Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (128) Surja: El Enam
وَیَوْمَ یَحْشُرُهُمْ جَمِیْعًا ۚ— یٰمَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِّنَ الْاِنْسِ ۚ— وَقَالَ اَوْلِیٰٓؤُهُمْ مِّنَ الْاِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَّبَلَغْنَاۤ اَجَلَنَا الَّذِیْۤ اَجَّلْتَ لَنَا ؕ— قَالَ النَّارُ مَثْوٰىكُمْ خٰلِدِیْنَ فِیْهَاۤ اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— اِنَّ رَبَّكَ حَكِیْمٌ عَلِیْمٌ ۟
අහෝ දූතය! මිනිසුන් හා ජින් යන දෙවර්ගය එක්රැස් කරනු ලබන දිනය මෙනෙහි කරනු. එවිට අල්ලාහ්, අහෝ ජින් වර්ගයනි! ඔබ මිනිසුන් නොමඟ යැවීමෙහි හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමෙහි අධික ලෙස නිරත වූහැයි අල්ලාහ් පවසයි. තම පරමාධිපතිට පිළිතුරු දෙමින් ඔවුන් අනුගමනය කළ මිනිසුන්: අපගේ පරමාධිපතියාණනි, අපගෙන් සෑම කෙනෙකුම තම සගයාගෙන් භුක්ති විඳ ඇත. ජින්නුන්ද මිනිසුන්ට අවනත වෙමින් භුක්ති විඳ ඇත. එමෙන්ම මිනිසුන්ද තම ආශාවන්ට වහල් වෙමින් භුක්ති විඳ ඇත. ඔබ අපට නියම කළ කාලය අප වෙත ළඟා වී ඇත. එයයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය යැයි පවසති. එයට අල්ලාහ්, නිරා ගින්න ඔබේ සදාතනික නිවහනයි. නමුත් ඔවුන්ගේ මිනීවල වල් වලින් ඔවුන් අවදි කරවා නිරය වෙත ගමන් කරවීම අතර කාලය හැර යැයි අල්ලාහ් පවසයි. අල්ලාහ් අතිරික්තයක් ලෙස පිරිනැමූ මෙම කාලය තුළ පමණක් නිරා ගින්නෙහි සදා නොසිටිනු ඇත යැයි පවසයි. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති, ඔහු සැලසුම් කිරීමෙහි හා නියම කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ ගැත්තන් පිළිබඳ ව හා ඔවුන් අතුරින් දඬුවමට සුදුස්සන් කවුරුන්දැයි ද ඔහු මැනවින් දන්නාය.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• سُنَّة الله في الضلال والهداية أنهما من عنده تعالى، أي بخلقه وإيجاده، وهما من فعل العبد باختياره بعد مشيئة الله.
නොමග යන්නට ඉඩ හැරීම හා යහමග යන්නට ඉඩ හැරීම අල්ලාහ්ගේ පිළිවෙතකි. සැබැවින්ම ඒ දෙකම උත්තරීතර අල්ලාහ්ගෙනි. එය බිහිකිරීමත් එය ඇති කිරීමත් ඔහු සතුය. අල්ලාහ්ගේ අභිමතයෙන් පසුව එය තෝරා ගැනීමේ නිදහස ගැත්තා සතු ක්රියාවලියකි.

• ولاية الله للمؤمنين بحسب أعمالهم الصالحة، فكلما زادت أعمالهم الصالحة زادت ولايته لهم والعكس.
දෙවියන් විශ්වාස කරන්නන්ගේ දැහැමි ක්රියාවන්ට අනුව ඔවුන්ගේ භාරකාරත්වය අල්ලාහ් දරනු ඇත. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් වැඩිවෙන සෑම අවස්ථාවකම ඔවුන් සතු වගකීම ඔහු වැඩි කරයි. එමෙන්ම එයට පටහැනිවද එසේම සිදු වනු ඇත.

• من سُنَّة الله أن يولي كل ظالم ظالمًا مثله، يدفعه إلى الشر ويحثه عليه، ويزهِّده في الخير وينفِّره عنه.
සෑම අපරාධකරුවකුටම ඔහු හා සමාන තවත් අපරාධකරුවෙක් භාර කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි. අයහපත වෙත ඔහු යොමු කොට එය සිදු කිරීමට ඔහු පොළඹවයි. යහපතින් ඔහුව දුරස් කොට එයින් ඔහු පලවා හරියි.

 
Përkthimi i kuptimeve Ajeti: (128) Surja: El Enam
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll