Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: نۇر   ئايەت:
اِنَّ الَّذِیْنَ جَآءُوْ بِالْاِفْكِ عُصْبَةٌ مِّنْكُمْ ؕ— لَا تَحْسَبُوْهُ شَرًّا لَّكُمْ ؕ— بَلْ هُوَ خَیْرٌ لَّكُمْ ؕ— لِكُلِّ امْرِئٍ مِّنْهُمْ مَّا اكْتَسَبَ مِنَ الْاِثْمِ ۚ— وَالَّذِیْ تَوَلّٰی كِبْرَهٗ مِنْهُمْ لَهٗ عَذَابٌ عَظِیْمٌ ۟
නියත වශයෙන් ම අපවාදය රැගෙන ආවේ නුඹලා අතරින් වූ පිරිසකි. නුඹලාට එය නපුරක් යැයි නුඹලා නො සිතනු. නැත, එය නුඹලාට යහපතකි. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පාපයෙන් තමන් උපයා ගත් දෑ ඇත. ඔවුන් අතරින් එහි විශාල කොටසක් පවරා ගත් අයට මහත් වූ දඬුවමක් ඇත.
ئەرەپچە تەپسىرلەر:
لَوْلَاۤ اِذْ سَمِعْتُمُوْهُ ظَنَّ الْمُؤْمِنُوْنَ وَالْمُؤْمِنٰتُ بِاَنْفُسِهِمْ خَیْرًا ۙ— وَّقَالُوْا هٰذَاۤ اِفْكٌ مُّبِیْنٌ ۟
නුඹලා එය ඇසූ විට දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා කාන්තාවන් තම ප්‍රජාව පිළිබඳ යහපතක් සිතා මෙය පැහැදිලි අපවාදයක් යැයි පැවසිය යුතු නො වේ ද?
ئەرەپچە تەپسىرلەر:
لَوْلَا جَآءُوْ عَلَیْهِ بِاَرْبَعَةِ شُهَدَآءَ ۚ— فَاِذْ لَمْ یَاْتُوْا بِالشُّهَدَآءِ فَاُولٰٓىِٕكَ عِنْدَ اللّٰهِ هُمُ الْكٰذِبُوْنَ ۟
ඒ වෙත සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු ගෙන ආ යුතු නො වේ ද? එසේ එම සාක්ෂිකරුවන් ඔවුන් නො ගෙන ආ විට අල්ලාහ් අබියස ඔවුහු මය මුසාවාදීහූ.
ئەرەپچە تەپسىرلەر:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ لَمَسَّكُمْ فِیْ مَاۤ اَفَضْتُمْ فِیْهِ عَذَابٌ عَظِیْمٌ ۟ۚ
තවද මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නුඹලා වෙත නො වී නම් කවර විෂයක් සම්බන්ධයෙන් නුඹලා කතා කළෙහු ද එහි මහත් වූ දඬුවම නුඹලා ස්පර්ශ කරන්නට තිබුණි.
ئەرەپچە تەپسىرلەر:
اِذْ تَلَقَّوْنَهٗ بِاَلْسِنَتِكُمْ وَتَقُوْلُوْنَ بِاَفْوَاهِكُمْ مَّا لَیْسَ لَكُمْ بِهٖ عِلْمٌ وَّتَحْسَبُوْنَهٗ هَیِّنًا ۖۗ— وَّهُوَ عِنْدَ اللّٰهِ عَظِیْمٌ ۟
නුඹලාගේ දිවවලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවලින් පවසන්නෙහු ය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහු ය. එහෙත් එය අල්ලාහ් අබියස අතිබිහිසුණු ය.
ئەرەپچە تەپسىرلەر:
وَلَوْلَاۤ اِذْ سَمِعْتُمُوْهُ قُلْتُمْ مَّا یَكُوْنُ لَنَاۤ اَنْ نَّتَكَلَّمَ بِهٰذَا ۖۗ— سُبْحٰنَكَ هٰذَا بُهْتَانٌ عَظِیْمٌ ۟
නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නො වේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධ ය. මෙය අතිමහත් අපවාදයකි යැ’යි නුඹලා පවසන්නට තිබුණා නො වේ ද?
ئەرەپچە تەپسىرلەر:
یَعِظُكُمُ اللّٰهُ اَنْ تَعُوْدُوْا لِمِثْلِهٖۤ اَبَدًا اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා කිසිවිටෙකත් නැවත යොමු වීමෙන් වැළකීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
ئەرەپچە تەپسىرلەر:
وَیُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
ئەرەپچە تەپسىرلەر:
اِنَّ الَّذِیْنَ یُحِبُّوْنَ اَنْ تَشِیْعَ الْفَاحِشَةُ فِی الَّذِیْنَ اٰمَنُوْا لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۙ— فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
නියත වශයෙන් ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්‍රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. එහෙත් නුඹලා නො දන්නෙහු ය.
ئەرەپچە تەپسىرلەر:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ وَاَنَّ اللّٰهَ رَءُوْفٌ رَّحِیْمٌ ۟۠
තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නො වී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන් ම අල්ලාහ් සානුකම්පිත ය; මහා කරුණාන්විත ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: نۇر
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش