Check out the new design

పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం * - అనువాదాల విషయసూచిక


భావార్ధాల అనువాదం వచనం: (240) సూరహ్: అల్-బఖరహ్
وَالَّذِیْنَ یُتَوَفَّوْنَ مِنْكُمْ وَیَذَرُوْنَ اَزْوَاجًا ۖۚ— وَّصِیَّةً لِّاَزْوَاجِهِمْ مَّتَاعًا اِلَی الْحَوْلِ غَیْرَ اِخْرَاجٍ ۚ— فَاِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَیْكُمْ فِیْ مَا فَعَلْنَ فِیْۤ اَنْفُسِهِنَّ مِنْ مَّعْرُوْفٍ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
නුඹලා අතර තමන්ගෙන් පසු ව බිරියන් හැර දමා මිය යදින්නට සිටින්නවුන් ඔවුන්ගේ භුක්තිය සඳහා නවාතැන් පහසුකම් හා සම්පූර්ණ වසරක ජීීවන වියදම පිරිනැමිය යුතු බව අන්තිම කැමැත්ත ප්රකාශ කළ යුතුය. එමෙන්ම නුඹලාගේ උරුමක්කරුවන් ඔවුන්ට අත් වූ ඉරණම හේතුවෙන් හෝ මියගිය ඇත්තන්ට සාධාරණයක් ඉටු කිරීමක් වශයෙන් හෝ එසේ බලහත්කාර ලෙස ඔවුන් පිටුවහල් නොකළ යුතුයි. වසරක් සම්පූර්ණ වීමට මත්තෙන් එසේ ඔවුන් (බිරියන්) විසින්ම පිට ව ගියේ නම් නුඹලා වෙත වරදක් නැත. එමෙන්ම ඔවුන් සුවඳ විලවුන් ගැල්වීම හැඩවීම යනාදියෙහිද ඔවුන් කෙරෙහි වරදක් නැත. අල්ලාහ් සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නෙකු නැත. ඔහුගේ සැලසුම්හි ද ඔහුගේ පිළිවෙත්හිද ඔහුගේ බලයෙහිද ඔහු මහා ප්රඥාවන්තය. අල්කුර්ආනයට විග්රහ කරන අටුවාචාරීන් බහුතරයක් මෙම නීතිමය වදන අල් බකරා 234 වැනි පාඨය මගින් වෙනස් කරනු ලැබූවක් බව සඳහන් කරයි. ඒනම්: “නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන නම් ඔවුන් විසින් (බිරියන් විසින්) මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. මොවුන්ගේ කාල අවසානය ළඟා වූ විට මොවුන් සම්බන්ධයෙන් මොවුන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.”
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• الحث على المحافظة على الصلاة وأدائها تامة الأركان والشروط، فإن شق عليه صلَّى على ما تيسر له من الحال.
•සලාතය, එහි ඇති මූලිකාංග හා කොන්දේසි නිසි ලෙස පිළිපදිමින් සුරක්ෂිත ව ඉටු කිරීමට දිරි ගන්වයි. එසේ සලාතය ඉටු කිරීමට යම් අසීරුතාවක් ඔහුට ඇති වූ විටෙක ඔහුට පහසු අයුරින් පහසු ඉරියව්වක සලාතයට ඉටු කළ හැක.

• رحمة الله تعالى بعباده ظاهرة، فقد بين لهم آياته أتم بيان للإفادة منها.
•අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වා ඇති දයාව හා කරුණාව විද්යාමානව පවතී. එයින් ප්රයෝජන ලබනු පිණිස ඔහුගේ එම සාධක පිළිබඳ ඔහු ඔවුනට පූර්ණ ලෙස පැහැදිලි කරයි.

• أن الله تعالى قد يبتلي بعض عباده فيضيِّق عليهم الرزق، ويبتلي آخرين بسعة الرزق، وله في ذلك الحكمة البالغة.
•නියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් ගැත්තන්හට පෝෂණ සම්පත් සීමා කරමින් පරීක්ෂණයට ලක් කරයි. තවත් ඇතැමුන්ට පෝෂණ සම්පත් අධික ව ලබා දී පරීක්ෂණයට ලක් කරයි. එහි ගැඹුරු යථාර්ථය ඇත්තේ ඔහු සතු ව පමණය.

 
భావార్ధాల అనువాదం వచనం: (240) సూరహ్: అల్-బఖరహ్
సూరాల విషయసూచిక పేజీ నెంబరు
 
పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం - అనువాదాల విషయసూచిక

ఇది తఫ్సీర్ అధ్యయన కేంద్రం ద్వారా విడుదల చేయబడింది.

మూసివేయటం