Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئەئراپ   ئايەت:
وَلَقَدْ جِئْنٰهُمْ بِكِتٰبٍ فَصَّلْنٰهُ عَلٰی عِلْمٍ هُدًی وَّرَحْمَةً لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
තවද ඔවුන් වෙත ධර්ම ග්‍රන්ථය අපි ගෙන ආවෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් දේවත්වය විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු.
ئەرەپچە تەپسىرلەر:
هَلْ یَنْظُرُوْنَ اِلَّا تَاْوِیْلَهٗ ؕ— یَوْمَ یَاْتِیْ تَاْوِیْلُهٗ یَقُوْلُ الَّذِیْنَ نَسُوْهُ مِنْ قَبْلُ قَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۚ— فَهَلْ لَّنَا مِنْ شُفَعَآءَ فَیَشْفَعُوْا لَنَاۤ اَوْ نُرَدُّ فَنَعْمَلَ غَیْرَ الَّذِیْ كُنَّا نَعْمَلُ ؕ— قَدْ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠
මොවුහු එහි අවසානය මිස වෙනකක් බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින් ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේම ය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් සිටින්නේ ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! එසේ නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නො වන වෙනත් දෑ සිදු කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින් ම ඔවුන් ඔවුන්ට ම අලාභහානි සිදු කර ගත්තෝ ය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් මුළා කළේ ය.
ئەرەپچە تەپسىرلەر:
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۫— یُغْشِی الَّیْلَ النَّهَارَ یَطْلُبُهٗ حَثِیْثًا ۙ— وَّالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُوْمَ مُسَخَّرٰتٍ بِاَمْرِهٖ ؕ— اَلَا لَهُ الْخَلْقُ وَالْاَمْرُ ؕ— تَبٰرَكَ اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟
54. නියත වශයෙන් ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් ය. පසුව ඔහු (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු, සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතු ය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
ئەرەپچە تەپسىرلەر:
اُدْعُوْا رَبَّكُمْ تَضَرُّعًا وَّخُفْیَةً ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْمُعْتَدِیْنَ ۟ۚ
නුඹලා යටහත් පහත්ව හා රහසිගතව නුඹලාගේ පරමාධිපතිව අයදිනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ප්‍රිය නො කරනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَلَا تُفْسِدُوْا فِی الْاَرْضِ بَعْدَ اِصْلَاحِهَا وَادْعُوْهُ خَوْفًا وَّطَمَعًا ؕ— اِنَّ رَحْمَتَ اللّٰهِ قَرِیْبٌ مِّنَ الْمُحْسِنِیْنَ ۟
තවද මහපොළොව හැඩගැස්වූ පසු නුඹලා එහි කලහකම් නො කරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَهُوَ الَّذِیْ یُرْسِلُ الرِّیٰحَ بُشْرًاۢ بَیْنَ یَدَیْ رَحْمَتِهٖ ؕ— حَتّٰۤی اِذَاۤ اَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنٰهُ لِبَلَدٍ مَّیِّتٍ فَاَنْزَلْنَا بِهِ الْمَآءَ فَاَخْرَجْنَا بِهٖ مِنْ كُلِّ الثَّمَرٰتِ ؕ— كَذٰلِكَ نُخْرِجُ الْمَوْتٰی لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
තවද තම දයාව අතරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහු ය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට, මුඩු ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසුව අපි එමඟින් ජලය පහළ කළෙමු. පසුව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. මළවුන් අප බැහැර කරනුයේ එලෙස ය. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئەئراپ
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش