Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئەنپال   ئايەت:

අල් අන්ෆාල්

یَسْـَٔلُوْنَكَ عَنِ الْاَنْفَالِ ؕ— قُلِ الْاَنْفَالُ لِلّٰهِ وَالرَّسُوْلِ ۚ— فَاتَّقُوا اللّٰهَ وَاَصْلِحُوْا ذَاتَ بَیْنِكُمْ ۪— وَاَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗۤ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
(නබිවරය!) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව නුඹ පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති බැඳීම් ක්‍රමවත් කරනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු.
ئەرەپچە تەپسىرلەر:
اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِیْنَ اِذَا ذُكِرَ اللّٰهُ وَجِلَتْ قُلُوْبُهُمْ وَاِذَا تُلِیَتْ عَلَیْهِمْ اٰیٰتُهٗ زَادَتْهُمْ اِیْمَانًا وَّعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟ۚۙ
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නෝ වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට දේව විශ්වාසය වර්ධනය කළේ ය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.
ئەرەپچە تەپسىرلەر:
الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟ؕ
ඔවුහු වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති.
ئەرەپچە تەپسىرلەر:
اُولٰٓىِٕكَ هُمُ الْمُؤْمِنُوْنَ حَقًّا ؕ— لَهُمْ دَرَجٰتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟ۚ
සැබෑ දේව විශ්වාසීහු ඔවුහු ම ය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත.
ئەرەپچە تەپسىرلەر:
كَمَاۤ اَخْرَجَكَ رَبُّكَ مِنْ بَیْتِكَ بِالْحَقِّ ۪— وَاِنَّ فَرِیْقًا مِّنَ الْمُؤْمِنِیْنَ لَكٰرِهُوْنَ ۟ۙ
(නබිවරය!) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹව පිට කළාක් මෙන් නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කළවුන් අතරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති.
ئەرەپچە تەپسىرلەر:
یُجَادِلُوْنَكَ فِی الْحَقِّ بَعْدَ مَا تَبَیَّنَ كَاَنَّمَا یُسَاقُوْنَ اِلَی الْمَوْتِ وَهُمْ یَنْظُرُوْنَ ۟ؕ
බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් ඇදගෙන යනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්‍යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති.
ئەرەپچە تەپسىرلەر:
وَاِذْ یَعِدُكُمُ اللّٰهُ اِحْدَی الطَّآىِٕفَتَیْنِ اَنَّهَا لَكُمْ وَتَوَدُّوْنَ اَنَّ غَیْرَ ذَاتِ الشَّوْكَةِ تَكُوْنُ لَكُمْ وَیُرِیْدُ اللّٰهُ اَنْ یُّحِقَّ الْحَقَّ بِكَلِمٰتِهٖ وَیَقْطَعَ دَابِرَ الْكٰفِرِیْنَ ۟ۙ
(සතුරු) කණ්ඩායම් දෙකින් එකකට සැබැවින් ම නුඹලාට එය (හිමි වනු) ඇතැයි අල්ලාහ් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. තවද නියත වශයෙන් ම නිරායුධ තවලමක් එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්‍රිය කරන්නෙහු ය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්‍යය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුදුන් මුල කපා හැරීමටත් අපේක්ෂා කරයි.
ئەرەپچە تەپسىرلەر:
لِیُحِقَّ الْحَقَّ وَیُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُوْنَ ۟ۚ
(එය) වැරදි කරන්නන් පිළිකුල් කළ ද ඔහු සත්‍යය ස්ථාපිත කොට අසත්‍යය විනාශ කරනු පිණිස ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئەنپال
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش