන් මුදා හරින්නට) නුඹලා ලබා ගත් දෙයහි මහත් දඬුවමක් නුඹලාව ස්පර්ශ කරන්නට තිබුණි.
ئەرەپچە تەپسىرلەر:
فَكُلُوْا مِمَّا غَنِمْتُمْ حَلٰلًا طَیِّبًا ۖؗ— وَّاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئەنپال
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش