Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: Al-A‘rāf   Ayah:
اِنَّ وَلِیِّ اللّٰهُ الَّذِیْ نَزَّلَ الْكِتٰبَ ۖؗ— وَهُوَ یَتَوَلَّی الصّٰلِحِیْنَ ۟
සැබැවින්ම මට උදව් කරන්නා හා මට පිහිටවන්නා මා ආරක්ෂා කරන අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවකු මම අපේක්ෂා නොකරමි. නුඹලාගේ කිසිදු පිළිමයකට මම බිය නොවෙමි. මිනිසාට මග පෙන්වීම සඳහා මා වෙත අල් කුර්ආනය පහළ කළේ ඔහුය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ භාරකාරත්වය දරන්නේද ඔහුය. එහෙයින් ඔහු ඔවුන් ආරක්ෂා කොට ඔවුනට උපකාර කරනු ඇත.
Ang mga Tafsir na Arabe:
وَالَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِهٖ لَا یَسْتَطِیْعُوْنَ نَصْرَكُمْ وَلَاۤ اَنْفُسَهُمْ یَنْصُرُوْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා නමදින මෙම පිළිම වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුනට නොහැකිය. ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගන්නට ශක්තිය නොදරනු ඇත. ඔවුන් හැකියාවන් නොමැත්තන්ය. එසේ නම් අල්ලාහ් හැර දමා ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කරනුයේ කෙසේද?
Ang mga Tafsir na Arabe:
وَاِنْ تَدْعُوْهُمْ اِلَی الْهُدٰی لَا یَسْمَعُوْا ؕ— وَتَرٰىهُمْ یَنْظُرُوْنَ اِلَیْكَ وَهُمْ لَا یُبْصِرُوْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ස්ථාවරත්වය පතා නුඹලා අල්ලාහ් නොවන, නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම වලට ප්රාර්ථනා කර සිටිය ද නුඹලාගේ ප්රාර්ථනාවට ඔවුන් සවන් දෙන්නේ නැත. නුඹ ඔවුන් දකින්නේ අඹන ලද හැඩරුවක් නුඹ ව මුණ ගැසෙන්නාක් මෙනි. එය පෙනීමක් නැති ද්රව්යමය වස්තුවකි. ඔවුන් ආදම්ගේ දරුවන්ගේ ස්වරූපයෙන් හෝ සතුන්ගේ ස්වරූපයෙන් රූප අඹමින් ඒවා සකස් කර ගත්තෝය. ඔවුනට අත්, පාද හා ඇස් තිබුණ ද ඒවා නිශ්චල වස්තුවක් පමණය. එහි කිසිදු ජීවයක් හෝ චලනයක් හෝ නැත.
Ang mga Tafsir na Arabe:
خُذِ الْعَفْوَ وَاْمُرْ بِالْعُرْفِ وَاَعْرِضْ عَنِ الْجٰهِلِیْنَ ۟
අහෝ දූතයිනි! මිනිසුනට ඉවසිය හැකි දෑ ද, ක්රියාවන් හා සදාචාරයන් අතුරින් ඔවුනට පහසු දෑ ද ඔබ ඔවුනට ඉදිරිපත් කරනු. ඔවුන්ගේ සහජ හැකියාවට දැරිය නොහැකි දෑ ඔවුන් මත නොපටවනු. සැබැවින්ම එය ඔවුන් පලවා හරිනු ඇත. සෑම අලංකාර වදනකින්ම අලංකාර ක්රියාවකින්ම ඔවුනට අණ කරනු. අඥානයින් නොසලකා හරිනු. ඔවුන්ගේ අඥානකමත් සමග නුඹ ඔවුන් හමු නොවනු. එහෙයින් කවුරුන් ඔබට හිංසාවක් කළේ ද ඔබ ඔහුට හිංසා නොකරනු. කවරෙකු ඔබට තහනම් කළේ ද ඔබ ඔහුට තහනම් නොකරනු.
Ang mga Tafsir na Arabe:
وَاِمَّا یَنْزَغَنَّكَ مِنَ الشَّیْطٰنِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّٰهِ ؕ— اِنَّهٗ سَمِیْعٌ عَلِیْمٌ ۟
අහෝ දූතය! යහපත් ක්රියාවන් සිදු කිරීමෙන් ෂෙයිතාන් ඔබට නපුරු සිතුවිලි හෝ කලකිරීම් ඇති කළ බව ඔබට හැඟුණේ නම්, ඔබ අල්ලාහ් වෙත යොමු වනු. ඔහුගෙන් ආරක්ෂාව පතනු. සැබැවින්ම ඔබ පවසන දෑට ඔහු සවන් දෙන්නාය. ඔබේ ස්ථාවරය ගැන ඔහු මැනවින් දන්නාය. එහෙයින් ඔහු ඔබ ව ෂෙයිතාන්ගෙන් ආරක්ෂා කරනු ඇත.
Ang mga Tafsir na Arabe:
اِنَّ الَّذِیْنَ اتَّقَوْا اِذَا مَسَّهُمْ طٰٓىِٕفٌ مِّنَ الشَّیْطٰنِ تَذَكَّرُوْا فَاِذَا هُمْ مُّبْصِرُوْنَ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන් වනාහි, ඔවුන්ට ෂෙයිතාන්ගේ කොඳුරීමෙන් නපුරු සිතුවිලි ඇති වී ඔවුන් පාපකම් කළ විට, අල්ලාහ්ගේ මහිමයත්, පාපිෂ්ඨයින්ට හිමි ඔහුගේ දඬුවමත්, අවනතවන්නන්ට හිමි ඔහුගේ කුසලත් මෙනෙහි කරති. ඔවුන් කළ පාපකම් වලින් පාප ක්ෂමාව අයැද ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වෙති. පසු ව සත්යය මත ඔවුන් ස්ථාවර වූ විට ඔවුන් සිදුකරමින් සිටි දෑ හැඩගස්වා ඒවා අවසන් කරති.
Ang mga Tafsir na Arabe:
وَاِخْوَانُهُمْ یَمُدُّوْنَهُمْ فِی الْغَیِّ ثُمَّ لَا یُقْصِرُوْنَ ۟
පාපිෂ්ඨ හා දේවත්වය ප්රතික්ෂේප කරන ෂෙයිතාන්ගේ සහෝදරයින් වනාහි, ඔවුනට ෂෙයිතාන් පවකින් පසු තවත් පවක් සිදු කරන්නට සලස්වා මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන් එයින් වැළකෙන්නේ ද නැත. වැරදි කරවීමෙන් හා මුළාවට පත් කිරීමෙන් ෂෙයිතානුන් ද වැළකෙන්නේ ද නැත. මිනිසුන් අතර සිටින පාපිෂ්ඨයින් ද ඔහුට අවනත වීමෙන් හා නපුරු ක්රියාවන් සිදු කිරීමෙන් වැළකෙන්නේ ද නැත.
Ang mga Tafsir na Arabe:
وَاِذَا لَمْ تَاْتِهِمْ بِاٰیَةٍ قَالُوْا لَوْلَا اجْتَبَیْتَهَا ؕ— قُلْ اِنَّمَاۤ اَتَّبِعُ مَا یُوْحٰۤی اِلَیَّ مِنْ رَّبِّیْ ۚ— هٰذَا بَصَآىِٕرُ مِنْ رَّبِّكُمْ وَهُدًی وَّرَحْمَةٌ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
අහෝ දූතය! ඔබ වදනක් ගෙන ආ විට ඔවුන් ඔබ ව බොරු කළෝය. එය ප්රතික්ෂේප කළෝය. එමෙන්ම ඔබ ඔවුන් වෙත වදනක් නොගෙනාවේ නම් ඔවුහු, ‘ඔබ විසින්ම පදයක් සකසා නිර්මාණය කළ හැකි නොවේදැ'යි පවසති. අහෝ දූතය! ඔබ ඔවුනට, 'මා විසින්ම පදයක් ගෙන එන්නට මට කිසිදු අයිතියක් නැත. මා වෙත අල්ලාහ් දන්වා සිටින දිව්යමය දෑ හැර වෙනෙකක් මම නොපිළිපදිමි. නුඹලා වෙත මා පාරායනා කර පෙන්වන මෙම අල්-කුර්ආනය අල්ලහ්ගෙන් වූ සාධකයක් හා සාක්ෂියකි. නුඹලාගේ මැවුම්කරු හා නුඹලාගේ කටයුතු සැලසුම් කරන්නා ඔහුය. එමෙන්ම එය ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන්නන්හට මග පෙන්වීමක් හා දයාවකි. දෙවියන් විශ්වාස නොකරන්නන් වනාහි, අන්ත මුළාවට පත් වූ අභාග්යවන්තයින් ඔවුන්මය.
Ang mga Tafsir na Arabe:
وَاِذَا قُرِئَ الْقُرْاٰنُ فَاسْتَمِعُوْا لَهٗ وَاَنْصِتُوْا لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟
අල් කුර්ආනය පාරායනය කරනු ලබන අවස්ථාවේ අල්ලාහ් නුඹලාට කරුණා කිරීමේ යහපත් අපේක්ෂාවෙන් එම පාරායනයට නුඹලා සවන් දෙනු. කතා නොකරනු වෙනත් දෑ හි නිරත නොවනු.
Ang mga Tafsir na Arabe:
وَاذْكُرْ رَّبَّكَ فِیْ نَفْسِكَ تَضَرُّعًا وَّخِیْفَةً وَّدُوْنَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْاٰصَالِ وَلَا تَكُنْ مِّنَ الْغٰفِلِیْنَ ۟
අහෝ දූතය! නුඹේ පරමාධිපති වූ අල්ලාහ් ව ඉතා බැගෑපත් ව යටහත් පහත් ව, බියෙන් යුතු ව මෙනෙහි කරනු. දහවල ආරම්භයේ හා එහි අවසානයේ පිහිටා ඇති මහිමය නිසාවෙන් එම වේලාවන් හි හඬ උස් කිරීම හා හඬ පහත් කිරීම අතර මධ්යස්ථ හඬක් අනුගමනය කරමින් ඔබේ ප්රාර්ථනාව සකස් කර ගනු. උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් නොසැලකිලිමත් වූවන් අතරට නුඹ පත් නොවනු.
Ang mga Tafsir na Arabe:
اِنَّ الَّذِیْنَ عِنْدَ رَبِّكَ لَا یَسْتَكْبِرُوْنَ عَنْ عِبَادَتِهٖ وَیُسَبِّحُوْنَهٗ وَلَهٗ یَسْجُدُوْنَ ۟
සැබැවින්ම නුඹේ පරමාධිපති අබියස සිටින මලක්වරුන් ඔහුට නැමදුම් කිරීමෙන් ඉවත් නොවෙති. ඔවුන් යටහත් පහත් ව එහි නිරත වෙති. එය අතහැර නොදමති. රාත්රියෙහි හා දහවලෙහි අල්ලාහ්ට නුසුදුසු දැයින් ඔවුන් ඔහු ව සුවිශුද්ධ කරති. ඔහුට පමණක් සිරස නමා නමස්කාරය කරති.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• في الآيات بشارة للمسلمين المستقيمين على صراط نبيهم صلى الله عليه وسلم بأن ينصرهم الله كما نصر نبيه وأولياءه.
•බුද්ධිමත් තැනැත්තා, සර්ව බලධාරි දෙවියන්ට නමස්කාර කිරීම අනිවාර්ය වේ. මක්නිසාද යත්, දහම සම්බන්ධයෙන් දැනුම් සම්භාරයක් ඇතුළත් පුස්තකය පහළ කිරීම තුළින් ඔහු ආගමික යහපත මිනිසා වෙනුවෙන් තහවුරු කර ඇති බැවින් හා තම ගැත්තන් අතරින් ධර්මිෂ්ඨයින් පත් කර ඔහු ඔවුන් ආරක්ෂා කර ඔවුනට උපකාර කර මෙලොව යහපත ද ඔහු ඔවුනට තහවුරු කර ඇති බැවිණි. එවිට ඔවුනට සතුරුවන්නන්ගේ සතුරුකම ඔවුනට හානියක් නොකරනු ඇත.

• في الآيات جماع الأخلاق، فعلى العبد أن يعفو عمن ظلمه، ويعطي من حرمه، ويصل من قطعه.
•නබිවරයාණන් පෙන්වා දුන් මාර්ගයේ ඍජු ව කටයුතු කරන මුස්ලිම්වරුන්හට අල්ලාහ් තම නබිවරයාට හා තම හිතවතුන්ට උදව් කළාක් මෙන් ඔවුනට ද උපකාර කරනු ඇතැයි යන ශුභාරංචිය මෙම පාඨවල ඇතුළත් වේ.

• على العبد إذا مَسَّه سوء من الشيطان - فأذنب بفعل محرم، أو ترك واجب - أن يستغفر الله تعالى، ويستدرك ما فرط منه بالتوبة النصوح والحسنات الماحية.
•ආචාර ධර්ම, සමස්ථයක් ලෙස මෙම පාඨ වල සඳහන් වී ඇත. ඒ අනුව තමන්ට අපරාධ කළවුනට සමාව දීමත්, තහනම් කරනු ලැබූවනට පිරිනැමීමත්, ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීමත් ගැත්තා මත පැවරෙනු ඇත.

• الواجب على العاقل عبادة الله تعالى؛ لأنه هو الذي يحقق له منافع الدين بإنزال الكتاب المشتمل على العلوم العظيمة في الدّين، ومنافع الدنيا بتولّي الصالحين من عباده وحفظه لهم ونصرته إياهم، فلا تضرهم عداوة من عاداهم.
•-තහනම් ක්රියාවක් සිදු කිරීමෙන් හෝ අනිවාර්යය කටයුත්තක් අතහැරීමෙන් හෝ පාපයක් සිදු කිරීමෙන්- ෂෙයිතාන්ගෙන් වූ යම් නපුරක් තමන්ට අත් වූ විට, ගැත්තා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටීමත්, එමගින් ඇති වූ වරද සඳහා පාප ක්ෂමාව තුළින් හා පව් කමා කරන දැහැමි ක්රියාවන් තුළින් පිළියම් යෙදීමත්, ඔහු මත පැවරෙනු ඇත.

 
Salin ng mga Kahulugan Surah: Al-A‘rāf
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara