Check out the new design

పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం * - అనువాదాల విషయసూచిక


భావార్ధాల అనువాదం సూరహ్: అస్-సఫ్   వచనం:
وَاِذْ قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اِنِّیْ رَسُوْلُ اللّٰهِ اِلَیْكُمْ مُّصَدِّقًا لِّمَا بَیْنَ یَدَیَّ مِنَ التَّوْرٰىةِ وَمُبَشِّرًا بِرَسُوْلٍ یَّاْتِیْ مِنْ بَعْدِی اسْمُهٗۤ اَحْمَدُ ؕ— فَلَمَّا جَآءَهُمْ بِالْبَیِّنٰتِ قَالُوْا هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟
"අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම මට පෙර පහළ වූ තව්රාතය තහවුරු කරන්නෙකු ලෙස සැබැවින්ම මා නුඹලා වෙත එවන ලැබූ අල්ලාහ්ගේ දූතයකු වෙමි. මම අලුතින් බිහි වූ දූතයෙකු නොවෙමි. එමෙන්ම මගෙන් පසුව පැමිණෙන්නට නියමිත, නමින් අහ්මද් වන දූතයකු පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු ලෙස ද පැමිණ ඇත්තෙමි" යැයි මූසා බනූ ඉස්රාඊල් සමූහයා අමතා පවසා සිටි අවස්ථාව, අහෝ දූතය! මෙනෙහි කර බලනු. තම සත්යභාවය තහවුරු කරන පැහැදිළි සාධක සමග ඊසා ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු: ‘මෙය පැහැදිලි හූනියමකි. කිසිවිටෙක අපි මෙය අනුගමනය නොකරන්නෙමු’ යැයි පැවසූහ.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
وَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ الْكَذِبَ وَهُوَ یُدْعٰۤی اِلَی الْاِسْلَامِ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۚ
අල්ලාහ්ට අවංක ව ඒකීතයත්වයේ දහම වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී, නැමදීම සඳහා ඔහුට සමානයන් තබා, අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන්ට වඩා මහත් දරුණු අපරාධකරුවකු වෙනත් නැත. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධකර ගත් ජනයාට ඔවුන්ගේ යහමග හා ඔවුන්ගේ නිවැරදි මග ඇතුළත් දෑ වෙත ආශිර්වාද කරන්නේ නැත.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
یُرِیْدُوْنَ لِیُطْفِـُٔوْا نُوْرَ اللّٰهِ بِاَفْوَاهِهِمْ ؕ— وَاللّٰهُ مُتِمُّ نُوْرِهٖ وَلَوْ كَرِهَ الْكٰفِرُوْنَ ۟
එම බොරුකාරයින්, ඔවුන්ගෙන් මතුවන නපුරු ප්රකාශයන් හා සත්යය විකෘති කිරීම් හේතුවෙන් අල්ලාහ්ගේ ආලෝකය නිමා දමන්නට අපේක්ෂා කරයි. අල්ලාහ් ඔවුන් විනාශ කරමින් මහපොළොවේ නැගෙනහිර හා බටහිර දේශයන්හි ඔහුගේ දහම ප්රසිද්ධ කරමින් හා ඔහුගේ වදන උසස් කරමින් ඔහුගේ ආලෝකය සම්පූර්ණ කරන්නාය.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
هُوَ الَّذِیْۤ اَرْسَلَ رَسُوْلَهٗ بِالْهُدٰی وَدِیْنِ الْحَقِّ لِیُظْهِرَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ ۙ— وَلَوْ كَرِهَ الْمُشْرِكُوْنَ ۟۠
ඉස්ලාම් දහම සමග මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ දූතයා ලෙස එව්වේ අල්ලාහ්ය. එය යහපතට මග පෙන්වන යහමගකි. එය ප්රයෝජනවත් දැනුමෙහි හා දැහැමි ක්රියාවෙහි පිළිවෙතයි. එයට මහපොළොවේ ඉඩක් ලැබීම හෙළා දකින දේව ආදේශකයින් විනාශ කර දමා සියලු දහම්වලට ඉහළින් එය ඔසවා තබණු ඇත.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا هَلْ اَدُلُّكُمْ عَلٰی تِجَارَةٍ تُنْجِیْكُمْ مِّنْ عَذَابٍ اَلِیْمٍ ۟
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කරන්නනි, වේදනා සහගත දඬුවමින් නුඹලාව මුදවා ගන්නා ලාභදායී ව්යාපාරයක් වෙත මම නුඹලාට මග පෙන්වන්න ද?
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
تُؤْمِنُوْنَ بِاللّٰهِ وَرَسُوْلِهٖ وَتُجَاهِدُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ بِاَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟ۙ
එම ලාභදායී ව්යාපාරය වනුයේ අල්ලාහ් ඔහුගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කොට, ඔහුගේ තෘප්තිය උදෙසා නුඹලාගේ ධනය වියදම් කරමින් හා නුඹලාගේ ජීවිත පරදුවට තබමින්, ඔහුගේ මාර්ගයේ නුඹලා කැපවීමය. සඳහන් කරන ලද එම ක්රියාවන් නුඹලාට යහපතකි. නුඹලා ඒ ගැන දන්නෙහු නම් ඒ වෙත නුඹලා ඉක්මන් වනු ඇත.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
یَغْفِرْ لَكُمْ ذُنُوْبَكُمْ وَیُدْخِلْكُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ وَمَسٰكِنَ طَیِّبَةً فِیْ جَنّٰتِ عَدْنٍ ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟ۙ
එම ව්යාපාරයේ ලාභය වනුයේ නුඹලාගේ පව්වලට අල්ලාහ් නුඹලාට සමාව දී, ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුළු කර, විතැන් වීමකින් තොරව සදා උයන්හි යහපත් ජීවිතයක් ගත කරන නවාතැනකට ඇතුලු කිරීමය. සඳහන් කරන ලද එම ප්රතිඵලය කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
وَاُخْرٰی تُحِبُّوْنَهَا ؕ— نَصْرٌ مِّنَ اللّٰهِ وَفَتْحٌ قَرِیْبٌ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
එම ව්යාපාරයේ ලාභයෙන් තවත් කරුණක් වන්නේ, මෙලොවදීම කල් ඇතිව නුඹලාගේ සතුරන්ට එරෙහිව අල්ලාහ් නුඹලාට උදව් කිරීම ගැන නුඹලා සතුටු වීමය. නුඹලාට ජය ලබා දෙන ජයග්රහණය ඉතා සමීපව ඇත. එය මක්කා ජයග්රහණය හා සෙසු ජයග්රහණයන්ය. අහෝ දූතය! ඔවුන් සතුටු කරවන මෙලොවෙහි, ඔවුන් සතු ජයග්රහණය හා මතුලොවෙහි ස්වර්ග උයනින් ලබන ජයග්රහණය පිළිබඳ ඔවුනට තොරතුරු දන්වා සිටිනු.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُوْنُوْۤا اَنْصَارَ اللّٰهِ كَمَا قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ لِلْحَوَارِیّٖنَ مَنْ اَنْصَارِیْۤ اِلَی اللّٰهِ ؕ— قَالَ الْحَوَارِیُّوْنَ نَحْنُ اَنْصَارُ اللّٰهِ فَاٰمَنَتْ طَّآىِٕفَةٌ مِّنْ بَنِیْۤ اِسْرَآءِیْلَ وَكَفَرَتْ طَّآىِٕفَةٌ ۚ— فَاَیَّدْنَا الَّذِیْنَ اٰمَنُوْا عَلٰی عَدُوِّهِمْ فَاَصْبَحُوْا ظٰهِرِیْنَ ۟۠
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ දූතයාණන් නුඹලා වෙත කවර දහමක් ගෙන ආවේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ අනුගාමිකයින් මෙන් නුඹලා එයට උදව් කරමින්, අල්ලාහ්ගේ සහයකයින් බවට පත් වනු. එතුමා තම අනුගාමිකයින්ගෙන් ‘අල්ලාහ් වෙත උදව් කරන්නන් කවුරුන් දැ’යි විමසා සිටි විට ඔවුන් පෙරටැවිත් ‘අල්ලාහ්ගේ උදව්කරුවන් අපි වෙමු’ යැයි පවසා ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළ අතර, තවත් පිරිසක් එතුමා ව ප්රතික්ෂේප කළෝය. ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුනට වඩා ඉහළින් ශක්තිමත් කළෙමු. ඔවුන් අභිබවා යන්නන් බවට ඔවුහු පත් වූහ.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• تبشير الرسالات السابقة بنبينا صلى الله عليه وسلم دلالة على صدق نبوته.
•අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය ගැන තහවුරු කරන සාධක පෙර දූත පණිවිඩවල ශුභාරංචි වශයෙන් සඳහන්ව තිබීම එතුමාගේ දූත මෙහෙවර පිළිබඳ සත්යතාවය තහවුරු කරන සාධකයකි.

• التمكين للدين سُنَّة إلهية.
•දහම සඳහා පහසුකම් සැලසීම දේව න්යායකි.

• الإيمان والجهاد في سبيل الله من أسباب دخول الجنة.
•දේව විශ්වාසයත්, අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමත්, ස්වර්ගයට පිවිසීමට තුඩු දෙන හේතු සාධකයකි.

• قد يعجل الله جزاء المؤمن في الدنيا، وقد يدخره له في الآخرة لكنه لا يُضَيِّعه - سبحانه -.
•දේවත්වය විශ්වාස කරන අයෙකුගේ ප්රතිඵල අල්ලාහ් මෙලොවෙහි ද පිරිනමන අතර, මතුලොවෙහි ද කිසිදු අපතේ යැවීමකින් තොවර ඔහු වෙනුවෙන් එක්රැස්කර තබා ගනී.

 
భావార్ధాల అనువాదం సూరహ్: అస్-సఫ్
సూరాల విషయసూచిక పేజీ నెంబరు
 
పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం - అనువాదాల విషయసూచిక

ఇది తఫ్సీర్ అధ్యయన కేంద్రం ద్వారా విడుదల చేయబడింది.

మూసివేయటం