Check out the new design

పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం * - అనువాదాల విషయసూచిక


భావార్ధాల అనువాదం సూరహ్: ఫుశ్శిలత్   వచనం:

ෆුස්සිලත්

ఈ సూరహ్ (అధ్యాయం) యొక్క ప్రయోజనాలు:
بيان حال المعرضين عن الله، وذكر عاقبتهم.
අල්ලාහ්ව පිටුපාන්නන්ගේ තත්ත්වය පැහැදිලි කිරීම හා ඔවුනට හිමි දඬුවම මෙනෙහි කිරීම.

حٰمٓ ۟ۚ
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
تَنْزِیْلٌ مِّنَ الرَّحْمٰنِ الرَّحِیْمِ ۟ۚ
මෙම අල් කුර්ආනය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගෙන් පහළ කිරීමකි.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
كِتٰبٌ فُصِّلَتْ اٰیٰتُهٗ قُرْاٰنًا عَرَبِیًّا لِّقَوْمٍ یَّعْلَمُوْنَ ۟ۙ
එහි වදන් මුළුමනින්ම පූර්ණ අයුරින් පැහැදිලි කරනු ලැබූ ග්රන්ථයකි. වටහා ගන්නා ජනයාට අරාබි බසින් වූ කියවීමක් බවට පත් කරන ලදී. ඊට හේතුව එහි අර්ථ හා එහි පවතින සත්යය වෙත වූ යහ මග තුළින් ඔවුන් ප්රයෝජන ලබන්නටය.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
بَشِیْرًا وَّنَذِیْرًا ۚ— فَاَعْرَضَ اَكْثَرُهُمْ فَهُمْ لَا یَسْمَعُوْنَ ۟
දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති අති විශාල ප්රතිඵල ගැන සුබාරංචි දන්වන්නක් ලෙස ද" දේව ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ගේ වේදනීය දඬුවම ගැන අවවාද කරන්නක් ලෙස ද මෙය පත් කරන ලදී. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා එය පිටු දැක්කෝය. ඔවුහු එහි පවසන යහමගට පිළිගත හැකි සවන් දීමකින් සවන් නොදෙති.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
وَقَالُوْا قُلُوْبُنَا فِیْۤ اَكِنَّةٍ مِّمَّا تَدْعُوْنَاۤ اِلَیْهِ وَفِیْۤ اٰذَانِنَا وَقْرٌ وَّمِنْ بَیْنِنَا وَبَیْنِكَ حِجَابٌ فَاعْمَلْ اِنَّنَا عٰمِلُوْنَ ۟
ඔවුහු, ‘අපගේ හදවත් නොසැලකිලිමත් කමින් ආවරණය වී ඇත. එහෙයින් නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නේ ද එය වැටහෙන්නේ නැත. අපගේ කන් තුළ බිහිරි බවක් ඇත. එහෙයින් එය කන් වැකෙන්නේ නැත. අප අතර හා නුඹ අතර තිරයක් පවතී. එහෙයින් නුඹ පවසන දෑ කිසිවක් අප වෙත සේන්දු වන්නේ නැත. එහෙයින් නුඹ නුඹේ මාර්ගය අනුව කටයුතු කරනු. සැබවින්ම අපි අපගේ මාර්ගය අනුව කටයුතු කරන්නෙමු. අපි නුඹ කිසිවිටෙක අනුගමනය නොකරන්නෙමු.’ යැයි පැවසූහ.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
قُلْ اِنَّمَاۤ اَنَا بَشَرٌ مِّثْلُكُمْ یُوْحٰۤی اِلَیَّ اَنَّمَاۤ اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ فَاسْتَقِیْمُوْۤا اِلَیْهِ وَاسْتَغْفِرُوْهُ ؕ— وَوَیْلٌ لِّلْمُشْرِكِیْنَ ۟ۙ
අහෝ දූතයිනි! මෙම මුරණ්ඩුකාරයින්හට නුඹ මෙසේ පවසනු. ‘සැබවින්ම මම නුඹලා මෙන් මිනිසෙකි. සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු නුඹලාගේ දෙවියා ඒකීය අල්ලාහ් යැයි අල්ලාහ් මට දිව්ය පණිවිඩ එවා ඇත. එහෙයින් ඔහු වෙත සේන්දු කරවන මාර්ගයේ නුඹලා ද ගමන් කරනු. නුඹලාගේ පාපකම් සඳහා ඔහුගෙන් සමාව ඇයදිනු.' අල්ලාහ් නොවන දෑ ට නමස්කාර කරන, ඔහු සමග යමක් ආදේශ කරන දේව ආදේශකයින්හට විනාශය හා දඬුවම සතුය.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
الَّذِیْنَ لَا یُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟
ඔවුන්ගේ ධනය මත ඔවුහු සකාත් නොදෙති. ඔවුහු මතු ලොව - එහි ඇති සදාතනික සැප සම්පත් හා වේදනීය දඬුවම- පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ اَجْرٌ غَیْرُ مَمْنُوْنٍ ۟۠
නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, යහකම් සිදු කළවුන් වනාහි, ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
قُلْ اَىِٕنَّكُمْ لَتَكْفُرُوْنَ بِالَّذِیْ خَلَقَ الْاَرْضَ فِیْ یَوْمَیْنِ وَتَجْعَلُوْنَ لَهٗۤ اَنْدَادًا ؕ— ذٰلِكَ رَبُّ الْعٰلَمِیْنَ ۟ۚ
අහෝ දූතය! දේව ආදේශකයින් හෙළා දකිමින්, "ඉරිදා සහ සඳුදා යන දෙදින තුළ මහ පොළොව මැවූ අල්ලාහ් ව නුඹලා ප්රතික්ෂේප කරනුයේ කුමක් නිසාද? ඔහු හැර නුඹලා නමදින දාර්ශනිකයින් නුඹලා ඔහුට ආදේශ වශයෙන් පත් කරනුයේ ඇයි? ඔහු ඒ සියලු මැවීම් හි පරමාධිපති වෙයි." යැයි පවසනු.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
وَجَعَلَ فِیْهَا رَوَاسِیَ مِنْ فَوْقِهَا وَبٰرَكَ فِیْهَا وَقَدَّرَ فِیْهَاۤ اَقْوَاتَهَا فِیْۤ اَرْبَعَةِ اَیَّامٍ ؕ— سَوَآءً لِّلسَّآىِٕلِیْنَ ۟
ඊට ඉහළින් එය චලනය නොවන පරිදි ස්ථාවර ලෙස ස්ථාපිත කරන ලද කඳු එහි ඇති කළේය. එහි සමෘධිය ඇති කළේය. එහි වෙසෙන්නන්හට සදා යහපත එහි ඔහු ඇති කළේය. අඟහරුවාදා, බදාදා යන පෙර සඳහන් දින දෙකට පසු තිබෙන දින හතරෙහි මිනිසුන් හා සතුන්ට අවශ්ය කරන පෝෂණ සම්පත් සමසේ එහි නිර්ණය කළේය. අසන්නන්ට (පිළිතුරු) සම්පූර්ණ විය.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
ثُمَّ اسْتَوٰۤی اِلَی السَّمَآءِ وَهِیَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْاَرْضِ ائْتِیَا طَوْعًا اَوْ كَرْهًا ؕ— قَالَتَاۤ اَتَیْنَا طَآىِٕعِیْنَ ۟
පසු ව සුවිශුද්ධයාණන් අහස මැවීමට අරමුණු කර ගත්තේය. එවිට එය දුමාරයක් සේ පැවතිණි. පසු ව එයට හා මහ පොළොවට, ‘නුඹලා දෙදෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මාගේ නියෝගයට යටත් වනු. එයින් තොර නුඹලාට වෙනත් මගක් නැත’ යැයි පැවසීය. ඔවුන් දෙදෙනා, ‘අනුගමනය කරන්නන් ලෙස අපි පැමිණියෙමු. අපගේ පරමාධිපතියාණනි! ඔබේ පැතුමෙන් තොර අපට වෙනත් කිසිදු පැතුමක් නැත’ යැයි පැවසුවෝය.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• تعطيل الكافرين لوسائل الهداية عندهم يعني بقاءهم على الكفر.
•දේව ප්රතික්ෂේපකයින් යහ මාර්ගයේ බාධා සිදු කිරීම යනු ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටීමය.

• بيان منزلة الزكاة، وأنها ركن من أركان الإسلام.
•සකාත්හි ස්ථාවරය විස්තර කිරීම. සැබවින්ම එය ඉස්ලාමයේ කුලුනු අතරින් ප්රධාන කුලුනකි.

• استسلام الكون لله وانقياده لأمره سبحانه بكل ما فيه.
•ලොව ම අල්ලාහ්ට යටත් වීම යනු ඔහුගේ නියෝගය තුළ පවතින සියලු දෑ ට අවනත වීමවේ.

 
భావార్ధాల అనువాదం సూరహ్: ఫుశ్శిలత్
సూరాల విషయసూచిక పేజీ నెంబరు
 
పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం - అనువాదాల విషయసూచిక

ఇది తఫ్సీర్ అధ్యయన కేంద్రం ద్వారా విడుదల చేయబడింది.

మూసివేయటం