Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: نۇر   ئايەت:

අන් නූර්

سُوْرَةٌ اَنْزَلْنٰهَا وَفَرَضْنٰهَا وَاَنْزَلْنَا فِیْهَاۤ اٰیٰتٍۢ بَیِّنٰتٍ لَّعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. තවද අපි එය (නුඹලා උදෙසා) නියම කළෙමු. තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස අපි එහි පැහැදිලි වදන් පහළ කළෙමු.
ئەرەپچە تەپسىرلەر:
اَلزَّانِیَةُ وَالزَّانِیْ فَاجْلِدُوْا كُلَّ وَاحِدٍ مِّنْهُمَا مِائَةَ جَلْدَةٍ ۪— وَّلَا تَاْخُذْكُمْ بِهِمَا رَاْفَةٌ فِیْ دِیْنِ اللّٰهِ اِنْ كُنْتُمْ تُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ۚ— وَلْیَشْهَدْ عَذَابَهُمَا طَآىِٕفَةٌ مِّنَ الْمُؤْمِنِیْنَ ۟
කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) කාන්තාව හා කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) පිරිමියා යන දෙදෙනාගෙන් සෑම කෙනෙකුට ම කස පහර සියයක් බැගින් නුඹලා කසපහර දෙනු. නුඹලා අල්ලාහ් පිළිබඳව හා පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස කරමින් සිටියෙහු නම් අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු අනුකම්පාවක් නුඹලාව ග්‍රහණය නො කළ යුතු ය. ඔවුන් දෙදෙනාට දෙන දඬුවමෙහි දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් සාක්ෂි ලෙස සිටිය යුතුයි.
ئەرەپچە تەپسىرلەر:
اَلزَّانِیْ لَا یَنْكِحُ اِلَّا زَانِیَةً اَوْ مُشْرِكَةً ؗ— وَّالزَّانِیَةُ لَا یَنْكِحُهَاۤ اِلَّا زَانٍ اَوْ مُشْرِكٌ ۚ— وَحُرِّمَ ذٰلِكَ عَلَی الْمُؤْمِنِیْنَ ۟
කාම අපාචාරයේ යෙදුණු පිරිමියා කාම අපචාරයේ යෙදුණ කාන්තාවකු හෝ දෙවියන්ට ආදේශ තැබූ කාන්තාවකු මිස වෙනත් කිසිවකු විවාහ කර නො ගනියි. තවද කාම අපචාරයේ යෙදුණු කාන්තාව වන ඇයව කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු හෝ දෙවියන්ට ආදේශ තැබූ අයකු මිස විවාහ කර නො ගනියි. එවැන්නක් දේවත්වය විශ්වාස කරන්නන්හට තහනම් කරනු ලැබූවකි.
ئەرەپچە تەپسىرلەر:
وَالَّذِیْنَ یَرْمُوْنَ الْمُحْصَنٰتِ ثُمَّ لَمْ یَاْتُوْا بِاَرْبَعَةِ شُهَدَآءَ فَاجْلِدُوْهُمْ ثَمٰنِیْنَ جَلْدَةً وَّلَا تَقْبَلُوْا لَهُمْ شَهَادَةً اَبَدًا ۚ— وَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟ۙ
තවද පතිවත රකින කාන්තාවන්ට චෝදනා එල්ල කොට පසුව සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු රැගෙන නො ආවේ නම් එවිට නුඹලා ඔවුනට කසපහරවල් අසූවක් පහර දෙනු. කිසිවිටෙක ඔවුන්ගෙන් කිසිදු සාක්ෂියක් නුඹලා නො පිළිගනු. තවද ඔවුහු මය පාපතරයෝ.
ئەرەپچە تەپسىرلەر:
اِلَّا الَّذِیْنَ تَابُوْا مِنْ بَعْدِ ذٰلِكَ وَاَصْلَحُوْا ۚ— فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
එහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී හැඩගැසුණු අය හැර ය. එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
ئەرەپچە تەپسىرلەر:
وَالَّذِیْنَ یَرْمُوْنَ اَزْوَاجَهُمْ وَلَمْ یَكُنْ لَّهُمْ شُهَدَآءُ اِلَّاۤ اَنْفُسُهُمْ فَشَهَادَةُ اَحَدِهِمْ اَرْبَعُ شَهٰدٰتٍۢ بِاللّٰهِ ۙ— اِنَّهٗ لَمِنَ الصّٰدِقِیْنَ ۟
තවද ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අපවාද එල්ල කොට ඔවුනට ඔවුන් හැර වෙනත් සාක්ෂිකරුවන් නො වී නම් ඔවුන් එක් අයකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්‍යවාදීන් අතරින් යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි දැරීම ය.
ئەرەپچە تەپسىرلەر:
وَالْخَامِسَةُ اَنَّ لَعْنَتَ اللّٰهِ عَلَیْهِ اِنْ كَانَ مِنَ الْكٰذِبِیْنَ ۟
තවද තමන් මූසාවාදීන් අතරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත් වේවා! යැයි පස්වැනි වරට සාක්ෂි දැරීම ය.
ئەرەپچە تەپسىرلەر:
وَیَدْرَؤُا عَنْهَا الْعَذَابَ اَنْ تَشْهَدَ اَرْبَعَ شَهٰدٰتٍۢ بِاللّٰهِ ۙ— اِنَّهٗ لَمِنَ الْكٰذِبِیْنَ ۟ۙ
තවද නියත වශයෙන් ම ඔහු මුසාවාදීන් අතරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් දිවුරා සාක්ෂි දැරීම (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් කරනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَالْخَامِسَةَ اَنَّ غَضَبَ اللّٰهِ عَلَیْهَاۤ اِنْ كَانَ مِنَ الصّٰدِقِیْنَ ۟
තවද ඔහු (ඇගේ සැමියා) සත්‍යවාදීන් අතරින් නම් ඇය වෙත අල්ලාහ්ගේ උදහස ඇති වේවා! යැයි පස්වැනි වරට (ඇය) දිවුරා සාක්ෂි දැරීම ය.
ئەرەپچە تەپسىرلەر:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ وَاَنَّ اللّٰهَ تَوَّابٌ حَكِیْمٌ ۟۠
තවද නුඹලා මත අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් (නුඹලා විනාශ වී යන්නට තිබිණ) තවද නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා ප්‍රඥාවන්ත ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: نۇر
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش