Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (44) Surja: El Maide
اِنَّاۤ اَنْزَلْنَا التَّوْرٰىةَ فِیْهَا هُدًی وَّنُوْرٌ ۚ— یَحْكُمُ بِهَا النَّبِیُّوْنَ الَّذِیْنَ اَسْلَمُوْا لِلَّذِیْنَ هَادُوْا وَالرَّبّٰنِیُّوْنَ وَالْاَحْبَارُ بِمَا اسْتُحْفِظُوْا مِنْ كِتٰبِ اللّٰهِ وَكَانُوْا عَلَیْهِ شُهَدَآءَ ۚ— فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوْا بِاٰیٰتِیْ ثَمَنًا قَلِیْلًا ؕ— وَمَنْ لَّمْ یَحْكُمْ بِمَاۤ اَنْزَلَ اللّٰهُ فَاُولٰٓىِٕكَ هُمُ الْكٰفِرُوْنَ ۟
සැබැවින්ම අපි තව්රාතය මූසා (අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. එහි මගපෙන්වීම් හා යහපත පෙන්වන මාර්ගද එමගින් ප්රභාවය ලබන ආලෝකයද ඇත. ඉස්රාඊල් දරුවන්ගේ නබිවරුන් එමගින් තීන්දු පිරිනැමූහ. අල්ලාහ්ට අවනත වූහ. තම පුස්තකයෙන් අල්ලාහ් ඔවුනට ආරක්ෂා කරන මෙන් පැතූ දෑ වෙනුවෙන් මිනිසුන් පුහුණු කරන විද්වතුන් හා උගතුන් මෙමගින් තීන්දු ලබා දුන්හ. තවද ඔහු ඔවුන්ව එය විකෘති කිරීම් සහ වෙනස් කිරීම් වලින් ආරක්ෂා කරන එහි භාරකරුවන් බවට පත් කළේය. එය සත්යයක් බව ඔවුන්ම සාක්ෂිකරුවන් ලෙස සිටිති. එම විෂයෙහි ජනයා ඔවුන් වෙත ම හැරී යති. එහෙයින් අහෝ යුදෙව්වනි! ඔබ මිනිසුන්ට බිය නොවනු. මට පමණක් බියවනු. නායකත්වය පිළිගැනීම හා ධනය වැනි ස්වල්ප වටිනාකමක් සඳහා අල්ලාහ් පහළ කළ තීන්දුව නොවිකුණනු. කවරෙකු එහි නොමැති දෙයක් අනුමත කරමින් හෝ එයට වඩා වෙනත් දෙයකට මුල්තැන දෙමින් හෝ එයට සමාන යමක් ඈදමින් අල්ලාහ් පහළ නොකළ දෑ අනුව තීන්දු ලබා දෙන්නේද ඔවුහුමය සැබෑ දේව ප්රතික්ෂේපකයින් වන්නෝ.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• تعداد بعض صفات اليهود، مثل الكذب وأكل الربا ومحبة التحاكم لغير الشرع؛ لبيان ضلالهم وللتحذير منها.
•බොරුව පොලිය අනුභව කිරීම ආගමික නොවන තීන්දු වලට දක්වන කැමැත්ත වැනි යුදෙව්වන්ගේ ඇතැම් ගුණාංග ගණනය කිරීම එය ඔවුන්ගේ නොමග යැවීම පෙන්වීමට සහ ඔවුන්ට එරෙහිව අනතුරු ඇඟවීමය.

• بيان شرعة القصاص العادل في الأنفس والجراحات، وهي أمر فرضه الله تعالى على من قبلنا.
•ජීවිත හා සිදු කරන ලද තුවාල සම්බන්ධයෙන් සාධාරණීය අයුරින් සමප්රතිචාර දැක්වීමේ ආගමික පිළිවෙත විස්තර කිරීම. එය අපට පෙර විසූවන්හටත් අල්ලාහ් අනිවාර්යය කළ නියෝගයකි.

• الحث على فضيلة العفو عن القصاص، وبيان أجرها العظيم المتمثّل في تكفير الذنوب.
•සමප්රතිචාර දැක්වීමෙන් ඉවත් ව සමාව දීමේ උතුම් බව දිරි ගැන්වීම, පාපකම් වලට සමාව දීමේ පූර්වාදර්ශය සඳහා ලැබෙන අතිමහත් කුසල් පිළිබඳ විස්තරය.

• الترهيب من الحكم بغير ما أنزل الله في شأن القصاص وغيره.
•සමප්රතිචාර දැක්වීමෙන් ඉවත් ව සමාව දීමේ උතුම බව දිරි ගැන්වීම, පාපකම් වලට සමාව දීමේ පූර්වාදර්ශය සඳහා ලැබෙන අතිමහත් කුසල් පිළිබඳ විස්තරය.

 
Përkthimi i kuptimeve Ajeti: (44) Surja: El Maide
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll