Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئەئراپ   ئايەت:
وَاذْكُرُوْۤا اِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنْ بَعْدِ عَادٍ وَّبَوَّاَكُمْ فِی الْاَرْضِ تَتَّخِذُوْنَ مِنْ سُهُوْلِهَا قُصُوْرًا وَّتَنْحِتُوْنَ الْجِبَالَ بُیُوْتًا ۚ— فَاذْكُرُوْۤا اٰلَآءَ اللّٰهِ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟
ආද් (සමූහයා)ට පසු ඔහු නුඹලාව නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. නුඹලා එහි පහසුකම් ඇති තැන්වල මාලිගාවන් තනා ගන්නෙහු ය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහු ය. එබැවින් අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නො කරනු.
ئەرەپچە تەپسىرلەر:
قَالَ الْمَلَاُ الَّذِیْنَ اسْتَكْبَرُوْا مِنْ قَوْمِهٖ لِلَّذِیْنَ اسْتُضْعِفُوْا لِمَنْ اٰمَنَ مِنْهُمْ اَتَعْلَمُوْنَ اَنَّ صٰلِحًا مُّرْسَلٌ مِّنْ رَّبِّهٖ ؕ— قَالُوْۤا اِنَّا بِمَاۤ اُرْسِلَ بِهٖ مُؤْمِنُوْنَ ۟
ඇත්ත වශයෙන් ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා ස්ථීර ලෙස දන්නෙහු දැ? යි ඔහුගේ සමූහයා අතරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුන්ගෙන් විමසා සිටියහ. (එවිට) ඔවූහු "ඔහු කවර කරුණක් සමඟ යවනු ලැබුවේ ද ඒ ගැන අපි විශ්වාස කරන්නන් වන්නෙමු" යැයි පවසා සිටියහ.
ئەرەپچە تەپسىرلەر:
قَالَ الَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا بِالَّذِیْۤ اٰمَنْتُمْ بِهٖ كٰفِرُوْنَ ۟
‘නියත වශයෙන් ම නුඹලා කවර දෙයක් පිළිබඳව විශ්වාස කළෙහු ද ඒ පිළිබඳව අපි ප්‍රතික්ෂේප කරන්නන් වෙමු’ යැයි උඩඟුකම් පෑවෝ පැවසුවෝ ය.
ئەرەپچە تەپسىرلەر:
فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ اَمْرِ رَبِّهِمْ وَقَالُوْا یٰصٰلِحُ ائْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الْمُرْسَلِیْنَ ۟
පසුව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝ ය. තවද අහෝ සාලිහ්! නුඹ රසූල්වරුන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.
ئەرەپچە تەپسىرلەر:
فَاَخَذَتْهُمُ الرَّجْفَةُ فَاَصْبَحُوْا فِیْ دَارِهِمْ جٰثِمِیْنَ ۟
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේ ය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ ම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ.
ئەرەپچە تەپسىرلەر:
فَتَوَلّٰی عَنْهُمْ وَقَالَ یٰقَوْمِ لَقَدْ اَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّیْ وَنَصَحْتُ لَكُمْ وَلٰكِنْ لَّا تُحِبُّوْنَ النّٰصِحِیْنَ ۟
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. එහෙත් නුඹලා උපදේශකයින් ප්‍රිය කරන්නේ නැතැ’යි ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
وَلُوْطًا اِذْ قَالَ لِقَوْمِهٖۤ اَتَاْتُوْنَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ اَحَدٍ مِّنَ الْعٰلَمِیْنَ ۟
තවද ලූත්ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නො කළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
اِنَّكُمْ لَتَاْتُوْنَ الرِّجَالَ شَهْوَةً مِّنْ دُوْنِ النِّسَآءِ ؕ— بَلْ اَنْتُمْ قَوْمٌ مُّسْرِفُوْنَ ۟
නියත වශයෙන් ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහු ය. එසේ ම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئەئراپ
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش