Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: Al-A‘rāf   Ayah:
وَاكْتُبْ لَنَا فِیْ هٰذِهِ الدُّنْیَا حَسَنَةً وَّفِی الْاٰخِرَةِ اِنَّا هُدْنَاۤ اِلَیْكَ ؕ— قَالَ عَذَابِیْۤ اُصِیْبُ بِهٖ مَنْ اَشَآءُ ۚ— وَرَحْمَتِیْ وَسِعَتْ كُلَّ شَیْءٍ ؕ— فَسَاَكْتُبُهَا لِلَّذِیْنَ یَتَّقُوْنَ وَیُؤْتُوْنَ الزَّكٰوةَ وَالَّذِیْنَ هُمْ بِاٰیٰتِنَا یُؤْمِنُوْنَ ۟ۚ
මෙලොව ජීවිතයේ සුව සැප පිරිනමා, ඔබ ගෞරවයට පත් කළ දැහැමි ක්රියාවන් සිදු කිරීමට ආශිර්වාද කළ අය අතරට අප ද පත් කරනු මැනව! එමෙන්ම මතු ලොවෙහි ඔබේ දැහැමි ගැත්තන් අතරින් ඔබ ස්වර්ගය සූදානම් කර ඇති අය අතරට ද අප ද පත් කරනු මැනව! අපි ඔබ වෙත පශ්චාත්තාප වී යොමු වන්නෙමු. අපගේ අඩුපාඩුකම් පිළිගනිමින් ඔබ වෙත හැරෙන්නෙමු. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "අභාග්ය සඳහා තුඩු දෙන කාරණා සිදු කරන්නන් අතරින්, මා අභිමත කළ අයට මාගේ දඬුවම් ලැබෙන්නට සලස්වමි. නමුත් මාගේ කරුණාව මෙලොවෙහි ඇති සියලු දෑ ආවරණය කොට ඇත. අල්ලාහ්ගේ කරුණාව නොලැබුණු කිසිදු මැවීමක් නොමැත. ඔහුගේ ආශිර්වාදය හා උපකාරය අධික ව පිරිනමා ඇත. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කරන්නන්හටත්, තම ධනයෙන් එයට නියම වූ සකාතය පිරිනමන්නන්හටත්, අපගේ වදන් විශ්වාස කරන්නන්හටත් මතු ලොවෙහි මාගේ දයාව සටහන් කර තබමි.
Ang mga Tafsir na Arabe:
اَلَّذِیْنَ یَتَّبِعُوْنَ الرَّسُوْلَ النَّبِیَّ الْاُمِّیَّ الَّذِیْ یَجِدُوْنَهٗ مَكْتُوْبًا عِنْدَهُمْ فِی التَّوْرٰىةِ وَالْاِنْجِیْلِ ؗ— یَاْمُرُهُمْ بِالْمَعْرُوْفِ وَیَنْهٰىهُمْ عَنِ الْمُنْكَرِ وَیُحِلُّ لَهُمُ الطَّیِّبٰتِ وَیُحَرِّمُ عَلَیْهِمُ الْخَبٰٓىِٕثَ وَیَضَعُ عَنْهُمْ اِصْرَهُمْ وَالْاَغْلٰلَ الَّتِیْ كَانَتْ عَلَیْهِمْ ؕ— فَالَّذِیْنَ اٰمَنُوْا بِهٖ وَعَزَّرُوْهُ وَنَصَرُوْهُ وَاتَّبَعُوا النُّوْرَ الَّذِیْۤ اُنْزِلَ مَعَهٗۤ ۙ— اُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟۠
ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ව අනුගමනය කරති. ඔහු කියවීමට හෝ ලිවීමට නොහැකි උම්මි නබිවරයෙකි. ඔහු වෙත දිව්යමය පණිවිඩ පහළ කරනුයේ ඔහුගේ පරමාධිපතිය. ඔහුගේ නාමය, ඔහුගේ ගුණාංග හා ඔහුගේ දූතත්ත්වය මූසා (අලය්හිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයේ හා ඊසා (අල්යිහිස් සලාම්) තුමා වෙත පහළ කරනු ලැබූ ඉන්ජීලයේ ඔවුහු හඳුනා ගනිති. යහපත් හා දැහැමි යැයි හඳුනාගත් දෑ ඔහු ඔවුනට නියෝග කරයි. මනා බුද්ධියට හා සහජ ධර්මතාවයට පිළිකුල් යැයි හඳුනාගත් දැයින් ඔහු ඔවුන් වළක්වයි. ආහාර පාන විවාහය වැනි කටයුතු වලදී ඔවුනට හානියක් ඇති නොවන දෑ භුක්ති විඳීමට ඔහු ඔවුනට අනුමත කරයි. ඒවායින් ඇතිවන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුන්ට තහනම් කරයි. ඔවුන් උසුලමින් සිටි දුෂ්කර නියමයන් ඔවුන්ගෙන් පහ කරයි. උදාහරණ වශයෙන් ඝාතකයකු උවමනාවෙන් වුවද වැරදීමකින් වුවද ඝාතනය සිදු කර ඇත්නම් එම ඝාතකයා ව මරණ දඬුවමට ලක් කිරීම අනිවාර්යය කිරීම. ඉස්රාඊල් දරුවන් හා වෙනත් ජන සමූහයන් අතරින් ඔහු ගැන විශ්වාස කොට, ඔහුට ගරුබුහුමන් කොට, ඔහු ව අගය කොට, ඔහුට සතුරුකම් පාන්නන්ට එරෙහි ව ඔහුට උදව් කොට, මග පෙන්වන ආලෝකයක් මෙන් වූ ඔහු වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිපදින්නන් වනාහි ඔවුහුමය සාර්තකත්වය ලැබූවෝ වන්නෝ. ඔවුන් පතන දෑ ඔවුන් හිමි කර ගනිති. ඔවුන් බියෙන් පසුවන දැයින් ඔවුන් දුරස් කරනු ලබති.
Ang mga Tafsir na Arabe:
قُلْ یٰۤاَیُّهَا النَّاسُ اِنِّیْ رَسُوْلُ اللّٰهِ اِلَیْكُمْ جَمِیْعَا ١لَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ یُحْیٖ وَیُمِیْتُ ۪— فَاٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهِ النَّبِیِّ الْاُمِّیِّ الَّذِیْ یُؤْمِنُ بِاللّٰهِ وَكَلِمٰتِهٖ وَاتَّبِعُوْهُ لَعَلَّكُمْ تَهْتَدُوْنَ ۟
අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. "අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා අතර සිටින අරාබි හා අරාබි නොවන සියලු දෙනා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. අහස් හි ආධිපත්යය ඔහුට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ආධිපත්යයත් ඔහුටම සතුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු මියගියවුන් ජීවත් කරවයි. ජීවත්වන්නන් මරණයට පත් කරයි. එහෙයින් ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන් වූ, ලිවීමට හෝ කියවීමට නොදත් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ව ද විශ්වාස කරනු. සැබැවින්ම ඔහු පැමිණියේ ඔහුගේ පරමාධිපති ඔහුට දන්වා සිටි දිව්යමය පණිවිඩ සමගය. ඔහු අල්ලාහ් ව විශ්වාස කරයි. ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ හා ඔහුට පෙර සිටි නබිවරුන්හට පහළ කරනු ලැබූ දෑ කිසිදු වෙන් කිරීමකින් තොරව විශ්වාස කරයි. ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත පැමිණි දෑ ඔවුහු පිළිපදිති. එය එහි ඇති මෙලොව හා මතුලොව නුඹලාගේ යහපත නුඹලා වෙනුවෙන් අපේක්ෂා කරමිනි.
Ang mga Tafsir na Arabe:
وَمِنْ قَوْمِ مُوْسٰۤی اُمَّةٌ یَّهْدُوْنَ بِالْحَقِّ وَبِهٖ یَعْدِلُوْنَ ۟
ඉස්රාඊල් දරුවන් අතර වූ මූසාගේ පිරිසෙන් නිවැරුදි දහම මත ස්ථාවරව සිටී කණ්ඩායමක් ද විය. ඔවුහු ජනයාට ඒ වෙත මග පෙන්වූහ. සාධාරණීය ලෙස තීන්දු තීරණ ලබා දුන්නෝය. එහෙයින් ඔවුන් පලා ගියේ නැත.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• تضمَّنت التوراة والإنجيل أدلة ظاهرة على بعثة النبي محمد صلى الله عليه وسلم وعلى صدقه.
මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ඇවෑම හා එතුමාණන්ගේ අවංකකම පිළිබඳ පැහැදිලි සාක්ෂි තව්රාතයේ (තෝරාවේ) සහ ඉන්ජීලයේ (බයිබලයේ) ඇතුළත් ව ඇත.

• رحمة الله وسعت كل شيء، ولكن رحمة الله عباده ذات مراتب متفاوتة، تتفاوت بحسب الإيمان والعمل الصالح.
•අල්ලාහ්ගේ ආශිර්වාද සියලු දෑ මත ව්යාප්ත ව පවතී. නමුත් තම ගැත්තන් සඳහා වූ ආශිර්වාදයන් විවිධ තරාතිරම් වලින් යුක්තය. ඒවා දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අනුව උස්පහත් වන්නේය.

• الدعاء قد يكون مُجْملًا وقد يكون مُفَصَّلًا حسب الأحوال، وموسى في هذا المقام أجمل في دعائه.
•ප්රාර්ථනාව තත්ත්වයන්ට අනුකූල ව ඇතැම් විටෙක සාරාංශගතව ද, තවත් විටෙක විශ්ලේෂණාත්මක ව ද පිහිටයි. මෙම අවස්ථවේ මූසා තුමා එතුමාගේ ප්රාර්ථනාව සාරාංශගතව අයැස සිටියහ.

• من صور عدل الله عز وجل إنصافه للقِلَّة المؤمنة، حيث ذكر صفات بني إسرائيل المنافية للكمال المناقضة للهداية، فربما توهَّم متوهِّم أن هذا يعم جميعهم، فَذَكَر تعالى أن منهم طائفة مستقيمة هادية مهدية.
•කීර්තිමත් අල්ලාහ්ගේ යුක්තියේ ස්වරූපයක් වනුයේ, ඔහු ව විශ්වාස කරන සුළුතරයක් වුව ද ඔහු ඔවුනට සාධාරණත්වය ඉටු කිරීමයි. එය මග පෙන්වීමට පූර්ණ වශයෙන් පටහැණි ව කටයුතු කළ ඉස්රාඊල් දරුවන්ගේ ඇතැම් ගති ලක්ෂණ සඳහන් කරමිනි. ඇතැම් විට අනුමාන කරන්නෙකු සැබැවින්ම මෙය ඔවුන් සියල්ලෝටම පොදු වූ කාරණාවක් යැයි සිතන්නට ඉඩ ඇති බැවින් සැබැවින්ම ඔවුන් අතරින් මග ලැබූ, ඍජු මාර්ගයේ ගිය පිරිසක් ද සිටින බව උත්තරීතර අල්ලාහ් සඳහන් කරයි.

 
Salin ng mga Kahulugan Surah: Al-A‘rāf
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara